Date: 28/07/2016 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

අද භාවනාවේදි මෙනෙහි කළේ චාගාධිට්ඨානය, අරි අට මඟින් පෝෂිත වන්නේ, කෙසේ නිර්වාණය සාක්ෂාත් කරයි ද යන්නයි. චාගාධිට්ඨානය තුළ සියලු උපධීන්ගේ දුරලීම ඇත. එය දස උපධි ලෙස සාකච්ඡා කර ඇත. තණ්හාව ද එක උපධියකි.

ඊයේ භාවනාව සමඟ සම්බන්ධ වන්නේ සියලු තණ්හා දුරලීම, එනම් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා දුරලීම, අරි අට මඟින් වීම සිදුවීම වටහා ගන්නේ, නොපවතින දෙයක් ත්‍රිවිධ තණ්හා මගින් ඇති කරන බව දන්නේ, දක්නේ එමගින් චාගාධිට්ඨානය සම්පූර්ණ කරයි. එනමුදු විශේෂිතව චාගාධිට්ඨානයත් ත්‍රිවිධ තණ්හා දුරලීමත් අතර වෙනසක් තිබිය යුතුයි. ඒ කුමක් ද? පහ නොකරන ලද ආශ්‍රවයෝ යැයි කිය යුතු ය. එනම් කාම ආශ්‍රව, භව ආශ්‍රව, දිට්ඨි ආශ්‍රව, අවිද්‍යා ආශ්‍රව වෙයි.

ඉදංසච්චාභිනිවෙසකායගන්ථය තුළ බැසගෙන ඇත්තා වූ මම පුරුෂයා යැයි සිතීම නිසා අවිද්‍යා ආශ්‍රවයේ සිට කාම ආශ්‍රවය දක්වා ගමන් කිරීම පෙර සාකච්ඡා කර ඇත. ඉදංසච්චාභිනිවෙසය තුළ බැසගෙන ඇත්තා වූ මෙම අදහස් ද පහ වන්නේ නම් චාගාධිට්ඨානය ස්ථාවරයට පැමිණේ. Stable වෙනවා. අරි අට මඟින්, දිට්ඨීන් ඉවත් කරන්නේ දිට්ඨි පපඤ්චයෝ බැස යයි. එමගින් කැරකවීමක් නොවන්නේ ආශ්‍රව නොවේ. මේ සඳහා සියලු සඤ්ඤාවෝ නතර කිරීම අවශ්‍ය වෙයි. මෙය සම්මා ඥාන මගින් ඉටු කරයි. කෙසේ ද? රූප සහ සංස්කාර යන දෙයාකාර වූ ධර්මයෝ පහ කරන්නේ එමගින් අත්ත සඤ්ඤාව ඉවත් කරයි. ඉවත් කර සියුම් වූ රූප ස්පර්ශයන් පහ කිරීම මගිනි. එතකොට ඒක තමයි භාවනාව.

ඒ භාවනාව කරන්න තියෙන්නේ අපි ඊයේ වගේ කරුණා චෙතො විමුක්තියට ගිහිල්ලා, අපි තේරුම් ගත්ත නේ කලින් භාවනාවල කරුණා චෙතො විමුක්තියට යනවා කියන්නේ රූපයටවත්, වේදනාවටවත්, සඤ්ඤා, සංස්කාර යන මේවායින් එකකට හරි ප්‍රතිචාර දක්වනවා නම්, කරුණා චෙතො විමුක්තියක් නෑ. කරුණා චෙතො විමුක්තිය කියන්නේ ඒවාට ප්‍රතිචාර දක්වන්නෙ නැත්නම්. එහෙම නම් අපි ඉගෙන ගත්තා අප්‍රමාණ හතර ම තියෙන්න ඕනෑ, කරුණා චෙතො විමුක්තිය කියන එක ඇති වෙන්න.

එතකොට ඒ කරුණා චෙතො විමුක්තියේ ස්වභාවයට භාවනාව අර කලින් භාවනාව වගේ තමන් ගිහින් එක්කෝ මේ පටිපදාවෙන් හරි කමක් නෑ තමන් ගිහිල්ලා, ඊට පස්සේ අර ඊයේ භාවනාවේ කාරණා ටික ගන්න ඕන. මොකද ඊයේ භාවනාවේ පෙන්නනව නේ, කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. කාම තණ්හාවෙන් යමක් හදනවා කියනවා, අරි අට මඟේ තියෙන සම්මා දිට්ඨියේ තියෙන ප්‍රඥාව, අරිය වූ ප්‍රඥාව මගින් කියනවා හදන එක වැඩක් නෑ, පවතින්නේ නෑ කියන එක තියෙනවා. එතකොට නොපවතින දෙයක් ම යි හදන්නේ. එතකොට කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා තුනට ම ඒ කතාව කිව්වාට පස්සේ, තණ්හාවෙන් කෙරෙන්නා වූ කාර්යය එතනින් අවසන් වෙනවා ඒ සම්බන්ධයෙන්. දැන් එහෙම නම් කැරකැවීම කියන එක තණ්හාව නිසා වෙන්නා වූ දේ නෑ. දැන් එතකොට කල්පනා කරන්න අර අපි තණ්හාව ලකුණු කරන තැන තියෙනවා නේ. එතන ඉඳන් ම මේ කතාව කෙරෙන්නේ නෑ කියලා.

ඒ වුණත්, ඊළඟට පෙන්නන්නේ දිට්ඨි පපඤ්චය, අපි දන්නවා අවිද්‍යා ආශ්‍රවයේ සිට කාම ආශ්‍රවයට එන්නා වූ කතාව. එතකොට මෙතන මේ ප්‍රශ්නය තියෙන්නේ ඉදංසච්චාභිනිවෙසකායගන්ථයට අපි react කරනවා. දැන් මෙතන තමන්ගේ සිත හොඳට සමාධිගත වෙලා, ඒ කියන්නේ ඒ තණ්හාවන් අයින් කරලා තමන් ඉන්නවා. නමුත් දැන් මේකට ඉදංසච්චය තුළ ඇති යම් දෙයකට අපි discriminate කරනවා. ඒවාගේ ම පුදුමාකාර විදිහට තියෙනවා. ඉතින් ඒ කියන්නේ සංස්කාරවල වෙනස කියන එක, දැන් අපි ලොකු ම සංස්කාර කියන එක තියෙන්නේ ඉදංසච්චය තුළ. ඇයි ඒ?

මුසාවාද, පිසුණා වාච, පරුෂා වාච, සම්පප්‍රලාප මේවායේ ඔක්කොගේ ම ගොනුව තමයි ඉදංසච්චය තුළ තියෙන්නේ. එහෙම නම් දැන් ඉස්සෙල්ලා වගේ individual සංස්කාරවලට නෙවෙයි, මුළු ඉදංසච්චයට ම reaction එක. ඕක ගන්න පුළුවන් මම කිව්වේ අර fan එක ශබ්දය. දැන් fan එක, එක වෙලාවකට අපිට හොඳයි. ඒ කියන්නේ අර mist එක වාගෙ තියෙන ඒවා යනවා. එතකොට අපි ඒකට සලකනවා. තමන් භාවනා කරනවා නම් fan එක එපා. එතකොට මම මේ සංස්කාරයට අගය දෙනවා නම්, අරකට discriminate කරනවා. එතකොට ඔහොම ඕවගේ බලන්න, අපි මේ එක එක සංස්කාරවලට ඔය විදිහට අපි discriminate කරන්න පුරුදු වෙලා, එහෙම නම් මුසාවාද, පරුෂා වාච, පිසුණා වාච, සම්පප්‍රලාප මේවායේ ඔක්කොගේ ම හැදිච්ච ගොනුව, අන්න ඒ ගොනුවට අපේ reaction එක කියන එක තියෙනවා.

එතකොට එහෙම නම් අපිට පේනවා මේ ඉදංසච්චය කියන එක ගලවලා දාන්න ඕනෑ. ඉදංසච්චය ගලවා දැමීම කියන එක තමයි අර පෙන්නන්නේ සම්මා ඥානය මගින් ඒක කරනවා. දැන් මේවා අයින් කළා, මුලින් රූපය අයින් කළා, සංස්කාර අයින් කළා. දැන් ඒ දෙකෙන් එන්නා වූ සඤ්ඤාව කියන කතාව අයින් කළා. සම්මා ඥානයෙන් ඊට පස්සේ කිව්වා ඔය සියුම් වූ රූපය අයින් කරන්න. ඇයි ඉදංසච්චය තුළ තියෙන්නේ මොනවද? ඔක්කෝම මේ රූපය නිසා ඇති වුණා වූ කතාවල් ටික.

හැබැයි දැන් currency එක convert වෙලා. තේරුණා ද? දැන් ඕගොල්ලො රුපියල් ටිකක් ගන්නවා. අරගෙන ඔය ටික convert කරනවා අපි හිතමු British pounds වලට. එයා තව රටකට ගියා. British pounds ටික ආපහු convert කළා US dollars වලට. දැන් ඕක along the way ඕගොල්ලන්ගේ ගොඩක් loss වෙලා තියෙන්නේ. ඕගොල්ලො මෙහේ ඇවිල්ලා කියනවා මම රුපියල් 1000ක් දීලා ගත්තේ. හැබැයි හම්බවුණේ මෙතන dollars 10ක් වාගේ පොඩි ගණනක්. දහයකුත් නෙමෙයි 8ක් වාගේ ගානක් හම්බවෙලා තියෙන්නේ.

එතකොට මේ representation එක තමයි අතන ඉදංසච්චය තුළ තියෙන්නේ. ආවේ, අන්න රූපයෙන්. රූපය සුභයි, සුඛයි කියලා ඒවා නේ මුසාව හැටියට ඇවිල්ලා තියෙන්නේ. දැන් මෙන්න මේ ගොනුව ම එතන නැති වෙනවා නම්, ඒවාට reaction එක නැති වෙනවා නම්, අන්න ඒ වෙලාවෙදි තමයි තමන්ට ඒ ආශ්‍රවයන් කියන ඒවා නසනවා කියන තත්වයට තමන්ට ගන්න පුළුවන්කම කියන එක තියෙන්නේ.

අර තණ්හාවෙන් අතෙන්ට ගියාට ම හරියන්නේ නෑ. දිට්ඨි පපඤ්චයෙන් කෙරෙන්නා වූ දේ, ඒක නැති වෙන්න ඕනෑ. ඒක නේ අර අන්තිමට නැති කරන්නේ. සම්මා ඥානයෙන් කියනවා, මේ රූපය තමයි. එයා දන්නවා අර converted currency එකත් දන්නවා, මුලින් දීපු ගාණත් දන්නවා. එතකොට ඒ විදිහට තමන්ගේ අයින් වීම කියන එක තියෙන්න ඕනෑ.

ඒක තමයි මං කරපු භාවනාව.