Date: 30/07/2016 Name: Nibbana

ඒ පූජාවෙන් පස්සේ, ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

අද භාවනාවේදි මෙනෙහි කළේ කරුණා චෙතො විමුක්තිය තුළ වූ චිත්ත සමාධිය. ඒක අපි 27/07/2016 භාවනාවේදි සාකච්ඡා කළා. ඒකේ කොටස මේ බලන්නේ. චිත්ත සමාධිය අරි අට මඟ සමඟ දියුණු කරන්නේ කෙසේ නිර්වාණය සාක්ෂාත් කරයි ද යන්නයි.

යම් චිත්ත සමාධියක් වේ ද, ඒ තුළ, පළවෙනියට පාණාතිපාත, පරුෂා වාච වැනි සංස්කාරයන් ඉවතලීම ඇත. එවැනි අකුසල ධර්මයන්ගෙන් ඉවත් වීම සමාදන් වී ඇත. දෙවනුවට පෙන්නනවා වේදනාවට ප්‍රතිචාර දැක්වීම පහ කිරීමට තුඩු දෙන්නා වූ ආශ්‍රව සහිත වූ, අනු සහිත වූ ධර්මයන් පහ කිරීම සඳහා සිත තැන්පත් කරගෙන ඇත.

මෙහි පළවෙනියට සඳහන් කළ කාරණයන්, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන අරි අට මඟෙහි සීල කොටස මගින් සිදු වන අතර මෙයින් දෝෂය ද, ව්‍යාධිය ද යන දෙයාකාර ධර්මයන් බැස යෑම සිදු වෙනවා. ඒක අපිට පැහැදිලි වෙනවා සීලය තියෙනවා නම් අදෝෂය, පාණාතිපාතය කරන්නේ නැත්නම් අදෝෂය කියන එක. ඒ වගේ ම සම්මා ආජීවය තියෙනවා නම් මානය බැස යනවා. එතකොට එහෙම නම් මානය බැස යනවා නම් සීලය කියන එක පවතිනවා.

දෙවෙනියට සඳහන් කළ ආශ්‍රව සහිත වූ, අනු සහගත වූ ධර්මයෝ කවරහු ද? එම ධර්මයෝ කාම ආශ්‍රවය සහ රාග අනුසය බව පැවසිය යුතු ය. කුමක් නිසා ද? යම් කාම ආශ්‍රවයක් ඇත්ද එය සුඛ යන්නේ පසු සඤ්ඤාව වෙයි. එයට ප්‍රතිචාර නොදැක්වීම සඳහා සිත තැන්පත් කර ගැනීමෙන් චිත්ත සමාධිය ඇති වෙනවා. තව ද රාග අනුසය ඇත්තේ නන්දිය නිසා ය. නන්දිය හටගන්නේ සුඛය නිසා ය. සුඛයට ප්‍රතිචාර නොදක්වන්නේ නන්දිය බැස යනවා. එතකොට ඒක සිතිය යුතු point එකක්.

ඊළඟට නන්දියේ ඇතුළත් වන සුඛය ඇති වූයේ, දිට්ඨි අනුසය හරහා ය. සුඛයට ප්‍රතිචාර නොදක්වන්නේ දිට්ඨි අනුසයත් බැස යනවා. දෙවෙනි කාරණයත් හිතලා බලන්න ඕන. එනම් 50% හා 40% පාරවල් බැස යන්නේ වේදනාවට ප්‍රතිචාර නොදැක්වීම මගිනි. එතකොට එතන අපිට පේනවා මේ ජාතියේ ඉඳන් වේදනාවට එන රේඛාව, රාග අනුසය, වේදනාවට භය අගතියේ ඉඳන් එන දිට්ඨි අනුසය යන දෙක ම අයින් කරලා තමයි අපි ප්‍රතිචාර නොදක්වා ඉන්නේ. එතකොට මේකට අරි අට මඟ මොන ආකාරයකට ද උදව් උපකාර වෙන්නේ?

සම්මා ආජීවය නිසා මානය බැස යනවා, එහෙම නම් අවිද්‍යාව කියන එක බැස යනවා. අවිද්‍යාව කියලා කිව්වා ම මගේ යැයි නොගැනීම තියෙනවා. මෙසේ අවිද්‍යා ආශ්‍රව ඉඳන් කාම ආශ්‍රව නොවීමත් එමගින් රාග සල්ලය හරහා ජාති නොවීම මගින්, ඒ කියන්නේ නන්දියක් නැති නිසා රාග අනුසය නොවීමත්, අත්තානුදිට්ඨිය බැස යාම නිසා දිට්ඨි අනුසය නොවීමත් යන දෙයාකාර ධර්මයෝ අරි අට මඟේ විමංසා, විරිය, ඡන්ද යන ඉද්ධිපාද ධර්මයන් මගින් සිදු කරනු ලබයි. සාදන සංස්කාර පරිදේව වන නිසා එය නොගැනීම විමංසාව මගින් ඉටු කරනවා. රූපය ඉවත් කරන්න යැයි විරියට අණ කරනවා. ඡන්දය නිවනින් පිටත නොගන්නේ රාග අනුසය පහ කරනවා.

ඕක අපි කලින් කරලා තියෙනවා විමංසාව, දිට්ඨි අනුසය රේඛාවේ ලකුණු කරලා, මේ පැත්තෙන් සංස්කාර බිඳෙනවා කියනවා, ඉස්සරහින් රූපය අයින් කරන්නයි විරියට අණ කරනවා. එතකොට ඡන්දය ගන්නේ නෑ ඒ නිවනින් පිටත ධර්මයන්. ඒ විදිහට රාග අනුසය පහ කරනවා. ඒක තමයි භාවනාව.

එතකොට මේකේ මතක තියාගන්න ඕන අපි මේ කතා කරන්නේ කරුණා චෙතො විමුක්තිය අනුවයි. එතකොට ඒක තියෙනවා නම් රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර යන කිසිවකට ප්‍රතිචාර නොදක්වනවා කියලා අපි කලින් භාවනාවෙදි ඉගෙන ගත්තා. එතකොට මේ භාවනාවෙදි පෙන්වලා දෙන්නේ වේදනාවට අනිත් තුන් ධර්මයන් මගින් වන්නා වූ බලපෑම පහ කරන්නේ එමගින් චිත්ත ඉද්ධිපාද වීමයි.

ඉතින් ඕකට කලින් බැලුවොතින් 07/02/2016, චිත්ත ඉද්ධිපාද භාවනාව, මේක ම නේ ද කියලා පේනවා. දැන් ඊට වඩා හොඳට පැහැදිලිව පේනවා, මේ භාවනාවේ.

අර ඉස්සෙල්ලා මම කිව්වා කාරණා දෙකක් හොඳට මෙනෙහි කරන්න ඕනෙයි කියලා. අරක කියන වෙලාවේ. එතකොට ඒකෙ තමන් තේරුම් ගන්න ඕන ඔය නන්දිය නැති වෙන්නේ ජරාව කියන එකෙන් නේ ද? ඔතන තියෙනවා කාරණා තුනක් ම. ජරාවයි, දොමනස්සයයි, පියෙහි විප්පයොගයයි බව දන්නේ නම් සුඛ නොවන බව දනී. එහෙම නම් නන්දි නොවේ.

ඊළඟට දෙවෙනි කාරණයට මම කිව්වේ මෙනෙහි කරන්න ඕනෙයි කියලා, ඒ සුඛයට ප්‍රතිචාර නොදක්වන්නේ දිට්ඨි අනුසය බැස යයි කියලා කිව්වා. ඒකෙදි තේරුම් ගන්න ඕන අර diagram එක, ගිද්ධිලෝභයේ සිට ජාතියට අපි නන්දිය, ඊට පස්සේ එතැන ජාතියේ සිට වේදනාවට, වේදනාවෙන් චේතනාවට, චේතනාවෙන් පල්ලෙහා භය අගතියට, භය අගතියෙන් තමයි දිට්ඨි අනුසය. එතකොට ඒ විදිහට බලන්න ඕන, නන්දිය ඉඳලා එන්නා වූ කාරණාවන් ඒ විදිහටයි, මේක twist වෙලා ගිහිල්ලා තියෙන්නේ, දිට්ඨි අනුසය දක්වා. ඒ කාරණා දෙක හොඳට සිහි කරන්න ඕන. මේකේ අනාශ්‍රව වෙනවා, නිරෝධය ඇති වෙනවා මේ භාවනාවේදි.

ඒක තමයි මං කරපු භාවනාව.