Date: 01/08/2016 Name: නිබ්බාන

පූජාවෙන් පස්සේ ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. එසේ ම දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

අද භාවනාවේ දී මෙනෙහි කළේ අප්පණිහිත චෙතො විමුක්තිය. යම් අප්පණිහිත චෙතො විමුක්තියක් වේ ද, එය තුළ අනාශ්‍රව වූ අවස්ථාවේ සිට නිර්වාණය දක්වා වූ ධර්මයන් පවා දුකෙහි ඇතුළත් වන බවට සාක්ෂි දරයි.

නිවන පමණක් දුකෙහි ඇතුළත් නැති බව ද, එය සියලු තණ්හාවන් නැති වීම බව ද, යන අවබෝධයන් අන්තර්ගතය. යමෙකුට අනාශ්‍රව චිත්තයක් ඇති වූ පමණින්, දුක නොවිඳී යැයි පැවසිය නොහැක. කුමක් නිසා ද?

තවමත් ෂඩායතනයෝ ඇත. ආහාර ගැනීමට හෝ නැවතිය යුතු වන්නේ ය. එනමුදු ඔහු දැවෙනවා යැයි ද, burning කියන එක, නොපැවසිය යුතු ය. කුමක් නිසා ද? විඳින්නා වූ වේදනාවක් ගැන හැඟීමක් සලකුණු නොවන නිසා ය.

එසේ නම් සඤ්ඤාවක් ඇති වුවත් එම සඤ්ඤා ගැන සටහනක් නැත. මෙය සඤ්ඤාවේ නිරෝධයට තුඩු දේ. මෙසේ සඤ්ඤාවන් නැති වීමට කොපමණ ප්‍රමාණයකට මනස දියුණු කළ යුතු ද?

පළවෙනි එක, සතර ඉද්ධිපාදයෝ එකකි. ඒක අපි බැලුවා 11/07/2016 ඉද්ධිපාද භාවනාවේ දී. දෙවනියට පෙන්නනවා, සප්ත බොජ්ඣඞ්ගයෝ තව එකකි. ඒක අපි බැලුවා 14/07/2016 විජ්ජා විමුක්ති භාවනාවෙදි. තුන් වෙනියට පෙන්නනවා, අරි අට මඟ තව එකකි. ඒක අපි කළා ඊයේ. 31/7/2016. අනිත් ධර්මයෝ මෙම ධර්මයන්ගෙන් ඇති වන්නා වූ විමුක්ති බව පැවසිය යුතු ය. මෙම තුන් ආකාර වූ ධර්මයන් භාවිතා කර යමෙක් නිරෝධ සමාපන්න වන්නේ, නැවතත් එයින් ඉවතට පැමිණ, වරින්වර එම නිරෝධය ම අගයන්නේ නම්, ඉන් අනතුරුව එම ධර්මයට ම අනාශ්‍රව වන්නේ, තුන් වරක් පුනපුනා මෙම ක්‍රියාවලිය සිදු කරන්නේ ඉතා පහසුවෙන් ආශ්‍රව නැසීම කළ හැකි වන්නේ ය. ඉතින් ඒක තමයි භාවනාව.

එතකොට ඒ භාවනාව කරන්න තියෙන්නේ ඉතින් ඔය කාරණා තුනෙන් නේ. ඉතින් මම නම් අර සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤාවෙදි අපි පැහැදිලි කරනවා නේ, කබලිංකාර ආහාරය රාග සල්ලයෙන් කරකවලා, ජාතියක් ඇති කරගෙන, ජරා, ව්‍යාධි, මරණය. දෙකක් ඇති කරගත්තා කියලා, ජාතියයි දුක්ඛයයි. ඉතින් ඔය විදිහට බලාගෙන යන්න පුළුවන් සතර ආහාර දුක්ඛය භාවනාව. ඒකෙන් පුළුවන් අප්‍රමාණයට යන්න. අප්‍රමාණයට ගිහිල්ලා, කාරණා තුන තුන අනිත් පැත්තට බැලුවා, දුක්ඛය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් බලන්න පුළුවන්. මම එතන ඒ විදිහට බැලුවා.

එතකොට ඒ වගේ ම රහතන් වහන්සේ මට කිව්වා කලින් ම “ඉද්ධිපාද භාවනාවත් කරන්න” කියලා. එතකොට සතර ඉද්ධිපාදයෝ භාවනාවත් ඒ විදිහට ම මම කළා. ඒ වගේ ම ඊට පස්සේ, ඒ ඒ කියන විදිහට ම මට ඒක සිද්ධ වුණා. ඊට පස්සේ අරි අට මඟේ භාවනාව ඊයේ එක, ඒක නැවතත් කළා.

එතකොට ඒකේ පෙන්නන්නෙ, ඒ කියන්නේ, තමන්ට දාන්න පුළුවන් ඉහළ ම, ඒ කියන්නේ මොකක් හරි තමන් වැඩක් කරන්න හරි ඉන්නවා කියලා, රූපයක් සම්බන්ධයෙන් තියෙනවා කියන්නකො. ඒවා දැම්මා කියලා හෙල්ලෙන්නේ නෑ. හෙල්ලෙන්නේ නැතුව තමන්ට ඉන්න පුළුවන්කම කියන එක තියෙනවා. එතකොට ඒක නම් හොඳට test කළා. ඒ විදිහට බැලුවහම. ඉතින් ඒ විදිහට කෙනෙක් නිරෝධයට ගිහිල්ලා, ආයේ නිරෝධයෙන් ගිහිල්ලා ආවට පස්සේ අර තමන් අගයන්නේ නැහැ නේ. මේවා එන්නෙ නැති වීම හොඳයි කියන එක නේ තමන්ට තේරෙන්නේ. ඉතින් ඒක හින්දා තුන් පාරක් කළායින් පස්සේ මෙතන පෙන්නනවා, ඒ ආශ්‍රවයන් නැසීම කියන එක පහසුවෙන් කරන්න පුළුවන් කියන එක.

ඒක තමයි මං කරපු භාවනාව.