ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. එසේ ම දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවේ දී මෙනෙහි කළේ මෙත්තා චෙතො විමුක්තිය. ආරද්ධ විරිය ඇති අයකු, මෙත්තා චෙතො විමුක්තිය ආරද්ධ විරියෙන් පෝෂිත කරන්නේ, කෙසේ නිර්වාණය සාක්ෂාත් කරන්නේ ද යන්නයි.
යම් ආරද්ධ විරියක් වේ ද එය තුළ අකුසල ධර්මයන්ගේ ප්‍රහාණය සහ කුසල ධර්මයන්ගේ ප්‍රතිලාභය ඇතුළත් වෙනවා. ඕක පෙන්නනවා “ආරද්ධ විරියො විහරති අකුසලානං ධම්මානං පහානාය, කුසලානං ධම්මානං උපසම්පදා ය, ථාමවා, දළ පරාක්‍රමා, අනික්ඛිත්තධූරො, කුසලෙසු ධම්මෙසු” කියලා. එතකොට ඒ ආරද්ධ විරිය කියන එක බොහොම ගැඹුරට යනවා. කුමන අකුසල් දහම්ගේ ප්‍රහාණය ද? ලෝභ ද්වේෂ මෝහ බව කිව යුතු ය.
කුසල ධර්මයෝ කවරහු ද? මගඵල චිත්තය නිසා ඇති වන්නා වූ ධර්මයෝ ය. මෙය ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා, වශයෙන් ගොනු කර දැක්විය හැකි ය.
ස්ථාමවත් වන්නේ කෙසේ ද? මේක අපි කලින් බලලා තියෙනවා. යම් උපන් කුසලයක් වේ ද, එහි මනා කොට පිහිටයි, අත්නොහරී.
දළපැරකුම් වන්නේ කෙසේ ද? යම් අකුසලයක් ප්‍රහාණය කළේ ද, එම අකුසලයන් නැවතත් ඉපදීමෙන් ඇති වන්නා වූ පරාජයට අකැමැති වන්නේ ය. ඔහු යුද්ධයකින් දිනුවා වූ රජෙකු නැවතත් පරාද වීමට අකැමැති වන්නේ යම් සේ ද, මෙය එසේ ය.
නොහළ ධූර. එතකොට එතැනදි පෙන්නනවා යම් කුසලයක් ඉපදවිය යුතු ද එය පමා නොවී උපද්දවනවා කියලා. ස්ථාමවත් වීම අපි බලලා තියෙනවා තුන් වෙනි විරිය ලෙස සලකන්න යැයි කියලා. මෙතැන දී කුසලය වන්නේ තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ය. ඒක අත්නොහරිනවා කියලා බැලුවා.
දළපැරකුම් වන්නේ ඉවතලන බැහැර කරන ලද දේ නැවතත් නොගනී. කුමක් බැහැර කළේ ද? කුමක් ඉවතන ලද ද? තණ්හාව බැහැර කළේ ය. තණ්හාව ඉවතන ලද වේ.
නොහළ ධූර ඇතියේ නිර්වාණය ම පසක් කරයි, දුක ම ඉවත් කරයි. එතකොට ඔය කාරණා තුන ඒ කියන්නේ ස්ථාමවර, ඒ නොහළ ධූර දක්වා, ඒ කිව්ව කාරණා තුන ඒක හොඳට සිහිය තියෙනවා නම්, දැන් බලන්න මෙත්තා චෙතො විමුක්තියක් ගැන අපි බැලුවොත් ඒක තුළ තියෙනවා සමාපත්ති ධර්මයන් ඉවත් කිරීම. නෙක්ඛම්ම පවිචාරය ඒක නිසා ඇති වූ අනිත්‍ය ස්වභාවය අන්තර්ගත ය. යමක් අනිත්‍ය වේ නම් එය දුක ය. යමක් දුක නම් එම දෙයට නන්දි වීම නොවටී. නන්දි වීම නොවටින්නේ නම් සුඛ වන්නේ ද, දුක වන්නේ ද? සත්‍ය වශයෙන් ම සුඛ වන්නේ ය. අපි දන්නවා දුක්ඛ table එකේ කතාව.
මෙසේ දන්නේ දක්නේ, නිර්වාණය ම සාක්ෂාත් කරයි. මෙයට කෙසේ නම් ආරද්ධ විරිය උදව් උපකාර වේ ද? දැන් අපි කතා කරපු කාරණා තුන. ස්ථාමවත් වන්නේ, නූපන් කුසල් උපදවයි. එතකොට ඒ තුන් වෙනි විරියත් එක්ක එන්නෙ. තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව අත් නොහරිනවා. එතකොට සමාපත්ති ධර්මයන් කියන ඒවා එයා පහ කරනවා. ඇයි ඉහළ සමාධියකට ගිහිල්ලා මේක අල්ලගෙන ඉන්නවා නම් නිර්වාණය නෙමෙයි නේ. එතකොට ඒ ධර්මයන් පහ කිරීම කියන එක තියෙනවා. දළපැරකුම් වන්නේ ඉවතන ලද බැහැර කරන ලද දේ නැවත නොගනී. එනම් තණ්හාව නැවත නොගනී. එසේ නම් නන්දි වීම සිදු නොවේ. ඊළඟට නොහළ ධූර ඇතියේ නිර්වාණය ම පසක් කරයි. නන්දි වීම නොවටින්නේ නිර්වාණය ම සාක්ෂාත් කරයි.
අර ඉස්සෙල්ලා වාක්‍යයේ කිව්ව, මෙත්තාවත් එක්ක කිව්ව එකේ කෑලි තුන තමන් හොඳට ගන්න ඕනේ. මෙත්තා චෙතො විමුක්තිය කොහොම ද වැඩ කරන්නේ කියන එක. ඉතින් ඒක තමයි භාවනාව.
ඉතින් ඕක ඕගොල්ලන් කරන්න තියෙන්නේ මෙත්තා චෙතො විමුක්තියේ භාවනාව 11/05/2016 භාවනාව තියෙනවා නේ මතක ද ඒකෙ කාරණා තුන?
අධිචිත්ත ශික්ෂා, නෙක්ඛම්ම විතක්කය, නෙක්ඛම්ම පවිචාරය, එතකොට අධිචිත්ත ශික්ෂාවේ අපි දන්නවා අඩු ම තරමින් මෙත්තා අප්‍රමාණය කියන එක තියෙන්න ඕනෙ. එතකොට නෙක්ඛම්ම විතක්කයේ අර මෝහය නිසා ඇති වූ ලෝභය කියන එක පහ කරනවා. එතනදි අපි ඉගෙන ගත්තා, අර වෙන් කිරීම කියන එක පිසුණා වාචයෙන් අපි දන්නවා මෝහය ඇති වෙනවා කියලා සම්මා වාචා diagram එකෙන්. එතකොට මෝහය නිසා එහෙනම් පිසුණා වාචයට යනවා.
වෙන් කිරීම නිසා හොඳ යැයි කියලා සිතනවා. අපි ඕක සාකච්ඡා කළා මෙත්තා එකේදි. එතකොට ඒක නේ අපි අර බල්ලා ද, මනුෂ්‍යයා ද කියලා වෙන් කිරීම කියන එක කරන්නේ. ඉතින් ඔය වෙන් කිරීමෙන් අරක පවතිනවා කියන එක නේ කල්පනා කළේ. එතකොට දැන් පැවතීම් අතරින් ඉහළ ම තියෙන දේවල් තමයි සමාපත්ති ධර්මයන්. එතකොට නෙක්ඛම්ම පවිචාරයට ආවහම සමාපත්ති ධර්මයන්ට ඇලීම පහ කරනවා. නිත්‍යභාවය පහ කරනවා. වෙන් කිරීමක් කරන්නේ නැහැ එතකොට. මෙන්න මෙතනට ආවහම තමන්ට මෙත්තා චෙතො විමුක්තිය ඇති වුණාට පස්සේ හිතන්න බලන්න අර කාරණා තුන.
ස්ථාමවත්, කියන එක. ඒ කුසල ධර්මය, කියන්නේ සමාපත්ති ධර්මයන් පහ කිරීම ඒක තුළ ම තියෙනවා. එතකොට ඒක අයින් කරනවා කියලා ගත්තහම, දැන් මෙත්තා චෙතො විමුක්තියෙන් තමන්ට මේ සුඛ සහගතව තිබුණ ද, නිකන් අර switch එක මාරු කරනවා වගේ මට තේරුණා ඔන්න කරුණා චෙතො විමුක්තියට ආවා, මුදිතාවට ආවා, උපෙක්ඛාවට ආවා, අප්පණිහිත චෙතො විමුක්තිය දක්වා ම එක point එකෙන් ගියා. ඉතිරි කාරණා මොකක්වත් නෑ. ඉතින් මම ඒක ඇහුවා රහතන් වහන්සේගෙන් දැන් මම ඒක කරන්නත් ඉස්සෙල්ලා මේ විදිහට රවුමට කැරකිලා කැරකිලා ගිය එක.
මම මේක බලලා නේ තියෙන්නෙ. එතකොට රහතන් වහන්සේ කියන්නේ, “පළවෙනි කාරණය ගත්ත ගමන් ම අරක වටේ ම ගියා.” අර circle වෙන්නේ run and circle around කියනවා වගේ ස්ථාමවත්, දළපැරකුම්, නොහළ ධූර ඒ කියන්නේ මොකක් ද? දුක්ඛ table එකේ පහළට ආවා, වමට ගියා, උඩට ගියා. ඒ තුන නේ ඔය පෙන්නන්නේ. ඔය ස්ථාමවත් දළපැරකුම් නොහළ ධූර කිව්වම ඔන්න ඔය අර්ථයට එනවා. එතකොට හරි පුදුමයි. දුක්ඛ table එකේ දකුණු පැත්තෙන් පහළට එනවා එකක්, වමට එනවා, උඩට එනවා ඒක circle වෙනවා. Run and circle around වගේ ස්ථාමවත්, දළපැරකුම්, නොහළ ධූර. හොඳට බලන්න මේවා කරගෙන, එක ම මේකෙන් සිද්ධ වුණා.
එක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්