ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවේ දී මෙනෙහි කළේ, කරුණා චෙතො විමුක්තිය, ආරද්ධ විරිය මගින් පෝෂිත වන්නේ, කෙසේ නිර්වාණය සාක්ෂාත් කරයි ද යන්නයි. කරුණා චෙතො විමුක්තිය තුළ ඇති කාරණා තුනක් ආරද්ධ විරිය මගින් පෝෂිත වන්නේ නිර්වාණය සාක්ෂාත් කරයි. කුමන කාරණා තුනක් ද?
09/05/2016 කරුණා භාවනාවේ දී සාකච්ඡා කළ අයුරින්, කරුණාව ඇති වීමට පළවෙනි එක අව්‍යාපාදූපවිචාරය. එතනදි අපි කිව්වා ද්වේෂය පෙර පහ කළා ද, ඒක නැවත නූපදින අයුරින් බැස ගන්නවා කියලා.
ඊළඟට දෙවැනි කාරණය, බ්‍රහ්මචරියෙසනාවේ පළවෙනි කාරණය. එනම් යම් අකුසලයක් පහ කරන ලද්දේ ද, එය නැවත නොගනී. මෙය රූප ස්පර්ශ කිරීමෙන් ඇති වන වේදනා ඉවත් කිරීමෙන් වන කුසලය ලෙස අපි බැලුවා ඔය 09/05/2016 භාවනාවේ දී. ඒ කරුණාවට යන්න තියෙන්නා වූ කාරණාව වශයෙන්.
ඊළඟට තුන් වෙනි එකට පෙන්නුවා, සීලස්කන්ධය සම්පූර්ණ කෙරේ. ඔන්න ඔය කාරණා තුන. එතකොට ඕගොල්ලන්ට පේනවා මේක cross එක වගේ තියෙන එකේ හරහට එන එකයි අපි මේ බලලා තියෙන්නෙ. Triangle shape එකට. අව්‍යාපාදූපවිචාරය, බ්‍රහ්මචරියෙසනාව, සීලස්කන්ධය.
ඊයේ භාවනාවේ දී සාකච්ඡා කළ ආරද්ධ විරිය තුළ ඇති තුන් කාරණයන් මගින් ඉහත තුන් ධර්මයන් සනාථ කරන්නේ නිර්වාණය සාක්ෂාත් කරයි.
පළවෙනි එක, අර ස්ථාමවර කියන එක. ස්ථාමවත් වන්නේ කෙසේ ද? යම් උපන් කුසලයක් වේ ද, එහි මනා කොට පිහිටනවා, අත්නොහරී. ද්වේෂ ඉවත් කිරීමෙන් යම් ශ්‍රද්ධාවක් වේ ද එය අත්නොහරී.
දෙවනියට පෙන්නනවා, දළපැරකුම් වන්නේ කෙසේ ද? කලින් බලපු විදිහට, යම් අකුසලයක් ප්රහාණය කළේ ද, එම අකුසලයෝ නැවත ඉපදීමෙන් වන්නා වූ පරාජයට අකැමැති වන්නේ ය. එතනදි පෙන්නුවා, යුද්ධයකින් දිනුවා වූ රජෙක්, නැවත පරාජය වීමට අකැමැති වන්නේ යම් සේ ද, මේ එසේ ය. මෙන්න මේ අවස්ථාවෙදි අර රූප නිසා ඇති වන වේදනාවට ඇති තණ්හාව අතහැරීම පමණක් නොව, සියලු තණ්හා ඉවත් කිරීම ඇතුළත් වෙනවා.
ඊළඟට තුන් වෙනි කාරණයට පෙන්නනවා, නොහළ ධූර වන්නේ කෙසේ ද? අපි එතෙන්දි ඉගෙන ගත්තා, යම් කුසලයක් ඉපදවිය යුතු ද එය පමා නොවී උපදවයි. දුක ම ඉවත් කරයි, නිර්වාණය ම පසක් කරනවා කියලා. එසේ නම් කිසිදු භවයක පැවැත්මක් නොමැති වන්නේ, සීලස්කන්ධය පමණක් නොව ප්‍රඥා ස්කන්ධයත් සම්පූර්ණ කරනවා. කුමක් නිසා ද? දුක්ඛ table එකේ වටහා ගත් අයුරින්, සෑම භවයක් නිසා ම දුක ඇති වන බව දනී. නන්දි නොවීම ම සුඛ බව වටහා ගනී. ඉතින් ඒක තමයි භාවනාව.
එතකොට මේ භාවනාව මම කරනකොට, මුලින් රහතන් වහන්සේලාට කෘතඥතාවය පළ කරගෙන අර මේ සත්වයාට සිත සුව පිණිස ඒ වැඩ වාසය කරනවා කියන එක ඒ හරියේ හිතනකොට ම, අවසාන බුදුපියවරු හතර නම ලකුණු කරන තැන දන්නව නේ. ඒ කියන්නේ, පදුමඋත්තර බුදුපියාණන් ජාතිය ළඟ, ඊළඟට අපි දන්නවා පල්ලෙහා cross එකේ ඉන්ද්‍රජිත් බුදුපියා, එතන ඉන්ද්රිය සංවරය එහෙම තියෙන අදහස තියෙනවා. ඒ වගේ ම නන්දිය කතාවකුත් ඔතන තියෙනවා, රාග අනුසය පාර. උඩ තපස්සි බුදුසීයා ස්පර්ශය ළඟ, මෙහා පැත්තෙන් රූපය ළඟ සහම්පති බුදුපියා. එතකොට මෙතන තියෙනවා නේ ද ත්‍රිපීසියම වගේ. ඔන්න ඔය ත්‍රිපීසියම වගේ එක, ඒ හතර ම මම හොඳට සිහියෙන් යුතුව එනකොට මට ඔතන ම සිත බොහොම සමාධිගත වුණා. ඒක බොහොම සැරයි. එතකොට මම කල්පනා කළා, මේ අද භාවනාවත් එක්ක මේකෙ සම්බන්ධතාවයක් තියෙනවා කියන එක. මේ විදිහට තමයි මේ කරුණාව කියන එක ඇති වෙන්නේ කියන අදහස. ඒ පාර මම එතන ම ටිකක් වෙලා හිටියා, මිනිත්තු පහක් විතර ඔය කාරණා හතරේ ම මම ඉන්නවා. මට පේනවා ඒ ත්රිපීසියමේ ඒ බුදුපියවරු හතර තිබ්බහම ඒ ඔක්කොම shade නැති වෙලා යනවා වගේ ඒ හරියේ, ඒක තියෙනවා.
එතකොට ටිකක් ඉඳලා, ඊට පස්සේ අද භාවනාව, ඒ කිව්ව විස්තරය හැටියට ඕක හරහා ගියා. ඒක ඕගොල්ලන්ට තේරෙනවා නේ ද, කරුණා අප්‍රමාණය. කරුණාව කියන එක ගන්න, කරුණා චෙතො විමුක්තියේ අපි මේ යන්නේ. මේකේ මෙහෙම cross එකක් තියෙනවා නේ. මේ පැත්තෙන් වම් අත පැත්තට එනවා කාමේසන ප්රහාණය, මැද්දේ එනවා භව සේවනය දුරු කරනවා, දකුණු පැත්තට එනවා බ්‍රහ්මචරියෙසනාව. උඩින් එනවා අව්‍යාපාදූපවිචාරය මැද්දේ cross එකේ පල්ලෙහාට එනවා සීලස්කන්ධය කියන එක. දැන් මේ කාරණා ටික බලාගෙන ගියහම, දැන් මම ඔය හරහට යනවා නේ, horizontally, බ්‍රහ්මචරියෙසනාව. අන්න එතනට යනකොට තමන්ට තේරෙනවා දැන් මේ පැත්තෙන් යම්කිසි දෙයක් අර ත්‍රිපීසියම වගේ එකේ තිබුණ ද, දකුණු අත පැත්තෙන් දැන් මනස open වෙනවා. ඒ කියන්නේ ආකිඤ්චඤ්ඤායතන ඒ වගේ විමුක්තියේ ස්වභාවය එතනින් ඇති වෙනවා, මොකද? මොකක්වත් අල්ලන්නේ නෑ.
මේකෙ තියෙන්නෙ හරි ලස්සනට purification එකක්. ඒ කියන්නේ මේ හරහට එන එක මේ පැත්තෙන් කාමේසනාව, එහා පැත්තෙන් ගන්න බ්‍රහ්මචරියෙසනාව, මැද්දෙන් පල්ලෙහා කෙළවරින් සීලස්කන්ධය කියන එක. ඔන්න ඔය triangle එක. අන්න ඒ ක්‍රමයට තමයි මේක දුවවන්නේ. එතකොට අර පැත්තෙන්, බ්‍රහ්මචරියෙසනාව පැත්තෙන් ඇවිල්ලා කියනවා නේ මෙතන, දැන් මේක අතහරිනවා. දැන් ආකාසානඤ්චායතනය වගේ ඒවා අත්හරිනවා. මේක නවත්තන්නේ නෑ. කාමේසනාවෙන් කියනවා මම මේ ධ්‍යාන තලයන් අල්ලගෙන ඉන්නේ නැහැ. ඒ පාර ඒ පැත්තෙන් පිරිසිදු වෙනවා. ආපහු යනවා බ්‍රහ්මචරියෙසනාවට.
අර මැද්දෙන් තියෙන්නෙ තමන් අර තණ්හාව ඔක්කොම අත්හරිනවා කියන එක නේ. දළපැරකුම් කෑල්ල එතන හොඳට ඒක ක්‍රියාත්මක වෙනවා. ඒක ඒ විදිහට ඒ තණ්හාව අතහරිමින්, අතහරිමින් යනවා. ඒ කියන්නේ කරුණා චෙතො විමුක්තිය තුළ මේ කන කියන එකේ, සුඛය කියන එක, ඒවා හිටන් තිබුණ ද, දැන් ඒවත් ගලවලා යනවා. ඒකත් පවත්වන්නේ නැහැ. හරි ලස්සනට purify වෙනවා. ගිද්ධිලෝභය නේ මේ ත්‍රිපීසියම මැද්දේ තියෙන්නෙ. තේරුණා ද? අභිජ්ඣා වෙනවා කියන එක, ඒ කතාව යනවා.
ඒක තමයි මං කරපු භාවනාව.