Date: 04/08/2016 Name: Amurtaya

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ, අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා, ඒ පූජාවෙන් පස්සේ. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

අද භාවනාවේ දී මෙනෙහි කළේ මුදිතා චෙතො විමුක්තිය ආරද්ධ විරිය මගින් පෝෂිත වන්නේ කෙසේ නිර්වාණය සාක්ෂාත් කරයි ද යන්නයි. යම් මුදිතා චෙතො විමුක්තියක් වේ ද ඒ තුළ ඇති කරුණු හතරක් ආරද්ධ විරිය මගින් පෝෂිත වන්නේ නිර්වාණය සාක්ෂාත් කරයි. කවර කරුණු හතරක් ද?

පළවෙනි එක සමථ නිමිත්ත. ඒකෙ අපි දන්නවා ලෝභ, ද්වේෂ, මෝහ පහ කිරීමට සමවැදීම කියන එක. එතකොට ඒ කාරණය ඔය ආරද්ධ විරියේ අකුසල ධර්මයන් ප්‍රහාණය යන කොටස මගින් පෝෂිත වෙනවා.

ඊළඟට දෙවනියට එනවා පග්ගහ නිමිත්ත, චතුරාර්ය සත්‍යයේ බැස ගැනීම. එතකොට ආරද්ධ විරියේ දළපැරකුම් සහ කුසල ධර්මයන්ගේ ප්‍රතිලාභය, එතන අපි දන්නවා මේ මගඵල චිත්තය මගින් උපදවන ප්‍රඥා, සති, සමාධි, විරිය, ශ්‍රද්ධා කියන කොටස්.

ඊළඟට තුන් වෙනියට අපිට එනවා, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රිය, සමාපත්ති ධර්මයන් පහ කිරීම. මෙය ආරද්ධ විරියේ කුසල ධර්මයන්ගේ ප්‍රතිලාභය සහ ස්ථාමවත් වීම මගින් සිදු වෙනවා. ඒ කියන්නේ උපදවන ලද ප්‍රඥාව අත්නොහරිනවා. මගේ යැයි කියලා ගන්නෙ නැහැ.

ඊළඟට හතර වෙනි කාරණයට දළපැරකුම්. එතැන අපි ඕක ඉගෙන ගත්තා 13/05/2016 ඔය මුදිතා චෙතො විමුක්ති භාවනාවේ දී. ආලෝකය නිසා වන තණ්හාව, ඒවා ඉවතලනවා කියලා දළපැරකුම් භාවිතා කිරීමෙන්. එතකොට මෙතන දී සියලු තණ්හා ඉවතලනවා. ඵල චිත්තයෙන් වාසය කිරීම පවා පහ කරනවා.

එතකොට මේ භාවනාව, ඔයගොල්ලෝ දන්නවා, ඕක අර 13/05/2016 භාවනාවේ තියෙන්නෙ අර සමථ නිමිත්ත, පහ කළ යුතු ධර්මයන් පහ කිරීමට සමවැදීම. ලෝභ, දෝස, මෝහ, පහ කිරීමට සමවදිනවා කියලා. එතනින් අපි එනවා උපෙක්ඛා නිමිත්තට. උපෙක්ඛා නිමිත්තේ තියෙන්නේ අර පාණාතිපාත වැනි අකුසලයන් අපි පෙර කළා ද, ඒවා පහ කළාට, ඉවත් කළාට පස්සෙ අපිට පේනවා අර ඒකෙන් ඇති වන සුඛය නිසා පෙර කළා වූ පාණාතිපාත වාගේ දේවල්, ඒවා දුක වශයෙන් දැකීම. එතනින් එනවා අපි පග්ගහ නිමිත්ත කියන එකට. චතුරාර්ය සත්‍යයේ බැස ගන්නවා. අපිට ඔතන පෙන්නනවා අරි අට මඟ විශේෂිතයි කියලා, නේ ද? ඒ කියන්නේ අපිට පේනවා ලෝභ, දෝස, මෝහ, පහ කළා නම් අලෝභ, අදෝස, අමෝහ, හරහා අරි අට මඟට ආවා. එතකොට උපෙක්ඛා නිමිත්තෙන් අතන මැද්දේ දී පෝෂිත වීමක් කියන එක තියෙනවා, මොකද පාණාතිපාතා ඒවා අකුසලයන් කියලා අපි අයින් කිරීම කියන එක තියෙනවා.

ඊට පස්සේ අපි දන්නවා අපි හරහට එනවා කියලා. Across. ඒ කියන්නේ පාණාතිපාතයෙන් එනවා අපි අව්‍යාපාද විතක්කය කියන එකට. උපෙක්ඛා නිමිත්තේ මනා කොට එළඹවෙනවා, ද්වේෂය බැස යනවා කියලා. එතනින් එනවා අපි අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රිය කියන එකට. එතකොට අවබෝධ නොවූ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ වෙන්න, අර කාම විතක්කයන් එහෙම පහ කරනවා කියන තත්වයට එනවා. සමාපත්ති ධර්මයන් පහ කිරීම.

එතකොට මේ භාවනාව කරගෙන ගියා ම, ඔය සමථ නිමිත්තේ ඉඳන් දැන් තමන් ක්‍රමානුකූලව අයින් කරගෙන යනවා ලෝභ ද්වේෂ මෝහ, මුසාවාද, පරුෂා වාච, එපා කියලා ඔය විදිහට ගියායින් පස්සේ උපෙක්ඛා නිමිත්තෙන් පග්ගහ නිමිත්ත දක්වා ආවයින් පස්සේ, දැන් තමන් අද භාවනාවේ කාරණා ටික භාවිතා කරනවා නේ. දෙවැනි කාරණයට පෙන්නනවා නේ දළපැරකුම් සහ ඒ කුසල ධර්මයන්ගේ ප්‍රතිලාභය කියලා. එතකොට අන්න ඒ තත්වයට එනකොට, දැන් අපි දන්නවා මුදිතා චෙතො විමුක්තියේ දී අර නළලේ මැද්දේ ඉඳන් දකුණු පැත්තට ගිහිල්ලා, ප්‍රඥා ඉන්ද්‍රියෙන් cross cut එකකින් අපේ තියෙනවා කියලා. අපි බලලා තියෙනවා නේ ඕක කලින්.

ඊට පස්සේ මේක ඔහොම නැතිව, මේක මේ balance එක ඇති වෙනවා. Uneven ගතිය නැති වෙලා even. ඒ කියන්නේ මේ වම් පැත්තයි, මේ මුළු මූණ ම යි, යම් ආකාර විදිහට ඒ balance වීම කියන එක ඇති වෙනවා ඒ පග්ගහ නිමිත්ත කියන තැනට ආවහම.

ඊට පස්සේ අපි අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රිය කියන එතැන ඒ කාරණා ටික අපි බලනකොට, තමන්ට පේනවා, මේ දැන් අර ඇති වුණා වූ තියෙනවා නේ ප්‍රඥා, සති, සමාධි, කියන එක අර balance වෙලා. ඒවායේ මේ ප්‍රඥා, සති, ඒ points කියන ඒවා strong. අනෙක් ඒවට වඩා strong, හැබැයි balanced. Balanced කියලා කියන්නේ මේක දැනිලා ප්‍රීතිය වුණත් ඇති වුණා කියලා, ඒ ප්‍රීතිය එක්ක තමන් යන්නේ නැහැ. අන්න එහෙම balance එකක් තියෙනවා මේකෙ පුදුමාකාර, strong හැබැයි balanced කියන එක. එතකොට ඒ තත්වයෙන් තමන් ඒ දළපැරකුම් කියන එක, හතර වෙනි කාරණයට ආවට පස්සෙ, ඉතින් මේ ඔක්කොම ඉවතලීම කියන එක නේ තියෙන්නෙ. ඒ කියන්නේ ඵල චිත්තයෙන් ඉන්නවා කියන එක පවා ඉවතලීම කියන එක නේ. එතකොට අර එහෙම ඉඳලා, තමන්ට අයින් කරනවා කියන එක, නසනවා කියන එක, කරන්න පුළුවන්.

ඉතින් මේකේ මගේ ප්‍රශ්නය ආවේ, මේක මේ මණ්ඩලාධිපති බුදුපියා කිව්වා, “මේක බොහොම ආදර්ශමත්” කියලා මම ඒ කරපු විදිහ, භාවනාව. මගේ ප්‍රශ්නය තිබුණේ, මේ මේකේ නෑ නේ අපේ තුන් වැනි කාරණය, නේ ද, අර අනික්ඛිත්තධූරො කියන එක, අර නොහළ ධූර කියන එක. එතකොට මණ්ඩලාධිපති බුදුපියා පෙන්නුවේ ඒ කාරණා ටික අර අනිත් ඒවාවලින් වෙලා ඉවරයි. ඒක වෙලා තියෙන නිසා තමයි මේ භාවනාවට ඒක කියන්න ඕනේ නැහැ.

මොකද ඵල චිත්තයේ ඉඳන් ඉන්නවා කියන එක පවා පහ කිරීම කියන එක තියෙනවා නේ. එතන මට පොඩ්ඩක් තේරුණා ඒක. නමුත් මම ඒක confirm කරගත්තා. අර අනිත් කාරණාවලින් ඉන්නවා කියන එක නිසා තමයි, මේකෙන් cover වෙලා තියෙන්නෙ.

ඒක තමයි මං කරපු භාවනාව.