ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. එසේ ම දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවේදි මෙනෙහි කළේ උපෙක්ඛා චෙතො විමුක්තිය ආරද්ධ විරිය මගින් පෝෂිත වන්නේ, කෙසේ නිර්වාණය සාක්ෂාත් කරයි ද යන්නයි. උපෙක්ඛා චෙතො විමුක්තියේ කාරණා තුනක් ආරද්ධ විරිය මගින් පෝෂිත වන්නේ නිර්වාණය සාක්ෂාත් කරයි. 14/05/2016 උපෙක්ඛා චෙතො විමුක්ති භාවනාවේ දී සාකච්ඡා කරපු ආකාරයෙන්, නොනසන ලද ආශ්‍රවයන් නිසා උපෙක්ඛා චෙතො විමුක්තිය නොවන බව අපි ඉගෙන ගත්තා. උපෙක්ඛා අප්‍රමාණයට ගියාට උපෙක්ඛා චෙතො විමුක්තිය නොවන බව. එතනදි අපි ඉගෙන ගත්තා, “නිබ්බානං රතනංති කරිත්වා අශ්චර්ය භාවෙන අතුලං.”
නිර්වාණය රතනයක් බව සැබෑ ය. එය උපෙක්ඛා අප්‍රමාණ වූ විට වැටහීම ඇති වුවත්, ආශ්චර්යභාවයෙන් අතුල බව තවම නොදනී. කුමක් නිසා ද? අනුසය වූ ධර්මයෝ මෙයට බලපායි. විශේෂයෙන් රාග අනුසය තවම පහ කර නොමැති ය. උපෙක්ඛාවට සතුටු වන්නේ එයයි. එහි පැවැත්මක් නැති බව මනා කොට අවබෝධ වන්නේ නම් පමණක් උපෙක්ඛා චෙතො විමුක්තිය ඇති වෙයි. මෙම චෙතො විමුක්තිය ඇති වීමට නම් දුක්ඛ table එකේ සාකච්ඡා කළ, අනිත්‍ය නම්, දුක්ඛ නම්, විපරිණාමයට පත් වෙනවා නම්, මගේ යැයි ගන්න වටිනවා ද? මගේ යැයි ගන්න නොවටින්නේ නම් නන්දි වීම වටින්නේ ද? නන්දි වීම, ඒ කියන්නේ මැරී ඉපදීම නොවටින්නේ නම් දුක වන්නේ ද, සුඛ වන්නේ ද? සත්‍ය වශයෙන් ම සුඛ වන්නේ ය. මේ විදිහට මේ පළවෙනි column එක සම්පූර්ණයෙන් ඉවත් වන්නේ නම් ආශ්‍රව නැසේ යැයි වටහා ගත්තා.
එහෙම නම්, මේකෙ පළවෙනි කාරණය, ඒ කියන්නේ අනිත්‍ය නම්, දුක්ඛ නම්, විපරිණාමයට පත් වෙනවා නම්, මගේ යැයි ගන්න වටිනවා ද යන කාරණය නූපන් කුසලයෝ ඉපදවීම මගින් ද, ස්ථාමවත් වීම මගින් ද සිද්ධ වෙනවා. ආරද්ධ විරියේ කාරණා දෙකකින්. කෙසේ ද? මගේ යැයි නොගැනීම “කුසලො ච ජහාති පාපකං” මෙනි. ස්ථාමවත් වන්නේ උපන් කුසලයේ මනා කොට පිහිටයි. අත්නොහරියි. මේක ඊයේ භාවනාවේදි වටහා ගත් ආකාරයෙනි. මගඵල චිත්තය පවා අත්හැරීම ලෙස සැලකිය යුතුයි.
දෙවනියට, දළපැරකුම් වන්නේ ඉවතන ලද බැහැර කරන දේ නැවත නොගනී. එනම් තණ්හාව නැවත නොගනී. එසේ නම් නන්දි වීම සිදු නොවෙයි.
තුන් වෙනියට, නොහළ ධූර ඇතියේ නිර්වාණය ම පසක් කරයි. නන්දි වීම නොවටින්නේ නිර්වාණය ම සාක්ෂාත් කරයි. ඒ දුක්ඛ table එකේ කාරණා තුනට මෙතන සම්බන්ධ වෙනවා. එහෙම නම්, දැන් අපිට පේනවා දැන් මේ කාරණා තුනක් නේ කිව්වේ. අපි ඕක ලියාගත්තොත් triangle එකක් හැටියට 1, 2, 3 කියලා triangle එක.
එතකොට 1 ඉඳන් 2 ට අපි පෙන්නනවා නූපන් කුසල් ඉපදවීම. ඊට පස්සේ ඒකට ස්ථාමවත් කියන එක එකතු වෙනවා. ස්ථාමවත් කියන එක එකතු වෙනකොට, උපන් කුසලයේ මනා කොට පිහිටනවා, අත්නොහරියි කියන කෑල්ල එනවා. 2 ඉඳන් 3 ට යන රේඛාවේ, අපි ලියාගන්නවා, දළපැරකුම්, නන්දි වීම සිදු නොවේ කියන එක. 3 ට එනවා, 3 ඉඳන් 1 දක්වා යන එකේ තුනේ මුල හරියේ එනවා, නොහළ ධූර, නන්දි වීම නොවටින්නේ නිර්වාණය ම සාක්ෂාත් කරයි කියන එක. 3 ඉඳන් 1 ට යනකොට, 1 කිට්ටුවෙන් ලියාගන්නවා මගඵල චිත්තය පවා අත්හැරීම. ඒ කියන්නේ ස්ථාමවත් කියන එකේ ගුණය. උපදවන ප්‍රඥාව මගේ යැයි නොගනී. අපි කිව්වා නේ අර මගඵල චිත්තය හිටන් එතන අයින් කිරීම කියන එක තියෙනවා. එතකොට මේක තමයි භාවනාව.
එතකොට මේ භාවනාව කෙනෙක් උපෙක්ඛාවෙන් අප්‍රමාණයට ගිහිල්ලා කරන්න ඕනෙ. ඒ උපෙක්ඛා අප්‍රමාණයේ භාවනාව අපි පෙන්නුවා නේ අර 14/05/2016 භාවනාව. ඒකේ අපි ආවහම දැන් අඤ්ඤාතාවිනො ඉන්ද්‍රිය කියන කාරණාවට එනකොට, දැන් ඒකෙ අපි පෙන්නනවා නේ අව්‍යාපාද විතක්කය, අරක ද්වේෂය කියන එක එහෙම අයින් කරලා. ඒක තමයි අර අඤ්ඤාතාවිනො ඉන්ද්‍රියේ දෙවෙනි කාරණය. ඒ දෙවෙනි කාරණයට ආවහම තමන්ට තේරෙනවා අර උපෙක්ඛා සහගත තිබිච්ච ස්වභාවය මෙතන cool වෙනවා කියලා. ඒ කියන්නේ ඉස්සර tight නිකන් strong වට හිටියට, මෙන්න මේ හරියේ කම්මුලේ උඩ හරියේ වම් පැත්තේ, කම්මුලේ උඩ හරියේ මේ හරියේ දැනෙනවා නිකන් cool කියලා.
ඊට පස්සේ අපි එනවා නේ අඤ්ඤාතාවිනො ඉන්ද්‍රියේ තුන් වෙනි කාරණයට. එතකොට ඒක අපි දන්නවා අධිචිත්ත ශික්ෂාවෙන් තමයි ඒක සිද්ධ වෙන්නේ කියලා. එතකොට අන්න ඒ තත්වයට ඒ ආශ්‍රවයන්ගේ කතාව කල්පනා කරනකොට තමන්ට පේනවා මේ පල්ලෙහා හරිය cool කියලා. පල්ලෙහා කියන්නේ දකුණු පැත්තේ කම්මුලේ ඉඳන් දකුණු නිකට ඒ හරිය cool වෙලා තියෙනවා. දැන් මේක ගැන තියෙනවා නේ තමන්ට යම්කිසි තත්වයක්, මේක බොහොම, මේ සුඛය කියන එක නෙවෙයි මේ, ඒ cool ගතියක් තියෙන එක. සුඛයක් තියෙනවා.
හැබැයි ඊළඟට දැන් අපි එනවා හතර වෙනි කාරණයට. ඒ කියන්නේ, ඒක නැති වෙන්නේ පග්ගහ නිමිත්තෙන්. ඒ කියන්නේ, මුළා නොවී පවත්වනවා කියන එක නේ. ආශ්‍රවයන් කියන ඒවා නසන්න කුසලයක් ඇති කළා ද මුළා නොවී පවත්වනවා. අන්න ඒ තැනට තමන් ආවහම තමන්ට පේනවා අර cool කියන කතාවට, තමන්ගේ ඒකට ඇලීමක් මොකක්වත් නෑ.
ඒකට ඇලීමක් නැහැයි කියන එක ඔය තත්වයට පත් වුණාට පස්සේ මෙන්න මේ භාවනා කොටස කරගෙන යන්න ඔය විදිහට අර 1, 2, 3, මම පෙන්නුවේ දැන් triangle එකක් කියලා. ඒකේ හරියට 3 ඉඳන් 1 ට යනකොට, රවුම ගිහිල්ලා 1 වෙනකොට අර මගඵල චිත්තය පවා අතහැරීම කියන එක එනවා නේ ද, අන්න එතනදි තමන්ට පේනවා, මේ විඤ්ඤාණය කියන එක මේ විශ්වයත් එක්ක විසිරිලා යනවා. විශ්වයේ තියෙන්නා වූ කිසිම එකක්, ඒ කියන්නේ තමන්ට මුලින් දැනෙන්නේ හත් වෙනි ධ්‍යානය කියලා. විශ්වයේ තියෙන්නා වූ කිසිම එකක් අල්ලන්නේ නෑ. අන්න එහෙම තමයි නිර්වාණය කියන එක.
අරක ගියා. නමුත් විඤ්ඤාණයේ එකතු වීමක් නේ තියෙන්නේ අපේ. රූපය හරි, වේදනාව හරි කොහේ හරි තැනකට අල්ලා ගැනීමක්. මේක නෑ. මේක spread වෙලා යනවා මේකෙ එකක්වත් ඇල්ලීමක් නෑ. හරියට නිකන් අර මොකක් හරි එකක් space එකට විසි කළහම, space එකේ ඔහේ ඈතට ඔහේ කෑලි කෑලිවලට කැඩිලා විසි වෙලා යනවා වගේ, අන්න ඒ වගේ එකක් තමයි තියෙන්නේ. ඒක තමයි නිර්වාණය කියන එක.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්