Date: 06/08/2016 Name: අමෘතය

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

අද භාවනාවේ දී මෙනෙහි කළේ ආරද්ධ විරිය, අරි අට මඟින් පෝෂිත වන්නේ කෙසේ නිර්වාණය සාක්ෂාත් කරයි ද යන්නයි. ආරද්ධ විරියේ කාරණා තුනක් අරි අට මඟින් පෝෂිත වන්නේ නිර්වාණය සාක්ෂාත් කරනවා. කුමන කාරණා තුනක් ද? පළවෙනි එක දළපැරකුම්, දෙක ස්ථාමවත්, තුන නොහළ ධූර.

පළවෙනි එකට පෙන්නනවා දළපැරකුම් යනු ඉවතන ලද බැහැර කරන ලද දේ නැවත නොගනී. එනම් තණ්හාව බැහැර කරන ලද්දේ නැවත නොගනී. කුමන තණ්හා ද? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හාය. යම් තණ්හාවක් වේ ද එය තුළ භ්‍රමණය වීම අඩංගු ය. යම් භ්‍රමණයක් වේ ද එය තුළ භවය අඩංගු ය. සියලු භ්‍රමණයට මූල වන්නේ අවිද්‍යා ආශ්‍රවයේ සිට කාම ආශ්‍රවය දක්වා යෑම ය. අරි අට මඟින් අවිද්‍යා ආශ්‍රව නසයි. මේ නිසා භ්‍රමණය නවතී. නැවතත් තණ්හා නොවේ.

දෙවැනි කාරණයට ස්ථාමවත් වන්නේ උපන් කුසලයේ මනා කොට පිහිටයි, අත්නොහරී. එනම් ප්‍රඥාව අත්නොහරී. මෙම ප්‍රඥාවේ කෙළවර, වරෙක සම්මා ඥානය වන අතර, තව වරෙක සම්මා විමුක්ති වන්නේ ය. සම්මා ඥානය වන්නේ කුමන අවස්ථාවේ දී ද? එය විමුක්ති වීමට පෙර රූපය ඉවත් කරන අවස්ථාව වන්නේ ය. විමංසාව මගින් රූපය ඉවත් කරන්න යැයි විරියට අණ කරයි. රූපය ඉවත් කිරීම විරියට බාර ය. වරෙක ඉවත් කරයි, තව වරෙක ඉවත් නොකරයි. කුමක් නිසා ද? ඉවත් කිරීමෙන් වන නිර්වාණය ගැන තවම හැඟීම් නැත, එහි යන්නට සූදානම් නැත. වරෙක ඉවත් කරයි එහි දී සම්මා විමුක්තිය ඇති වේ.

තුන් වෙනුවට, නොහළ ධූර. නිර්වාණය ම පසක් කරයි. දුක ම ඉවත් කරයි. ඉහත රූපය ඉවත් කරන අවස්ථාව මෙයට ඇතුළත් වේ. රාගය පහ කරයි, ද්වේෂය පහ කරයි, මෝහය පහ කරයි. මෙසේ සතිමත් වෙයි. නිවනට එකතු වෙයි. කිසිවක නොරැඳේ. ඒක තමයි භාවනාවේ තියෙන්නේ.

එතකොට මේ භාවනාවේ, ඔය වාක්‍යය, යම් තණ්හාවක් වේ ද එය තුළ භ්‍රමණය අඩංගු ය. යම් භ්‍රමණයක් වේ ද එය තුළ භවය අඩංගු ය. ඕක හිතනකොට පුදුමාකාර සමාධියක් ඇති වෙනවා. එතකොට මේක මේ අපි හිතුවේ නැති දෙයක් එච්චර. ඒ කියන්නේ, නිකන් මතක තියාගන්න උත්සාහ කරන්න තණ්හාවක් තියෙනවා නම්, පෘථිවියක් තියෙනවා. භ්‍රමණය වෙන planet එකක්.

ඊළඟට ඒ planet එක භ්‍රමණය වෙනකොට ඒකෙ මනුෂ්‍යයෝ ඉන්නවා. එහෙනම් existence, භවය, කියන එක තේරෙනවා. ඔන්න ඔය අර්ථයයි ඕකෙ තියෙන්නේ. එතකොට අපි එහෙනම් මේ භ්‍රමණය වන දෙයක් ම තමයි අල්ල ගන්නේ. භ්‍රමණයක් නැත්නම් එතන නිර්වාණය, ඒක තියෙනවා. ඉතින් අර මුහුදේ වතුර හෙල්ලෙන්නේ මොකද කියන එකත් තමන්ට එක විදිහකට පේනවා ඔය විදිහට බැලුවහම. එතකොට දැන් මෙතන ඊළඟ ප්‍රශ්නය තමයි මේ කෙනෙක් මෙනෙහි කළ යුතු දේ, අර අවිද්‍යා ආශ්‍රවය නසනවා අරි අට මඟින්. ඒක අපි දන්නවා ඔය සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤාවේ, අරි අට මඟ තමයි හරියට ම වැටෙන්නේ අවිද්‍යා ආශ්‍රව කියන තැනට. විඤ්ඤාණ ආහාර පාරේ අවිද්‍යා ආශ්‍රව, සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤාවේ එතන. ඒක නේ ආශ්‍රවයන් නසන්නේ. දුක්ඛ සත්‍යය, දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධ, නිරෝධගාමිනී පටිපදාව කිව්වම ඔතන ආශ්‍රව හතරටයි ඕක වදින්නේ.

එතකොට ඕක තේරුම් ගන්න ඇයි එහෙම වෙන්නේ? තේරුම් ගන්න කෙනෙක් බලන්න ඕනේ, මෝහ අගතියේ ඉඳන් ඉදංසච්චයට තියෙන අවිද්‍යා ආශ්‍රවය. මතක ද අපි ලකුණු කළා ඕක ඉදංසච්චය ඉඳන් විඤ්ඤාණය දක්වා පෙර නිත්‍යයි කියලා. ඔන්න ඔය කෑල්ල. ඒ කියන්නේ මෙතැන අත්තා ඉඳන් මේක පෙරළිලා ඇවිල්ලා දැන් නිත්‍ය, පෙර නිත්‍ය කියන එක.

ඔන්න ඕක පොඩ්ඩක් මතක තියාගන්න. එතකොට මේක මේ, ඒ කියන්නේ අර reverse වෙලත් එනවා කියන එක නේ තියෙන්නේ. ඊට පස්සේ දැන් අපි මේ භාවනාව කරගෙන ගියහම ඔය දෙවැනි කාරණය එනකොට, ස්ථාමවත් වන්නේ කියන ඒ කතාව බලනකොට, තමන්ට තේරෙනවා තමන් මේ පෘථිවියෙන් එළියට ගිහිල්ලා. අර bag එකක් අරගෙන මනුෂ්‍යයෙක් මම යනවා කියලා යනවා වගේ. ඒ පෘථිවිය වෙනම තියෙනවා තමන් space එකේ ඉන්නවා. මේ පෘථිවියත් පේනවා. අන්න ඒ තත්වයට තමන්ගේ මනස තියෙනවා. ඊට පස්සේ දැන් මේ තමන් මේ මෙතනින් යන එක්කෙනා. මං කිව්වේ ඊයේ පෙන්නුව නේ මෙතන මේ සතියෙන් මේවා වෙලා මේ යනවා කියලා. යන එක්කෙනා තව භ්‍රමණය වන මොකක් හරි එකක් අල්ල ගත්තා නම් එයාගෙ ආපහු භවය.

අල්ලගත්තෙ නැත්නම් වැඩේ හරි. දැන් මෙහෙම යනකොට තමන්ට එනවා, මම රූප දැක්කා. මෙතන ම මේ ස්ථානයේ ම යම් වූ පුද්ගලයෙක් මෙතෙන්ට මං ළඟට එනවා ආදී වශයෙන් මම දැක්කා. මේවා මොනවද මේ. දැන් මේවා මම අල්ලගන්නවා කියලා කියන්නේ අර ඉස්සර තිබිච්ච memories intentions අර ඒ වගේ දේවල් නේ. මේවා අල්ලගන්නවා කියන්නේ back on Earth, තමන් ආපහු මේකට ම එනවා. දැන් පේනවද අපි කිව්වා අර අවිද්‍යා ආශ්‍රවය, අර පෙර නිත්‍ය කතාව. මේ පෙර නිත්‍ය කතාවේ තියෙන්නෙ මොනවද? අර ඉස්සර අතීත වූ රූප ඒවා සම්බන්ධයෙන් තිබුණා වූ ඒ සංකප්පයන් ඒවා තමයි තියෙන්නේ. දැන් මේක අල්ල ගත්තොත් ආපහු වැටෙනවා. දැන් මම කල්පනා කළේ අර පළවෙනි එකේදි මම පෙන්නුව නේ, අර පෙර නිත්‍ය කතාව තියෙන අවස්ථාව. එහෙම නම් ඒක නැත්නම්, ඒ තමන්ගේ නිර්වාණය කියන එක එතන ඒක සිද්ධ වෙනවා. අන්න එහෙම තමයි ඒ නිවනට යන පුද්ගලයාට තියෙන බාධාව පේනවද? කලින් තිබුණා වූ දේවල් ගැන පෙර නිත්‍ය ගහගත්ත දේවල් උඩ ඇති වෙච්ච දේ තමයි එන්නේ.

ඒක තමයි මං කරපු භාවනාව.