Date: 07/08/2016 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. එසේ ම දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

අද භාවනාවේ දී මෙනෙහි කළේ, මුදිතා අප්‍රමාණය සති ඉන්ද්‍රිය සමඟ වඩන්නේ, කෙසේ නිර්වාණය සාක්ෂාත් කරයි ද, යන්නයි.

මුදිතා අප්‍රමාණයට යන භාවනාව අපි 08/05/2016 මුදිතා භාවනාවේ දී ඉගෙන ගත්තා. එතකොට එතන අපි බැලුවා, ඔයගොල්ලන්ට මතකයි මේ පැත්තෙන් සමථ නිමිත්ත අර ලෝභ ද්වේෂ මෝහ පහ කිරීමට සමවැදීම කියන එක. එතනින් එනවා අපි උපෙක්ඛා නිමිත්ත. එතකොට එතැන ඒ පාණාතිපාතය වැනි අකුසලයන් පෙර කළා ද, ඒකෙන් ඉවත් වීම නිසා වන සුඛය නිසා පෙර කළා වූ දේ දුක වශයෙන් දකී කියන එක. එතන හොඳට භාවනාව වෙන්න ඕනේ, දස කුසලයට ම එන්න ඕන. අපි දන්නව නේ ලෝභ, ද්වේෂ, මෝහ කියන එක දස අකුසලය නිසා ඇති වෙනවා. එතකොට අලෝභ, අද්වේෂ, අමෝහ වෙනකොට දස කුසලය කියන එකෙන් අපිට අරි අට මඟ දක්වා එනවා. එතකොට පග්ගහ නිමිත්ත චතුරාර්ය සත්‍යයේ බැස ගැනීම.

එතකොට එතනින් අපි එනවා අව්‍යාපාද විතක්කය, උපෙක්ඛා නිමිත්තේ මනා කොට එළඹ වීම කියන එක, ද්වේෂය බැස යනවා. එහෙම නම් සමාපත්ති ධර්මයන් පහ කරන්න සුදුස්සා වෙනවා, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රිය කියන එකට අපි එනවා. එතකොට ඔතෙන්ට ආවට පස්සෙ, අපි සති ඉන්ද්‍රිය භාවනාවට එනවා.

එතන අපි කලින් කරපු භාවනාවක් තමයි. යම් සති ඉන්ද්‍රියක් වේ ද, එය ඉතාමත් ප්‍රගුණ කරන්නේ, සබ්බාසව diagram 3 වල star එක මෙන් වඩන්නේ, A point එක, ඒ කියන්නේ bell shaped curve එකේ A point එක, නොසාදන බව අපි සාකච්ඡා කර ඇත. එය සඳහා උදව් උපකාර වූයේ සංස්කාර ජරා 7.7, සඤ්ඤා ජරා 5.3, වේදනා ජරා 4.3, රූප ජරා 3.3 වශයෙන් දන්නේ, දක්නේ, සංස්කාරවලින් විඤ්ඤාණයේ පැවැත්මක් නැත. එතකොට ඒක අපි දන්නවා අර 1 රූපය, 2 අත්තා ඉඳන් නිත්‍යයට යන එක, 3 ජාතියේ ඉඳන් ජරාවට යනවා කියන එක. ඉතින් අපිට පේනව නේ ඉතින් ජරා වෙනවා නම් නිත්‍යභාවයක්, මරණය වෙනවා නම් නිත්‍යභාවයක් නැහැ. ඒ විදිහට රූපය දක්වා. එහෙම නම් නිත්‍යභාවයක් නැතැයි කියන එකට එනවා අපි. Line 5 කියන එක සිද්ධ වෙන්නේ නෑ. එතකොට ඒ line 5 එක සිද්ධ වෙන්නේ නැත්නම් ඒ කියන්නේ සංස්කාරවලින් විඤ්ඤාණයේ පැවැත්මක් නැත්නම් ඒක නැහැ. එතකොට සංස්කාරවල නිත්‍යභාවයක් නැති නිසා ප්‍රඥාව ඇති වෙනවා. එයින් ශ්‍රද්ධාව ඇති වෙනවා. උද්ධච්චය වෙන්නේ නැහැ, line 6 එක ඇති නොවේ. තණ්හාව නිසා වන line 7 තවම පවතිනවා.

ඊයේ භාවනාවත් සමඟ සසඳන්නේ, මෙනෙහි කරන්නේ, අවිද්‍යා ආශ්‍රව නැති වන්නේ නම් කාම ආශ්‍රව නොවන්නේ භ්‍රමණය නතර වීම සිදු වේ. නැවතත් තණ්හාව නොවේ. කුමක් සඳහා තණ්හාව ද? සංස්කාරය මගින් විඤ්ඤාණය උපදවන තණ්හාව වේ. එතකොට අපි දන්නවා A point එක කියන්නේ “සංස්කාර පච්චයා විඤ්ඤාණං.” තණ්හාව ඉවත් වන්නේ නම් line 7 සිදු නොවේ. A point එක නොසාදයි.

මුදිතා අප්‍රමාණයට අරි අට මඟ විශේෂිත ය. මෙසේ සති ඉන්ද්‍රිය මගින් මුදිතා අප්‍රමාණයට සිදු කළ යුතු උදව්ව ලබා දෙන්නේ නම්, එනම් පවතිනවා යන මිච්ඡාදිට්ඨික සඤ්ඤාව ඉවත් කරන්නේ නම් විඤ්ඤාණයේ හටගැනීම නවතිනවා.

එතකොට අර විදිහට මුදිතා අප්‍රමාණයට ගිහිල්ලා, මම මේ සති ඉන්ද්‍රිය කාරණාව සිහි කරනකොට line 5 සිහි කරනකොට ම මට ඉස්සෙල්ලා විඤ්ඤාණය line 6 වලටත් ගිහිල්ලා. එයා ahead of the game, ගිහිල්ලා මාව නැවැත්තුවා. ඒ කියන්නේ අනාශ්‍රව චිත්තයට line 5 එක, line 6 එක, කෙළින් ම අනාශ්‍රව චිත්තයට. මොකද මේක බලලා නේ තියෙන්නෙ. දැන් දන්නව නේ කරන්න යන්නේ මොකක් ද කියන එක. කෙළින් ම අනාශ්‍රව චිත්තය එනවා.

ඊට පස්සේ ආපහු මම පොඩ්ඩක් ඉඳලා, ආපහු line 6 මම ම ආපහු මෙනෙහි කරලා බලලා, ඔන්න line 7 වලට ආවා. ඔන්න ඔය වෙලාව වෙනකොට තමන්ට තේරෙනවා, ඒ line 5, line 6, line 7 ගත්තහම, මේ ඔළුව මේ හතර කොන, මේ ප්‍රඥාව මේ පැත්තෙ නිකට මේ පැත්තෙන්, සතිය මේ පැත්තෙන් දකුණු පැත්තෙ නිකට කියන එක. ඒක නිකන් cross එක වගේ වෙලා, මේක balanced. එතකොට ඒ වෙලාවෙදි පුදුම අවස්ථාවක්.

ඒකෙදි තමන්ට තේරෙනවා ඒ කියන්නේ මම රහතන් වහන්සේගෙන් ඇහුවා මොකක් ද මේකට කියන්නේ කියලා. රහතන් වහන්සේ කිව්වා “ඒක තමයි පෘථිවියෙන් නික්ම යන අවස්ථාව.” එතකොට මේ තමන් මෙතනින් ගිහිල්ලා, space එකේ. එතකොට ඒක දැනෙනවා. ඒ කියන්නේ මුහුණේ තමන්ට ඒ ස්වභාවය කියන එක දැනෙනවා. එහෙම ගියාට පස්සේ තමන්ට තේරෙනවා, මේ ඕන එකක් අතහරින්න පුළුවන් කියලා.

අතහරින්න පුළුවන් හැකියාව ඇවිල්ලා තියෙන්නෙ. දැන් උදාහරණයක් වශයෙන්, මගේ මේ අතේ වේදනාවක් තිබුණා, ඒක ගැන හිතලා අයින් කරන්න ඕනේ නැහැ. නිකන් බොහොම, නිකන් පහසුවෙන් අයින් කරන්න පුළුවන් දෙයක් තියෙන්නෙ, අන්න ඒ වගේ. නිකන් ඒක ගැන do not care වගේ. නිකන් වචනයවත් කියන්න ඕනේ නැහැ, බලන්නවත් ඕනේ නෑ ඒක ගැන. නිකම්ම ඒක ගැන යනවා. Reaction එකක් නැහැ. එතකොට ඒ වෙලාවේ තමයි අයින් කරගන්න පුළුවන් කියන එක, ඒක තියෙන්නෙ. මෙතනින් පෘථිවියෙන් ගියා. ඊට පස්සේ අල්ලන්නේ නැහැ. ඒ විදිහට තමයි ඒ භාවනාව.

එක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

S_SabbasavaSuttadiagrams3/S_SabbasavaSuttadiagrams3-09.jpg