ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. එසේ ම දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවේ දී මෙනෙහි කළේ, මෙත්තා චෙතො විමුක්තිය සති ඉන්ද්රිය මගින් පෝෂිත වන්නේ, කෙසේ නිර්වාණය සාක්ෂාත් කරයි ද යන්නයි. යම් මෙත්තා චෙතො විමුක්තියක් වේ ද, එය තුළ සමාපත්ති ධර්මයන් ඉවත් කිරීම, නෙක්ඛම්ම පවිචාරය නිසා ඇති වූ අනිත්‍ය ස්වභාවය අන්තර්ගත ය. යමක් අනිත්‍ය වේ නම් එය දුක ය. යමක් දුක නම් එම දේට නන්දි වීම නොවටී. නන්දි වීම නොවටින්නේ නම් සුඛ වන්නේ ද දුක වන්නේ ද? සත්‍ය වශයෙන් ම සුඛ වන්නේ ය. එතකොට මෙසේ දන්නේ දක්නේ නිර්වාණය ම සාක්ෂාත් කරයි.
මෙයට කෙසේ නම් සති ඉන්ද්රිය උදව් උපකාර කරයි ද? යම් සති ඉන්ද්‍රියක් වේ ද, එය ඉතාමත් ප්‍රගුණ කරන්නේ, සබ්බාසව diagram 3 වල star එක මෙන් වඩන්නේ, bell shaped curve එකේ A point එක නොසාදන බව අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒ සඳහා උදව් උපකාර වූයේ සංස්කාර ජරා 7.7, සඤ්ඤා ජරා, 5.3, වේදනා ජරා 4.3, රූප ජරා 3.3 වශයෙන් දන්නේ, දක්නේ, සංස්කාරවලින් විඤ්ඤාණයේ පැවැත්මක් නැත.
එසේ නම් නෙක්ඛම්ම පවිචාරයේ ඇති සමාපත්ති ධර්මයන් පහ කිරීම ම සනාථ කරයි. මෙසේ අනිත්‍යභාවයත්, එමගින් ඇති වූ දුක්ඛ ධර්මයෝත් නොගැනීමත් වේ. නන්දි වීම පහ කරන්නේ කෙසේ ද? යම් නන්දියක් වේ ද එය තුළ සුඛයත්, එම සුඛය නිසා ම ඇති වූ මැරී ඉපදීමට ඇති කැමැත්ත අන්තර්ගත ය. සති ඉන්ද්රිය මගින් A point එක නොසාදන්නේ නම් අන්තර්ගත වූ වේදනා කොටස ඉවත් වේ, තණ්හා නොවේ. සාදන ලද, විඳින ලද, දෙයකට පමණක් උත්පාද සංඛත ලක්ෂණය ඇති වේ. යමක් නොසෑදුවේ ද, නොවින්දේ ද, එයට උත්පාද සංඛත ලක්ෂණයෝ නොවන්නාහු ද. ඒක establish වෙන්නේ නැහැ. Does not establish කියන එකයි. එසේ නම් නන්දියක් නැත. නන්දි නොවන නිසා ම නිර්වාණය සාක්ෂාත් කරයි.
එතකොට ඒක තමයි භාවනාව. එතකොට මේ භාවනාව කරනකොට, ඔයගොල්ලො අර මෙත්තා චෙතො විමුක්තියට යන්න ඕනේ. ඒක මතකයි නේ, අධිචිත්ත ශික්ෂාව, නෙක්ඛම්ම විතක්කය, නෙක්ඛම්ම පවිචාරය, ගිහිල්ලා ඒකෙන් ඒ සමාපත්ති ධර්මයන්ට ඇලීම පහ කරලා, ඒ තමන්ගේ ඒ මුහුණේ සුඛය සහගතව ඒ මෙත්තා චෙතො විමුක්තියට එනවා. මෙත්තා චෙතො විමුක්තියට ආවා ම, දැන් අපි කිව්වා, මේකේ තියෙනවා අනිත්‍ය කියන එක. ඒ අවබෝධය ඇතිව නේ අර discriminate කරන්නෙ නැතිව නේ මෙත්තා චෙතො විමුක්තියට යන්නේ.
එතකොට එහෙම නම් අනිත්‍ය කියන එක ආවහම, එහෙම නම් ඉතින් දුකයි. එහෙම නම් ඔන්න අපිට එනවා, අනිත්‍ය නම්, දුක නම් ඉතින් ඒක මගේ කියලා ගන්න වටිනවා ද? අන්න ඒ වෙලාවෙදි මෙත්තා චෙතො විමුක්තිය උපෙක්ඛාව බවට පත් වෙනවා. උපෙක්ඛා අප්‍රමාණයේ, උපෙක්ඛාව තමන්ට හොඳට දැනෙනවා. දැන් අර ඉස්සෙල්ලා වගේ සුඛ කතාව නෙමෙයි, දැන් උපෙක්ඛාවට ඇවිල්ලා තියෙනවා. දැන් ඔතනට ගියාට පස්සෙ තමන් apply කරන්න ඕනේ සති ඉන්ද්‍රියේ කතාව.
එතකොට සති ඉන්ද්‍රියෙන් පෙන්නනවා මේවා සංස්කාරයන් පවත්වන්න බැහැ. මොකද, මට හම්බවෙලා තියෙන ඒවා ඔක්කොම ජරා. සංස්කාර ජරා, මේ ඔක්කොම ජරා. කොහොම ද මට මේක ජරාව? දැන් මං මේ apply කරන්නේ මෙත්තා චෙතො විමුක්තියට. කොහොම ද මගේ මෙත්තා චෙතො විමුක්තිය ජරා වෙලා තියෙන්නේ? ඇයි ඉතින් මම මේ කයේ ඉඳගෙන නේ මේ භාවනාව කරන්නේ.
ඉතින් මේ කය දිරලා නම් තමන්ට කරන්න පුළුවන් ද? දැන් බලන්න, මනුස්සයෙක් වයසට ගියායින් පස්සෙ ඒ මනුස්සයට හරි ම අමාරුවෙන් වැඩ ටික කරගන්නේ. එතකොට වයසට යාම නිසයි මේක බැරි. ඒ වගේ ම තමයි. ඒක එහෙම නම් හිතන්න වයසට ගිහින් එයාට මෙත්තා චෙතො විමුක්තිය කියන එකත් කරගන්න පුළුවන්කමක් නැහැ. අන්න ඒ අර්ථයට කල්පනා කරන්න. ජරාවයි කියන්නේ ජරාව. ඕක ආපහු කල්පනා කරන්න එපා වෙන එකක් ය කියලා කියන එක.
එතකොට මේක කරන්න බැහැ කියන එක අන්න එතැනදි ආවහම, ඒක apply කරපු ගමන් ආකිඤ්චඤ්ඤායතන වෙනවා. ආකිඤ්චඤ්ඤායතනය ආවා ම දැන් එතකොට කෙළින් ම දැන් සඤ්ඤාවේ ජරාව කියන එක තමන් හොඳට එතන ගන්න ගත්තොතින්, ඒ තමන්ට නෙවසඤ්ඤානාසඤ්ඤායතනය යන්න එනවා, මම ඒක නවත්තගත්තා. ඒ කියන්නේ අතන පරාමාසකායගන්ථයේ ඉඳන් චේතනාවට තියන අත්තා සඤ්ඤාවත් එක්ක නේ අපි මේ කතා කරන්නේ. ඕකෙ පසු සඤ්ඤාව අවිද්‍යා ආශ්‍රවය. එතකොට ඒකට stamp කරන්න ඕනේ ඉදංසච්චයෙන් අවිද්‍යා ආශ්‍රව වෙන්න. දැන් ඉදංසච්චය stamp කරන්නේ නැහැ. මොකද අර 6 සතිය.
දන්නව නේ 6 සතිය ලකුණු කරන තැන. විඤ්ඤාණය ළඟ ලකුණු කරන්නේ. ඒක මගින් පෙන්නනවා මේක හදන්න බැහැ. ඒක නෙ මේ කිව්වේ සංස්කාර ජරා නම්, මේක ජරා නම් හදන්න බැහැ. හදන්න බැරි නම් ඉදංසච්චයෙන් stamp කරන්න බැහැ. දැන් එතකොට එහෙම නම් මේ අත්තා කතාව, තමන්ට පේනවා ඒක නිසා ඇති වන අවිද්‍යා ආශ්‍රවය කතාව නැති වෙනවා. දැන් එහෙනම් පේනවා මේ අත්තා කතාව ඇති වෙන්නේ, මෙතන සඤ්ඤා කතාව ඇති වෙන්නේ, අර පළවෙනි belt එක කරකවලා. රාගජ පරිදාහය. ඒක නැත්නම් නැහැ. එහෙම නම් ඕගොල්ලෝ දන්නවා එතනදි රහතන් වහන්සේ “Excellent” කිව්වා එතැන දී.
ඉතින් රාගජ පරිදාහ නැත්නම් උත්පාද සංඛත ලක්ෂණය නෑ. දන්නව නේ ලෝභ පාර ඒක නැහැ. ඉතින් අන්න ඒ point එකේදි, අන්න කරකවන්න යන්නේ නෑ එහෙනම්. රාගයෙන් දැවෙන්නේ නැහැ. ඒක දැවෙන්නේ නැත්නම් ඉතින් රූපයක, මොකකවත් establish වෙන්නේ නැහැ. අර bag එක pack කරගෙන ගියා වගේ, ඒ කතාව.
ඒක තමයි භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්