පූජාවෙන් පස්සේ, උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවේ දී මෙනෙහි කළේ, උපෙක්ඛා අප්‍රමාණය සති ඉන්ද්‍රිය මගින් වඩන්නේ කෙසේ නිර්වාණය සාක්ෂාත් කරයි ද යන්නයි. යම් උපෙක්ඛා අප්‍රමාණයක් වේ ද, එය තුළ පවතින ගුණ තුනක් සති ඉන්ද්‍රිය මගින් පෝෂිත වන්නේ, නිර්වාණය සාක්ෂාත් කරයි. කුමන ගුණ තුනක් ද? පළවෙනි එක, අධිශීල ශික්ෂාව. දෙවෙනි එක, පග්ගහ නිමිත්ත. තුන, අව්‍යාපාද විතක්කය.
එතකොට ඔයගොල්ලො දන්නවා. ඔය උපෙක්ඛා අප්‍රමාණ භාවනාවේ, ඒ අධිචිත්ත ශික්ෂාවෙන් අපි එනවා උපෙක්ඛා නිමිත්ත කියන එකට. උපෙක්ඛා නිමිත්තෙන් අඤ්ඤාතාවින්ද්‍රිය කියන එකට එනවා. එතකොට ඒකට එන්න නම් සමථ නිමිත්තෙන් අපි එනවා අධිශීල ශික්ෂාව, ඒ පාණාතිපාතය ඉවත් කිරීම, කරුණාව ඇති වීම, ඒකෙන් ආපහු එනවා පල්ලෙහාට උපෙක්ඛා නිමිත්තට.
ඒ වගේ ම අපි දන්නවා, සමථ නිමිත්තේ පහ කළ යුතු ධර්මයන් පහ කිරීමට සමවදිනවා. ඒ කියන්නේ ලෝභ ද්වේෂ මෝහ පහ කිරීමට සමවදිනවා.
එතකොට උපෙක්ඛා නිමිත්ත තුළ තියෙන්නේ, අර පාණාතිපාතය වැනි අකුසලයන් පෙර කළා ද, ඒවා දැන් පහ කළාට පස්සෙ, ඒක නිසා ඇති වන සුඛය නිසා, තමන්ට පේනවා පෙර කළා වූ දේ දුක වශයෙන් දකිනවා.
එතකොට අව්‍යාපාද විතක්කය කියන එකේ එනවා අර උපෙක්ඛා නිමිත්තේ මනා කොට එළඹ වීම කියන එක. එතකොට ඒකෙන් ද්වේෂය බැස යනවා කියලා අපි බලලා තියෙනවා. ඉතින් ඒකෙ උදව් උපකාරය තමයි, අඤ්ඤාතාවින්ද්‍රියට ඇවිල්ලා අශ්‍රවක්ඛය වෙමින් අනාශ්‍රව වෙනවා කියන එක තියෙන්නෙ. ඉතින් මේ උපෙක්ඛා අප්‍රමාණ භාවනාව තමන්ට හොඳට තියෙන්න ඕන.
එතකොට දැන් මෙතන පෙන්වන්නෙ මොකක් ද, මේ පළවෙනි කාරණාව වශයෙන් පේනවා, අධිශීල ශික්ෂාවේ පාණාතිපාත ඉවත් කිරීම අදෝස කුසල මූලය නිසා සිදු වෙනවා. සති ඉන්ද්‍රිය මගින් පාණාතිපාතය නිසා ද්වේෂය, ද්වේෂය නිසා පාණාතිපාතය, යන ධර්මයෝ සිහිපත් කරන්නේ, අධිශීල ශික්ෂාවේ මනා කොට පිහිටයි. මෙය උපෙක්ඛා නිමිත්තට උදව් උපකාර කරනවා.
පග්ගහ නිමිත්ත තුළ චතුරාර්ය සත්‍යයේ බැස ගැනීම ඇති අතර, ඉහළ ම සතිපට්ඨානය ද එහි අන්තර්ගතය. ඉහළ ම වූ පටිච්චසමුප්පාදය ද එහි අන්තර්ගත වේ. සති ඉන්ද්‍රිය මගින් මෙම දෙයාකාර වූ ඉහළ ම වූ ධර්මයෝ පුනපුනා පවත්වන්නේ, පග්ගහ නිමිත්තේ බැස ගැනීම මනා කොට සිදු වේ.
අව්‍යාපාද විතක්කය, උපෙක්ඛා නිමිත්ත මනා කොට එළඹ වීම, ද්වේෂය බැස යයි, කියලා අපි ඉගෙනගෙන තියෙනවා. සති ඉන්ද්‍රිය මගින් ලෝභ, ද්වේෂ, මෝහ යන තුන් ධර්මයෝ මගින් ම ආශ්‍රවයන් ඇති වන බව පෙන්වා දෙයි.
තව ද ඇති වූ ආශ්‍රවයන් මගින්, එක ධර්මයක උපකාරයෙන් අනෙක පවතින බව ද පෙන්වා දෙයි. ඒ කියන්නේ මෝහය මගින් ලෝභය ද, ලෝභය මගින් ද්වේෂය සහ මෝහය ද වන අතර, මෝහය නිසා ද්වේෂය ද, ද්වේෂය නිසා ලෝභ සහ මෝහය ද ඇති වන බව. එකකින් දෙකක් ඇති වෙනවා.
තුන් ධර්මයෝ මගින් ම ආශ්‍රව කෙසේ ඇති වන්නේ ද? මෙය රාගජ පරිලාහ, ද්වේෂජ පරිලාහ, මෝහජ පරිලාහ වශයෙන් දත යුතු ය. මෙය කාම ආශ්‍රව, භව ආශ්‍රව, අවිද්‍යා ආශ්‍රව වශයෙන් දත යුතු ය. මෙසේ සති ඉන්ද්‍රිය මගින් උදව් උපකාර කරන්නේ, උපෙක්ඛා අප්‍රමාණය මගින් නිර්වාණය සාක්ෂාත් කරයි.
එතකොට ඒක තමයි භාවනාව.
එතකොට මේ භාවනාව කරන්න, මම පටන් ගත්තා මේ අධිචිත්ත ශික්ෂාව කියන කොටස. ඉතින් ඒකෙ සම්මා ඥානය තුළ ප්‍රඥාව ඒකෙ තියෙනවා නේ. එතකොට ඒකෙ කෙළින් ම දැන් මේ කාරණා ටික බලලා තියෙන එක්කෙනාට, මේ සම්බන්ධතාවය දකින එක්කෙනාට, මට එකපාරට ම තේරුණා මෙතන ම තියෙනවා නේ ද කියලා. සමථ නිමිත්තට ඇවිල්ලා, එතනින් සමථ නිමිත්තට විතරයි මම ආවේ, මම නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට ගිහිල්ලා සිතත් නතර වෙන්න ගත්තා. මම නවත්තගත්තා ඒකේ එහෙම ම හිටියා ටිකක් වෙලා.
ඒ මොකද හේතුව? දැන් බලන්න, අපි දන්නවා මේ ධර්මය ලෝභය නිසා මෝහයයි, ද්වේෂයයි ඇති වෙනවා. ඒ කොහොම ද? Area 1 නිසා area 6, මෝහය. ඊළඟට ලෝභ පාරෙ යනවා නම්, විපරිණාම දුක්ඛතා. ඒ පාර දෝෂ පාරෙ යනවා කියන එක සිද්ධ වෙනවා. ආපහු මෝහය නිසා ලෝභය ඇති වෙනවා. ඒ කියන්නේ අවිද්‍යා ආශ්‍රව, එතනින් කාම ආශ්‍රව රාග සල්ලය, රූපඋපග විඤ්ඤාණං තිට්ඨති.
ඊළඟට ආපහු පේනවා, මෝහය නිසා ලෝභය ඇති වෙනවා නම් ලෝභයෙන් ද්වේෂය. ලෝභ, ද්වේෂ, මෝහ භාවනාව. පළවෙනි පාරෙ ගියා නම් දෙවෙනි පාරෙ යනවා. ලෝභය නිසා ද්වේෂ පාරෙ යනවා. තුන් වෙනි පාරට පේනවා, ද්වේෂය නිසා මෝහය. රෝගී සඤ්ඤාව මගේ යැයි ගැනීම මෝහය. ථීනමිද්ධය, ද්වේෂය, ද්වේෂයෙන් මෝහය. ඔයගොල්ලෝ ඔක්කොම බලලා තියෙන ධර්මයන් ඒවා.
ඊළඟට ද්වේෂය නිසා මෝහය. එතකොට එහෙම නම් මෝහයෙන් ලෝභය. ඇයි ඉතින් මෙතන අපි ඉස්සෙල්ලා පෙන්නුව නේ මෝහයෙන් ලෝභය ඇති වෙනවා කියලා. අර අවිද්‍යා ආශ්‍රව කාම ආශ්‍රව ඒක හරහා ඇති වන එක. එතකොට දැන් ආශ්‍රව ඇති වීම කියන එක දැන් අපි පෙන්නුවා පරිලාහ වශයෙන්.
ආපහු පේනවා, ලෝභය ඇති නම් සුඛ වේදනාව පතනවා. සුඛයේ පසු සඤ්ඤාව කාම ආශ්‍රව වෙනවා. ද්වේෂය ඇත්තේ, දුක වේදනාවට ප්‍රතිචාර දක්වනවා. චේතනා කරනවා. මෙසේ අත්ත සඤ්ඤා නිපදවනවා. එමගින් භව ආශ්‍රව ඇති වෙනවා. මෝහය ඇත්තේ, අවිද්‍යා ආශ්‍රව වීමෙන් අනතුරුව ය. එමගින් නැවත අවිද්‍යා යෝගය හරහා අවිද්‍යා ආශ්‍රව වෙනවා. මේ කාරණා ටික මම භාවනාවට ඉස්සෙල්ලා ම මම ම හදාගත්තා. ඒක පරණ කාරණා ටික විතරයි මෙතන තියෙන්නෙ.
ඊට පස්සේ අතන ගිය ගමන් මට තේරුණා, මේක සිතත් නතර වෙලා, මෙතන ම මේ වැඩේ ඉවරයි කියන එක මට තේරුණා. අර bag එක pack කරගෙන ගිහිල්ලා ඉවරයි කියන එක ඒකෙ තියෙනවා කාරණා දෙකෙන් ම. එතකොට මේකෙ මට තේරුණා මේකෙ වෙන්නෙ මොකද්ද, මේ අනුපිළිවෙළට මේක යනවා. මතක ද අපි බැලුවා අර වම් පැත්තෙ ඉඳන් triangle එක වගේ උඩට ගිහිල්ලා පල්ලෙහාට එන එකක්, මේ diamond එක වගේ ම. ආන්න ඒ වගේ එකක් මේකෙත් තියෙනවා.
සමථ නිමිත්තෙන් අධිශීල ශික්ෂාව, අධිශීල ශික්ෂාවෙන් පග්ගහ නිමිත්ත, පග්ගහ නිමිත්තෙන් අව්‍යාපාද විතක්කය, අව්‍යාපාද විතක්කයෙන් සමථ නිමිත්ත. ඔන්න diamond එක. මැද්දේ උපෙක්ඛා නිමිත්ත එහෙම්ම ම තියෙනවා. මේක වටේට මේක යනවා.
එතකොට රහතන් වහන්සේ මගෙන් ඇහුවා දැන් මම මේක තේරුම් ගත්තහම, මේ “රවුම් කීයක් යන්න ඕනෙ ද?” කියලා මේකෙ. මම එකපාරට ම කිව්වා හතයි කියලා. ඒක මම දැනගෙන හිටියා. එතකොට ඒක දැන් මම පෙන්නනවා. පෙන්නනවා කියන්නේ, මුලින් ම එන්නේ මොකක් ද, සමථ නිමිත්තෙන් පටන් ගත්තා ලෝභය එපා, ලෝභය නිසා ද්වේෂය එපා, ද්වේෂය නිසා මෝහය එපා, නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා, රවුම් තුනයි. මේ diamond එකේ රවුම් තුනයි.
දැන් මෝහය කියන තැනට අපි එතන අයින් කරන එක තියෙනවා නේ, අමෝහයට එනවා නේ. දැන් ඊට පස්සේ අමෝහය නිසා ඉතුරු කාරණා දෙකක් තියෙනවා නේ, මෝහය නිසා ඇති වන කාරණා දෙක, මොකක් ද? මෝහය නිසා ඇති වෙන්නා වූ ලෝභයයි ද්වේෂයයි කියන එක අයින් කරනවා. අන්න රවුම් දෙකක් ආපහු යනවා.
ඊළඟට ආවා අදෝෂයට. අදෝෂයේ දී, ද්වේෂය නිසා ආපහු තියෙනවා ලෝභයයි මෝහයයි. දැන් ඉස්සෙල්ලා පෙන්නුවේ. එතකොට ඒ කාරණා දෙක කරන්නේ නැහැ කිව්වම අන්න කාරණා හතයි. ඒ කියන්නේ ආපහු අපි ආවා සමථ නිමිත්තට. සමථ නිමිත්තට ආවට පස්සේ දැන් මේක, ලෝභය නිසා මෝහයත් නෑ, එහෙම නම් මෝහය හරි ද්වේෂය හරි නිසා ආපහු ලෝභයත් නෑ. අන්න එතනදි අරක අතහැරීම කියන එක ඒක තියෙනවා. වට හතෙන් එතන ඉවරයි. ඒ රවුම් හත කියන එක.
ඒක තමයි කරපු භාවනාව. දැන් නම් තේරෙනවා අර තත්පර හතේ කතාව.