ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. එසේ ම දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවේ දී මෙනෙහි කළේ, මුදිතා අප්‍රමාණය ප්‍රඥා ඉන්ද්‍රිය සමඟ වඩන්නේ කෙසේ නිර්වාණය සාක්ෂාත් කරයි ද යන්නයි. මුදිතා අප්‍රමාණයේ ගුණ තුනක් ප්‍රඥා ඉන්ද්‍රිය මගින් පෝෂිත වන්නේ නිර්වාණය සාක්ෂාත් කරයි.
පළවෙනි එක පග්ගහ නිමිත්ත, දෙක උපෙක්ඛා නිමිත්ත, තුන සමථ නිමිත්ත.
එතකොට ඔයගොල්ලෝ දන්නවා ඔය මුදිතා අප්‍රමාණයට යන්න නම් අපි ඒ භාවනාව කරලා තියෙනවා, ඒ සමථ නිමිත්තෙන් උපෙක්ඛා නිමිත්තට එනවා. අර පාණාතිපාතය වගේ දේවල් කළා ද, ඒකෙන් ඉවත් වීම නිසා සුඛය නිසා පෙර කළා වූ දේ දුක වශයෙන් දන්නවා කියලා. පග්ගහ නිමිත්තේ තියෙනවා චතුරාර්ය සත්‍යයේ බැස ගැනීම කියන එක. සමථ නිමිත්තේ තියෙන්නෙ අර පහ කළ යුතු වූ ධර්මයන් පහ කිරීමට සමවැදීමට, ඒ කියන්නේ ලෝභ ද්වේෂ මෝහ පහ කිරීමට සමවැදීම. පග්ගහ නිමිත්තෙන් පල්ලෙහාට එනවා අපි අව්‍යාපාද විතක්කය. උපෙක්ඛා නිමිත්තේ මනා කොට එළඹවෙනවා. ද්වේෂය කියන එක බැස යනවා. එතනින් එනවා අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රිය කියන එකට. එතන පෙන්නන්නේ අවබෝධ නොවූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීම සඳහා විරිය. ඒ කියන්නේ සමාපත්ති ධර්මයන් පහ කිරීමේ විරිය අඩංගුයි, කාම විතක්කය කියන එක බැහැලා යනවා. එතකොට දැන් මේ දක්වා මේ මුදිතා අප්‍රමාණයට ඇවිල්ලා දැන් අර කාරණා තුන අපි බලනවා.
පළවෙනි එක, ප්‍රඥා ඉන්ද්‍රිය මනා කොට දියුණු කර ඇත්තේ නම්, එහි අන්තර්ගතව ඇති තණ්හාව නිසා දුක්ඛය ඇති වන බවත්, තණ්හා නිරෝධයෙන් දුක්ඛ නිරෝධය වන බවත්, දන්නේ, දක්නේ, යම් සංස්කාරයකට තණ්හාවක් ඇති ද එය නොකරයි. පාණාතිපාතය අතහරියි, අදත්තාදානය අතහරියි. ඒක තමයි ප්‍රඥා ඉන්ද්‍රිය තුළ ඇතුළත් වෙලා තියෙන දේ. එමගින් අරි අට මඟට පිළිපන්න වෙනවා. අරි අට මඟ මගින් දුක්ඛය වටහා ගනියි. ඒ නිසා අත්හරී. මෙසේ ප්‍රඥා ඉන්ද්‍රිය මගින් පග්ගහ නිමිත්ත මනා කොට පවත්වයි.
ඊළඟට දෙවැනි කාරණයට පෙන්නනවා, ප්‍රඥා ඉන්ද්‍රිය මගින් ඇති වූ අමෝහය නිසා අදෝස වේ. අදෝස වීම නිසා උපෙක්ඛා නිමිත්ත පවත්වයි. කෙසේ ද? රෝගී සඤ්ඤාව මගේ යැයි නොගනී. එමගින් අදෝස වන්නේ දස අකුසලයේ අභිජ්ඣා හැර, අන් සියලු අකුසලයන් පහ කරනවා. එතකොට නමයක් තියෙනවා, දස කුසලයේ නමයක් තියෙනවා. අභිජ්ඣා විතරයි අයින් කරගන්න බැරි වුණේ.
තුන් වෙනියට පෙන්නනවා, මුදිතා අප්‍රමාණයේ ඇති, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රියේ ඇති, සමාපත්ති ධර්මයන් පහ කිරීමේ විරිය සමඟ එකතු වන්නේ, කාම විතක්කය පහ කිරීමත්, අදෝස කුසල මූලයන් සමඟ, දැන් අපි දෙවෙනියට කිව්ව කාරණාව, ඒක එකතු වෙනවා අදෝස කුසල මූලය කියන එක. ඒ විදිහට ලෝභය පහ කිරීම කියන එක සිද්ධ වෙනවා. කුමක් නිසා ද? යම් අභිජ්ඣාවක් වේ ද එයට කාම විතක්කය හේතු වේ. මිච්ඡා දිට්ඨිය ප්‍රත්‍ය වේ. මෙහි දී මිච්ඡා දිට්ඨිය වන්නේ රෝගී සඤ්ඤාවෙන් ජීවත් විය හැකි යැයි සිතීමයි. අදෝසය මගින් එවන් වූ මිච්ඡා දිට්ඨි ඉවත් වන්නේ අභිජ්ඣා නොවේ, මෙසේ නිර්වාණය සාක්ෂාත් කරයි.
එතකොට ඕක තමයි භාවනාව.
ඉතින් අර කිව්වා වගේ මුදිතා අප්‍රමාණ භාවනාවට ගිහිල්ලා, ඊට පස්සේ ඔය කාරණා තුන හොඳ ලස්සනට මෙනෙහි කරන්න ඕනේ. ඒක මෙනෙහි කරනකොට ඒ තමන්ට පේනවා මේ ප්‍රඥා ඉන්ද්‍රියේ ඉඳන්, දැන් මුදිතා අප්‍රමාණය තියෙනවා නේ නළලේ මැද ඉඳන් දකුණු පැත්තට ගිහිල්ලා, නිකටත් එක්ක එන්නා වූ අර හතේ සලකුණ වගේ. ඊට පස්සේ දැන් මේක එනවා මේ පැත්තට, වම් පැත්තට, සති ඉන්ද්‍රිය පැත්තට නළලේ එනවා කියන එක පේනවා, මේක මෙනෙහි කරගෙන යනකොට.
ඒ කාරණා තුනට ඇවිල්ලා දැන් මෙතන මේ මට තේරුණා මේ ධර්මය මෙතන තේරෙන එක්කෙනාට මේක හරි ලස්සනයි. හරියට මේ එකකට එකක් එකතු වෙලා එන හැටි. දැන් මෙතන පෙන්නනව නේ යම් අභිජ්ඣාවක් වේ ද එයට කාම විතක්කය හේතු වේ, මිච්ඡා දිට්ඨිය ප්‍රත්‍ය වේ. මෙත්තා සූත්‍රය පෙන්වන්නෙත් ඕක නේ.
අපි අල්ලගෙන ඉන්නේ නැත්නම් “කුලෙසු අනනුගිද්ධො,” අන්න මිච්ඡා දිට්ඨිය ගියා. අන්න පෙන්නනවා “කාමෙසු විනෙය්‍ය ගෙධං” ඒක නේ අභිජ්ඣාව අයින් කරන්නේ. ඉතින් ඒක ම නේ මෙතන පෙන්නන්නෙ, මේ කාම විතක්කය. ඒ දෙක තමයි හේතුවයි ප්‍රත්‍යයයි හැටියට තියෙන්නෙ මෙත්තා සූත්‍රයේ. ඉතින් මේක ආවයින් පස්සේ දැන් මේ නළලේ ඉඳන් වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තටයි, ඒ වගේ ම නිකටේ වම් පැත්තයි, ඒ දක්වා ඒ මුළු half එක ම, ඒක සුඛය හැටියට තියෙනවා. එතකොට දැන් තමන් කල්පනා කරන්න ඕනේ, දැන් මෙතන මේ ධර්මය බොහොම ලස්සනයි කියලා, හොඳයි කියලා අභිනන්දනා කිරීමක් තියෙනවා නේ, නේ ද? එතකොට දැන් බුදුහාමුදුරුවෝ කිව්ව නේ ඊයේ සංවර සූත්‍රයෙත්, මේ ධර්මය හරි අභිනන්දනා කරනවා නම් පරිහානියයි කියලා, නේ ද?
ඉතින් ඒක තමයි දැන් ඒ පාර තමන් එනවා අර අව්‍යාපාද විතක්කයේ තියෙනවා නේ ද්වේෂය බැස යනවා. මොකද මෙතන පෙන්නනවා නේ මැද්දෙන්, තමන්ට මේකේ හරි ඉන්න පුළුවන්කමක් ඇත්තේ නැහැයි කියලා. අන්න එහෙම වුණායින් පස්සේ තමන්ට තේරෙනවා මෙන්න වම් පැත්ත, ඒ කියන්නේ ඉතුරු half එක තියෙනව නේ දැන් ඔළුවෙ, ඒ half එකත් තමන්ට මේ ඇරුණා වගේ වෙනවා. ඒ කියන්නේ මේක ඡන්ද ඉද්ධිපාදය නම් මෙතන චිත්ත ඉද්ධිපාද නේ අපි බැලුව නේ ඔතන ඔය විදිහට, නේ ද? ඉද්ධිපාදයන් කියන ඒවා ගත්තහම. ඉද්ධිපාද හතර ම තමන්ට තියෙනවා කියන එක ඒ අවස්ථාවේ දී තේරෙනවා. ඒ වගේ ම ඉතින් ඒක ලෝකයෙන් ඉවත් වීම කියන එක එතන සිද්ධ වෙනවා.
ඉතින් ඒක තමයි ඒ මං කරපු භාවනාව.