ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවේ දී මෙනෙහි කළේ, මුදිතා අප්‍රමාණය සමාධි ඉන්ද්‍රිය මගින් වැඩිදියුණු කරන්නේ කෙසේ නිර්වාණය සාක්ෂාත් කරයි ද යන්නයි. ඒකෙ ඕගොල්ලෝ දන්නවා ඉස්සෙල්ලා අපි මුදිතා අප්‍රමාණයට යන භාවනාව. සමථ නිමිත්ත, උපෙක්ඛා නිමිත්ත, එතනින් පග්ගහ නිමිත්ත, ඊට පස්සේ අපි එනවා අව්‍යාපාද විතක්කය. එතනින් එනවා අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රිය කියන එක. කාම විතක්කයන් බැස යනවා කියලා අපි පෙන්නනවා, සමාපත්ති ධර්මයන් පහ කරලා.
එතකොට මේක සම්බන්ධ කරන්න ඕනේ අර සබ්බාසව diagram 3 වල දී අපි සාකච්ඡා කරපු ආකාරයට. සමාධි ඉන්ද්‍රිය මගින් සංස්කාරය නිසා මාන පාරේ පැමිණීම වළකනවා. මේ නිසා අවිද්‍යා ආශ්‍රව නොවේ. මානය අඩු නිසා සමාධිය ඇත. ප්‍රාණඝාතවලින් වැළකේ. සමාධි සහගත වූ චිත්ත සංස්කාර පවා හොඳ යැයි නොපවසයි, පිළිනොගනියි. පෙර ගත්තා වූ දේ නිසා සිදු වන ක්‍රියාවලිය නවතා දමයි. භය අගතියේ ඉඳන් වේදනාව දක්වා එන පාර නවතනවා කියලා අපි ඉගෙන ගත්තා slide 9 වල ඒකෙ, Advanced program එකේ.
එතකොට දැන් මෙතන අපි පෙන්නුවා මේ අවිද්‍යා ආශ්‍රව නොවේ කියන එක. ඒ අවිද්‍යා ආශ්‍රව නොවන්නේ, ප්‍රඥා ඉන්ද්‍රිය මගින් දිට්ඨි ආශ්‍රව නොවීම නිසා. ඕක අපි බලලා තියෙනවා අත්තා diagram එකේ, දිට්ඨි ආශ්‍රව නොවනවා නම් එතනින් දිට්ඨි සල්ලයට එන්නේ නෑ. දිට්ඨි සල්ලයට ආවොත් අපි සඤ්ඤාව අල්ලගන්නවා ඒක කරන්නේ නෑ. සඤ්ඤාවේ ඉඳන් චේතනාවට එන එක, චේතනාවෙන් පල්ලෙහා පරාමාසයට එනවා අර අත්තා කියලා, ඒ අත්තා කියන එකේ පසු සඤ්ඤාව අවිද්‍යා ආශ්‍රවය. එතකොට ඒක නොවීම මගින් තමයි මේක සිද්ධ වෙන්නේ. එතකොට එතන තව කාරණාවක් ඉතින් කෙනෙකුට පේන්න ඕනේ.
දැන් අපි දන්නව නේ මේ පූර්ව කර්මය කියන එක, ඉදංසච්චය. එතකොට මේක හරහා එන්නා වූ දේවල් තියෙන්න පුළුවන් නේ. ඉතින් අපේ සීලය කියන එක තියෙනවා. මේ සීලපාරිසුද්ධිපධානියඞ්ගයත් එක්ක නේ ඔතන වැඩ කරන්නේ.
ඒක නේ පෙන්නුවේ මේවා පවත්වන්නේ නැහැ කියලා. මානයක් නැහැ ඒවට, පාණාතිපාත අදත්තාදාන ඒවා කරන්නේ නැතිව. ඉතින් අපි අර චේතනාවේ ඉඳන් ඉදංසච්චයට එන එක වැළකීම කියන එක තියෙනවා. එතන ඒ සංස්කාරයන් කියන ඒවා ඉවතලනවා. අර ඉස්සෙල්ලා කිව්ව වාක්‍යය තුළ තියෙනවා ඒ කතාව. ඒ සංස්කාරයන් ඉවත් කළා නම් එහෙනම් උඩින් එන එකත් නැහැ, ඉදංසච්චයට. එහෙනම් ඉදංසච්චය ඇවිස්සීමක් මොනවක්වත් සිද්ධ වෙන්නෙත් නැහැ. ඉතින් අපිට හොඳට පේනවා දැන් එහෙනම් line 5 එකයි line 6 එකයි ඒක යනවා. ඉතින් ඒ වගේ ම පරාමාසකායගන්ථයත් යන එක, ඒ කෙනෙකුට හිතාගන්න පුළුවන් කොහොම ද වෙන්නේ කියන එක. එතකොට යම් අවිද්‍යා ආශ්‍රවයක් වේ ද, එමගින් කාම ආශ්‍රව වීම වන්නේ ය.
දිට්ඨි ආශ්‍රව අවිද්‍යා ආශ්‍රව යන දෙකෙන් ම කාම ආශ්‍රව නොවන්නේ නම් කිසිදු වූ රූපයක් කරා මනස යොමු නොකරයි. එසේ නම් දිට්ඨි පපඤ්චයෝ නැත. ධාරාව නොගලවයි.
එසේ නම් මුදිතා අප්‍රමාණය මගින් ඇති වන්නා වූ සමාධි සහගත ස්වභාවය පවා හොඳ යැයි නොකියන්නේ, පහ කරන්නේ නිර්වාණය සාක්ෂාත් කරයි. කෙසේ ද? භය අගති වේදනා නොවන බැවින් පෙර ගත්තා වූ කිසිදු රූපයක් මගේ යැයි නොගනී. Exit point එකේදි පෙනෙන කිසිදු රූපයක බැස නොගනී. එතකොට ඒකේ අර භය අගති, වේදනාව නේ. අපි රූපයට නේ මේ යන්නේ. ඉතින් අපි මුදිතා අප්‍රමාණයට නේ ඇවිල්ලා තියෙන්නේ. මුදිතා අප්‍රමාණයේ මතක ද අර දළපැරකුම් කියලා භාවිතා කළේ මුදිතා චෙතො විමුක්තියට යනකොට, අර කැරකැවීම නිසා නේ.
එතකොට කැරකිලා යන්නේ මේ රූපයට නේ, ගියොත් නේ සමථ නිමිත්ත භාවිතා කරන්න වෙන්නේ. ඉතින් මෙතන මේ භය අගතියේ ඉඳන් වේදනා, රූප. ඒකට යන්න දෙන්නෙ නෑ නේ, මේ විදිහට එන්නෙ නැත්නම්. එතකොට මුදිතා අප්‍රමාණය තුළ තියෙනවා නේ අනත්තා කියන එක. ඒක නිසා අර පැත්තෙන් මේ පැත්තට එවන එක නැහැ, එහෙම නම් ඒක නතර වෙනවා, කියන එකයි තියෙන්නෙ.
එතකොට මේක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්