Date: 13/08/2016 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. එසේ ම දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

අද භාවනාවේ දී මෙනෙහි කළේ උපෙක්ඛා අප්‍රමාණය සමාධි ඉන්ද්‍රිය සමඟ වඩන්නේ කෙසේ නිර්වාණය සාක්ෂාත් කරන්නේ ද යන්නයි.

එතකොට අපි උපෙක්ඛා අප්‍රමාණ භාවනාව කලින් කරලා තියෙනවා. නැවතත් මතක් කරගන්නවා නම්, අධිචිත්ත ශික්ෂාව, ඒක තුළ තියෙනවා සම්මා ඥානය තුළ ඇති ප්‍රඥාව අධිචිත්ත ශික්ෂාව තුළ තියෙනවා. එතනින් අධිශීල ශික්ෂාව, එතනින් අපි එනවා අධිප්‍රඥා ශික්ෂාව. ඒ අධිප්‍රඥා ශික්ෂාවල අරූප ධ්‍යාන කුසලය, ඒ කියන්නේ අරූප ධ්‍යානයන්ගේ නොඇලීම කියන එක තියෙනවා. අධිශීල ශික්ෂාවේ තියෙනවා අර පාණාතිපාත ඉවත් කිරීම. ඉතින් ඒක අපි කලින් පෙන්නුවා, මේ සමථ නිමිත්ත, එකේ පහ කළ යුතු ධර්මයන් පහ කිරීමට සමවැදීම, ලෝභ, ද්වේෂ, මෝහ, පහ කිරීමට සමවැදීම නිසා තමයි අපිට එතන අධිශීල ශික්ෂාවට උදව් උපකාර වෙන්නෙ පාණාතිපාත එහෙම ඉවත් කරන්න. පාණාතිපාතය නිසා ද්වේෂය, ද්වේෂය නිසා පාණාතිපාතය. එතනින් අපි එනවා උපෙක්ඛා නිමිත්තට. එතකොට පාණාතිපාත වැනි අකුසලයන් අපි පෙර කළා ද, ඒකෙන් ඉවත් වීම නිසා වන සුඛය නිසා පෙර කළා වූ දේ දුක වශයෙන් දැනීම කියන එක. එතනින් දකුණු පැත්තට ගියොතින් පග්ගහ නිමිත්ත, චතුරාර්ය සත්‍යයේ බැස ගැනීම. අපි පල්ලෙහාට ආවොත් අඤ්ඤාතාවින්ද්‍රිය කියන එකට එනවා. එතන අර ආසවක්ඛය වීමෙන් අනාශ්‍රව වෙනවා කියන එකයි. එතකොට එතැනදි අව්‍යාපාද විතක්කය උපෙක්ඛා නිමිත්තෙන් පල්ලෙහාට එනවා. එතකොට ද්වේෂය කියන එක බැස යනවා. දැන් අපි ආශ්‍රවයන්, අඤ්ඤාතාවින්ද්‍රියත් පොඩ්ඩක් බලනවා නම් එකේ කාරණා හතරක් කිව්වා.

යම් ආශ්‍රවයන් නොඉපදී ඇත්ද, එම ආශ්‍රවයෝ නොඉපදීම පිණිස වෑයම් කළ යුතුයි කියලා. උපෙක්ඛා නිමිත්ත. යම් ආශ්‍රවයක් ඉපදී ඇත්ද, එම ආශ්‍රවයෝ පහ කළ යුතුයි. අව්‍යාපාද විතක්කය. යම් ආශ්‍රවයක් පහ කිරීමට යම් කුසලයක් කළ යුතු ද, එම කුසලයෝ වඩා තිබිය යුතුයි. අධිචිත්ත ශික්ෂාව. යම් ආශ්‍රවයක් පහ කිරීමට යම් කුසලයක් පැවැත්විය යුතු ද, එම කුසලයෝ මුළා නොවී පැවැත්විය යුතුයි. පග්ගහ නිමිත්ත.

ඔය කාරණා ටික අපි කලින් බලලා තියෙනවා. ඒ වගේ ම අපි කරපු එකොළොස් වැනිදා, ඊයේ නෙමෙයි පෙරේදා භාවනාව. ඒකෙදි පෙන්නුවා සමාධි ඉන්ද්‍රිය මගින් අවිද්‍යා ආශ්‍රව නොවීමත්, සමාධි සහගත වූ චිත්ත සංස්කාර පවා හොඳ යැයි නොවීමත්, සබ්බාසව diagram 3 slide 9 වල අපි ඉගෙන ගත්තා.

එතකොට මේ පෙරේදා, 11/08/2016 නිබ්බාන භාවනාවේ දී අපි තවදුරටත් ඒක විමසුවා. එතන පෙන්නුවා, පළවෙනි කාරණය, අවිද්‍යා ආශ්‍රව නොවන්නේ ප්‍රඥා ඉන්ද්‍රිය මගින් දිට්ඨි ආශ්‍රව නොවීම නිසා ය කියලා, ඒකෙ පථයක් පෙන්නුවා. එතකොට ඒ කියන්නේ දිට්ඨි ආශ්‍රවයෙන් දිට්ඨි සල්ලය, එතනින් එනවා සඤ්ඤාවට. ඊට පස්සේ චේතනා, එතනින් පල්ලෙහාට අත්තා, අත්තා කියලා ආවහම දකුණු පැත්තට පසු සඤ්ඤාව හැටියට අවිද්‍යා ආශ්‍රවය කියන එක.

එතකොට මේක නොවෙන්න අර උඩ සංස්කාර pre උද්ධච්ච, ඒවා ඉවත් කිරීම උදව් උපකාර වෙනවා කියලා. එහෙම නැත්නම් ඉදංසච්චය ඇවිස්සෙනවා. එතකොට ඒ කියන්නේ නිත්‍යයි ගන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මොකක් ද? ඔය අත්තා කියන diagram එකේ අපි රතු පාටින් 1 කියලා දාලා තිබුණේ, පල්ලෙහාට විඤ්ඤාණය හැදිලා, එතනින් නිත්‍යයි, ඒක පල්ලෙහාට බහිනවා, ඊළඟට ඉදංසච්චය කියන එක, ඒකත් නොවෙන්න ඕනේ. ඒ වගේ ම අර ඒ diagram එකේ ම කොළ පාටින් අපි දාලා තිබුණා මනොසඤ්‌චෙතනාවේ ඉඳන් ඉදංසච්චයට එන්නා වූ රේඛාව. ඒකත් නොවෙන්න ඕනේ. එතකොට මේක නිසා line 5, line 6, දෙක ම සිද්ධ වෙන්නේ නෑ. එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ, දැන් පරාමාසයේ ඉඳන් ඉදංසච්චයට එන ඒවයි, පරාමාසයේ ඉඳන් අර line 7 එකේ එන එකයි තියෙන්නේ. එතකොට දැන් මෙන්න මේවා, ඒ පරාමාසය ඉවත් වීම කියන එක, ඒ උපෙක්ඛා අප්‍රමාණයේ ගුණයක් මගින් සිද්ධ වෙනවා. මොකක් ද ඒ ගුණය? අඤ්ඤාතාවින්ද්‍රිය මගින් සිද්ධ වෙනවා. කුමක් නිසා ද? යම් ආශ්‍රවයක් ඉපදී ඇත්ද එය පහ කිරීම, දැඩි ලෙස ඉවත් කිරීම, අඤ්ඤාතාවින්ද්‍රිය මගින් සිදු වන නිසා ය.

ඉතින් එතැන අපිට පේනවා එහෙම නම් triangle එකක් වගේ. අධිචිත්ත ශික්ෂාව, අධිප්‍රඥා ශික්ෂාව, පල්ලෙහායින් අඤ්ඤාතාවින්ද්‍රිය. ඉතින් ඕක හරියට ම ඇන්දොතින්, අධිචිත්ත ශික්ෂාවෙන් අධිප්‍රඥා ශික්ෂාවට එතනින් පල්ලෙහාට ආවහම අඤ්ඤාතාවින්ද්‍රිය, ආපහු අධිචිත්ත ශික්ෂාවට කියන එකට යනවා. එතකොට මේ triangle එක ඇතුළේ අර විමංසා ඉද්ධිපාදය වගේ, කියන එක තමන් ලියාගන්න ඕනේ. ඒක තමයි මෙතන තියෙන්නෙ. ඉතින් මේ භාවනාව මම කළේ අර උපෙක්ඛා අප්‍රමාණයට ගිහිල්ලා. ඊට පස්සේ ඔය කාරණා ටික සිහි කරගෙන ආවා. ඒක සිහි කරගෙන ආවහම, සමාධි ඉන්ද්‍රියෙන් කරන්නා වූ ඒ දේ, ඒ කාරණා දෙක. ඒක හොඳට බැලුවහම, මෙනෙහි කරලා බැලුවායින් පස්සෙ තමන්ට පේනවා මේකේ ඉතුරු වෙලා තියෙන්නෙ මොකද්ද, ඕක අර පෙරේදා භාවනාවත් එක්ක සම්බන්ධයි. මෙතන මේ අව්‍යාපාද විතක්කය කියන එකේ බලපෑම නේ අපි අයින් වෙන්න ඕනේ.

එතකොට ඒ අව්‍යාපාද විතක්කය කියන එකේ ඕගොල්ලන්ට පේනවා, මෙතන අපි කාරණාවන් දෙකකට සම්බන්ධ වෙනවා. එක පැත්තක් තමයි මෙතනින් එන්නා වූ නන්දිය, ඒ නන්දිය නිසා සිදු වන ක්‍රියාවලිය. ඒ පැත්තෙන් ඇවිල්ලා පරාමාසයට ඇවිල්ලා එන්නා වූ එක. එතකොට මට කාම ආශ්‍රවයට මම ඇවිල්ලා තියෙනවා නම්, ඒක නිසා ඇති වෙන්නා වූ ඒ ස්වභාවය කියන එක තියෙනවා. මම නන්දිය පැත්තෙන්, ඒකෙන් නේ නන්දිය පැත්තට ඇවිල්ලා එහෙන් generate වෙලා එන එක. එතකොට ඒක නිසා ද්වේෂය කියන එක ඇති වෙනවා. එතකොට ඒ ද්වේෂය කියන එක නැති වීම කියන එක අධිප්‍රඥා ශික්ෂාවෙන්. අධිප්‍රඥා ශික්ෂාවේ තියෙනවා, එතන අපි පෙන්නනව නේ අරූප ධ්‍යාන කුසලය, ඒ කියන්නේ අරූප ධ්‍යානයන්ගේ නොඇලීම කියන එක තියෙනවා. ආන්න ඒක භාවිතා වෙන්න ඕනේ.

එතකොට ඒක නිසා තමයි අර ද්වේෂය කියන එක බැහැලා ගිහිල්ලා, ඒකෙන් ඉන්න පුළුවන් කියන කතාවක් නැහැයි කියන එක පේනවා නේ. ඒක තමයි තමන්ට හොඳට වැටහෙන්නේ.

එතකොට ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

s_atta.jpg