ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. එසේ ම දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවේ දී මෙනෙහි කළේ උපෙක්ඛා අප්‍රමාණය ශ්‍රද්ධා ඉන්ද්‍රිය සමඟ වඩන්නේ කෙසේ නිර්වාණය සාක්ෂාත් කරයි ද යන්නයි. යම් උපෙක්ඛා ඉන්ද්‍රියක් වේ ද, එහි ගුණ තුනක් ශ්‍රද්ධා ඉන්ද්‍රිය මගින් වඩන්නේ නිර්වාණය සාක්ෂාත් කරයි. කුමන ගුණ තුනක් ද? ඒ කියන්නේ මේ උපෙක්ඛා අප්‍රමාණයේ තියෙන ගුණ තුනක්. පළවෙනි එක අධිශීල ශික්ෂාව. දෙක සමථ නිමිත්ත. තුන අව්‍යාපාද විතක්කය.
එතකොට ඕකේ අපි දන්නව නේ ඔය උපෙක්ඛාවෙන් අප්‍රමාණයට යන හැටි. අපි බලලා තියනව නේ අධිචිත්ත ශික්ෂාවෙන් උපෙක්ඛා නිමිත්ත, අඤ්ඤාතාවිනො ඉන්ද්‍රිය, හරහට එන කියන එක. එතකොට ඕකේ උඩ තියෙන උපෙක්ඛා නිමිත්තට උඩින් අධිශීල ශික්ෂාව, වම් පැත්තෙ සමථ නිමිත්ත, පල්ලෙහායින් අව්‍යාපාද විතක්කය. එතකොට ඔන්න ඔය කාරණා තුන ගැන තමයි මේ පෙන්නන්නේ. ශ්‍රද්ධාව ඇත්තේ නම් කරුණාව ඇත. එසේ නම් පාණාතිපාත නොකරයි. දස කුසලය පවත්වයි. මෙසේ අධිශීල ශික්ෂාව පවත්වනවා. එහෙම නම් උඩ කාරණය හරි.
දෙවැනි එකට ශ්‍රද්ධාව ඇත්තේ නම් සම්මා දිට්ඨිය ඇත. එසේ නම් අරි අට මඟ අත්නොහරී. නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා, සම්මා දිට්ඨියෙන් සම්මා සංකප්පය වෙලා වෙන දේ. අලෝභ, අදෝස, අමෝහ පාරවල්වල යනවා කියන එක සිද්ධ වෙනවා. එමගින් සමථ නිමිත්ත පවත්වනවා. එහෙනම් දෙවෙනි කාරණය හරි. අපිට පේනවා අතන ඒ සමථ නිමිත්තේ වෙන සිදුවීම.
තුන් වෙනි එකට තියෙන්නෙ, ශ්‍රද්ධාව ඇත්තේ නම් අභිජ්ඣා නොවේ. අභිජ්ඣා නොවේ නම් දෝමනස්ස නොවේ. එමනිසා ව්‍යාපාද නොවේ. එසේ නම් ව්‍යාපාද විතක්කය මඟ හරී. මෙයට ශ්‍රද්ධාව තුළ ඇත්තා වූ ව්‍යාපාදය පහ කරන ගුණයන් එකතු වන්නේ නම් සම්මා දිට්ඨි, ඒකෙන් අව්‍යාපාද, අව්‍යාපාදයෙන් අනභිජ්ඣා. නිර්වාණය ඉතා පහසුවෙන් සාක්ෂාත් කරයි. කෙසේ ද? යම් ධර්මයක් පහ කළ යුතු ද එම ධර්මයෝ පහ කිරීමට ශ්‍රද්ධාව මගින් පමා නොවන බැවිනි. ඒක තමයි භාවනාව.
එතකොට මේක, අර උපෙක්ඛා අප්‍රමාණයට ගිහිල්ලා කෙනෙක් කරන්න ඕනෙ. මේක කළාට පස්සෙ තමන්ට පේනවා අපි කිව්ව නේ උපෙක්ඛා නිමිත්තට උඩිනුයි, වම් පැත්තෙනුයි පල්ලෙහායිනුයි, කාරණා තුන නේ ඔය කතා කළේ.
ඉතින් ඕක අපි ඔය විදිහේ diamond එකක් බැලුවා මතක ද මේ මාසේ, අගෝස්තු මාසේ නම වෙනිදා නිබ්බාන භාවනාවෙදි? ඒකෙ පෙන්නුවා උපෙක්ඛා අප්‍රමාණය අපි වඩනවා නම් සති ඉන්ද්‍රියත් එක්ක, ඒකේ කාරණා තුනක් බැලුවා. ඒකෙ පෙන්නුවෙත් උඩින් එකයි අධිශීල ශික්ෂාව, දකුණෙන් පග්ගහ නිමිත්ත, වම් පැත්තෙන් අව්‍යාපාද විතක්කය. ඒ diamond එකේ වම් පැත්ත නේ, මේ කතා කරන්නේ තේරුණා ද? diamond එකේ දෙපැත්ත. ඉතින් අරකෙ පෙන්නුව නේ අපිට අර අමෝහයෙන් අදෝෂය, අදෝෂයෙන් අලෝභය වෙලා ඒක සිද්ධ වෙන විදිහ. එතකොට මේක මේ ශ්‍රද්ධාව මගින් ඊට වඩා බොහොම පහසුවෙන් පවත්වනවා. මොකද වෙලා තියෙන්නෙ? අපි දන්නවා ප්‍රඥාවෙන් අපි ශ්‍රද්ධාවට එනවා. ප්‍රඥාවට එන්නෙ නිකම් නෙමෙයි නේ, සතියෙන් සමුදයක් ඇත අස්තංගමයක් ඇත බලලා.
ඒ කියන්නේ අර අපි දන්නවා ඥාන පථයේ නම්, සතියෙන් පල්ලෙහා ශුන්‍යතා සමාධිය, සමාධියෙන් ඊට පස්සේ අපි එනවා ප්‍රඥාවට. ඒ ප්‍රඥාවෙන් ශ්‍රද්ධාවට. මතක ද ඒක? diagram එකේ triangle එකේ මැද්දේ තියෙන්නේ සතියයි, ප්‍රඥාවයි අතර තමයි ශ්‍රද්ධාව කියන එක තියෙන්නෙ. එතකොට මේක ශ්‍රද්ධාවෙන් බොහොම පහසුවෙන් පවත්වන්න පුළුවන්. මේකෙ මට තුන් පාරක් ම කිව්වා පරිස්සම් වෙන්න ඕනේ කියලා මේ භාවනාව කරනකොට, ඒ ඒ අවස්ථාවල දී.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්