උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවේ දී මෙනෙහි කළේ මුදිතා අප්‍රමාණය, ශ්‍රද්ධා ඉන්ද්‍රිය මගින් ඒකත් සමඟ දියුණු කරන්නේ කෙසේ නිර්වාණය සාක්ෂාත් කරයි ද යන්න. මුදිතා අප්‍රමාණයේ කරුණු තුනක් ශ්‍රද්ධා ඉන්ද්‍රිය මගින් දියුණු කරන්නේ නිර්වාණය සාක්ෂාත් කරනවා. කුමන කාරණා තුනක් ද? පළවෙනියට සමථ නිමිත්ත. දෙවෙනියට පග්ගහ නිමිත්ත. තුන් වෙනියට අව්‍යාපාද විතක්කය.
එතකොට අපි දන්නවා ඒ මුදිතා අප්‍රමාණයට යන භාවනාව. අපි සමථ නිමිත්ත, පහ කළ යුතු ධර්මයන් පහ කිරීමට සමවදිනවා, ලෝභ, ද්වේෂ, මෝහ පහ කිරීමට සමවැදීම. එතනින් එනවා උපෙක්ඛා නිමිත්ත, ඒ පාණාතිපාතය වගේ අකුසලයන් පෙර කළා ද, එයින් ඉවත් වීම නිසා වන සුඛය නිසා පෙර කළා වූ දේ දුක වශයෙන් දැකීම. එතනින් එනවා අපි පග්ගහ නිමිත්තට. උපෙක්ඛා නිමිත්තේ දස කුසලය කියන එක එතන අපිට පේනවා. එතකොට ඒකෙන් අරි අට මඟ කියන එකට එනවා, අලෝභ, අදෝස, අමෝහ හරහා. එතකොට පග්ගහ නිමිත්ත, චතුරාර්ය සත්‍යයේ බැස ගැනීම, අරි අට මඟ විශේෂිත වෙනවා.
එතනින් එනවා අපි අව්‍යාපාද විතක්කය. ඒ කියන්නේ උපෙක්ඛා නිමිත්තේ මනා කොට එළඹවෙනවා, ද්වේෂය බැස යනවා. එතනින් එනවා වම් පැත්තට, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රිය කියන එකට. එතකොට එතනදි සමාපත්ති ධර්මයන් පහ කිරීමේ විරිය ඒකෙ අඩංගුයි.
එතකොට දැන් අද මේ බලන්න තියෙන්නෙ මේ ශ්‍රද්ධාව මගින් පෝෂිත වන විදිහ. එතකොට පළවෙනියට අපිට පේනවා ශ්‍රද්ධාව ඇති නම් සම්මා දිට්ඨිය තියෙනවා. එහෙම නම් අරි අට මඟ අත්නොහරිනවා. ඒකෙන් සම්මා දිට්ඨියෙන් සම්මා සංකප්පය, නෙක්ඛම්ම අව්‍යාපාද අවිහිංසා. අලෝභ, අදෝස, අමෝහ පාරවල්වල යනවා. ඒකෙන් සමථ නිමිත්ත කියන එක අපි පවත්වනවා.
දෙවනියට පග්ගහ නිමිත්ත ශ්‍රද්ධා ඉන්ද්‍රිය මගින් කෙසේ පෝෂණය කරයි ද? යම් ශ්‍රද්ධාවක් වෙද්ද, එය තුළ සමාධිය නිසා ඇති වූ ප්‍රඥාවෝ ඇතුළත් ය. එතකොට ඔතනදි අපිට පේනවා සතිය, 10 වෙනි කාරණය ශුන්‍යතාවය, ශුන්‍යතාවෙන් ප්‍රඥාව, ප්‍රඥාවෙන් ශ්‍රද්ධාව කියන එක. එතකොට යම් ප්‍රඥාවක් වේ ද, එය තුළ සමුදය අස්තංගමය ඇතුළත් ය. එසේ නම් අරි අට මඟේ සමාධිය තුළ ශ්‍රද්ධා, විරිය, සතිය, සමාධිය, ප්‍රඥා යන ඉන්ද්‍රියයෝ පහ ම ඇතුළත් ය. මෙය දස කුසලය හරහා සිදු වන බව අපි දනිමු. “ශ්‍රද්ධා අධිමුච්චති, විරියං පග්ගණ්හන්තො.”
එසේ නම් 13/08/2016 නිබ්බාන භාවනාවේ දී ඉගෙන ගත් අයුරින්, සමාධි ඉන්ද්‍රිය මගින් අවිද්‍යා ආශ්‍රව නොවීමත්, සමාධි සහගත චිත්ත සංස්කාර ඉවත් වීමත්, එහි සාකච්ඡා කළ අයුරින් ම දැනගන්නේ, ප්‍රඥා ඉන්ද්‍රිය, අපි දන්නවා ඒකෙන් දිට්ඨි ආශ්‍රවය ඉවත් කරනවා. ඒ වගේ ම අඤ්ඤාතාවින්ද්‍රිය පරාමාසය පිරිසිදු කිරීම මගින් line 5, 6, 7 ඉවත් වන්නේ අනාශ්‍රව වේ.
අනාශ්‍රව චිත්තයෙන් ජීවත් වීමට යම් කැමැත්තක් අභිජ්ඣාවක් වේ ද, එය ශ්‍රද්ධාව මගින් ඉවත් කරනවා. ඒක ඊයේ සාකච්ඡා කළ ආකාරයෙන්. කොහොම ද අපි සාකච්ඡා කළේ? අපි පෙන්නනවා තුන් වැනි කාරණය හැටියට ශ්‍රද්ධාව ඇත්තේ නම් අභිජ්ඣා නොවේ. අභිජ්ඣා නොවේ නම් දෝමනස්ස නොවේ. එමනිසා ව්‍යාපාද නොවේ. එසේ නම් ව්‍යාපාද විතක්කය මඟහරී. මීට ශ්‍රද්ධාව තුළ ඇත්තා වූ ව්‍යාපාදය පහ කරන ගුණයෝ එකතු වන්නේ නම්, ඒ කියන්නේ සම්මා දිට්ඨියෙන් අව්‍යාපාදය, අව්‍යාපාදයෙන් අනභිජ්ඣාව. ඒක හරියට අර අමෝහ, අදෝස, අලෝභ කියන විදිහට එන්නෙ ඒක. නිර්වාණය ඉතා පහසුවෙන් සාක්ෂාත් කරයි. කෙසේ ද? යම් ධර්මයක් පහ කළ යුතු ද එම ධර්මයෝ පහ කිරීමට ශ්‍රද්ධාව මගින් පමා නොවන බැවිනි. එතකොට ඕක තමයි භාවනාව.
එතකොට ඔය භාවනාවේ මම කළේ මොකක් ද, මම ගියා මුදිතා අප්‍රමාණය දක්වා. එතකොට ඒ මුදිතා අප්‍රමාණය දක්වා ගියහම, මෙතන අපිට පේනවා, පළවෙනි කාරණය මෙනෙහි කරනවා. මේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය මගින් අපි පෙන්නනවා මෙතන නැති වෙනවා කියලා අර සමථ නිමිත්ත කියන එක පෝෂණය කරනවා කියලා. ඒ කාරණය මෙනෙහි කරනකොට, මේ තමන්ට පේනවා දැන් අර උපෙක්ඛාව කියන එක මේකේ හොඳට වැඩෙනවා. මේ මැද්දේ උපෙක්ඛාවේ ඉඳන් නිකටේ වම් පැත්ත, මේ වම් පැත්ත මෙතනින් සම්පූර්ණයෙන් සුඛයි. තමන්ට හොඳට දැනෙනවා අර චෙතො විමුක්තිය තියෙනවා වගේ ස්වභාවයට තියෙනවා.
දැන් ඊට පස්සේ මම ගියා දෙවෙනි කාරණයෙන් පග්ගහ නිමිත්ත පෝෂණය කරනවා කියන එක. පග්ගහ නිමිත්තේ ඔය දෙවනියට කාරණාව හොඳට මෙනෙහි කරනකොට මට පුදුමාකාර ශ්‍රද්ධාවක් ඇති වුණා ඔය තථාගතයන් වහන්සේලාටත්, ඒ වගේ ම ඒ බුදුපියවරුන්ටත්. මොකද? මේ සාසනය, මේ ධර්මය, මේ විදිහට ගොඩගන්න පුළුවන් වුණා කියලා. මේ ධර්මය නැති වෙච්ච එක, අලෝභ, අදෝස, අමෝහ පාරවල් තුන පුදුමාකාර විදිහට ඒක තේරෙනවා නේ. ඒ ධර්මය නැහැ නේ හොයාගන්න. එතකොට ඒ එක්ක ම ඉතින් ඒ පග්ගහ නිමිත්ත ඒ පැත්ත වෙනවත් එක්ක ම, එතකොට මට තේරෙනවා දැන් එහෙනම් හරියට නළලේ මැද්දයි, වම් පැත්තයි, දකුණු පැත්තයි නිකම් triangle එක වගේ එතන තේරෙනවා. මට තේරෙනවා ඒක දැන් open වෙනවා කියලා. ඒ කියන්නේ boundary එක නැති වෙනවා. එතකොට ඒ කියන්නේ space එකයි, මේකත් එක්ක ඒ boundary එක නැති වීම කියන එක තමන්ට දැනෙනවා.
ඉතින් එතනින් ඊට පස්සේ, දැන් එනවා අපි අව්‍යාපාද විතක්කය නැති වෙන තුන් වැනි කාරණය කියන එකට. එතකොට දැන් මෙතන ඔය අවස්ථාව වෙනකොට ඉතින් ඔළුව සම්පූර්ණයෙන් අර boundary නැති ස්වභාවය කියන එක, ශ්‍රද්ධාව පුදුමාකාර විදිහට පවතිනවා. ඒ කියන්නේ මම ඒ තථාගතයන් වහන්සේලාටත් ඒ වගේ ම ඒ රහතන් වහන්සේලාටත්, මේ ධර්මරත්නයයි සංඝරත්නයයි. ඒක නිසා ඒ ඇති වන ශ්‍රද්ධාව පුදුමාකාර විදිහට තියෙනවා.
එතකොට දැන් මේ කෙනෙකුට ප්‍රශ්නයක් තියෙනවා මේ අඤ්ඤාතාවින්ද්‍රිය කොහොම ද ඇති වෙන්නේ? අපි මෙතනදි කතා කළේ මුදිතා භාවනාව. ඒක සිද්ධ වෙන්නේ මොකක් ද, උපෙක්ඛා නිමිත්ත පුනපුනා පෝෂණය කිරීම මගින්. පෝෂණය වෙන්නේ කොහොම ද? දැන් අපිට තියනව නේ අපි මේ ඊයේ පෙරේදා කතා කළ ඔය diamond එක. ඒ diamond එකේ තියෙන්නෙ මොකක් ද? සමථ නිමිත්ත, අධිශීල ශික්ෂා, පග්ගහ නිමිත්ත, අව්‍යාපාද විතක්කය, සමථ නිමිත්ත. දැන් අපි ඔය diamond එකේ ඊයේ පෙරේදා භාවනාවල අපි පැති බලලා තියෙනවා. වම් පැත්ත, දකුණු පැත්ත. මේ අද පෙන්වන්නෙ යට පැත්ත.
සමථ නිමිත්ත, උපෙක්ඛා නිමිත්ත, පග්ගහ නිමිත්ත, අව්‍යාපාද විතක්කය, සමථ නිමිත්ත. මේකේ arrow එක යනවා, සමථ නිමිත්තෙන් උපෙක්ඛා නිමිත්ත, උපෙක්ඛා නිමිත්තෙන් පග්ගහ නිමිත්ත, පග්ගහ නිමිත්තෙන් අව්‍යාපාද විතක්කය, අව්‍යාපාද විතක්කයෙන් සමථ නිමිත්ත. ඔය විදිහට නිකම් අපි arrow එක දාගෙන ගියොතින් මේකේ රවුම කරකවන්න කරකවන්න උපෙක්ඛා නිමිත්ත ම පෝෂණය වෙනවා. ඒක පෝෂණය වුණහම අඤ්ඤාතාවින්ද්‍රිය. ඒක තමයි මේකෙ tricky part එක හැටියට තියෙන්නෙ. ඒක තේරුම් ගන්න ඕනේ, මේකයි වෙන්නෙ කියන එක. එතකොට ඒකෙන් අඤ්ඤාතාවින්ද්‍රිය වුණහම, ඉතින් අපිට ඊයේ පෙරේදා භාවනාවලින් අපි දන්නවා ඒකෙන් අයින් වන හැටි. දැන් ඔය දෙවැනි කාරණේ පෙන්නුවේ ඒක නේ.
ඉතින් ඒක තමයි මං කරපු භාවනාව.