Date: 17/08/2016 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

අද භාවනාවේ දී මෙනෙහි කළේ, කරුණාව බොජ්ඣඞ්ග හත සමඟ වඩන්නේ කෙසේ නිර්වාණය සාක්ෂාත් කරයි ද යන්නයි. සංයුත්ත නිකායේ මෙත්තා සූත්‍රයේ සඳහන් වන පරිදි, කරුණාව බොජ්ඣඞ්ග හත සමඟ වඩන්නේ එම ගුණ ඇති කරුණා චෙතො විමුක්තිය මගින් මතු විමුක්තියක් අවබෝධ නොකරන්නේ නම්, ලෞකික ප්‍රඥා ඇති නම්, ආකාසානඤ්චායතන පරම කොට ඇති බව තථාගතයන් වහන්සේ පවසනවා. 09/05/2016 කරුණා භාවනාවේ දී සාකච්ඡා කළ අයුරින් කරුණාව විමසනකොට, අපි දන්නවා ඒකෙ කාරණාවන්වලින් අව්‍යාපාදූපවිචාරය, යථාභූතව දැනගත් චතුරාර්ය සත්‍ය ම ස්ථාපිත වීම.

ඊළඟට පල්ලෙහා line එකේ එනවා කාමෙසන ප්‍රහාණය, ධ්‍යාන තලයක ඉපිද එහි ගත කිරීමට ඇති ආශාව දුරු කරනවා. ඒකෙන් එනවා භව සේවනය දුරු කරනවා කියලා. ඒ කියන්නේ අන්තරා පරිනිබ්බානය නොවීමේ සිට පිරිනිවන් පෑම දක්වා වූ භවයන් දුරු කරනවා. දකුණු පැත්තට යනවා බ්‍රහ්මචරියෙසනාව, කාරණා තුනයි. පහ කරන ලද අකුසලයන් නැවතත් නොගනී. වඩන ලද කුසලයෝ මුළා නොවී පවත්වයි. තුන් වැනියට පෙන්නනවා, යම් ආශ්‍රවයක් නසන ලද්දේ, නැවත එය පිහිට කොට නොපවත්වයි.

එතනින් අපි පල්ලෙහාට එනවා භව සේවනය පාරේ පහළ, අපිට එනවා සීලස්කන්ධය සම්පූර්ණ කරනවා කියලා නම වෙනි කාරණයට. එතකොට ඒකේ යම් භවයක පැවතීමක් නොමැති ද එය ම සීලයට තුඩු දෙනවා.

එතකොට ඒ භාවනාව මගින් ඒ කරුණාවට යන එක ඒ භාවනාව කරලා, ඊට පස්සේ අපි කල්පනා කරන්න ඕනේ මේ ධර්මයෝ බොජ්ඣඞ්ග හත මගින් කෙසේ පරිපූර්ණ කරයි ද කියන එක.

පළවෙනි එකට, සති සහ ප්‍රීති සම්බොජ්ඣඞ්ගය මගින් අව්‍යාපාදූපවිචාරය පරිපූර්ණ කරනවා. කොහොම ද? සති සම්බොජ්ඣඞ්ගය වේදනානුපස්සනාව කරන්නේ, වේදනාව දුකෙහි ඇතුළත් බව ද, එම දුක වේදනාවන්ගේ සමුදය අස්තංගමය දන්නේ, දක්නේ, දුක්ඛ සමුදයත් අස්තංගමයත් වටහා ගැනීම නිසා, අව්‍යාපාදූපවිචාරයට සිත නැංවීම සිදු වන අතර, එහි බැස ගැනීම ප්‍රීති සම්බොජ්ඣඞ්ගය මගින් ස්ථාපිත කරනවා. කෙසේ ද, යම් ප්‍රීතියක් ඇති ද, එමගින් නොමනා වූ කාය දුශ්චරිතයෝ මඟ හරවනවා. එමගින් පාණාතිපාත නොවන්නේ, එම ධර්මයන්ට අකැමැති වන්නේ, දුක වටහා ගන්නවා. ඕක අපි තේරුම් ගත්තා අර පාණාතිපාතයට කවුරු හරි කැමති වෙනවා නම් එයා මරණයට කැමතියි. එහෙම නම් එයා දුකට කැමතියි කියන එක. ඔන්න ඔය අර්ථය තමයි මේ පෙන්නන්නෙ.

ඊළඟට දෙවැනි කාරණයට පෙන්නනවා, විරිය සම්බොජ්ඣඞ්ගය මගින් දෙවන විරිය භාවිතා කරන්නේ ලෝභ දෝෂ මෝහ පහ කරනවා. එනම් අඤ්ඤාතාවිනො ඉන්ද්‍රිය තුළ ඇත්තා වූ දෙවැනි කාරණය පෝෂණය කරනවා. යම් ආශ්‍රවයක් ඉපදී ඇත්ද එය පහ කිරීමට විරිය.

ඊළඟට තුන් වෙනියට, ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය මගින් බ්‍රහ්මචරියෙසනාව පෝෂණය කරනවා. කෙසේ ද? මෙය සම්පජානකාරීත්වය මෙන් සිතිය යුතු ය. ඉහත එක, දෙක කාරණා මගින් ඇති වන්නේ දුක බවත්, දුක ඇති වීමේ හේතු සහ ප්‍රත්‍ය, තණ්හා මගින් වන ලෝභ, දෝෂ, මෝහ, බව දන්නේ දක්නේ පළවෙනි එකට, පහ කරන ලද අකුසලයන් නැවත නොගැනීමත්, ඊළඟට එනවා, දෙවෙනි කාරණය, වඩන ලද කුසලයෝ මුළා නොවී පැවැත්වීමත් කරනවා. කාරණා තුනෙන් දෙකකට ආවා අපි දැන් බ්‍රහ්මචරියෙසනාවේ.

මෙහි තණ්හාව දුකට හේතු බවත් ලෝභ, දෝෂ, මෝහ, ප්‍රත්‍ය වන බවත් වටහා ගත යුතුයි. එසේ පවසන්නේ තණ්හාවෝ වර්ග තුනක් බැවිනි. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. පටිච්චසමුප්පාදයේ පුරුක් දොළහ නැති වන්නේ නන්දිය නැති වීම මගින් බවත්, එයට තණ්හා වර්ග තුන ම අඩංගු බවත් මෙනෙහි කළ යුතු ය. අපි දන්නවා අර පුරුක් දොළහ නැති වෙන්නේ නන්දිය නැති වුණොත්.

ඊළඟට හතර වෙනි කාරණයට එනවා, පස්සද්ධි සම්බොජ්ඣඞ්ගය මගින් සීලස්කන්ධය සම්පූර්ණ කරයි. කෙසේ ද? කාය පස්සද්ධිය මගින් රූප භවයන් නිසා විඳින්නා වූ වේදනාවන්, ප්‍රීතිය මගින් පහ වීම නිසා එම රූප භවයන් ඉක්මවනවා. චිත්ත පස්සද්ධිය මගින් නාම කොටස නිසා විඳින්නා වූ නාමකායේ පටිඝසම්‌ඵස්‌සය නිසා විඳින්නා වූ වේදනා පහ කරන්නේ, අරූප භවයන් ඉක්මවනවා. ඒ කාරණාව හරි වැදගත්.

ඊළඟට පස් වෙනි එකට පේනවා, සමාධි සම්බොජ්ඣඞ්ගය මගින් කාමෙසන ප්‍රහාණය පරිපූර්ණ කරනවා. ධ්‍යාන තලයක ඉපිද වාසය කිරීම දුක බව පෙන්වා දෙනවා. සමාධි සහගත වූ චිත්ත සංස්කාර පවා හොඳ යැයි නොපවසයි. අවිද්‍යා ආශ්‍රව නොවේ. ඉතින් මේක අපි 11/08/2016 නිබ්බාන භාවනාව, ඒ කියන්නේ මුදිතා අප්‍රමාණයට සමාධි ඉන්ද්‍රිය එකතු කරලා කරපු භාවනාව, එතෙන්දි අපි පැහැදිලි කරලා තියෙනවා.

ඊළඟට හය වෙනි කාරණයට එනවා උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය භව සේවනය දුරු කිරීමට ආධාර උපකාර කරන අතර, බ්‍රහ්මචරියෙසනාවේ තුන් වෙනි ධර්මය ද පෝෂණය කරනවා. එනම් යම් ආශ්‍රවයක් නසන ලද්දේ ද, නැවත එය පිහිට කොට නොපවත්වනවා. භව සේවනය තුළ ඇත්තා වූ යම් භවයක ඉපදීම කෙරෙහි උපෙක්ඛාව ම පතුරනවා. ඒ නිසා එය නොගනී. කුමක් නිසා ද? සමාධියෙන් උපෙක්ඛාව, උපෙක්ඛාවෙන් ධම්මවිචය. අර line එකෙන් හරහට එනවා අපි. ඒ කියන්නේ භව සේවනයෙ අපි දන්නව නේ මෙතන තියෙනවා කියලා බ්‍රහ්මචරියෙසනාව. ඒ බ්‍රහ්මචරියෙසනාව දක්වා අපි ගමන් කිරීමක් කියන එක එතන තියෙනවා. ඒ ධම්මවිචය කෑල්ලට ආවා ම ඒකෙන් කැපෙනවා.

එතකොට මේක අපිට diamond එක වගේ ලකුණු කරගන්න පුළුවන්. අව්‍යාපාදූපවිචාරය. ඒකට සතියයි, ප්‍රීතියයි. ඊළඟට අඤ්ඤාතාවිනො ඉන්ද්‍රිය. ඒක දකුණු පැත්තට ලකුණු වෙන්න ඕනේ. ඉතින් ඒක diamond එකට අයිති නෑ. එතකොට ඒ diamond එකට එන්නේ අව්‍යාපාදූපවිචාරය, බ්‍රහ්මචරියෙසනාව, සීලස්කන්ධය, කාමෙසන ප්‍රහාණය කියන එක. එතකොට බ්‍රහ්මචරියෙසනාවට උඩින් අඤ්ඤාතාවිනො ඉන්ද්‍රිය. එතකොට ඒ steps දෙකක් උඩින්. ඉතින් එතන අපි විරිය කියන එක භාවිතා කරනවා, ලෝභ, දෝෂ, මෝහ එපා කියන කතාව. බ්‍රහ්මචරියෙසනාවට ආවහම ධම්මවිචය. ඒකෙ, බ්‍රහ්මචරියෙසනාවේ කාරණා දෙකක්, පහ කරන ලද අකුසලයන් නැවත නොගැනීමත්, උපන් කුසල් නොමුළාව පැවැත්වීමත් ඒ ධම්මවිචයට අයිති වෙනවා. ඊළඟට අපි එනවා පහළ සීලස්කන්ධය කියන තැනට. අන්න එතන පස්සද්ධිය. කාමෙසන ප්‍රහාණය කියන තැනට සමාධිය. මැද්දේ භව සේවනය දුරු කරනවා කියන තැනට උපෙක්ඛාව. දැන් උපෙක්ඛාවෙන් බ්‍රහ්මචරියෙසනාවේ තුන් වෙනි එක අයින් කරනවා. යම් ආශ්‍රවයක් පහ කළා ද එහි පිහිට නොපතනවා. ඉතින් මේක තමයි මං කරපු භාවනාව.

එතකොට මේකේ මම හුඟක් ඔය ධම්මවිචය කියන තැන මම ගොඩක් භාවනා කළා. ඊට පස්සේ සීලස්කන්ධයට ඇවිල්ලා අපිට මේ දැන් අලුත් දෙයක් පේනවා මෙතන. අර පස්සද්ධියෙන් එන්නා වූ දේ. පස්සද්ධියෙන් අර ප්‍රීති සහගත කතාව. හරියට නිකන් පාණාතිපාතය අර නොකර හිටියහම ඒක සුඛයි කියලා තේරෙන්නේ. ආන්න ඒ අර්ථය තමයි මෙතනත් හොඳට බලන්න ඕනේ. එතනින් ආවහම කෙළින් ම කාමෙසන ප්‍රහාණයට ඒක support කරනවා. ඊළඟට කාමෙසන ප්‍රහාණයෙන් භව සේවනය. ඉතින් මෙතන පේනවා මේ පස්සද්ධියේ තියෙන ගුණය ම තමයි මෙතන කාමෙසන ප්‍රහාණයටත්, ඒ ඔය උපෙක්ඛාව තියෙන තැන භව සේවනයටත්, එතෙන්ටත් ඇවිල්ලා තියෙන්නේ.

එතකොට උපෙක්ඛාවේ, ඒක හරියට කියන්නේ මොකක් ද, මනුස්සයෙක් කියනවා මම මේ යම්කිසි පළාතකින් pass කරගෙන එහෙම, pass කරගෙන එනවා. ආවට පස්සෙ ගමේ මනුස්සයෙක් ඉඳන් කියනවා, ඔය පළාතේ තියෙනවා නේ ද ඔය එනකොට බොහොම හොඳ දේවල්, මේ මේ පළාතේ තියෙනවා, කියලා. එයා අරයාට කියනවා, අයියෝ මං ඒවා පහු කරලා ආවේ, ඒවයේ ඇති දෙයක් නෑ, කියලා. ආන්න ඒ වගේ තමයි ඔය උපෙක්ඛාවට ආවට පස්සෙ එතනින් අර ආශ්‍රවයක් පහ කළා ද ඒකෙ පිහිට නොපවතනවා. අර ගමේ මනුස්සයා එයාව ආපහු යවන්න හැදුවට අර හොඳ තැනක් තියෙනවා කියලා මෙයා ඒක දන්නවා. එයාගෙ තියෙන්නේ ඒකට උපෙක්ඛාවක් විතරයි. අන්න ඒක හොඳට තමන්ට වැටහෙනවා. එතකොට යම් ආශ්‍රවයක් පහ කළා ද ඒකෙ පිහිට නොපවතනවා.

ඒක තමයි මං කරපු භාවනාව.