Date: 18/08/2016 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

අද භාවනාවේ දී මෙනෙහි කළේ මුදිතාව බොජ්ඣඞ්ග හත සමඟ වඩන්නේ කෙසේ නිර්වාණය සාක්ෂාත් කරයි ද යන්නයි. අපි දන්නවා ඔය සංයුත්ත නිකායේ මෙත්තා සූත්‍රයේ පෙන්නනවා, ලෞකික ප්‍රඥා ඇති, මතු විමුක්තිය අවබෝධ නොකරන, මහණ හට මුදිතා චෙතො විමුක්තිය විඤ්ඤාණඤ්චායතනය පරම කොට ඇත්තේ යැයි මම කියමි. එතකොට අපි ඒ මුදිතා භාවනාව අපි කලින් කරලා තියෙනවා.

අපි ඒක බැලුවොත්, අපි දන්නවා සමථ නිමිත්ත, ඒ පහ කළ යුතු ධර්මයන් පහ කිරීමට සමවැදීම. ලෝභ, දෝෂ, මෝහ පහ කිරීමට සමවැදීම කියලා. එතනින් අපි එනවා උපෙක්ඛා නිමිත්ත, පාණාතිපාත වැනි අකුසලයන් පෙර කළා ද, එයින් ඉවත් වීම නිසා වෙන සුඛය නිසා පෙර කළා වූ දේ දුක වශයෙන් දැකීම. මෙතනින් එනවා පග්ගහ නිමිත්ත, චතුරාර්ය සත්‍යයේ බැස ගැනීම. එතන අරි අට මඟ විශේෂයි. එතනින් එනවා අව්‍යාපාද විතක්කය, උපෙක්ඛා නිමිත්තේ මනා කොට එළඹ වීම. එතන දෝෂය බැස යනවා.

අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රියට එනවා අවබෝධ නොවූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම සඳහා අපි විරිය, එතකොට සමාපත්ති ධර්මයන් පහ කිරීමේ විරිය ඒකට අඩංගුයි කියලා. එතෙන්දි කාම විතක්කය බැස යනවා.

එතකොට අපි පළවෙනි කාරණය හැටියට අපි බැලුවොතින්, සති සම්බොජ්ඣඞ්ගය මගින් සමථ නිමිත්තට එළඹෙන්නේ, අධිචිත්ත ශික්ෂාව තුළ ඇති අඩු ම තරමින් දිබ්බ විහාරයට තුඩු දෙන කායානුපස්සනාව මගිනුයි. එනමුදු සමථ නිමිත්ත, විරිය සම්බොජ්ඣඞ්ගය මගින් පවත්වනු ලබනවා. මෙම විරිය, දෙවන විරිය වෙනවා. උපන්නා වූ ලෝභ, දෝෂ, මෝහ අකුසලයන් පහ කරනවා.

ඊළඟට දෙවෙනි කාරණයට අපිට කියන්න පුළුවන් ප්‍රීති සම්බොජ්ඣඞ්ගය මගින් දෙයාකාර වූ ධර්මයන් නොනැසී පවත්වනවා. එතකොට, ඒකෙ පළවෙනියට එනවා, ප්‍රීතිය නිසා පාණාතිපාත වැනි ධර්මයන් පෙර කළා ද, ඒවා පහ කිරීම නිසා ඇති වුණ සුඛ ස්වභාවය නොසැලී පවත්වනවා. උපෙක්ඛා නිමිත්තට උදව් උපකාර කරනවා. එතනදි කෙනෙක් හිතන්න ඕනේ, අර පාණාතිපාතය කළහම ඒවා පහ කිරීම නිසා සුඛය තියෙනවා නේ. ඒ සුඛය දැන් ඒ විදිහට ම ප්‍රීතියෙනුත් අපිට බලන්න පුළුවන්. දැන් මම පුටුවේ වාඩි වෙලා ඉන්නකොට මට රිදෙනවා නම් ඉතින් මම කාමයේ වරදවා හැසිරිලා මේ ශරීරය හදාගත්ත හින්දා නේ මේක තියෙන්නේ. එතකොට ඒවා දැන් කරන්නෙ නැත්නම් හොඳයි කියන අර්ථය තියෙනවා. දෙවෙනියට පෙන්නන්න පුළුවන් ඒකෙ දෙවෙනි කාරණය, දෙවෙනි එක හැටියට, චිත්ත පස්සද්ධියට මේ ඉහත කාරණය තුඩු දෙනවා. දැන් ඔය ප්‍රීතිය නිසා ඇති වෙච්ච දේ, අව්‍යාපාද විතක්කයට උදව් උපකාර කරනවා. එනමුත් අව්‍යාපාද විතක්කය පස්සද්ධි සම්බොජ්ඣඞ්ගය මගින් පවත්වනවා.

ඊළඟට තුන් වෙනි කාරණයට අපිට එනවා, ඒ ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය. ඊයේ සාකච්ඡා කළ අයුරින් සම්පජානකාරීත්වය ලෙස වටහා ගන්නේ, සියලු ක්ලේශයන්ගේ දුරු කිරීමට තුඩු දෙන්නා වූ ප්‍රඥාව වැඩීම සිදු වෙනවා. එනමුදු ‍ පග්ගහ නිමිත්ත සම්පූර්ණ වන්නේ උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය මගින් දුරු කරන ලද ධර්මයන් නොමුළාව පහ කර තබා ගන්නේ නම් පමණි. උදාහරණ වශයෙන්, යමෙක් යම් දහමක් එපා කියා ද, තව අයෙකු එය වර්ණනා කරනු දැක සිත වෙනස් වෙයි ද, මෙය එසේ වටහා ගත යුතු ය. ආකාසානඤ්චායතනයේ ඇති නිර්වාණ ගුණයෝ නිසා එය රුචි විය හැකි ය.

ඊළඟට හතර වෙනියට අපිට ගන්න පුළුවන්, සමාධි සම්බොජ්ඣඞ්ගය මගින් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රිය පෝෂණය කරනු ලබනවා. කෙසේ ද? එහි ඇත්තා වූ ගුණයන් දෙකක්, විරිය සම්බොජ්ඣඞ්ගය මගින් පෝෂණය කරන්නේ, ඉතිරිව ඇත්තා වූ උපන් කුසල් නොනැසී පැවතීම සඳහා විරියට උදව් උපකාර කිරීම සමාධි සම්බොජ්ඣඞ්ගය මගින් සිදු කරනු ලබනවා.

එතකොට අපි දන්නවා ඔතන අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රියේ කාරණා තුනක් තියෙනවා. A කිව්වොතින් නූපන් අකුසලයන් නොඉපදවීම. B කියන්න පුළුවන් උපන් කුසල් නොනැසී පැවතීම සඳහා විරිය. C කියන්න පුළුවන් නූපන් කුසල් ඉපදවීම සඳහා විරිය. එතකොට ඔය දෙවෙනියට කිව්ව B කාරණයට, ඒ කියන්නේ උපන් කුසල් නොනැසී පැවතීම සඳහා විරියට උදව් උපකාර කිරීම සමාධි සම්බොජ්ඣඞ්ගය මගින් තමා ඒක කරන්නේ. එතකොට A, C කියන දෙක, ඒක විරිය සම්බොජ්ඣඞ්ගයෙන් සිද්ධ වෙනවා.

දැන් එහෙම නම් මේක, දැන් අපි බොජ්ඣඞ්ග හත ම මේක බලලා තියෙනවා. මේක දැන් diagram එක වගේ ලස්සනට ඇඳගන්න පුළුවන්. ලස්සනට ඇඳගන්නේ, මුලින් අධිචිත්ත ශික්ෂාව, අන්න එතන යටින් අපි ලියාගන්නවා සති සම්බොජ්ඣඞ්ගය කියලා. ඒකෙන් පල්ලෙහාට arrow එකක් එනවා සමථ නිමිත්තට. එතකොට ඊළඟට සති සම්බොජ්ඣඞ්ගයෙන් ම දකුණු පැත්තට උපෙක්ඛා නිමිත්ත, සමථ නිමිත්තෙන් දකුණු පැත්ත, උපෙක්ඛා නිමිත්තට dotted arrow එකක් වගේ දාලා එතන අර කායානුපස්සනාව කියන කොටසින් වෙන්නා වූ දේ සම්බන්ධ වෙනවා. එතකොට සමථ නිමිත්ත යටින් අපි ලියාගන්න ඕනේ විරිය සම්බොජ්ඣඞ්ගය කියන එක දෙවෙනි විරිය. ඊළඟට උපෙක්ඛා නිමිත්තට යටින් ලියාගන්න ඕනේ ප්‍රීති සම්බොජ්ඣඞ්ගය. ප්‍රීති සම්බොජ්ඣඞ්ගයෙන් උපෙක්ඛා නිමිත්තට උදව් උපකාර කරන හැටි. ඊළඟට, දකුණු පැත්තට එනවා පග්ගහ නිමිත්ත. උපෙක්ඛා නිමිත්තෙන් දකුණු පැත්තට. ඒ පග්ගහ නිමිත්තට උඩින් කෙනෙකුට ලියාගන්න පුළුවන් ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය. පග්ගහ නිමිත්තේ යටින් ලියාගන්න පුළුවන් උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය. එතකොට පග්ගහ නිමිත්තෙන් අපි එනවා දැන් අව්‍යාපාද විතක්කයට. එතකොට අව්‍යාපාද විතක්කයට යටින් කෙනෙකුට ලියාගන්න පුළුවන් පස්සද්ධි සම්බොජ්ඣඞ්ගය. එතකොට ප්‍රීති සම්බොජ්ඣඞ්ගයෙන් එහෙනම් උඩට උපෙක්ඛා නිමිත්තට arrow එකක් යනවා. ප්‍රීති සම්බොජ්ඣඞ්ගයෙන් පල්ලෙහා අව්‍යාපාද විතක්කයට arrow එකක් එනවා, මොකද පස්සද්ධියට මේ ඇති වෙන තත්වය ප්‍රීතිය නිසා ඇති වුණා. ඊළඟට අපිට පල්ලෙහාට හරහට ආපහු අව්‍යාපාද විතක්කයෙන් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රියට arrow එකක් එනවා. එතකොට එතන ඒ සමාධි සම්බොජ්ඣඞ්ගය කියන එක අපිට එතෙන්ට වැටෙනවා. එතකොට දැන් ඔය arrow එකේ ඊළඟට ආපහු අපිට පේනවා, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රිය කියන එකෙන් උඩ සමථ නිමිත්තට feedback වෙනවා. එහෙම නම් දැන් අපිට පේනවා හරි ලස්සනට මේක, අර සතියෙන් පටන් අරගෙන සමථ නිමිත්තට ආවයින් පස්සේ, එතනින් සමථ නිමිත්තෙන් උපෙක්ඛා නිමිත්ත, උපෙක්ඛා නිමිත්තෙන් පග්ගහ නිමිත්ත, පග්ගහ නිමිත්තෙන් අව්‍යාපාද විතක්කය, අව්‍යාපාද විතක්කයෙන් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රිය, එතනින් උඩට ආපහු සමථ නිමිත්ත. අන්න එක triangle එකක් සම්පූර්ණ වෙනවා. ඒක ඒ වටේට ඒ විදිහට ධර්මයත් ගලාගෙන යනවා.

ඒ වගේ ම තවත් triangle එකක් අපිට පේනවා. ඒ පග්ගහ නිමිත්ත කෙළවර කරගෙන. ඒ කියන්නේ, උපෙක්ඛා නිමිත්තෙන් පග්ගහ නිමිත්ත, පග්ගහ නිමිත්තෙන් අව්‍යාපාද විතක්කය, අව්‍යාපාද විතක්කයෙන් ආපහු උපෙක්ඛා නිමිත්තට යැවෙනවා. එතකොට මේ ධර්මය දැන් අපි මේ සමාධි සම්බොජ්ඣඞ්ගයේ එහෙම කාරණාව බැලුවහම අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රිය කියන එක, ඔය විදිහට අර කිසිම ලෝකෙක ඉන්න මේකක් පවතින්නේ නැත්නම්, ඊට පස්සේ ලොකු triangle එකේ තිබෙන්නා වූ එක දැන් තමන්ට තේරෙනවා මම ගත්තොතින් මම ඉවරයි. ඒ කියන්නේ මම මේවා එකක්වත් පවත්වා ගන්න බෑ. මම ආකාසානඤ්චායතන, අරවා මේවා, ඒ සමාපත්ති ධර්මයන් ඔක්කොම අයින් කරන්න ඕනේ කියලා ඔය ලොකු triangle එකෙන් පේනවා. ඒ ලොකු triangle එකෙන් ඔය විදිහට පෙනුණට පස්සෙ, දැන් ඔන්න එනවා අර පොඩි triangle එකට. උපෙක්ඛා නිමිත්ත, පග්ගහ නිමිත්ත, අව්‍යාපාද විතක්කයෙන් ආපහු උපෙක්ඛා නිමිත්තට. අන්න ඒක යනවා උඩට. කොහාට ද යන්නේ? කෙළින් ම යන්නේ අදෝෂ කුසල මූලයට. ඒ අදෝෂ කුසල මූලයෙන්, අපි දන්නවා අපිට එනවා කියලා අවිතක්ක විචාරමාත්‍ර සමාධියට. අවිතක්ක විචාරමාත්‍ර සමාධියේ ඒ භවයේ යෑමේ විතක්කයක් නෑ. අවිතක්කය. විචාර මාත්‍රයේ තියෙන්නෙ නිර්වාණය ම සොයනවා. නිර්වාණය ම ගන්නවා. දැන් ඉතින් අපිට ලස්සනට පේනවා. මක්ඛය පහ කරලා නේ විඤ්ඤාණඤ්චායතනයට එහෙම යන්නේ. ඒක හරි ලස්සනට පේනවා.

මම මොකක්වත් ගන්නෙ නෑ. ගත්තොතින් මට මේ එන ප්‍රශ්නය. දැන් තියෙන ප්‍රශ්නය, තමන්ගේ මේ ජරා වූ ශරීරයක් හදාගෙන තිබෙන්නා වූ ප්‍රශ්නය තියෙනවා. අසූචි මළ මුත්‍රා පිට වෙමින් තියෙන එක. වෙන දිව්‍ය ලෝකයක් වේවා, ඒවයේ ගත්තත් ඔච්චරයි. බ්‍රහ්ම ලෝකයක් ගත්තත් ඔච්චරයි කියන එක. ආන්න ඒකට මෙතෙන්ට ම තමන්ගේ මනස හොඳ ලස්සනට යනවා. ඒක බොහෝ ම ලස්සන භාවනාවක්.

ඒක තමයි මං කරපු භාවනාව.