Date: 19/08/2016 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

අද භාවනාවේදි මෙනෙහි කළේ උපෙක්ඛාව, බොජ්ඣඞ්ග හත සමඟ වඩන්නේ කෙසේ නිර්වාණය සාක්ෂාත් කරයි ද යන්නයි.

එතකොට අපි දන්නවා ඔය උපෙක්ඛාව වඩන විදිහ. අධිචිත්ත ශික්ෂාව, ඒක තුළ අර සම්මා ඥානය තුළ ඇති ප්‍රඥාව, අධිචිත්ත ශික්ෂාව තුළ තියෙනවා. මෙවැනි ප්‍රඥාව ඇති ධ්‍යාන හතර. ඊළඟට අධිශීල ශික්ෂාව, පාණාතිපාතය ඉවත් කිරීම, කරුණාව ඇති වීම. ඊළඟට අපි දන්නවා එතැනින් පල්ලෙහාට ආවොත්, උපෙක්ඛා නිමිත්ත, එතන පාණාතිපාතය වැනි අකුසලයන් පෙර කළා ද, එයින් ඉවත් වීම නිසා වන සුඛය නිසා පෙර කළා වූ දේ දුක වශයෙන් දැකීම. ඒ උපෙක්ඛා නිමිත්තේ වම් පැත්තට එනවා සමථ නිමිත්ත, පහ කළ යුතු ධර්මයන් පහ කිරීමට සමවැදීම. ලෝභ, දෝෂ, මෝහ පහ කිරීමට සමවැදීම. එතකොට උපෙක්ඛා නිමිත්තේ දකුණු පැත්තට එනවා පග්ගහ නිමිත්ත, චතුරාර්ය සත්‍යයේ බැස ගැනීම. එතනින් පල්ලෙහාට එනවා අඤ්ඤාතාවින්ද්‍රිය (අඤ්ඤාතාවිනො ඉන්ද්‍රිය) එතන ආස්‍රවක්ෂය වීමෙන් අනාශ්‍රව වෙනවා. මෙය හතර ආකාරයි කියලා අපි ඉගෙන ගත්තා. ඊළඟට උපෙක්ඛා නිමිත්තෙන් පල්ලෙහා එනවා අව්‍යාපාද විතක්කය. උපෙක්ඛා නිමිත්තේ මනා කොට එළඹීම, ද්වේෂය බැස යනවා.

එතකොට ඔය ආස්‍රවක්ෂය වීමෙන් අනාශ්‍රව වෙනවා කියන එකේ එතන කාරණා හතරක් අපි බලලා තියෙනවා. යම් ආශ්‍රවයක් නොඉපදී ඇත්ද, එම ආශ්‍රවයෝ නොඉපදීම පිණිස වෑයම් කළ යුතු ය, ඒක උපෙක්ඛා නිමිත්තෙන් වෙනවා කියලා. දෙවෙනියට පෙන්නනවා යම් ආශ්‍රවයක් ඉපදී ඇත්ද, එම ආශ්‍රවයෝ පහ කළ යුතුයි, ඒක අව්‍යාපාද විතක්කයෙන් සිද්ධ වෙන්නේ. තුන් වෙනුවට පෙන්නනවා යම් ආශ්‍රවයක් පහ කිරීමට යම් කුසලයක් කළ යුතු ද එම කුසලයෝ වඩා තිබිය යුතුයි, ඒක අධිචිත්ත ශික්ෂාවෙන් වෙන්නේ. හතර වෙනි කාරණයට පෙන්නනවා යම් ආශ්‍රවයක් පහ කිරීමට යම් කුසලයක් පැවැත්විය යුතු ද, එම කුසලයෝ මුළා නොවී පවත්වනවා කියලා, ඒක පග්ගහ නිමිත්තෙන් කරන්නේ.

එතකොට අපි බොජ්ඣඞ්ගයේ කාරණා හත බැලුවොත්, පළවෙනි එකට අපිට පේනවා, සති සම්බොජ්ඣඞ්ගය මගින් අධිචිත්ත ශික්ෂාව පෝෂණය කරනවා. එහි වේදනානුපස්සනාව අන්තර්ගතයි. තව ද වේදනාව සඳහා හදන චිත්ත සංස්කාර පිළිබඳ මනා වූ අවබෝධයක් ධම්මානුපස්සනාව නිසා ඇතුළත් වී ඇත. මෙම දෙයාකාර ධර්මයන් මගින් ම දුක්ඛය හටගන්නා බව පෙන්වා දෙයි. මෙම උපෙක්ඛා නිමිත්තේ සම්මා දිට්ඨි, අනභිජ්ඣා, අව්‍යාපාද, ඒවා තියෙනවා නම්, මිච්ඡා දිට්ඨි එහෙම පහ කිරීමෙන් සුඛ වෙන බව පෙන්වා දෙනවා. මෙසේ උපෙක්ඛා නිමිත්තට උදව් උපකාර කරනවා.

ඊළඟට දෙවැනි කාරණයට අපිට පේනවා, ප්‍රීති සම්බොජ්ඣඞ්ගය මගින් දෙයාකාර වූ ධර්මයන් නොනැසී පවත්වනවා. අපිට a කියලා කිව්වොත්, ප්‍රීතිය නිසා පාණාතිපාත ධර්මය පෙර කළා ද, ඒවා පහ කිරීම නිසා වන සුඛ ස්වභාවය නොසැලී පවත්වනවා. උපෙක්ඛා නිමිත්තට උදව් උපකාර කරනවා.

අපි දෙකේ b කියලා කිව්වොත්, චිත්ත පස්සද්ධියට ඉහත කාරණය තුඩු දෙන්නේ, අව්‍යාපාද විතක්කයට උදව් උපකාර කරනවා. එනමුදු අව්‍යාපාද විතක්කය පස්සද්ධි සම්බොජ්ඣඞ්ගය මගින් පවත්වනවා. මේක අපි ඊයෙත් බැලුවා.

තුන් වෙනි එකට පේනවා, ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය, පෙර සාකච්ඡා කළ අයුරින් අසම්පජානකාරීත්වය ලෙස වටහා ගන්නේ, සියලු ක්ලේශයන්ගේ දුරු කිරීමට තුඩු දෙන්නා වූ ප්‍රඥාව වැඩීම සිදු වෙනවා. මෙම භාවනාවේදි උපෙක්ඛාව ප්‍රධානයි, අද උපෙක්ඛා භාවනාව. උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය මගින් දුරු කරන ලද ධර්මයන් නොමුළාව පහ කර තබාගන්නා නිසා, පග්ගහ නිමිත්ත සම්පූර්ණ වන්නේ ය.

හතර වෙනියට පෙන්නනවා, විරිය සම්බොජ්ඣඞ්ගය මගින් දෙවෙනි විරිය භාවිතා කරන්නේ ලෝභ, දෝෂ, මෝහ, පහ කරනවා. එනම් අඤ්ඤාතාවිනො ඉන්ද්‍රිය තුළ ඇත්තා වූ දෙවෙනි කාරණය පෝෂණය කරනවා. යම් ආශ්‍රවයක් ඉපදී ඇත්ද එය පහ කිරීමට විරිය.

පස් වෙනි කාරණයට එනවා, සමාධි සම්බොජ්ඣඞ්ගය මගින් අධිශීල ශික්ෂාව පෝෂණය කරන අතර, එය උපෙක්ඛා නිමිත්ත පැවැත්වීමට ද ආධාර උපකාර කරයි. කෙසේ ද? අධිශීල ශික්ෂාව තුළ කරුණාව ඇත. පාණාතිපාත නැත. ආකාසානඤ්චායතනය වැනි අරූප ධ්‍යානවල ද පාණාතිපාත නැත, කරුණාව ඇත. සමාධිය මගින් මෙම ධර්මයන් පැවැත්වීම, ඒ කියන්නේ පාණාතිපාත පහ කිරීමට උදව් වන සමාධි සුදුසු බව පෙන්වා දෙනවා. මෙය අධිශීල ශික්ෂාව පැවැත්වීමට රුකුලක් වෙනවා.

එතකොට මේක කෙනෙකුට ලකුණු කරගන්න පුළුවන් ඔය කාරණා ටික, අපි පටන් ගත්තොතින්, මුලින් ම අධිචිත්ත ශික්ෂාව, හරහට එනවා උපෙක්ඛා නිමිත්ත, උපෙක්ඛා නිමිත්තෙන් අපි යනවා අඤ්ඤාතාවිනො ඉන්ද්‍රිය කියන එකට. ඒ කියන්නේ triangle එකේ අර slope එක වගේ එන එක. එතකොට ඊළඟට අපිට පේනවා අඤ්ඤාතාවිනො ඉන්ද්‍රියට උඩින් පග්ගහ නිමිත්ත. උපෙක්ඛා නිමිත්තට උඩින් අධිශීල ශික්ෂාව කියන එක ලකුණු වෙනවා. උපෙක්ඛා නිමිත්තට පල්ලෙහායින් අව්‍යාපාද විතක්කය. උපෙක්ඛා නිමිත්තෙන් වම් පැත්තට අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රිය. එතකොට අධිචිත්ත ශික්ෂාවයි අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රියයි අතර සමථ නිමිත්ත එනවා. එතකොට මේ කාරණා ටික ලකුණු කරගත්තොත් උපෙක්ඛා නිමිත්තට උඩින් අධිශීල ශික්ෂාවත් ලකුණු කරලා, එහෙම නම් අපිට එනවා මෙතන මේ, දැන් අපි බොජ්ඣඞ්ගය කාරණා ටිකත් මේකෙම ලකුණු කරගන්නවා.

අපි වෙන පාටකින් ලකුණු කරගත්තොත් අධිචිත්ත ශික්ෂාවට උඩින් සති සම්බොජ්ඣඞ්ගය. උපෙක්ඛා නිමිත්තට උඩින් සමාධි සම්බොජ්ඣඞ්ගය, පග්ගහ නිමිත්තට උඩින් ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය, පග්ගහ නිමිත්තට යටින් උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය. අඤ්ඤාතාවිනො ඉන්ද්‍රියට යටින් විරිය, ඒ කියන්නේ දෙවන විරිය. අව්‍යාපාද විතක්කයට යටින් පස්සද්ධි සම්බොජ්ඣඞ්ගය. එතකොට උපෙක්ඛා නිමිත්තට යටින් ප්‍රීති සම්බොජ්ඣඞ්ගය. උපෙක්ඛා නිමිත්තට උඩින් එන්නෙ සමාධි සම්බොජ්ඣඞ්ගය. එතකොට සමථ නිමිත්තට යටින් විරිය, දෙවෙනි විරිය කියන එක ලකුණු කරගන්නවා.

එහෙම ලකුණු කරගත්තොත්, අපිට පේනවා මේකෙ මේ pattern එකක් වගේ වෙන හැටි. අධිචිත්ත ශික්ෂාවෙන් අපි උපෙක්ඛා නිමිත්තට arrow එකක්. උපෙක්ඛා නිමිත්තෙන් අඤ්ඤාතාවිනො ඉන්ද්‍රියට arrow එකක් එනවා. අපි හිතමු ඕක black arrow එක වගේ දාගත්තා කියලා.

ඊට පස්සේ අපිට පුළුවන් green පාටින් වගේ arrow එකක් ආපහු හදාගන්න, අඤ්ඤාතාවිනො ඉන්ද්‍රියේ ඉඳන් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රියට එන එක. ඊළඟට ආපහු අපිට පුළුවන් මෙතන අව්‍යාපාද විතක්කයේ ඉඳන් green arrow එකක් දාගන්න උපෙක්ඛා නිමිත්තට. ආපහු අපිට green arrow එකක් දාගන්න පුළුවන් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රියේ ඉඳන් අධිචිත්ත ශික්ෂාව කියන එකට. දැන් එතකොට ආපහු පග්ගහ නිමිත්තේ ඉඳන් green arrow එකක් දාගන්න පුළුවන් අඤ්ඤාතාවිනො ඉන්ද්‍රියට. දැන් අපිට ආපහු පේනවා තවත් පොඩි parallel එකක් එනවා triangle එකක් නෙවෙයි ඒ triangle එකේ තියෙන්නෙ අපි blue පාටින් ඒක ලකුණු කරගත්තොත්, අඤ්ඤාතාවිනො ඉන්ද්‍රියෙන් එනවා උපෙක්ඛා නිමිත්තට. උපෙක්ඛා නිමිත්තෙන් උඩට යනවා සමාධි සම්බොජ්ඣඞ්ගයට. සමාධි සම්බොජ්ඣඞ්ගයෙන් එනවා ආපහු arrow එකක් උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගයට. උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගයෙන් එනවා අඤ්ඤාතාවිනො ඉන්ද්‍රියට.

ඔන්න ඔතන තමයි මේකෙ වැඩේ තියෙන්නෙ. ඒ කියන්නේ අර භාවනාව හරියට ලස්සනට කරලා තමන්ට පේනවා හරි ලස්සනට මේක පග්ගහ නිමිත්ත පෝෂණය කරමින් මේක කරන හැටි. ඒ කියන්නේ උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගයෙන් අඤ්ඤාතාවිනො ඉන්ද්‍රියට ආවා. ඒ අඤ්ඤාතාවිනො ඉන්ද්‍රියෙන් උපෙක්ඛා නිමිත්ත, උපෙක්ඛා නිමිත්තෙන් සමාධි සම්බොජ්ඣඞ්ගය, එතනින් ආපහු උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය. කොහොම ද මේ උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය මගින් පග්ගහ නිමිත්ත පෝෂණය කරන්නේ? අඤ්ඤාතාවිනො ඉන්ද්‍රිය තුළ ඇති හතර වන කාරණය මනා කොට පැවැත්වීම විශේෂිතයි.

මොකක් ද හතර වෙනි කාරණයේ තියෙන්නෙ? අඤ්ඤාතාවිනො ඉන්ද්‍රියේ යම් ආශ්‍රවයන් පහ කිරීමට යම් කුසලයක් පැවැත්විය යුතු ද එම කුසලයෝ මුළා නොවී පැවැත්විය යුතුයි, පග්ගහ නිමිත්ත.

කොහොම ද මේක වෙන්නේ. අපිට පේනවා විරිය, දෙවන විරිය අඤ්ඤාතාවිනො ඉන්ද්‍රියේ, ලෝභ, ද්වේෂ, මෝහ එපා. එහෙම නම් ලෝභ, ද්වේෂ, මෝහ එපා කියලා කියනවා නම්, ඒවා පහ කරනවා නම්, අපි යන්නේ නැහැ මේ කුම්මග්ග පටිසේවනය පැත්තේ වෙන දේවල් අපි අයින් කිරීම කියන එක අපේ තියෙනවා. එතකොට අරි අට මඟ කියන එක පැවැත්වීමට රුකුල් දෙනවා. උපෙක්ඛා නිමිත්තට ආවට පස්සෙ අපි දස කුසලය. එතකොට ඒ දස කුසලයට අපි ආවට පස්සෙ, දස කුසලයෙන් අපි දන්නවා අපිට හැදෙනවා කියලා අලෝභ, අදෝස, අමෝහ කියන ඒ මූලයන් හැදෙනවා. එතනින් අරි අට මඟ කියන එකට යනවා.

දැන් එහෙම නම් පග්ගහ නිමිත්තට ඔන්න එක පැත්තකින් support කරනවා. ආපහු උඩ සමාධි නිමිත්තට ගියහම සමාධි සම්බොජ්ඣඞ්ගයේ ඉඳන් කියනවා, අර මේ විදිහට පහ කරලා පවත්වන එක තමයි හොඳ. සමාධියෙන් කියනවා, මේ කුකුල් පට්ටි දාගෙන ඉන්න එක නෙමෙයි, මිච්ඡා දිට්ඨියේ ඉඳන්, මේවා අයින් කරගෙන ඉන්න එක. දැන් අර සතියෙන් ඇවිල්ලා තියෙනවා නේ උපෙක්ඛා නිමිත්තට ඒ කතාව මිච්ඡා දිට්ඨිය එපා සම්මා දිට්ඨිය හොඳයි කියන එක confirm කරමින් ඒක පවත්වනවා. එතකොට ඒක ආපහු උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගයට support කරනවා. එතකොට ඒකෙන් පෙන්නන්නෙ මොකක් ද? අපි අර අරි අට මඟට අපි ආවා, අරි අට මඟට ආවා නම් අරි අට මඟෙන් පෙන්නනවා, පාණාතිපාතය කියන එක මම කරනවා නම් මට දුක වැටහෙන්නේ නැහැ.

පාණාතිපාතය, ඒ කියන්නේ අරි අට මඟේ පෙන්නනව නේ ඕක එපා කියලා. එතකොට දුක කියන එක වැටහෙන්නේ නෑ කියන එක තමන්ට තේරෙනවා. එතකොට දුක්ඛ සත්‍යය, දුක්ඛ සමුදය. මේකේ තියෙන්නේ ඔච්චරයි නේ. එහෙම නම් ඉතින් තමන් මේකෙ ඉන්නෙ නැහැ. පුදුමාකාර වූ උපෙක්ඛාවක් මේකෙ පවතිනවා.

ඒක තමයි මං කරපු භාවනාව.