Date: 20/08/2016 Name: Nibbana

ඒ පූජාවෙන් පස්සේ ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

අද භාවනාවේ දී මෙනෙහි කළේ, ඊයේ භාවනාවේ අවසානයට අපි සඳහන් කළා සමාන්තරාස්‍රයක්, parallelogram එකක්. ඒක ක්‍රියාත්මක වන ආකාරය.

Parallelogram.jpg

එතකොට ඊයේ අපි කළේ උපෙක්ඛා භාවනාව, සප්ත බොජ්ඣඞ්ගයත් එක්ක වැඩීමෙන් කරන භාවනාව ඒකෙ අවසානයට පෙන්නපු ඒ සමාන්තරාස්‍රය තමයි, ඒකෙ අපි දන්නවා, සමාධි සම්බොජ්ඣඞ්ගය තියෙනවා. එකේ යටින් අපි අරි අට මඟයි කියලා ලියාගත්තා. ඊළඟට දකුණු අත පැත්තට ගත්තහම, පග්ගහ නිමිත්තට පල්ලෙහායින් එනවා උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය. ඊළඟට උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගයෙන් පල්ලෙහාට එනවා අඤ්ඤාතාවිනො ඉන්ද්‍රියට. ඊට පස්සේ අපි එනවා උපෙක්ඛා නිමිත්තට. එතකොට අපිට එනවා සමාධි සම්බොජ්ඣඞ්ගය, උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය, අඤ්ඤාතාවිනො ඉන්ද්‍රිය, උපෙක්ඛා නිමිත්ත.

එතකොට මේකේ අපි numbers දාගන්නවා නම් අඤ්ඤාතාවිනො ඉන්ද්‍රිය තියෙන තැනින් අපි යටින් දාගන්නවා 1 ලෝභ, ද්වේෂ, මෝහ, පහ කරයි කියලා. ඒක තමයි දෙවෙනි විරිය. මොකද, අඤ්ඤාතාවිනො ඉන්ද්‍රිය දෙවැනි කාරණය තමයි අපි මෙතනින් අයින් කරන්නේ. එතකොට ඒ කියන්නේ අපි උපෙක්ඛාව දක්වා අපි ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි focus කරනවා දෙවැනි විරියට. එතනින් අර ලෝභ, ද්වේෂ, මෝහ පහ කිරීම. එතනින් අපි එනවා parallelogram එකේ උඩට, උපෙක්ඛා නිමිත්තට. අන්න එතන උපෙක්ඛා නිමිත්තට යටින් දස කුසලය. එතකොට අපි ඒක 2 කියලා ඒක ලියාගන්නවා. එතනින් හරහට යනවා පග්ගහ නිමිත්ත තියන තැනට. එතකොට 3 පග්ගහ නිමිත්තේ අරි අට මඟ කියන එක.

ඊට පස්සේ අපි උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය. එතකොට පල්ලෙහායින් තියෙනවා 4 කියලා දාගන්නවා, අලෝභ, අදෝස, අමෝහ කියන එකට. එතනින් 4 න් අපි එනවා ඊළඟට අරි අට මඟට. සමාධි සම්බොජ්ඣඞ්ගය තියෙන තැන පල්ලෙහා 5, අරි අට මඟ කියන එක. ඊට පස්සේ අපි එතැනින් එනවා, 6, අර උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය කියන තැනට තමයි වැටෙන්නේ, මිච්ඡා දිට්ඨිය කියන එක ඉවත් වෙනවා කියන එක. එතකොට මේකේ මේ numbers වලින් පෙන්නන්නේ. ඒ path එකේ හැටියට තමයි මේක සිද්ධ වෙන්නේ.

පළවෙනියට පෙන්නනවා, උපෙක්ඛා භාවනාවෙන් යමෙක් අඤ්ඤාතාවිනො ඉන්ද්‍රිය දක්වා පැමිණෙන්නේ දෙවන විරිය භාවිතා කොට, ලෝභ ද්වේෂ මෝහ පහ කිරීම සිදු කරන්නේ, උත්සාහ කරන්නේ, විරිය යොදවන්නේ, දස කුසලය දක්වා පැමිණීම කියන එක සිද්ධ වෙනවා. දස කුසලය මගින් අරි අට මඟ කරා එළඹෙනවා.

එතකොට 3, පග්ගහ නිමිත්ත පුරනවා. පග්ගහ නිමිත්ත තුළ ඇති අරි අට මඟේ ඇතුළත් වන හතර වන විරිය භාවිතා කරන්නේ සංස්කාරයන් කියන ඒවා ඉවතලනවා. එතකොට රූපයේ best එක අරූපය, මතක ද ඒ විදිහට සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤාවේ තිබෙන විදිහට අමෝහයෙන් අදෝෂය ඇති වෙනවා, අදෝෂයෙන් අලෝභය ඇති වෙනවා.

කොයි ආකාරයට ද ඒක සිද්ධ වෙන්නේ? අමෝහයෙන් අදෝෂය අපිට තේරෙනවා නේ. සංස්කාර නිසා පවතින්නේ නැහැ, ඉතින් රෝගී සඤ්ඤාව එතන අයින් කිරීම මෙතන සිද්ධ වෙනවා. ඒක අර ආයතන භාවනාවේ එහෙම බලලා තියෙනවා. අදෝෂයෙන් අලෝභය ඇති වෙන්නේ කොහොම ද?

ඒකට තේරුම් ගන්න ඕනේ අර සක්කාය දිට්ඨි diagram එක අපි බලලා තියෙනවා, round 6 step 4 කියන එක. එතකොට ඒකෙ මතක ඇති, අර වේදනාව කියන එක නාමරූප කියන තැනට එනවා, අර reverse වෙලා ඇවිල්ලා තියෙනවා නේ විඤ්ඤාණය නිත්‍යයි කියලා a2 කියලා අපි එහෙම දාල තියෙන්නෙ. එතකොට ඒ නාමරූපයෙන් 6.4 පරාමාසකායගන්ථයට ඇතුල් වෙනවා කියන එක. එතකොට එතන අපි දන්නවා ඔය වේදනාවයි ඒ නාමරූපයයි දක්වා අපි ලියාගත්තා, මේ නන්දියේ තියෙන අගය, value of the delight, කියන නන්දිය, කියන එක අපි ලියාගත්තා. එතකොට එහෙම නම් අපි බලන්න ඔය වම් අත පැත්තට, ඒ කියන්නේ මේ නන්දිය පැත්තට. එතෙන්ට අපි එන්න ඕනේ වාක්‍යය මොකද්ද? කාම ආශ්‍රව වීම මගින් නන්දි වූයේ නම් ද්වේෂය කියන එක ඇති වෙනවා. ඒක නොවෙන්න ඕනේ. එතකොට අනෙක් පැත්තට ගත්තහම දැන් අපි දන්නව නේ, අධිප්‍රඥා ශික්ෂාව, පග්ගහ නිමිත්තට උඩින් තියෙන්නෙ, නේ ද? අධිප්‍රඥා ශික්ෂාව, අරූප ධ්‍යාන කුසලය. එතකොට අරූප ධ්‍යානයේ නොඇලීම, ධ්‍යාන සංස්කාර ඉවතලීම. උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගයෙන් කෙරෙන්නා වූ කාර්යයක් නේ. එතකොට මේ විදිහට, 4 වෙනි කාරණයට අපිට ආවා අලෝභ, අදෝස, අමෝහ වෙනවා කියන එක.

මෙම අලෝභ, අදෝස, අමෝහ ස්වභාවය නිසා ඇති වන සම්මා සමාධියේ, විමංසා ඉද්ධිපාදය ඇතුළත්. එමගින් සම්මා ඥානය කියන එක ඇති වෙනවා. මේ විදිහට පස් වෙනි කාරණය, සමාධි සම්බොජ්ඣඞ්ගයට, අපි පැමිණෙනවා. සම්මා ඥානය නිසා වන සම්මා විමුක්තිය මගින් සියලු මිච්ඡා දිට්ඨින් පහ කරනවා. මේ වගේ එකකින් හරි ඉන්නවා කියන එක පහ කරනවා.

අරි අට මඟ සම්පූර්ණ කරනවා. දුක යැයි වැටහේ, දුක්ඛ සමුදය යැයි වැටහේ, දුක්ඛ නිරෝධය යැයි වැටහේ. මෙසේ අරි අට මඟින් ම පග්ගහ නිමිත්ත මනා කොට පවත්වයි. නිර්වාණය සාක්ෂාත් කරයි. එතකොට ඒක තමයි භාවනාව.

හැබැයි ඉතින් ඒ භාවනාව කරන්න කෙනෙක් යන්න ඕනෙ අර ඊයේ කරපු විදිහට ම භාවනාව පටන් ගන්න ඕනෙ. සතිය කියන එක තමයි ඒකේ පළවෙනි කාරණයට. ඊයේ භාවනාවේ පළවෙනියට ගත්ත ඒ සතිය කියන එකෙන් අර ධම්මානුපස්සනාවයි වේදනානුපස්සනාවයි දෙක තියෙනවා නේ, ඉතින් ඒ දෙකෙන් තමයි මේක හුඟක් ම මතකය තියෙන එක්කෙනාට නිකන් ම මේක සිද්ධ වෙනවා. මේකේ අනාශ්‍රව වෙලා ම යි හිටියේ. බොහෝ කාලයක් අනාශ්‍රව වෙලා ඉන්නවා ඒකෙ ඒ විදිහට ම.

ඉතින් මේක කරලා ඔය හතර වෙනි කාරණය, අලෝභ අද්වේෂ අමෝහ කියන තැනදි ආවා ම රහතන් වහන්සේ කිව්වා, “රශ්මිය පිට වෙනවා” කියලා. මට දැනුණා ඒක හරියට. ඊට පස්සේ ඔය 6 වෙනි කාරණය තැනට ආවයින් පස්සෙ තමන්ට තේරෙනවා, ඒ මිච්ඡා දිට්ඨිය ඉවත් වෙනවා කියන තැනදි, ඒ තමන් ඉන්නේ බොහොම මේ ආකිඤ්චඤ්ඤායතන, ආකිඤ්චන සමාපත්ති අන්න ඒ වගේ ඈතට ගිහිල්ලා තියෙන්නෙ. අන්න එතැනදි තේරෙනවා අල්ලගන්න තැනක් නෑ. ඒ වගේ ම තේරෙනවා අතහරින්න දෙයකුත් නැහැ කියලා. අල්ලගන්න තැනකුත් නැහැ, අතහරින්න දෙයකුත් නැහැ. ඒ කියන්නේ තමන් ඒ තරම් දුරකට ගමන් කරලා, මෙහේ තියෙන ඒවා අතහැරලා තමයි එච්චර දුරක් ගිහින් තියෙන්නේ. අන්න ඒ තත්වය තමන්ට වැටහෙනවා.

ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

DukkaChakraya/DukkaChakraya-04.jpg