Date: 21/08/2016 Name: Iddhi

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

අද භාවනාවේ දී මෙනෙහි කළේ, උපෙක්ඛා අප්‍රමාණය ඉද්ධිපාද ධර්මයන් සමඟ වඩන්නේ කෙසේ නිර්වාණය සාක්ෂාත් කරයි ද යන්නයි. උපෙක්ඛා අප්‍රමාණය ඡන්ද ඉද්ධිපාදයෙන් පෝෂණය වන්නේ නම් රාග අනුසය පහ කර නිර්වාණය සාක්ෂාත් කරයි. කෙසේ ද? යම් ඡන්ද ඉද්ධිපාදයක් වේ ද, එය තුළ රාග අනුසය පහ කිරීමේ හැකියාව පවතී. කෙසේ ද?

යම් දහමක්, යම් රූපයක් උදව් උපකාර කර පවතී ද එම රූපයන්ගේ පැවතීමක් නැති බව උපෙක්ඛා අප්‍රමාණයේ ඇති සංස්කාර ඉවතලීම නිසා වන රූපයට සුඛ යැයි පැවරීමක් නැති ද, ඒ නිසා වන කාම ආශ්‍රවයෝ බැස යාම නිසා නන්දියක් නැත. නන්දි නොවන්නේ, සුඛ බව දන්නේ, දක්නේ, ඡන්ද ඉද්ධිපාදය රාග අනුසය පහ කරයි.

ඊළඟට දෙවනියට පෙන්නනවා, උපෙක්ඛා අප්‍රමාණය චිත්ත ඉද්ධිපාදය සමඟ වඩන්නේ උපෙක්ඛා අප්‍රමාණ ගුණයන් දෙකක් මගින් චිත්ත ඉද්ධිපාදය පෝෂණය කරන අතර, චිත්ත ඉද්ධිපාදයේ ගුණ දෙකක් මගින් උපෙක්ඛා අප්‍රමාණය පෝෂණය කරනවා. පෙර සාකච්ඡා කළ අයුරින්, ඒ කියන්නේ 11/07/2016 ඉද්ධිපාද භාවනාව. ඒක මතක තියෙන්න ඕනෙ ටිකක්. එතකොට උපෙක්ඛා අප්‍රමාණයේ ගුණ දෙක අපි බැලුවොත් මෙතන, පළවෙනියට කියන්න පුළුවන්, අධිචිත්ත ශික්ෂාව තුළ රූපයට නිත්‍යභාවය එකතු කිරීම පහ කරන බැවින් රූපය නිසා මම වෙමි යන්න පහ වීම සිදු වෙනවා. මෝහ නොවේ. දෙවනියට කියන්න පුළුවන්, අපි දන්නවා භය අගතියේ ඉඳන් වේදනාවට එන්නා වූ පාරක් තියෙනවා. ඒක සංස්කාර ඉවත් වීම නිසා රූපයට සුඛ යැයි එකතු කිරීම පහ කිරීම කියලා අපිට ඒ line එකේ ලියාගන්න පුළුවන්. ඇයි උපෙක්ඛා අප්‍රමාණය සංස්කාර ඉවත් කරනවා නේ. ඊළඟට ආපහු මේ ජාතියේ ඉඳන් වේදනාවට එන්නා වූ රේඛාව. ඒකේ අපි අර පළවෙනි විරිය ලකුණු කරගන්නවා. පළවෙනි විරියේ දෙවන කොටස. මතක ද ඒකේ පෙන්නුවා කාමෙසුමිච්ඡාචාරා වැනි සංස්කාරයන් මගින් ඇති වන්නේ සුඛ යන මතය පහ කිරීම කියලා, අන්න ඒ කොටස් දෙක. එහෙනම් වේදනාවට ජාතියේ ඉඳන් එන එකයි වේදනාවට භය අගතියේ ඉඳන් එන එකයි අයින් කිරීම කියන එක.

ඊළඟට චිත්ත ඉද්ධිපාදය මගින් උපෙක්ඛා අප්‍රමාණය පෝෂිත කිරීම, සිද්ධ වෙන්නෙ කොහොම ද? ඒ කියන්නේ complement කරනවා දෙන්නට දෙන්නා.

එතකොට ඒකෙදි පළවෙනි කාරණයට ගන්න පුළුවන්, ඡන්ද සමාධිය මගින් යම් සංස්කාරයක් ඉවතලන්නේ ද එය චිත්තයට කාවදිනවා. චිත්තය මගින් ද එම සංස්කාරයන් ඉවතලීමට සිත සමාදන් කර ගනියි. මෙසේ චිත්ත සමාධිය මගින් උපෙක්ඛා අප්‍රමාණයට උදව් උපකාර කරනවා. ඕක දන්නවා අපි paddle එක වගේ තිබෙන්නා වූ කොටස. ඉදංසච්චයේ ඉඳන් මෝහ අගතියට, ඡන්ද සමාධියෙන් සංස්කාර ඉවතලනවා, එතකොට ඊළඟ paddle එකට එනවා භය අගතියේ ඉඳන් පරාමාසයට තියෙන එක, එම ඉවතලීම චිත්ත සමාධියට කාවදිනවා කියලා.

ඊළඟට දෙවැනි කාරණයට පෙන්නන්න පුළුවන්, පරාමාසයට වේදනාව නිසා යම් දහමක් එකතු වේ ද, වේදනාවට ප්‍රතිචාර නොදක්වන්නේ චිත්ත ඉද්ධිපාදයෝ වේදනාවේ ඉඳන් පරාමාස වීම කියන එක වළක්වනවා. මේ නිසා වේදනා සඳහා චිත්ත සංස්කාර නොසෑදීම මගින් උපෙක්ඛා අප්‍රමාණයට උදව් උපකාර එනවා. ඒක තමයි භාවනාව හැටියට තියෙන්නෙ.

ඉතින් මේ භාවනාව මේ විදිහට බලලා, කෙනෙක් මේ උපෙක්ඛා අප්‍රමාණයට යනවා කියලා ඒ හිතනවා නේ ද, භාවනාව කරගන්න බැහැ.

ඒ කියන්නේ එහෙම ම සිත නතර වෙලා, ඒක පැවතීම කියන එක තියෙනවා. ටිකක් කාරණාවක් පොඩ්ඩක් ආපුවහම, මතක් වුණහම, මේක පුදුම සුඛයි මේ භාවනාව. පුදුමාකාර සුඛයක් පවතිනවා. මේ ඡන්ද ඉද්ධිපාදයෙන් කරන්නා වූ දේ තමන් මෙනෙහි කිරීමෙන් ම පෙර නොදන්නා වූ තත්වයට තමන්ට ඒක තේරෙනවා. මේ සුඛය කියන එක තමන්ව මේ යට කරගන්නවා කියලා මම කියන්නේ නැහැ. නමුත් මේ සුඛය මට තේරෙනවා හරි වෙනසක් තියෙනවා කියලා. ඒ කියන්නේ සිතේ නතර වීමත් තියෙනවා, එතකොට ඒකෙ සුඛයකුත් තියෙනවා ඡන්ද සමාධියෙන් ඒක ඉවත් කිරීමක් තියෙනවා. ඉතින් මේ මුළු, මට මේක විස්තර කරන්න නම් බැහැ. ඒ කියන්නේ ආකිඤ්චඤ්ඤායතනය ඒවා ඔක්කොම අයිතියි. අන්න ඒ වගේ තත්වයක්. පළවෙනි එකෙන් ම ඒක ඇති වෙනවා. මේ මිනිත්තු 25 ම, මම හිතන්නේ දිගට ම ඒ විදිහ ම තමයි ඒ භාවනාව කියන එක. ඉතින් මේ කරුණාව භාවිතා කරලා යම්කිසි දෙයක් කරනවා හැරෙන්න නම්, මට තේරුණේ නෑ වෙන එකක් කියන එක.

ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

s_Paths_of_Iddhi.jpg