ඒ උතුම් බුදුපියවරු ශ්රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවේ දී මෙනෙහි කළේ, උපෙක්ඛා අප්රමාණය විරිය ඉද්ධිපාදය සමඟ වඩන්නේ කෙසේ නිර්වාණය සාක්ෂාත් කරයි ද යන්නයි.
විරිය ඉද්ධිපාදයේ ධර්ම කාරණා දෙකක් උපෙක්ඛා අප්රමාණය මගින් පෝෂිත වන අතර, උපෙක්ඛා අප්රමාණයේ ධර්ම තුනක් විරිය ඉද්ධිපාදය මගින් පෝෂිත වන්නේ නිර්වාණය සාක්ෂාත් කරයි. විරිය ඉද්ධිපාදය මගින් උපෙක්ඛා අප්රමාණය පෝෂිත වීම කෙසේ ද?
පළවෙනි කාරණයට පෙන්නන්න පුළුවන්, විරිය ඉද්ධිපාදය සංස්කාර මගේ යැයි නොගැනීම උපෙක්ඛා අප්රමාණයට උදව් උපකාර කරනවා. උපෙක්ඛාව සමානත්වයේ තබා ගන්නවා. වෙනසක් නොකරයි.
දෙවැනි කාරණයට පෙන්වන්න පුළුවන්, විරිය ඉද්ධිපාදයේ අත්ත සඤ්ඤාව මගේ යැයි නොගැනීම ඇත. එය අවිද්යා ආශ්රවයට බාධාවක් වන්නේ ය. කැරකැවීමෙන් ඇති වන ආස්වාදය අවිද්යා ආශ්රවය තුළ ඇත. මෙය බැස යන්නේ නම්, නැවතත් කාම ආශ්රව වී සංස්කාර සෑදීම නොවේ. මෙය උපෙක්ඛා අප්රමාණයට, හරියට අර පෙළක් අය කියන්නේ කනේ මී පැණි වක් කරනවා වගේ කියලා, පිරිසිදු ධර්මයක් ඇහුවහම. ආන්න ඒ වගේ. උපෙක්ඛා අප්රමාණයට මෙය එසේ ය.
තුන් වෙනි කාරණයට පෙන්නනවා, විරිය ඉද්ධිපාදය මගින් අලුත් සංස්කාර ඉවතලනවා. ඒ නිසා උද්ධච්ච නොවේ. ඒ නිසා මෝහ නොවන්නේ, මිය ගියා වූ සංස්කාරයන් අලුත් සංස්කාර මගින් replace කිරීම නවතී. මෙය උපෙක්ඛා අප්රමාණය හානි නොවී පැවතීමට උදව් උපකාර වෙනවා. ඒක හරි වැදගත් කාරණාවක්.
ඊළඟට අනෙක් පැත්ත බලනවා. උපෙක්ඛා අප්රමාණය විරිය ඉද්ධිපාදයට කෙසේ උදව් උපකාර කරයි ද කියන එක.
උපෙක්ඛා අප්රමාණය සංස්කාර ඉවතලයි. එය මගේ යැයි නොගනී. සංස්කාරය රැකීම අතහරියි. එසේ නම් සංස්කාරයන් ඉවත් වීම සිදු වෙනවා. සබ්බනිස්සග්ගය තියෙනවා නේ උපෙක්ඛා අප්රමාණයේ. සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤාව.
ඊළඟට දෙවනියට පෙන්නනවා, සංස්කාර නිසා අත්තා නොවන්නේ සඤ්ඤා නිසා අත්තා වීම ඉවතලනවා. සබ්බාසව සූත්ර භාවනාවේ පෙන්නනවා නේ සංස්කාර අත්තා නැත්නම් area 4 වල අත්තා නැත කියලා. එතකොට ඒ භාවනාව තමයි එතනට plug වෙන්නේ. එතකොට මේක තමයි භාවනාව.
එතකොට දැන් මෙතන කෙනෙකුට ප්රශ්නයක් තියෙන්න පුළුවන් අර 11/07/2016, ඉද්ධිපාද භාවනාව. ඒකෙදි අපි ඉගෙන ගත්තා අර සමාපත්ති ධර්මයන් පහ කිරීමක් තියෙනවා කියලා. ඒක සිද්ධ වෙන්නේ අර අලෝභ පාරේ තියෙන, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියෙන්. ඒකේ පෙන්නනවා, ඒ ඉන්ද්රිය මගින් නූපන් කුසල් උපදවනවා කියලා. මේක මේ භාවනාවේ දී වෙන්නෙ කොහොම ද? මේ භාවනාවේ දී වෙන්නේ මේ විරිය ඉද්ධිපාදය කොටසේ අපි දෙවනියට සඳහන් කළා කාරණාවක්. ඒ කාරණාව තුළ තියෙනවා අවිද්යා ආශ්රවය ඉඳන් කාම ආශ්රව දක්වා යෑම අත්හිටවලා තියෙනවා කියලා. නවත්වලා. එමගින් තමයි මේක සිද්ධ වෙන්නේ. ඉතින් එතකොට ඒක කෙනෙකුට diagram එකක් මගින් ඇඳගන්නවා නම්, අපි දන්නවා ජාති, වේදනා, චේතනා. චේතනාවේ ඉඳන් පරාමාසයට තියෙන්නෙ අත්තා. අත්තා කියන එකේ පසු සඤ්ඤාව අවිද්යා ආශ්රවය. අවිද්යා ආශ්රවයේ ඉඳන් කාම ආශ්රවයට එනවා කියන එක සිදු වෙන්නේ නැහැ. මේක සිදු වන්නේ නැත්නම් අන්න අර අත්තා කියන තැනට අපි එනවා සමාපත්ති ධර්මයෙන් අත්තා කර නොගැනීම කියන එක. අන්න ඒ ක්රමයට තමයි මේකෙ ඒක සිදු වෙන්නේ.
එතකොට මේ භාවනාව කළහම, ඔය දැන් මේ විරිය ඉද්ධිපාදයෙන් කාරණා තුනක් උදව් උපකාර කළා. අනෙක් පැත්තට උපෙක්ඛා අප්රමාණය විරිය ඉද්ධිපාදයට උදව් කරනවා කියන එක තියෙනවා. මේක කළහම අර ඊයේ වගේ ම අර සුඛ වූ ඒ ස්වභාවයට තමන් පැමිණෙනවා. එහෙම stable වෙලා ඉන්න පුළුවන්කම කියන එක. අතෙන්ට එන්න පුළුවන් ආපහු නැවතත්.
ඒක තමයි මං කරපු භාවනාව.