ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවේ දී මෙනෙහි කළේ, උපෙක්ඛා අප්‍රමාණය විමංසා ඉද්ධිපාදය සමඟ වඩන්නේ කෙසේ නිර්වාණය සාක්ෂාත් කරයි ද යන්නයි.
විමංසා ඉද්ධිපාදය මගින් ලෝභ, ද්වේෂ, මෝහ පහ කරනවා. විශේෂයෙන් ම ලෝභ, ද්වේෂ, මෝහ නිසා වන යම් දහමක් වේ ද, ඒවාට මාන වීම පහ කර ඇත. එසේ නම් අලෝභ, අදෝස, අමෝහ වන්නේ එමගින් අරි අට මඟ සපුරාලනවා.
අරි අට මඟ සපුරාලන්නේ, සියලු දුක්ඛයන් දන්නේ දක්නේ, විද්‍යා විමුක්තිය ඇති වේ. එමගින් නිර්වාණය සාක්ෂාත් කරයි. උපෙක්ඛා අප්‍රමාණය කෙසේ උදව් උපකාර කරයි ද? අරි අට මඟ සම්පූර්ණ කිරීමට බව පැවසිය යුතු ය. කෙසේ ද? පාණාතිපාත වැනි සංස්කාරයන් ඉවතලීමෙන් අනතුරුව පවත්නා වූ අත්ත සඤ්ඤා ඉවත් වීමෙන් ද, එමගින් අභිජ්ඣා නොවීමෙන්, මිච්ඡා දිට්ඨිය ඉවත ලා සම්මා දිට්ඨිය පැවැත්වීමෙනි. උපෙක්ඛා අප්‍රමාණයට විමංසා සමාධිය අවශ්‍ය බව අපි දනිමු. විමංසා සමාධිය නොවන්නේ නම් උපෙක්ඛා අප්‍රමාණය නොවේ. මෙසේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් අරි අට මඟේ ගමන් කරන්නේ ඉතා පහසුවෙන් නිර්වාණය සාක්ෂාත් කරයි. ඒක තමයි භාවනාව.
එතකොට මේක තේරුම් ගන්න ඔයගොල්ලො එන්න ඕනේ අර 21/07/2016 නිබ්බාන භාවනාවෙදි සාකච්ඡාවේ වටහා ගත්ත කාරණා. ඒකෙ අපි ඉගෙන ගත්තා දුක්ඛ සත්‍යය. පේළි තුනක් තියෙනවා නේ. ජාති, ජරා, ව්‍යාධි, මරණ. දුක්ඛ, දෝමනස්ස, සෝක, පරිදේව. උපායාස, ප්‍රියේහි විප්පයොග, අප්‍රියේහි සම්පයොග, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං. ඔය පේළි තුන, භාවිත කායා පළවෙනි පේළිය, දෙවෙනි එක භාවිත සීලා, තුන් වෙනි පේළිය භාවිත චිත්තා, භාවිත ප්‍රඥා.
එතකොට ඒකෙ අපි තේරුම් ගත්තා, මේ දුක්ඛය වටහා ගන්න අරි අට මඟ කියන එක ඕනෙ. ඒ කියන්නේ කවුරු හරි පාණාතිපාතය කියන එක කරනවා නම් ඒ පුද්ගලයා මරණයට කැමතියි. මරණයට කැමති නම් මරණය දුකක් කියලා වැටහෙන්නේ නැහැ. කවුරු හරි අදත්තාදානය කරනවා නම්, එහෙම නම් මව් කුසට රිංගනවා කියන එක තියෙනවා. හොරකම් කරගැනීම කියන එක, ලොකු ම හොරකම නේ. එහෙම නම් තමන් ජාතිය දුකයි කියලා වැටහෙන්නේ නැහැ. එතකොට ඕක හොඳට හිතන්න ඕනෙ. ඒ වගේ ම තමයි ඉතින් දෙවෙනි line එකේ භාවනාව බලන්න වෙනවා කෙනෙකුට. අර දුක්ඛයට මුසාවාද, දෝමනස්සයට පරුෂා වාචා, සෝකයට පිසුණා වාචා, පරිදේවයට සම්පප්‍රලාප. ඒක කරනවා නම් පරිදේවය දුකක් කියලා තේරෙන්නේ නැහැ, සම්පප්‍රලාප කරනවා නම්. එතකොට සම්පප්‍රලාපය නිසා නිත්‍යභාවය.
ඊළඟට උපායාසය කියන එකට අපිට එනවා ව්‍යාපාදය. ප්‍රියේහි විප්පයොග, අප්‍රියේහි සම්ප්‍රයෝග, අභිජ්ඣා. යම්පිච්ඡං න ලබති තම්පි දුක්ඛය කියන එකේ, ඒකෙ තියෙනවා අත්තා කියන එක, එතකොට මිච්ඡා දිට්ඨිය. එතකොට ඒ ඕක නිත්‍ය කතාව සම්පප්‍රලාපයෙන් නැති වෙන්නේ ප්‍රඥාවෙන්. මිච්ඡා දිට්ඨිය නැති වෙන්නේ සම්මා ඥානයෙන්. ඉතින් අපි ඕක ඉගෙන ගත්තා. ඔය පේළි තුනක් නේ දැන් තියෙන්නෙ. දුක්ඛය තියෙන පේළි තුන. පළවෙනි පේළිය ඒක මගින් අපිට පේනවා රූප සමඟ පැවැත්විය නොහැකි ය. ඒකෙන් සච්චාධිට්ඨානය ඇති වෙනවා. දෙවන පේළියේ පෙන්නනවා වේදනාව, මුසාවාදය සුඛයි කියලා ඒකෙන් ඉන්න පුළුවන්කමක් නැහැ, ඒකෙන් සච්චාධිට්ඨානය. තුන් වෙනි පේළිය සඤ්ඤාව මගින් පැවතිය නොහැක. එතකොට ඒක මගින් සච්චාධිට්ඨානය. එතකොට එහෙම නම් අරි අට මඟින් සච්චාධිට්ඨානය.
එතකොට ආපහු ඕක සම්බන්ධ කරලා පෙන්නුවා 24/07/2016, නිබ්බාන භාවනාව. ඒකෙ පෙන්නනවා මේ ඡන්ද සමාධිය යොනිසොමනසිකාරය මගින් පෝෂිත වේ. අන්න ඒ භාවනාවත් එක්ක ඒක සම්බන්ධ වෙන්න ඕනේ. එතකොට තේරෙනවා. ඒ කියන්නේ රූපය සමඟ පැවැතිය නොහැකි බව දන්නේ දක්නේ, එම අනිත්‍යභාවය මගින් නොපවතින රූප ආශ්‍රිත වූ චිත්ත සංස්කාර පහ කරයි, නිර්වාණයට ම ඡන්දය ඇති වේ. ඒ විදිහට ම අර වේදනාවත් සමඟ, ඒ වගේ ම සඤ්ඤා සමඟ. ඒකෙ ඉන්න බැහැ කියලා දන්නේ දක්නේ, නිර්වාණයට ම ඡන්ද සමාධිය කියන එක ඇති වෙනවා.
එතකොට මේ භාවනාව මෙහෙම කළහම තමන්ට පේනවා, දැන් මේ තමන්, දුක්ඛය අපි බලාගෙන යනවා නේ උපෙක්ඛා අප්‍රමාණයට. යනකොට ම උපෙක්ඛා නිමිත්ත. උපෙක්ඛා නිමිත්තෙදි මෙන්න මේ කාරණා ටික එනවා. එතනට ගියාට පස්සේ තමන්ට පේනවා ඒ උපෙක්ඛා අප්‍රමාණයට යනකොට ම අරි අට මඟ හැදිලා, පෝෂිත වෙලා. එතකොට ඒකෙන් දැන් අර පළවෙනි වාක්‍යයට කිව්ව දේ තියෙනවා නේ, නැති වෙන ක්‍රමය.
ඉතින් ඒකේ පෙන්නනවා නේ හරි ලස්සනට ඉතින් මෙතන සම්මා ඥානය ඇති වෙලා ඒ මිච්ඡා දිට්ඨි ඒවා පහ කරගෙන සම්පප්‍රලාපය, නිත්‍ය කතාව, පාණාතිපාත ඒවා අනිත් පැත්තට දැන් යනවා reverse එකේ. එතකොට ඒක reverse එකේ යනකොට, ඒ කියන්නේ සම්මා දිට්ඨියෙන් බලපාන හැටියි පෙන්නන්නෙ. ඊට පස්සේ තමන්ට වැටහෙන්නේ, අපි මේ මාන වෙලා තියෙන්නෙ දුක්ඛයට ම යි. දුක්ඛ වෙලා තියෙන්නෙ මානය. මාන වෙලා තියෙන්නෙ දුක්ඛයට ම යි. එතකොට දුක්ඛයට තියෙන මානය අයින් කළාට පස්සේ ඒ වැඩේ ඉවරයි. ඒක තමයි හොඳට වැටහෙන්නේ.
ඒක තමයි මං කරපු භාවනාව.