Date: 24/08/2016 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

අද භාවනාවේ දී මෙනෙහි කළේ, ආරද්ධ විරිය තුළ ඇති ධර්ම කාරණා තුනක් අඤ්ඤාතාවිනො ඉන්ද්‍රිය මගින් පෝෂිත කරන්නේ නම්, කෙසේ නිර්වාණය සාක්ෂාත් කරයි ද යන්නයි.

ආරද්ධ විරිය තුළ ඇති ස්ථාමවත්, දළපැරකුම්, නොහළ ධූර, යන ධර්මයන් අඤ්ඤාතාවිනො ඉන්ද්‍රිය මගින් පෝෂිත වන්නේ නිර්වාණය සාක්ෂාත් කරයි.

ස්ථාමවත් වන්නේ කෙසේ ද? යම් උපන් කුසලයක් වේ ද, එහි මනා කොට පිහිටනවා අත්නොහරී. දළපැරකුම් වන්නේ කෙසේ ද? යම් අකුසලයක් ප්‍රහාණය කළේ ද, එම අකුසලයෝ නැවත ඉපදීමෙන් වන්නා වූ පරාජයට අකැමැති වන්නේ ය. ඔහු යුද්ධයකින් දිනුවා වූ රජෙක් නැවත පරාද වීමට අකැමැති වන්නේ යම් සේ ද මේ එසේ ය. නොහළ ධූර වන්නේ කෙසේ ද? යම් කුසලයක් ඉපදවිය යුතු ද, එය පමා නොවී උපද්දවයි. අපි මේක කලින් බලලා තියෙනවා කීප සැරයක් ම.

එතකොට ස්ථාමවත් වන එක තුන් වෙනි විරිය ලෙස අපි සලකන්න ඕනෙ. මෙතැන දී කුසලය වෙන්නේ තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව. ඒක අත්නොහරිනවා.

දළපැරකුම් වන්නේ ඉවතන ලද බැහැර කරන ලද දේ නැවත නොගනී. කුමක් බැහැර කළේ ද? කුමක් ඉවතන ලද ද? තණ්හාව බැහැර කළේ ය. තණ්හාව ඉවතන ලද්දේ ය. නොහළ ධූර ඇත්තේ නිර්වාණය ම පසක් කරයි. දුක ම ඉවත් කරනවා.

ඊළඟට අපි අඤ්ඤාතාවිනො ඉන්ද්‍රියේ කාරණා හතර බැලුවොත්, යම් ආශ්‍රවයක් නොඉපදී ඇත්ද, එම ආශ්‍රවයෝ නොඉපදීම පිණිස වෑයම් කළ යුතු ය. උපෙක්ඛා නිමිත්ත. යම් ආශ්‍රවයක් ඉපදී ඇත්ද, එම ආශ්‍රවයෝ පහ කළ යුතු ය. අව්‍යාපාද විතක්කය. යම් ආශ්‍රවයක් පහ කිරීමට යම් කුසලයක් කළ යුතු ද, එම කුසලය වඩා තිබිය යුතු ය. අධිචිත්ත ශික්ෂාව. යම් ආශ්‍රවයක් පහ කිරීමට යම් කුසලයක් පැවැත්විය යුතු ද, එම කුසලයෝ මුළා නොවී පැවැත්විය යුතු ය. පග්ගහ නිමිත්ත. අපි මේ දක්වා කළේ අපි කලින් කරපු ඒ කාරණා ටික නැවතත් මතක් කරගත්තා විතරයි. අඤ්ඤාතාවිනො ඉන්ද්‍රිය තුළ ඇති 1 සහ 2 කාරණා මගින් දළපැරකුම් පෝෂණය කරනවා. කෙසේ ද?

පළවෙනි එකට පෙන්නනවා යම් ආශ්‍රවයක් නූපදී ඇත්ද, එම ආශ්‍රවයෝ නූපදීම පිණිස වෑයම් කළ යුතු ය. ඒ කියන්නේ අවිද්‍යා ආශ්‍රවය ඉඳන් කාම ආශ්‍රවයට නොවිය යුතු ය. අන්න කාම ආශ්‍රවයන් නැත්තම් අපි උපද්දවනවා. මෙය දිට්ඨි පපඤ්චයන්ගේ පහ වීමයි.

දෙවන කාරණයට පෙන්නනවා යම් ආශ්‍රවයක් ඉපදී ඇත්ද එම ආශ්‍රවයෝ පහ කළ යුතු ය. අව්‍යාපාද විතක්කය මගින් මෙය පවත්වයි. එතකොට යම් භ්‍රමණයක්, චලිතයක්, දිට්ඨි පපඤ්චය නිසා සිදු වූවා ද, මෙය කාමය දැඩි ලෙස ගැනීමක් ලෙස සැලකිය යුතු ය. එසේ නම් ව්‍යාපාද වේ. එසේ නම් තණ්හා පපඤ්චය ඇති වී ඇත. ඒ කියන්නේ මේකේ පෙන්නනවා මේ තණ්හාව ඇති වීම කියන එක. ඊට පස්සේ අනෙක් පැත්තට පෙන්නනවා දෝෂය බැස ගොස් ඇති ද, එසේ නම් කරකැවීමෙන් ඇති වූ ප්‍රතිඵලය, එනම් තණ්හාව නිසා වූ ප්‍රතිඵලය නොරඳයි. මඟ හරි. තණ්හාව ඇති වීම එකක්, ඇති වුණාට පස්සේ තිබෙන තත්වය එකක්. Bell shaped curve එකේ දෙපැත්ත වගේ බලන්න ඕනෙ. අන්න ඒක හරි ප්‍රබල දෙයක් ඔතන ඔය කිව්වේ.

අඤ්ඤාතාවිනො ඉන්ද්‍රිය තුළ ඇති තුන් වැනි කාරණය මගින් ස්ථාමවත් වීම පෝෂණය කරයි. තුන් වෙනි කාරණේ තියෙන්නෙ යම් ආශ්‍රවයක් පහ කිරීමට යම් කුසලයක් කළ යුතු ද, එම කුසලයෝ වඩා තිබිය යුතු ය. අධිචිත්ත ශික්ෂාව. සම්මා ඥානය තුළ ඇති ප්‍රඥාව අධිචිත්ත ශික්ෂාව තුළ ඇත. සවිතක්ක සවිචාර සමාධිය තුළ අන්තර්ගත වූ ධර්මයෝ එහි බැසගෙන ඇත. අධිචිත්ත ශික්ෂාව තුළ අඩු ම තරමින් පළවන ඵල චිත්තය අන්තර්ගත වන බැවින් ශ්‍රද්ධාව අත්නොහරී. තව ද හතර වන ධ්‍යානය, උපෙක්ඛා අප්‍රමාණය, අර්හත් ඵල චිත්තය, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය දක්වා ම දක්ෂ වීම විය හැකි ය. එසේ නම් මෙහි සීමාවක් නැත.

අඤ්ඤාතාවිනො ඉන්ද්‍රිය තුළ ඇති හතර වන කාරණය මගින් නොහළ ධූර ඇති වේ. හතර වෙනි කාරණයට පෙන්නන්නේ යම් ආශ්‍රවයක් පහ කිරීමට යම් කුසලයක් පැවැත්විය යුතු ද, එම කුසලයෝ මුළා නොවී පැවැත්විය යුතුයි. පග්ගහ නිමිත්ත. පග්ගහ නිමිත්ත මගින් දුක ම ඉවත් කරනවා. එහි නිරෝධ සත්‍යය ඇත.

එතකොට මෙසේ ආරද්ධ විරිය අඤ්ඤාතාවිනො ඉන්ද්‍රිය මගින් පෝෂිත වන්නේ, නිර්වාණය සාක්ෂාත් කරයි. මේ සඳහා ඊයේ භාවනාවේ දී වටහා ගත්, මාන වන්නේ දුකට ම බව වැටහීම උදව් උපකාර කරනවා. කෙසේ ද?

එය අධිචිත්ත ශික්ෂාව පෝෂණය කරන බැවිනි. දැන් මෙතනින් එනවා අපි line එකක දකුණු පැත්තේ කෙළවරින් අපි ලියාගත්තොත්, අරූප ධ්‍යාන කුසලය, ඒ කියන්නේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනය පහ කිරීම. මාන නොවීම. ජාතිය පහ කිරීම. කියන එක තමයි ඒකේ යටට එන්න ඕනෙ. එතකොට ඊළඟට අර්හත්ව ඵල චිත්තය ස්ථාවර වීම, stable, ඒක යටින් ලියාගන්න ඕනෙ ජරාව පහ කිරීම. වම්මික සූත්‍රයත් එක්ක පේනව නේ. ඊළඟට වම් අත පැත්තට ආපහු එනවා අර්හත්ව ඵල චිත්තයන් උපෙක්ඛා අප්‍රමාණය කියන එකට. එතකොට ඒක stable. ව්‍යාධිය පහ කිරීම. තුන් වන පටිපදාවේ අපි දන්නවා රෝගී සඤ්ඤාව නොගනී.

ඊළඟට ආපහු එනවා උපෙක්ඛා අප්‍රමාණයෙන් වම් පැත්තට. අපි දාගන්නවා හතර වන ධ්‍යානය, ස්ථාවර වීම, stable, මරණය පහ කිරීම. වඩු බාස් හදන භාණ්ඩ කැඩෙන බව දන්නවා. ඔන්න ඔය කෑල්ල හොඳට එන්න ඕනෙ. ඒ කියන්නේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනයත් අතහැරියා, ජාතියකට යන්නේ නැහැ. මතක ද අපි කිව්වා ඒකට ගියා නම් මට හොඳ එක භවයක් කියලා නේ. හොඳ ම භවය අතහැරියා. ඒක අයින් කළා. ඊට පස්සේ අර්හත්ව ඵල චිත්තය කියන එක එනවා. එතනින් අර ජරාව, වම්මික සූත්‍රයේ තියෙන්නෙ නන්දිය පහ කළා කියලා. එතනින් එනවා ව්‍යාධිය පහ කිරීම කියන එක. උපෙක්ඛා අප්‍රමාණය එතන හොඳට අර තමන්ට එනවා. සප්ත බොජ්ඣඞ්ග නේ තියෙන්නෙ තුන් වන පටිපදාවේ සඤ්ඤාව අල්ලගෙන ඉන්නේ නෑ. රෝගී සඤ්ඤාව ගන්නෙ නෑ. දැන් ඒ රෝගී සඤ්ඤාවෙන්, අපි මේ සතර ආහාර දුක්ඛය හතර වන භාවනාව. එකේ ගැඹුර මේ පෙන්නන්නේ. මතක ද අර පෙන්නුවා රාග සල්ලයෙන් කරකවලා ජාතිය හදාගත්තා ජරා, ව්‍යාධි, මරණය වෙලා මනෝමය කයෙන් ඉන්නවා. ඔය විදිහට ගිහිල්ලා හතර වෙනි එකට එනව නේ අපි, චතුත්ථධ්‍යානයට එන හැටි පෙන්නුවෙ.

අන්න ඒක පුදුමාකාර ගැඹුරකට පෙන්නනවා මෙතන දී. එතකොට දැන් ව්‍යාධිය කියන එක පහ කරලා, මරණය පහ කිරීම කියන එකට එනකොට, ඒ කියන්නේ, මොකක් ද මේ චතුත්ථධ්‍යානයෙන් තමයි අපි මෙතන මේ අයින් කරන්නේ, මරණය පහ කිරීම. හුස්ම ඇද්දොත් පිට කරන්න වෙනවා. පිට කරොත් ආපහු ගන්න වෙනවා. එහෙනම් ඒකට ඇල්මක් නැති වෙන්න ඕනෙ. අර පෙන්නන්නෙ ආශ්වාස ප්‍රශ්වාස නිරොධෙන, චතුත්ථධ්‍යාන සමාපත්තිය. තථාගත ධර්මයේ හැමතැන ම පෙන්නනවා, breathing things කියලා. මේ breathing කරන එකට ඒ තණ්හාවක් නැති වෙන්න ඕනෙ. උඩ ඉඳන් ම එන එක, ඉතින් ඒක බලන්න ඔය පළවෙනි කාරණාවයි, දෙවැනි කාරණාවයි අඤ්ඤාතාවිනො ඉන්ද්‍රිය. Bell shaped curve එක්ක ගත්තොත් තණ්හාව දක්වා එන ධර්මයෝ පහ කරනවා වම් පැත්ත. Peak එකේ ඉඳන්, උඩ peak එක දාගන්න තණ්හාව කියලා B එක, best එක. ඊට පස්සේ තියෙන්නේ අනෙක් පැත්ත. එතන තියෙන්නෙ ව්‍යාපාදය.

එතකොට තණ්හාවෙන් පසුව වන ධර්මයන්වල බලපෑම කියන එක ඉවත් කරනවා. එතකොට ඒ විදිහට අර අපි පෙන්නුව නේ දළපැරකුම් කියන එක. ඒක ඒ විදිහට වටහාගෙන ඒක හරි ලස්සනට එනවා.

ඒක තමයි මං කරපු භාවනාව.