Date: 25/08/2016 Name: නිබ්බාන

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

අද භාවනාවේ දී මෙනෙහි කළේ උපෙක්ඛා අප්‍රමාණය, ආනෙඤ්ජ diagram වල slide 5 සමඟ භාවනා කරන්නේ කෙසේ නිර්වාණය සාක්ෂාත් කරයි ද යන්නයි.

ආනෙඤ්ජ diagram වල slide 5 වල සඳහන් වන කාරණා තුන අපි නැවතත් සලකලා බැලුවොත්, ඕගොල්ලන්ට මතකයි අර diagram ඒකේ තියෙනවා පල්ලෙහායින් ද්වේෂය, ඊට පස්සේ මෝහය. දකුණු අත පැත්තෙන් පාණාතිපාතය. එතකොට මැද්දෙන් තියෙනවා මේ පරාමාසය කියන එක ඉදංසච්චයට ඇදෙන අවස්ථාව. දකුණු අත පැත්තෙන් තියෙනවා කාමයේ වරදවා හැසිරීම, උඩින් තියෙනවා අවිද්‍යාව.

එතකොට දකුණු අත පැත්තෙන් එනවා අපිට සොරකම් කිරීම, අදත්තාදානය. වමෙන් තියෙනවා ලෝභය. එතකොට ඒකේ අපි පෙන්නුවා අර, පෙර වූ මෝහය, දෝෂ සහිතව ජීවත් වීම, පාණාතිපාතය. එතකොට උපෙක්ඛා නිමිත්ත මගින් පාණාතිපාතය පහ කරන අතර, දෝෂ සහිතව ජීවත් වීම උපෙක්ඛා අප්‍රමාණය මගින් යම් පමණකට පමණක් මුලින් පහ වෙනවා. කුමක් නිසා ද? උපෙක්ඛා අප්‍රමාණයට ඇලෙන අයෙකුට, එම තලයක ඉපදීම නිසා දෝෂ ඇති විය හැක.

දෙවෙනි කාරණාව දැන් අවිද්‍යාව, ලෝභ සහිතව ජීවත් වීම, අදත්තාදානය. එතකොට අධිචිත්ත ශික්ෂාව දියුණු කිරීමෙන් අවිද්‍යාව පහ කරන අතර, එමගින් අදත්තාදානය යම් පමණකට පමණක් පහ කරනු ලබයි. කුමන හේතුවක් නිසා ද? යම් ධ්‍යාන තලයක හෝ ඉපදීමක් සුද්ධාවාසයෙන් තොරව වන්නේ නම් එහි අදත්තාදානය ඇති බැවිනි.

අවිද්‍යාව පහ කරනවා යන්නට, අඩු ම තරමින් සෝවාන් ඵලය ඇති යැයි කීම ප්‍රමාණවත් වෙයි. වම්මික සූත්‍රයේ පෙන්නනව නේ අවිද්‍යාව කියන එක, සක්කාය දිට්ඨි, විචිකිච්ඡා ගියහම, දොර අගුල ගැලෙව්වා කියලා බුදුහාමුදුරුවෝ. ඊළඟට තුන් වන කාරණයට කාමයේ වරදවා හැසිරීම, කාම සඤ්ඤාව, එහි ඇලීම අභිනිවේසයයි.

උපෙක්ඛා අප්‍රමාණය තුළ සඤ්ඤාවට සැලකීම බැස ගොස් ඇත්තේ, අපි දන්නව නේ වඩු බාස්ගේ කතාව, කාම සඤ්ඤා පහ කරන නමුදු, අදත්තාදානය ඇති නිසා කාමයේ වරදවා හැසිරීමත්, එහි ඇලීමත් තවම පහ වී නැත. මෙම තුන් ධර්මයන් මගින් ම පරාමාසය ඉදංසච්චය තුළට ඇදෙන බවත්, එමගින් වන්නේ දෝමනස්සය පමණක් බව දන්නේ, දක්නේ, උපෙක්ඛා අප්‍රමාණය එමගින් පෝෂිත වන්නේ නම්, ඉහත කරුණු තුනෙහි ඇති අඩුපාඩුව සපුරාලනවා. කෙසේ ද?

එතකොට අපිට එනවා පළවෙනි කාරණයට අපි හිතමු A කියලා. ඔහු දෝෂ සහිතව ජීවත් වීම සම්පූර්ණයෙන් පහ කරයි. කුමක් නිසා ද, දෝෂ සහිතව ජීවත් වීම පහ නොකළොත් දෝමනස්සය වන බව දන්නා, දක්නා, නිසා ය.

ඊළඟට දෙවෙනි කාරණය අපි කියමු B කියලා. අදත්තාදානයක් වන්නේ, යම් ධාතුවක් සුභ යැයි ගැනීමෙනි. සෑම ධාතුවක් මගින් ම දෝමනස්සය ඇති වන බව දන්නේ, දක්නේ, කිසිදු ධාතුවක් නොගනී. අදත්තාදාන නොවෙයි. මෙය සුභයට මාන නොවීම මගින් සිදු වන බැවින්, මෙහි අවිද්‍යා නැමැති අකුසල මූලය මුළුමනින් ම සිඳලනු ලබයි. එය අභාවයට පත් කරයි.

තුන් වන කාරණය අපි කියමු C කියලා. අදත්තාදානය පහ කරන්නේ, කාමයේ වරදවා හැසිරීම එමගින් ම පහ කරයි. ඒ නිසා මෝහ නොවෙයි. මෙම A, B, C, යන තුන් ධර්මයන්ගෙන් පෝෂිත වන්නේ මෝහය පහ කරයි. නිර්වාණය සාක්ෂාත් කරයි. එතකොට ඒක තමයි භාවනාව.

එතකොට මේ භාවනාවේ අර මුලින් අපි 1, 2, 3 කියලා කිව්ව කාරණා තුන, ඒ පෙර මෝහය, අපි පෙන්නුව නේ දෝෂ සහිතව ජීවත් වීම කියලා. ඒ කාරණා තුන අපි බලාගෙන ඇවිල්ලා, ඊට පස්සේ ඔය A කියලා කිව්වේ පළවෙනි කාරණාව, දෝෂ සහිතව ජීවත් වීම සම්පූර්ණයෙන් ම පහ කරනවා කියලා. දෝෂ සහිතව ජීවත් වීම පහ නොකළොත් දෝමනස්සය වෙනවා. ඔන්න ඔය කාරණාව හිතනකොට ම ඒ අනාශ්‍රව චිත්තය කියන එක ඇති වෙනවා. මෙතන මේ ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ කාරණා තුන දැන් තමන් කල්පනා කරනවා නේ. අර අවසාන diagram එකේ පෙන්නන්නේ මේක ඇකිලුණා නම් අපිට ඇති වෙන්නේ දෝමනස්සය. Slide 6 එකේ තියෙන එක. අන්න එතෙන්ට ආවහම තමන්ගේ සිත නතර වීම කියන එක තියෙනවා.

ඉතින් මේකෙන් පේන්නේ, දැන් අදෝසය කියන එක ඇති වෙලා, ඒ අදෝසය කියන එකෙන් අලෝභය වෙනවා. අදෝසයෙන් අලෝභය වෙලා ඊට පස්සේ ලෝභයෙන් මෝහය වෙන එක නතර වෙනවා. එතකොට පරාමාසය කියන එක ඉදංසච්චයට ඇදෙන්නේ නැහැ. අන්න ඒක නතර වීම කියන එක මේකෙන් පේනවා. එක නිසා තමයි අර අනාශ්‍රව වෙලා තමන්ට ඉන්න පුළුවන්කම කියන එක තියෙන්නේ.

එතකොට ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

S_AnenjaDiagrams/S_AnenjaDiagrams-06.jpg


S_AnenjaDiagrams/S_AnenjaDiagrams-07.jpg