ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවේ දී මෙනෙහි කළේ, මෙත්තා චෙතො විමුක්ති සහගත පුද්ගලයෙකු විරජ්ජ වන්නේ කෙසේ ද යන්නයි. විරජ්ජ වීම යනු කුමක් ද? ඕක ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා, to detach oneself කියලා, to free oneself of passion කියලා. සිංහලෙන් කියනවා විරක්ත වෙනවා කියලා.
මහා නිද්දේසයේ ගාථාවක් තියෙනවා “ධොනො න හි තෙන මඤ්‌ඤති” ඔය විදිහට කියලා, ඒකෙ අවසානයේ පෙන්නනවා, “න හි සො රජ්‌ජති නො විරජ්‌ජතීති” කියලා. ඒකෙ පෙන්නනවා මේ සියලු බාල පෘථග්ජනයෝ ඇලෙනවා. කල්‍යාණ පෘථග්ජනයා පටන් සප්ත සෙඛ පුද්ගලයෝ විරාගයට පැමිණෙනවා. රහත්හු නොම ඇලෙති. විරාගයට නොපැමිණෙත්. රාගය ක්ෂය වීමෙන් වීතරාග හෙයින්, ද්වේෂය ක්ෂය වීමෙන් වීත දෝෂ හෙයින්, මෝහය ක්ෂය වීමෙන් වීතමෝහ හෙයින්, හෙතෙම විරක්තය කියලා පෙන්නනවා. ඒක හරි ලස්සනයි බැලුවම. ඒ රහතන් වහන්සේලාගේ පෙන්නනවා ඒ විරාගයට පැමිණීමක් නැහැයි කියලා. ඒ කියන්නේ රාගයක් තියෙනවා නම් නේ විරාගයට පැමිණෙන්න තියෙන්නෙ. එතකොට ඒක අපි කල්පනා කරපු නැති දෙයක්. මොකද ඔය අලගද්දුපම සූත්‍රයේ එහෙම පෙන්නනකොට මේ ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා පෙන්නනවා මේ රූපයේ කලකිරෙනවා. වේදනාවේ කලකිරෙනවා. සඤ්ඤා, සඞ්‌ඛාර, විඤ්ඤාණවල කලකිරිලා. කලකිරුණට පස්සේ එයා විරජ්ජති කියලා. විරක්ත වෙනවා. විරක්ත වුණා ම විරාග වෙනවා. ඉතින් ඔය විදිහට ගිහිල්ලා විමුක්ති වෙනවා. විමුක්තීන්ගෙන් ඒ ඥානය කියන එක ඇති වෙනවා කියලා.
ඉතින් ඒ විදිහට ඇති වුණාට පස්සේ ඒ පුද්ගලයාට ඒ විරාග වෙනවා කියලා කතාවක් නෑ. එයා වෙලා ඉවරයි. එතකොට එහෙම නම් විරජ්ජ වීම කියලා කියන්නේ ඇලීම පහ කිරීම. කුමකට ඇලීම ද? රාගයට ඇලීමත්, ද්වේෂයට ඇලීමත්, මෝහයට ඇලීමත්. එතකොට යම් මෙත්තා චෙතො විමුක්තියක් වේ ද, එය තුළ සමාපත්ති ධර්මයන් ඉවත් කිරීම, ඒ කියන්නේ නෙක්ඛම්ම පවිචාරය නිසා ඇති වුණ අනිත්‍ය ස්වභාවය අන්තර්ගතයි. යමක් අනිත්‍ය වේ නම් එය දුක ය. යමක් දුක නම් එම දෙයට ඇලීම පහ කරයි. මෙසේ අලෝභය ඇති වේ.
තව ද අනිත්‍යභාවය දන්නා, දක්නා, පුද්ගලයා මෝහ නොවෙයි. එනමුදු මෝහයට ඇලීම පහ කළා යැයි නොකිව යුතු ය. කුමන හේතුවක් නිසා ද? මෝහයෙන් පෙර ජීවත් වීම නිසා ඇති වූ රාග අනුසය තවම පවතින බැවිනි. මේ රාග අනුසය මගින් ඇති වන්නේ දුක බව දන්නේ, දක්නේ, ඔහු නිර්වාණය සාක්ෂාත් කරයි. මේ සඳහා නන්දි වීම නොවටින්නේ, දුක වන්නේ ද සුඛ වන්නේ ද? සත්‍ය වශයෙන් ම සුඛ වන්නේ ය, යන්න මනා කොට අවබෝධ වී තිබිය යුතු ය.
මෙය සඳහා පංචඉන්ද්‍රියයෝ වඩා තිබිය යුතු ය. මෙය 08/08/2016 නිබ්බාන භාවනාවේ දී සාකච්ඡා කළ අයුරින් වටහා ගත යුතු ය. තව ද එම සති ඉන්ද්‍රිය අනිත් ඉන්ද්‍රියන්ගෙන් තොරව ඇති නොවන බව ද වටහා ගත යුතු ය. එතකොට ඒක තමයි භාවනාව.
ඉතින් මේකේ තියෙනවා, මේ දෝෂයට ඇලීම කියන එක මෙත්තා චෙතො විමුක්තිය මගින් පහ වී ඇති නිසා. ඒක අපි සඳහන් කරලා නැහැ ඕකේ. එතකොට නැවතත් මතක් කරගන්නවා නම් 08/08/2016 භාවනාවෙදි, ඒකෙ පෙන්නනවා, යම්කිසි සති ඉන්ද්‍රියක් වේ ද, ඒක බොහොම දැඩි ලෙස ප්‍රගුණ කරගත්තොත්, අර සබ්බාසව diagram එකේ diagram 3 වල star එක විදිහට වැඩුවහම අර A point එක කියන එක නොසාදනවා කියලා. ඒ කියන්නේ සඤ්ඤා ජරා, රූප ජරා, වේදනා ජරා, ආදී වශයෙන් දැක්කහම, සංස්කාරවලින් විඤ්ඤාණය පැවැත්මක් නැතෙයි කියලා, එහෙම නම් නෙක්ඛම්ම පවිචාරයේ ඇති සමාපත්ති ධර්මයන් පහ කිරීම ඒක සනාථ කරනවා. එතකොට අනිත්‍යභාවයත් එමගින් ඇති වූ දුක්ඛ ධර්මයන් ද නොගැනීම වෙනවා කියලා. එතකොට නන්දි වීම පහ කරන්නේ කොහොම ද කියන එක අපි ඒකේ බලලා තියෙනවා. ඒකේ පෙන්නනවා, අර A point එක නොසාදන්නේ නම් අන්තර්ගත වූ වේදනා කොටස ඉවත් වෙනවා. තණ්හා නොවෙනවා. සාදන ලද, විඳින ලද, දේකට පමණක් උත්පාද සංඛත ලක්ඛණයක් ඇති වෙනවා කියලා. එතකොට යමක් නොසෑදුවේ ද, නොවින්දේ ද, එයට උත්පාද සංඛත ලක්ෂණයක් නොවන්නේ ය කියලා. ඒක නේ අර විරක්ත කියන එකේ තේරෙන්නෙ. රහතන් වහන්සේට අර විරාග කතාව, ඒක වෙලා ඉවරයි. අන්න ඒක තමන්ට වැටහෙනවා මේ සතියත් එක්ක බැලුවම.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්