උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. එසේ ම දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවේ දී මෙනෙහි කළේ, අප්පණිහිත චෙතො විමුක්තිය තුළ ඇති ගුණ දෙකක් ප්‍රඥා විමුක්තිය මගින් පෝෂිත වන්නේ, කෙසේ නිර්වාණය සාක්ෂාත් කරයි ද යන්නයි.
ඊයේ භාවනාවේ දී සාකච්ඡා කළ අයුරින් පළවෙනි කාරණයට, ප්‍රඥා විමුක්තියකින් තොරව අප්පණිහිත චෙතො විමුක්තියක් නැත. ප්‍රඥා විමුක්තිය ඇත්තේ සමුදය බව දනී, අස්තංගමය බව දනී. එනම් අනිත්‍ය බව දනී. යමක් අනිත්‍ය නම්, මගේ යැයි නොගත යුතු බව සම්පජානකාරීත්වය මගින් දනී. කුමක් නිසා ද? තණ්හාව නැති වූ විට නැති වෙන්නා වූ දෙයක් කෙසේ ස්ථිරව ගත හැකි ද? මෙසේ ප්‍රඥා විමුක්තිය මගින් අප්පණිහිත චෙතො විමුක්තිය පෝෂණය කරනු ලබයි.
දෙවෙනියට පේනවා, ප්‍රඥා විමුක්තියට ඇතුළු වන්නේ සියලු සඤ්ඤා රෝගී බව දැනගැනීමෙන් පසුව වේ. එය කෙසේ විද? මිද්ධ සහිත සඤ්ඤාව මගේ යැයි ගැනීමෙන් මෝහ වන බව දන්නේ, දක්නේ, ඒ කියන්නේ තයොධම්ම සූත්‍රයේ හැටියට, යමෙක් එම සඤ්ඤාවේ සමුදය අස්තංගමය විමසයි. උදාහරණ වශයෙන් අසූචි මගේ නොවේ යැයි පවසා, ආකාසානඤ්චායතන වැනි ධ්‍යානයකට පැමිණ, එම සඤ්ඤාව අභිනන්දනා කරන්නේ එහි ඉපදීම වන බව එනම් සමුදය දැනගනී. මෙසේ සමාධිභාවනා සූත්‍ර අර්ථයෙන් සමුදය සහ අස්තංගමය දැන ගනියි. මෙසේ ප්‍රඥා විමුක්තිය මගින් පෝෂිත වන්නා වූ අප්පණිහිත චෙතො විමුක්තිය සියලු දුක්ඛයන් අවසන් කරයි. නිර්වාණය සාක්ෂාත් කරයි. ඒක තමයි භාවනාව.
එතකොට මේ භාවනාවේ දී මම ප්‍රඥා විමුක්තිය කියන වචනය සිහි කරනකොට ම, අකුප්පා චෙතො විමුක්තිය දක්වා ම ගියා. පෙර අවබෝධ කරගත්තා වූ ධර්මය එකවර ම සිහි ගැන්වීමත්, දුන්නා වූ ධර්මය නිසා වන කුසල ස්වභාවය, එයට හේතු ප්‍රත්‍ය වන බවත් දන්නේ, දක්නේ, කකුල්වලින් පවා ප්‍රීතිය ඇති වුණා. “කුසලො ච ජහාති පාපකං” යැයි සිහි වුණා. චෙතො විමුක්තිය ඇති බව ද වැටහුණා. ඉතිරිව ඇත්තේ දෝමනස්සයේ ඉඳන් දුක්ඛය දක්වා යන කොටස සිහි කිරීම පමණක් බව වැටහුණා.
එතකොට අපි ඊයෙත් අපි බැලුවා මේක. දන්නවා ජාතියයි දුක්ඛයයි කියන කොටස. දැන් එතැනට අපි එන්නේ ජරාවෙනුයි දෝමනස්සයෙනුයි. ජරාවෙන් අපි ජාතියට, දෝමනස්සයෙන් දුක්ඛයට. එතකොට යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛය කියන එක දකුණු පැත්තේ තියෙනවා. එතකොට දැන් අපි ප්‍රියේහි විප්පයොගයේ ඉඳන් උපායාසයටයි යන්නේ. එතකොට කිසිදු විටක යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛය තුළ ඇති අත්තා ස්වභාවයට ගැළපෙන්නා වූ යමක් මුළු විශ්වයේ ම නැති බව වැටහුණා. අප්පණිහිත චෙතො විමුක්තිය විය.
මෙම නොගැළපීම අනුරාධපුරයේ ඉඩම් සෙවීමේ සිට, කැඩී බිඳී ගියා වූ බුද්ධ ශාසනයක් නැවත ගොඩගැනීම දක්වා ම, උදාහරණ වශයෙන් බලන්නේ, එය එසේ ම, පෙර මෙන් ම තථාගතයන් වහන්සේලා වැඩ සිටි කාලයක මෙන් ගොඩගැනීම කළ නොහැකි බව ද මනා කොට වැටහුණා. තව ද මනෝමය කායට ගැළපෙන ශරීර සෙවීම චිත්ත ඉද්ධිපාදයේ දී ඔළුව දක්වන ස්වභාවය ඇති කොටස මගින් නිරූපණය වන බව ද වැටහුණා.
ඒ කියන්නේ අපි දන්නවා මනෝමය කාය අපි මේ නිරූපණය කරන්න පුළුවන් ඔය චිත්ත ඉද්ධිපාදයේ අපිට ඔළුව දැනෙනවා නේ, ප්‍රඥා විමුක්තිය තියෙන තැන, අපි කලින් පෙන්නුවා. ඒ දකුණු කෙළවර මේ වම් පැත්තට එනවා, ඒ නිකට කියන තැන, ඊට පස්සේ දකුණු පැත්තට. මේක අපි කලින් සාකච්ඡා කරලා තියෙනවා. මෙහි අත්තා ස්වභාවයට ගැළපෙන ජාති සොයනවා. උපායාසයට පත් වෙනවා.
ඊළඟට perception born body එක. සඤ්ඤාවෙන් හැදුණු කයක් තියෙනවා නේ. ඒක විමංසා ඉද්ධිපාදයේ දී ඔළුව දක්වන ස්වභාවය ඇති කොටස මගින් නිරූපණය වන බව බුදුපියා විමසීමෙන් වටහා ගත්තා. මට ඒක ඒ වෙලාවේ දී දැනුණා. එතකොට ඒක ඒ කොටසට වැටෙනවා. මෙම දෙක ම මගින් නිරූපණය වන කොටස ඉවත් කළහොත් ඒ කියන්නේ දැන් අපිට පේනවා. දැන් අපි නළලේ වම් පැත්ත සතිය, නේ ද? ඉතින් එතන අපි ගන්නකො රූප කෙළවර කියලා. එතකොට එහා පැත්තෙ විඤ්ඤාණ, පල්ලෙහායින් මෝහ අගති, වම් පැත්තෙන් ජාති. සතර ආහාර දුක්ඛය. ඕක ඔළුව ම නේ තියෙන්නේ.
එතකොට අර අපි කහ පාටින් ලකුණු කර ගත්තොතින් එහෙම triangle එකක් මේ රූපයේ ඉඳන් විඤ්ඤාණයටයි පල්ලෙහා මෝහයටයි. එතකොට ඒ triangle එකේ තමයි අපිට පෙන්නන්න පුළුවන් අර perception born body එක කියන එක. එතකොට ඊට පස්සේ අපිට green වලින් triangle එකක් හදාගන්න පුළුවන්, ජාතියේ ඉඳන් විඤ්ඤාණයට, එතන ඉඳන් පල්ලෙහා මෝහයට.
එතකොට ඒ triangle එක අපිට පේනවා. ඒ කොටසින් තමයි අපිට මේ mind made body කොටස. එතකොට ඔය perception born body එක ලියාගන්න ඕනේ green රේඛාවෙන් උඩ පැත්තට. Mind made body එක ලියාගන්න ඕන green රේඛාවෙන් අර perception born body එක තියෙන කෑල්ලෙම මෝහය පැත්තට. එතකොට එහෙනම් අපිට පේනවා, මේ perception born body එක කිව්වම ඒකෙත් intersection එකක් තියෙනවා නේ mind made body එක කියන කොටසේ. එකක් නැතිව අනිත් එකට පවතින්න බැහැ. එකක් ආධාර උපකාර කරගෙන තමයි අනිත් එකට ගිහිල්ලා තියෙන්නේ.
ඉතින් මුළු එක ම තමයි gross body එක කියන එක. ඒ මුළු cube එක ම කියන එක. එතකොට දැන් එහෙනම් ඡන්ද ඉද්ධිපාදය මගින් ඉවත් කරන කොටස, ඒක තමයි දැන් ඔය කහ පාටින් ලකුණු කරගත්ත එකයි, green එකෙනුයි අයින් කරාට පස්සේ ඉතුරු වෙන කොටස තියෙනවා නේ ඒ කියන්නේ රූපයයි ජාතියයි සහගතව ඇති වෙන කොටස අන්න ඒ කොටස තමයි ලකුණු වෙන්න ඕනේ. අන්න එතන තව කෙනෙකුට ලියාගන්න පුළුවන් “න හි ජාතු ගබ්භසෙය්‍යං පුනරෙතීති” සිට කිසිම ධ්‍යාන තලයක නොඉපදීම දක්වා වන කොටස කියන එක.
ඒක තමයි මං කරපු භාවනාව.