ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. එසේ ම දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවේ දී මෙනෙහි කළේ, යොනිසොමනසිකාරය. යම් යොනිසොමනසිකාරයක් වේ ද, එය තුළ සඳහන් වන ගුණයෝ සීල සූත්‍රය මගින් ඉගෙනගෙන ඇත. එහි දී එක් එක් පුද්ගලයාට යොනිසොමනසිකාරය ප්‍රයෝජනවත් වන ආකාරය සාකච්ඡා කර ඇත. උදාහරණ වශයෙන් සෝවාන් වුණ පුද්ගලයා එය වඩන්නේ සකදාගාමී වන්නේ ය. මෙම එක් එක් පුද්ගලයාට කෙසේ මේ ධර්මය බලපාන්නේ ද?
සෝවාන් නොවූ පුද්ගලයෙකු එය වඩන්නේ, අනිත්‍ය බව වැටහීම නිසා හෝ, දුක්ඛ බව වැටහීම නිසා හෝ, සඳහන් කරන කාරණා එකොළහෙන් ඕනෑ ම එකක් වැටහීම මගින්, සෝවාන් ඵලයට පත්වීම විය හැකි වන්නේ ය. උදාහරණ වශයෙන්, රොගතො යැයි මෙනෙහි කරන්නේ, එය දුක්ඛානුපස්සනාවට අයිති වන්නේ, දුක බව වැටහෙයි. එනමුදු දුක්ඛයේ සමුදය නොදන්නේ නම් සෝවාන් ඵලයක් නැත.
මෙය කෙසේ සිදු වූයේ ද? රෝගය ඇති වන්නේ නම් නිත්‍යභාවයක් නැති බව ද, මරණය ඇති බව ද වැටහෙයි. රෝග වීමට පෙර ජාතිය තිබිය යුතු ය. ජරා වීම විය යුතු ය. එසේ නම් ජාති ප්‍රත්‍යයෙන් ජරා වන බව වැටහී සෝවාන් ඵලයට පත්වීම, යම් අයෙකුට විය හැකි ය. මෙසේ අනෙකුත් කාරණා ද විමසා බැලිය යුතු ය.
සකදාගාමී වීමට නම් වේදනානුපස්සනාවේ කොටස් ඇතුළත් වී, ධර්මය වටහා ගත යුතු වන්නේ ය. මෙය කෙසේ වන්නේ ද? මේ සඳහා අඩු ම තරමින් ධර්ම කාරණා තුනක් දත යුතු ය. අනිත්‍ය බව දත යුතු ය, දුක්ඛ බව දත යුතු ය. කුමක් දුක බව දත යුතු ද? සියලු වේදනාවෝ දුක බව දත යුතු ය. තණ්හාව දත යුතු ය. සෝවාන් ඵලයෙන් අවබෝධ කරගන්නා වූ අනිත්‍යභාවය සහ දුක්ඛභාවය, කාරණා එකොළහෙන් වේදනාව හා ආශ්‍රිත වූ කොටසත් භාවිතා කරගන්නේ සකදාගාමී ඵලය සාක්ෂාත් කරයි. උදාහරණ වශයෙන්, දෙවෙනි කාරණයට සඳහන් කළ දුක්ඛතො යන්න වේදනා විෂයයෙහි මෙනෙහි කිරීම හෝ, දහ වෙනියට සඳහන් කළ ශුන්‍යතෝ යන්න වේදනා විෂයයෙහි මෙනෙහි කිරීම ප්‍රමාණවත් වේ.
මේ මගින් තණ්හාව කෙසේ දැනගනී ද? පෙර යම් ජීවිතයක් ගත කරා ද, එය අද නැති ද, එයට තණ්හා වීම මගින් එම දුක්ඛය ඇති වන බව වටහා ගනියි. උදාහරණ වශයෙන් ස්ත්‍රියගේ ස්පර්ශය සොයා පැමිණි පුද්ගලයාට, එම ස්පර්ශය ඉපදී අවුරුදු දෙකකින් පමණ නැති වීම සිහි කර වටහා ගත හැකි ය. සකදාගාමී ඵලය ඇති පුද්ගලයා තව කාරණා තුනක් මගින් පෝෂිත වන්නේ අනාගාමී ඵලය සාක්ෂාත් කරයි. කුමන කාරණා තුනක් ද? සඤ්ඤාව බව දත යුතු ය. සඤ්ඤා සමුදය දත යුතු ය. සඤ්ඤා නිරෝධය දත යුතු ය.
පළවෙනියට, සඤ්ඤා රෝගී බව තුන් වන කාරණය මගින් වටහා ගන්නවා, රොගතො. දෙවෙනියට, සඤ්ඤා සමුදය, වේදනා සමුදය මගින් ඇති වන බව සකදාගාමී ඵල චිත්තය මගින් වටහා ගන්නවා. කෙසේ ද? සංස්කාර විසින් වේදනාව උපදවයි. එම වේදනා දුක බව සඤ්ඤා මගින් හඳුනා ගනී. මෙසේ වේදනාවේ සමුදය වටහා ගත් පුද්ගලයා සඤ්ඤා සමුදය වටහා ගනියි. තුන් වෙනියට, සඤ්ඤා නිරෝධය ශුන්‍යතාවය මගින් අවබෝධ කර ගනියි. අනිත්‍ය නම්, දුක්ඛ නම්, විපරිණාමයට පත්වෙනවා නම්, මගේ යැයි ගැනීම සුදුසු ද? මෙසේ සඤ්ඤා නිරෝධය ඇති වේ.
අනාගාමී පුද්ගලයා අරිහත්වයට පත්වීම සංස්කාර විෂයයෙහි සඳහන් කර ඇති කාරණා භාවිතා කිරීමෙන් සිදු වෙනවා.
උදාහරණ වශයෙන් සල්ලතෝ යන්න මෙනෙහි කරන්නේ, මෝහය මගින් සංස්කාර උපදවන බවත්, එම සංස්කාර මගින් ඇති වන විඤ්ඤාණය පරතො බව වටහා ගැනීම ප්‍රමාණවත් වන්නේ ය. සංස්කාර ගණ්ඩතො වශයෙන් වටහා ගැනීම මින් අනතුරුව වන්නේ නම්, ආශ්‍රවයන් නැසිය හැකි වන්නේ ය. ඒක තමයි මං කරපු භාවනාව.
එතකොට මේ භාවනාව කළහම ඒ දෙවෙනි කාරණයට එනකොට ම, තමන්ට තේරෙනවා ඉතින් පළවෙනි එකෙන් මේ ඵල චිත්තයන් නැංවෙනවා. දෙවෙනි කාරණයට එනකොට ම සිත නතර වෙනවා. බොහොම සැර භාවනාවක්. ඒ වගේ ම අපිට පේනවා, ඔය අපි ඉගෙනගෙන තියෙනවා නේ දැන් සංස්කාරයන් කියන එක ගත්තහම අර සමාපත්ති ධර්මයන් එහෙම පහ කරලා අන්තිමට නැති කරන්නේ කියලා. ඒ නසනවා කියන එක සිද්ධ වෙන්නේ. එතකොට ඔය තුන් වන column එකේ අවබෝධයෙන් නේ ඕක වෙන්නේ, ඒක නේ මේ සංස්කාරයන් කියන ඒවා, ඒවා අත්තා කියලා ගන්නේ නැති වෙලා නේ අන්තිමට. එකත් හොඳට පැහැදිලි වෙනවා මෙතනදි, මේ සංස්කාර ගණ්ඩතො කියන එක. ආශ්‍රවයන් නැසීම ඒකෙන් නේ සිද්ධ වෙන්නේ කියන එක.
ඒක තමයි මං කරපු භාවනාව.