Date: 01/09/2016 Name: නිබ්බාන

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයෙහි ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. එසේ ම දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.

අද භාවනාවෙදි මෙනෙහි කළේ, අප්පණිහිත චෙතො විමුක්තිය, චෙතො විමුක්තිය මගින් පෝෂිත වන්නේ කෙසේ නිර්වාණය සාක්ෂාත් කරයි ද යන්නයි.

යම් චෙතො විමුක්තියක් වේ ද, එය තුළ ප්‍රඥා විමුක්ති සහගත සංස්කාරවලට මාන නොවීම ඇතුළත් වේ. එසේ නම් ප්‍රඥා විමුක්තිය මගින් යම් සේ අප්පණිහිත චෙතො විමුක්තියට උදව් උපකාර කළා ද, එම ධර්මයෝ එසේ ම තවමත් අප්පණිහිත චෙතො විමුක්තියට ද, උදව් උපකාර කරයි.

තව ද සංස්කාරවලට මාන අගය බැස ගොස් ඇති නිසා, නෙවසඤ්ඤානාසඤ්ඤායතන වැනි ධ්‍යාන තලයන් පහසුවෙන් දැරිය හැකි වන්නේ ය. ලබාගත හැක්කා වූ සියලු තලයන් පහසුවෙන් ලැබිය හැකි වුවත්, ඒ කිසිවක් මගේ කර නොගනී. යමක් මගේ යැයි ගන්නේ ද එමගින් සංස්කාර ඇති වේ.

එම සංස්කාරයන් මගින් යම් ඇලීමක් ඇති වේ ද, එය මගින් වන්නා වූ රූප ස්පර්ශය ඇති අතර, චෙතො විමුක්තිය මගින් ඉහත සඳහන් කළ දෙයාකාර වූ ධර්මයන් එනම් සංස්කාර සහ රූප ස්පර්ශ දෙක ම ඉවත් කරයි. එසේ නම් දුක බව වටහා ගැනීමට පහසු වේ. උදාහරණයක් වශයෙන් පාණාතිපාත කරන්නේ මරණයට කැමති වේ. මරණයට කැමති වෙනවා නම් මරණය දුක බව නොවැටහේ. අදත්තාදානය කරන්නේ ජාතිය දුක බව නොවැටහේ. කර්ම සහිත සංස්කාර කරන්නේ ව්‍යාධිය දුක බව නොවැටහේ. චෙතො විමුක්තිය මගින් සියලු සංස්කාරයෝ දුක බව දන්නේ, දක්නේ, මගේ යැයි නොගන්නේ, අප්පණිහිත චෙතො විමුක්තිය පෝෂණය කරයි. එතකොට ඒක තමයි භාවනාව.

එතකොට මේ භාවනාවේ, කර්ම සහිත සංස්කාර කරන්නේ ව්‍යාධිය වන බව වැටහෙන්නේ ප්‍රඥා විමුක්තිය ඇති වුණා. ඒ කියන්නේ දැන් අපි හිතමු tablet එකක් ගන්නවා කියලා. එතකොට ඒ කර්මයන් නිසා ඇති වෙන්නේ ව්‍යාධි ස්වභාවයක්. Tablet කියන්නේ මේ computer tablet එක. එතකොට ඒක ගැන කල්පනා කරපු ගමන් එතන ව්‍යාධිය. එතකොට තමන්ට ඇති වෙන්නේ ව්‍යාධිය කියන එක තේරුම් ගත්තහම ප්‍රඥා විමුක්තිය.

එම කර්මය ඉවත් කිරීමේ දී මෙනෙහි කරන්නේ විමංසා ඉද්ධිපාදය නොසැලී පවතිනවා. ඒ කර්මය මං කරන්න යන්නේ නෑ කියලා. බොහෝ ම strong.

මෙම සංස්කාරයන් අත්හළ යුතු බවත්, ඒ සඳහා අධිෂ්ඨානයක් ගන්නේ, චෙතො විමුක්තිය ඇති වේ. එතකොට අර විමංසා ඉද්ධිපාද කොටස ඔළුවේ active වෙලා තිබුණා. දැන් ඒකේ අනිත් පැත්ත. ඉතුරු half එක ලස්සනට අර සතියයි, විරියයි වම් පැත්තේ. අපි හිතමු නිකටේ වම් පැත්ත කියලා ගන්නකෝ. අන්න ඒ වගේ ඒ කොටස සහිතව, රූප සහ සහිත වූ කොටස.

එතකොට එතන අප්පණිහිත චෙතො විමුක්තිය, මේ දැන් ප්‍රඥා විමුක්තියත් තියෙනවා, දැන් චෙතො විමුක්තියත් තියෙනවා. දැන් තමන්ට අප්පණිහිත චෙතො විමුක්තිය ඇති බව ඒක well balance කියලා තේරෙනවා. ඒ කියන්නේ අර රේඛාව සතියේ ඉඳන් විරිය දක්වා තිබෙන්නා වූ ඔළුවේ අඳින ඒ රේඛාව, ලොකුවට ඔළුව දෙකට බෙදෙන එක, තමන්ට හොඳට තේරෙනවා. අර දෙක balance වෙලා.

එතකොට අර දෝමනස්සයේ ඉඳන් දුක්ඛයට යන කොටස තියෙනවා නේ. ඒක විතරයි මම දුක්ඛය මේකේ මෙනෙහි කරන්න ගත්තේ, ඒක සිහි කරන්න ගත්තහම, ඒ කියන්නේ ජරාවේ ඉඳන් ජාතියට යනවා. දෝමනස්සයේ ඉඳන් දුක්ඛයට යනවා. ප්‍රියේහි විප්පයොගයේ ඉඳන් උපායාසය. අර අපි කිව්වා නේ යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛයේ තියෙනවා අර තමන්ගේ අත්තා කතාව. එතකොට ඒ අර්ථය සහිතව කළහම, අප්පණිහිත චෙතො විමුක්තිය බොහෝ ම strong වුණා. අර සතියයි, විරියයි කියන රේඛාව බොහෝ ම තදින් දැනෙනවා මේ අවස්ථාවේ දී.

ඉතින් ඒක තමයි කරපු භාවනාව.