ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයෙහි ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. එසේ ම දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවෙදි මෙනෙහි කළේ, විමුක්තිපාරිසුද්ධිපධානියඞ්ග හතර. සාපූගිය සූත්‍රයෙහි සඳහන් වන විදිහට. ඒකෙ ඔය අංගුත්තර නිකායේ දෙවෙනි පොතේ පිටුව 377 සාමුගීය සූත්‍රය කියලාත් කියනවා. සාපූගිය කියලා තමයි සිංහලෙන් දාල තියෙන්නෙ. එතකොට ඒකෙ පාරිසුද්ධිපධානියඞ්ග හතර අපි දන්නවා. සීලපාරිසුද්ධිපධානියඞ්ගය, චිත්තපාරිසුද්ධිපධානියඞ්ගය, දිට්ඨිපාරිසුද්ධිපධානියඞ්ගය, විමුක්තිපාරිසුද්ධිපධානියඞ්ගය. මෙම හතර මගින් නිර්වාණය සාක්ෂාත් කරන බව අපි දන්නවා. කෙසේ ද?
පළවෙනි කාරණයට අපි දන්නවා සීලපාරිසුද්ධිපධානියඞ්ගය මගින් සංස්කාරය හැරපියනවා, පාණාතිපාත නොකරයි. ඒක නිසා ද්වේෂය ඇති වන්නේ නෑ.
දෙවෙනියට අපි දන්නවා චිත්තපාරිසුද්ධිපධානියඞ්ගය මගින් නීවරණයන් පහ කරනවා. අභිජ්ඣාව එහෙම අයින් කරනවා. ලෝභ වෙන්නේ නෑ.
තුන් වෙනියට දිට්ඨිපාරිසුද්ධිපධානියඞ්ගය මගින් සඤ්ඤාවෝ ඉවත් කරනවා. මෝහ වෙන්නේ නෑ.
හතර වෙනියට විමුක්තිපාරිසුද්ධිපධානියඞ්ගය මගින් ඉහත ඉවත් කරන ලද ධර්මයන් එනම්, ලෝභ, දෝෂ, මෝහ ධර්මයන් නැවතත් නොපැමිණෙන ලෙස විඤ්ඤාණය මනා කොට පිරිසිදු කොට පවත්වා සිත මුදවා ගන්නවා.
මෙම පාරිසුද්ධිපධානියඞ්ග හතර මගින් සබ්බාසව diagram 3 වල සාකච්ඡා කළ star එකේ ආශ්‍රව මගින් කරකැවීම නවත්තන බව අපි දන්නවා. එතකොට ඒ diagram එක නැවතත් මතක් කරගන්නවා නම්, සතියෙන් ප්‍රඥාව, ප්‍රඥාවෙන් සමාධිය. එතකොට ඒ සතියයි සමාධියයි අතරට එනවා star එකේ කාම ආශ්‍රවය. සතියයි ප්රඥාවයි අතර දිට්ඨි ආශ්‍රවය. ප්රඥාවයි සමාධියයි අතර අවිද්‍යා ආශ්‍රවය.
එතකොට ඊයේ භාවනාව සම්බන්ධ කර විමසන්නේ කුමක් වන්නේ ද? ප්‍රඥා විමුක්තිය මගින් දිට්ඨි ආශ්‍රව පහ කරයි. එය චෙතො විමුක්තියට කාවදී. චෙතො විමුක්තිය මගින් ප්‍රඥා විමුක්ති සහගත සංස්කාරයන්ට මාන නොවේ. එම සංස්කාර මගේ යැයි ගැනීම ම දුක්ඛය වන බව දැනගනී. මෙය සතියට ඇතුළත් වෙයි. එමගින් ඇති වන සම්මා ඥානය මගින් සඤ්ඤා ඉවත් කරයි. කුමන සඤ්ඤාවෝ ද?
අත්තානුදිට්ඨිය මගින් ඇති වන සඤ්ඤාවෝ යැයි පැවැසිය යුතුයි. මෙසේ අප්පණිහිත චෙතො විමුක්ති වන්නේ, සති සහ විරිය ඉන්ද්‍රියන් ප්‍රභාස්වර වන්නේ නිර්වාණය සාක්ෂාත් කරයි. කෙසේ ද?
පළමුව විරිය තුළට සතිය කාවදින්නේ ය. එය මගින් maintain නොකළ යුතු බව පවසයි. දෙවනුව සතිය තුළට විරිය කාවදී. එමගින් කිසිවක් අල්ලා නොගනී. අන්න ඒක හරියට අර pack your bag and go කියලා අවස්ථාවක් අපි බැලුවේ. අන්න ඒ අවස්ථාවට සමාන අවස්ථාවක් වෙනවා. සමාන අවස්ථාවක් වන්නේ අනෙකුත් ඉන්ද්‍රියන් දැඩි ලෙස දියුණු වී ඇති අයෙකුට ඉතා පහසුවෙන් ආශ්‍රව නැසිය හැකි වන්නේ ය. ඒක තමයි මං කරපු භාවනාව.
මේ භාවනාව කරනකොට, ඔය සාපූගිය සූත්‍රය අනුව ඉහත කාරණා මෙනෙහි කරනකොට අප්පණිහිත චෙතො විමුක්තිය වීමත්, සති විරිය ඉන්ද්‍රියන් මගින් තදින් ඔළුව දැනීමත්, එම දෙක හත් වෙනි ධ්‍යාන තලයේ එකිනෙකා ගැන හැඟීමක් නොමැතිව, වෙන් වී යන දෙදෙනකු මෙන් දැනුණා. සතිය එක පැත්තකට යනවා, විරිය ආකිඤ්චඤ්ඤායතනය තව පැත්තකට යනවා වගේ. ඒ දෙන්නා අතරේ communication එකක් නෑ. අන්න ඒ වගේ තත්වයක් තමන්ට පේනවා. එතකොට ඒකේ පේනවා ඉතින් ඔය diagram එකේ අපි දන්නවා නේ, විමුක්ති ඤාණදස්සන diagram එකේ එහෙම දාලා තියෙන්නේ, අර උඩ සතිය විරිය සතිය 6 දක්වා ගිහින් තියෙනවා. පල්ලෙහායින් තියෙන එකෙන් පෙන්නන්නෙ මේ විරිය මගින් maintain කරන එක ඒවා වෙන්නේ නැහැයි කියන එකයි උඩ.
එතකොට රහතන් වහන්සේ නමක් ආශ්‍රව නසා සිටින මොහොතක මෙන් වාසය කරන්නට හැකි වුණා, ඒ භාවනාව කළහම ඔහොම.
ඉතින් ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්