Date: 03/09/2016 Name: Nibbana

උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි, වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

අද භාවනාවෙදි මෙනෙහි කළේ, චෙතො විමුක්තිය ඇති අයෙකු, ආරද්ධ විරිය මගින් පෝෂිත වන්නේ, කෙසේ නිර්වාණය සාක්ෂාත් කරයි ද, යන්නයි.

ආරද්ධ විරියේ කාරණා තුනක්, නැවතත් මතක් කරගතහොත්, පළවෙනි කාරණය, ස්ථාමවත් වීම, තුන් වෙනි විරිය ලෙස සැලකිය යුතු ය. මෙහි දී කුසලය වන්නේ තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව, එය අත්නොහරියි කියලා අපි බලලා තියෙනවා. දෙවනි කාරණය, දළපැරකුම් වන්නේ, ඉවතලන ලද, බැහැර කරන ලද දේ නැවත නොගනියි. කුමක් බැහැර කළේ ද? කුමක් ඉවතලන ලද ද? තණ්හාව බැහැර කළේ ය. තණ්හාව ඉවතලන ලද වේ. තුන් වෙනි කාරණය නොහළ ධූර ඇතියේ, නිර්වාණය ම පසක් කරනවා, දුක ම ඉවත් කරනවා.

මෙම කාරණා තුන, චෙතො විමුක්තියට කෙසේ උදව් උපකාර කරයි ද? යම් චෙතො විමුක්තියක් වේ ද, එය ප්‍රඥා විමුක්තිය සාදන සංස්කාරයට මාන නොවීම අන්තර්ගත ය. යම් මානයක් වේ ද, එය වට කරකවා අගයන් දීම මගින් සිදු විණ. ඉහත කාරණා තුන මගින් ම, මෙය සිදු කරනු ලබයි. කෙසේ ද?

පළවෙනි එකට වට කැරකවීම නැවැත්වීම, දෙවන තුන් වන කාරණා මගින් සිදු වෙනවා. එනම් පළවෙනියට අපිට පේනවා, ඒ කාරණා, දෙවනි කාරණාව බැලුවොතින් අපිට දළපැරකුම් වන්නේ, තණ්හා පපඤ්චය ඉවත් කිරීම තරමට ප්‍රඥා විමුක්ති සහගත පුද්ගලයා ශ්‍රේෂ්ඨ වෙනවා. ඊළඟට නොහළ ධූර ඇත්තේ, ප්‍රඥා විමුක්ති උපදවන සංස්කාරය දුක බව දන්නේ, අත්හරියි. නිර්වාණය පසක් කරයි. එතකොට ඊළඟට, ස්ථාමවත් වන්නේ, රූප වේදනා සඤ්ඤා මගේ යැයි ගතහොත්, කුසල ධර්මයන්ගේ ඉපදීමක් නොවන බව ද, ශ්‍රද්ධාව නැති බව ද දන්නේ, දක්නේ, එම ධර්මයන් පහ කරනවා. මෙසේ සංස්කාර නිසා මාන ඇති නොවන්නේ, චෙතො විමුක්තිය සියලු ආකාරයෙන් අංග සම්පූර්ණ වන්නේ, නිර්වාණය සාක්ෂාත් කරයි. ඉතින් ඒක තමයි භාවනාව.

එතකොට ඒ භාවනාව චෙතො විමුක්තියට සිත නංවලා කරන්න ඕනෙ. ඉතින් ඒක මට නම් එකපාරට ම සිද්ධ වුණා. ඒ වචනය සිහි කළා විතරයි. ඒක හේතුව තමයි පෙර එම තත්වයට ගොස් සිටි බැවින් ඇති වූ පුරුද්ද. ඒ වාගේ ම පෙර කළා වූ කුසලයෝ, මේකට හේතු සහ ප්‍රත්‍ය වෙනවා. කුසලය තමයි මේ ප්‍රත්‍ය හැටියට තියෙන්නේ. හේතුව වෙලා තියෙන්නේ අර පුරුද්ද.

භාවනාවේ පළවෙනි කාරණය, එනම් දළපැරකුම් සිහි කරන්නේ, එය මගින් තණ්හා පපඤ්චය නැති වීම කියන එක මම සිහි කළා. ඒකේ අපි දන්නවා, ඔය තණ්හා පපඤ්චයට ඇති වෙන්නේ ඉතින් අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට දිට්ඨි පපඤ්චය මගින් කිරීමෙන් නේ. එතකොට එහෙම නම් ඒ කෑල්ල නැති වෙන්න ඕනෙ. එතකොට අපිට පේනවා, ඒ නිත්‍යයි කියලා ගත්තොතින් ඒකේ පසු සඤ්ඤාව දිට්ඨි ආශ්‍රවය. ඒ වගේ ම නිත්‍යයෙන් අවිද්‍යා ආශ්‍රවය ඇති වෙනවා. එතකොට ප්‍රඥා විමුක්තිය තියෙනවා නම් දිට්ඨි ආශ්‍රවය ඉවත් කරනවා.

තවමත් අවිද්‍යා ආශ්‍රවය යම් පමණකට තියෙන්න පුළුවන්. ඒ කියන්නේ සංස්කාරවලට මාන වීම නිසා. ඉතින් මට ඔන්න මේ අවස්ථාව වෙනකොට අකුප්පා චෙතො විමුක්තිය හටගත්තා. නොහළ ධූර ඇත්තේ, ප්‍රඥා විමුක්තිය උපද්දවන සංස්කාරය දුක බව දන්නවා. එසේ නම් ප්‍රඥා විමුක්ති සංස්කාරය ඉවතලනවා. මෙසේ අවිද්‍යා ආශ්‍රවයේ සිට කාම ආශ්‍රවය දක්වා නොයනවා. එනමුදු අනුසය ධර්මයන් නිසා, උදාහරණයක් වශයෙන් ගත්තොත් දිට්ඨි අනුසය, ඒ රූප ස්පර්ශයට තුඩු දෙන්නා වූ ධර්මයන් පහ කිරීම, ස්ථාමවත් වීම මගින් පහ කරනවා. දිට්ඨි අනුසය නිසා ඇඟිල්ල දික් කරලා රූපයට තාම කියන්න පුළුවන්. දැන් මෙන්න මේ වෙලාවෙදි අකුප්පා චෙතො විමුක්තිය නොසැලී පවතිනවා.

ඉතින් ඒක තමයි මං කරපු භාවනාව.