ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයෙහි ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවට මෙනෙහි කළේ, සතර සතිපට්ඨානයේ ධම්මානුපස්සනාව. ධම්මානුපස්සනාව කරන අයෙකු රූප වේදනා සඤ්ඤා සංස්කාර විඤ්ඤාණ යන මුළු උපාදානස්කන්ධයේ ම සමුදය, අස්තංගමය, ආස්වාදය, ආදීනව, නිස්සරණය දැනගන්නවා.
පළවෙනි එකට සමාධිභාවනා සූත්‍ර අර්ථයෙන්, සමුදය අස්තංගමය දැනගනී. දෙවනුවට ආස්වාදය satisfaction කියන එක, රූපයාගේ යම් ආස්වාදයක් වේ ද, එය රූපය නිසා වන සුඛය, වශයෙන් දැනගන්නවා. වේදනාව නිසා ආස්වාදය, නිදුක් බව පරම කොට ඇත. චෛතසිකවල ආස්වාදය, පාරිසුද්ධිපධානියඞ්ග ලෙස දැනගන්නවා. සංස්කාරවල ආස්වාදය, ඉහත සඳහන් කළ රජනීය වූ ධර්මයන්ගෙන් සිත මුදවාලන, සංස්කාරයන්ගේ නිරෝධය බව පැවසිය යුතු ය.
විඤ්ඤාණයාගේ ආස්වාදය එසේ ම දැන ගත යුතු ය. විඤ්ඤාණයෙන් යමක් දැනගනී ද එය දුක ය. දැන නොගන්නේ ද එය සුඛ ය. කුමක් නිසා ද? දැනගන්නා වූ යමක් වේ ද, එය දුකේ ඇතුළත් වන බැවිනි. තුන් වැනි කාරණයට එනවා ආදීනවය. Danger එක. එතකොට රූප වේදනා චිත්තයන්ගේ යම් ආදීනවයක් වේ ද, එම ආදීනවයන් පෙර සඳහන් කළ අයුරින් දැනගන්නවා. ඒකෙ අපි දන්නවා රූපය වෙනස් වෙනවා. වේදනාව අනිත්‍යයි. චිත්ත කියන එක පරියුට්ඨාන නිසා වන උවදුරු කියලා. එතකොට සංස්කාර සහ විඤ්ඤාණ අනාත්මයි කියලා දැනගන්නවා. හතර වෙනියට නිස්සරණය. Escape යම් දහමකින් මිදීමක් ඇති අයෙකුට, සුඛයක් සොම්නසක් වන්නේ ද එයයි. මෙහි දී සංස්කාරයන්ගේ නිරෝධය සඳහා යම් දහමක් භාවිතා කළ යුතු ද, එය භාවිතා කරයි. “සබ්‌බසඞ්‌ඛාරසමථා සඤ්ඤා උපරෝධනා” ගාථා අර්ථයෙන් මේක වටහා ගන්න පුළුවන්.
මෙය ආස්වාදයේ දී සඳහන් කළ කාරණා අර්ථයෙන් ඉතා පහසුවෙන් වටහා ගන්න පුළුවන්කම කියන එක තියෙනවා. අර කාරණාව තේරෙනවා නම් තමන්ට මේක තේරෙනවා. ඒ ආස්වාදය කිව්වහම මේවායේ නැති වීම තමයි අන්තිමට තියෙන්නේ. ඉතින් ඒක තමයි භාවනාව.
එතකොට මෙම භාවනාව රූප වේදනා සඤ්ඤා සංස්කාර විඤ්ඤාණයන්ගේ සමුදය අස්තංගමය මෙනෙහි කරලා කරන්න පුළුවන්. එහෙමත් නැති නම්, දැන් අපි මේ 2016 සැප්තැම්බර් මාසයේ 4, 5 භාවනා දෙක කරලා ඊට පස්සේ කරන්න පුළුවන්.
එතකොට මේ භාවනාවෙදි ආදීනවය මෙනෙහි කරන කොටසෙදි අද භාවනාවෙදි, අපි දන්නවා ඔය චිත්තයේ මැඩ ගැනීම නිසා උවදුර අහංකාරයයි, එහෙනම් අත්තා. ඒක තමන්ට පේනවා, මොකද අපි බැලුවා චිත්තය ගැන කතා කරනකොට, අපිට පේනවා මෙතන සඤ්ඤා චේතනා විඤ්ඤාණ ඔක්කොම නිරූපණය වීමක් ඒකේ තියෙනවා. එතකොට special ආයතන භාවනාවේ මතක ද අපි බැලුවා අහංකාරය කියන එක. අර අභිනන්දති, අභිවදති, අජ්ඣොසාය තිට්ඨති කියලා ගත්තෙ. එතකොට ඒකෙ සඤ්ඤා අභිනන්දති, චේතනා අභිවදති, විඤ්ඤාණ අජ්ඣොසාය තිට්ඨති, කියලා ගත්තෙ. එතන දී යටින් පෙන්නලා දාලා තියෙනවා නේ අර බෝක්කුව වගේ අහංකාරය කියන එක. ඔන්න ඔතනින් තමයි මම ඒක හොයා ගත්තෙ.
ඒ කියන්නේ මේ භාවනාවේ දී, වටහා ගත්තා අර අහංකාරය තමයි මෙතනින් ඇති වෙන්නේ කියලා, උවදුර. එය දැනගෙන තමයි අද භාවනාවේ අවසාන කාරණය, තුන් වෙනි කාරණාව ඒකේ අවසානයට තියෙන කොටස ලිව්වේ, සංස්කාර සහ විඤ්ඤාණය අනත්තා danger එක, පසුවයි කියන එක, ඒක භාවනාවේ මුලින් තිබුණේ නැහැ. ඒක තමයි මං කරපු භාවනාව.
ඒක තමයි අමාරු කොටස මේ භාවනාවේ තේරුම් ගන්න. අනත්තා. සංස්කාරය මොක හැදුවත්, ඒක මගේ නෙමෙයි. විඤ්ඤාණය මොක හැදුවත්, ඒක මගේ නෙමෙයි කියන එක, අනත්තා කියන එක වටහා ගන්න ඕන. ඒක තමයි ආදීනවය, danger එක.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්