Date: 09/09/2016 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයෙහි ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. එසේ ම දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

අද භාවනාවේ දී මෙනෙහි කළේ උපසමාධිට්ඨානය. යම් උපසමාධිට්ඨානයක් වේ ද, එය ලෝභ ද්වේෂ මෝහ නිසා සැලීමක් නැත. කුමක් නිසා ද? අලෝභ, අදෝෂ, අමෝහ හරහා අරි අට මඟ සැකසී මෙහි පැමිණි නිසා ය. එනමුදු ලෝභයාගේ යම් සැලීමක් වේ ද එය, උපසමාධිට්ඨානයට බලපායි. කෙසේ ද? යම් නොසැලෙන සමාධියක් වේ ද, එහි ද පැවතීමක් නැත. යමෙක් මේ සමාධියට වඩා තව සමාධියක් හොඳ යැයි පවසන්නේ ද, එහි දී පවතින්නා වූ සමාධියේ වෙනසක් වන්නේ යම් සේ ද, මේ එසේ වටහා ගත යුතු ය. උදාහරණ වශයෙන් අප්පණිහිත චෙතො විමුක්තිය ඇති අයකු එය හොඳ යැයි පවසයි. නිර්වාණය සාක්ෂාත් කළ අයෙකු අකුප්පා චෙතො විමුක්තිය අගයන්නේ ද, එහි වෙනස ඇත. ඒ නිසා වන සැලීම ඇත. යමක් නොසැල්වෙන්නේ ද ඒ නිර්වාණයේ දී පමණ ය. ඒක තමයි භාවනාව.

එතකොට මේ භාවනාව කළහම හොඳට තේරෙනවා, මෙතන මේ කතා කරන්නේ උපසමාධිට්ඨානය කියන එක, උපසමාධිට්ඨානයට තිබෙන්නා වූ යම්කිසි ලෝභයක් තියෙනව ද, මේ බාහිර දෙයකින් මේක සැලෙන්නේ නැහැ, නමුත් උපසමාධිට්ඨානය කෙරෙහි පවතින්නා වූ යම්කිසි දෙයක් තියෙනව ද ඇල්මක් තියෙනව ද අන්න ඒක නිසා සැලීම තමයි මෙතන පැහැදිලි වෙනවා කියන එක පේන්නේ.

ඉතින් මේක තේරුම් ගන්න නම් අර ඊයේ, භාවනාව කරලා, ඉන් අනතුරුව මේක කරන්න ඕනේ. විශේෂයෙන් ම ඊයේ භාවනාවේ දී ආදීනවයේ දී වටහා ගත් සංස්කාර සහ විඤ්ඤාණ අනත්තා, ඒක මතක නේ අපි පෙන්නුවා අර, I making අහංකාරය කියන එක, එතන සඤ්ඤා චේතනා විඤ්ඤාණ කියලා එනවා.

MM_09_09_2016_D1.jpg

එතකොට ඔය සඤ්ඤා චේතනා විඤ්ඤාණ එකේ අපි ලියාගත්තොත් a1 සඤ්ඤා තියන තැන දැන් අත්ත සඤ්ඤා, ඊළඟට b1 දැන් අත්තා චිත්තය කියන එක චේතනාව තැන ලියාගත්තොත්, ඊළඟට c2 පෙර නිත්‍ය දිට්ඨිය කියන එක විඤ්ඤාණය කියන තැනින් ලියා ගත්තොතින්, එහෙම නම් අපිට මතකයි අපි කරලා තියෙනවා 15/02/2016 නිබ්බාන භාවනාවේ දී සාකච්ඡා කළ ධර්ම කොටසට අවධානය අපිට යොමු කරන්න පුළුවන්. ඉතින් මට නම් මේ වන විට අප්පණිහිත චෙතො විමුක්තිය, අකුප්පා චෙතො විමුක්තිය, දෙක ම ඇති වෙලා තිබුණේ. එතකොට මේ diagram එක පොඩ්ඩක් මතක් කරගන්නවා නම් 15/02/2016, ඊට ඉස්සෙල්ලත් අපි මේක බලලා තියෙනවා. ඒකෙ තියෙනවා අර c2, c1, b2, b1, a1, a2 කියලා අපි ලකුණු කරගෙන. ඒකෙ පෙන්නුවේ මොකක් ද?

MM_09_09_2016_D2.jpg

පළවෙනි එකට c2 >= c1, පුරාණ භාණ්ඩ පැවතුණා කියන උදාහරණය. ඊළඟට අපි බලලා තියෙනවා b1 > b2 කියලා, අලුත් උපකරණවල නැවුම් බවක් ඇත කියලා. ඊට පස්සේ a1 > a2 කියලා, අලුත් රූපය මගින් විඤ්ඤාණ ධාරාව පවත්වනවා කියලා. එතකොට ඔය රේඛාව පොඩ්ඩක් දික් කරලා බලන්න, ඔය c2 රේඛාව පෙර නිත්‍ය කතාව දික් කළහම ඒක යන්නේ විඤ්ඤාණයට. එතකොට a1, b1 වල තියෙන්නෙ මොකක් ද? දැන් අපි අර ඉස්සෙල්ලා diagram එකෙන් පෙන්නුවා දැන් කතාව. එතකොට එහෙම නම් අපිට දැන් මේ අවස්ථාවෙදි පේනවා මේක විමසලා බැලුවහම, පෙර නිත්‍ය දිට්ඨි c2 නොවූයේ නම්, දැන් අත්ත සඤ්ඤා අත්තා චිත්ත නොවේ. දැන් අත්ත සඤ්ඤා අත්තා චිත්ත නොවූයේ නම්, පෙර නිත්‍ය දිට්ඨි නොවේ යැයි වැටහේ. මෙන්න මේ වෙලාව වන විට නළලේ වම් කෙළවර සති ඉන්ද්‍රිය ඇති තැන cool වෙනවා, කියලා තමන්ට දැනෙනවා. එතකොට මෙතන දී හොඳට පැහැදිලි වෙනවා තථාගතයන් වහන්සේ අර මාලුඞ්‌ක්‍යපුත්තටත් දේශනා කළා, බාහියටත්, දේශනා කළා මේ ධර්මය. ඔබ මෙතනත් නැත එතනත් නැත. එතනත් නැත්නම්, මෙතනත් නැත්නම්, නිර්වාණය වෙනවා කියන එක. ඒක හොඳට පැහැදිලි වෙනවා. ඒක කරලා ම බලන්න ඕනේ.

ඒක තමයි මං කරපු භාවනාව.