Date: 10/09/2016 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයෙහි ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. එසේ ම දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.

අද භාවනාවේ දී මෙනෙහි කළේ, උපෙක්ඛා අප්‍රමාණය, චිත්තපාරිසුද්ධිපධානියඞ්ග මගින් පෝෂිත වන්නේ, කෙසේ නිර්වාණය සාක්ෂාත් කරයි ද යන්නයි.

චිත්තපාරිසුද්ධිපධානියඞ්ගය තුළ ඇති කාරණා දෙකක් උපෙක්ඛා අප්‍රමාණය මගින් පෝෂිත වන අතර උපෙක්ඛා අප්‍රමාණයේ කාරණා තුනක් චිත්තපාරිසුද්ධිපධානියඞ්ගය මගින් පෝෂිත වෙනවා. චිත්තපාරිසුද්ධිපධානියඞ්ගයේ කාරණා දෙක අපි පළමුවෙන් බැලුවොත්, අභිජ්ඣා නොවීමයි, දෙවෙනි එක ස්පර්ශයෙන් විවේකයයි කියන එක.

ඒක උපෙක්ඛා අප්‍රමාණයෙන් පෝෂිත වෙනවා, කොහොම ද? පළවෙනි කාරණයට පේනවා උපෙක්ඛා අප්‍රමාණය මගින් කෙසේ අභිජ්ඣා නොවේ ද? යම් අභිජ්ඣාවක් වේ ද, එයට මිච්ඡා දිට්ඨිය හේතු ප්‍රත්‍ය වන්නේ ය. උපෙක්ඛා අප්‍රමාණයේ ඇති උපෙක්ඛා නිමිත්ත මගින් සංස්කාර ඉවතලන්නේ, එම සංස්කාර මගින් දිට්ඨි අනුසය හරහා රූපයට ඇඟිල්ල දිගු කර, කරන්නා වූ බලපෑම නැති වීම නිසා, අභිජ්ඣාව බැස යනවා. තව ද උපෙක්ඛා අප්‍රමාණය තුළ සම්මා දිට්ඨිය ඇත. එමනිසා මිච්ඡා දිට්ඨිය නිසා වන අභිජ්ඣාව බැහැර වෙනවා.

දෙවෙනියට ස්පර්ශයෙන් විවේකය ඇති වීමට නම්, ස්පර්ශය පැවැත්විය නොහැකි බව දත යුතු ය. මේ සඳහා අනිත්‍ය අවබෝධ විය යුතු ය. උපෙක්ඛා අප්‍රමාණයට යමෙක් යන්නේ, ධම්මානුපස්සනාව කිරීමෙන් පසුව ය. ඒ නිසා සමුදය අස්තංගමය දන්නේ දක්නේ එමගින් උපෙක්ඛා අප්‍රමාණය සැකසේ. මෙසේ අනිත්‍යභාවය දන්නේ දක්නේ, ස්පර්ශයෙන් විවේකය ඇති වේ.

ඊළඟට අපි බැලුවොත් උපෙක්ඛා අප්‍රමාණයේ කාරණා තුන, චිත්තපාරිසුද්ධියෙන් පෝෂිත කරන. පළවෙනි කාරණාවට චිත්තපාරිසුද්ධිපධානියඞ්ගය තුළ හතර වන ධ්‍යානය අඩංගු ය. උපෙක්ඛා අප්‍රමාණයට එන සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤාව පටන් ගන්නේ ද හතර වන ධ්‍යානය මගිනි.

දෙවැනි කාරණයට, යම් ධ්‍යානයකට සමවැදුණු අයෙකු කාමයන් ඉක්මවයි. එනම්, බාහිර රූප නිසා ඇති වන ආස්වාදය නොතකයි. එවැනි රූප කෙරෙහි උපෙක්ඛාවක් ඇත. තුන් වැනි කාරණයට, යම් ධ්‍යානයකට සමවැදුණු අයෙකු පාණාතිපාත වැනි සංස්කාරයන් සඳහා චේතනා නොකරයි. එමනිසා එවැනි සංස්කාරයන් නිරෝධ වෙනවා. හතර වෙනි ධ්‍යානය දක්වා යන්නේ, ආශ්වාස ප්‍රශ්වාස වැනි කාය සංස්කාර පවා සංසිඳෙයි. Drop වෙනවා. මෙසේ සංස්කාරයන්ගේ නිරෝධය උපෙක්ඛා අප්‍රමාණයට උදව් උපකාර කරයි. එතකොට මේක තමයි භාවනාව.

ඉතින් මේ භාවනාව කළහම කෙනෙකුට තේරෙනවා, මේ චිත්තපාරිසුද්ධිපධානියඞ්ගයට ම අභිජ්ඣා නොවීම, කියන එක වැටහෙනවා. අභිජ්ඣා නොවීම කියන එක අරගෙන චිත්තපාරිසුද්ධිපධානියඞ්ගයට ම තමයි අභිජ්ඣා නොවෙන්නේ. යම් දහමක් සකසා ද, එම දහමට අභිජ්ඣා නොවීම මගින්, නිර්වාණය සාක්ෂාත් කරනවා. තව ද ටික වේලාවක් මෙසේ අභිජ්ඣා නොවීමත්, ස්පර්ශයෙන් විවේකයත් සහගතව සිටීමත් භාවිතා කරන්නේ, අපි අර කියන්නේ pack your bag and go කියලා. ඒ පෙර සඳහන් කළ අවස්ථාවේ දී යමෙක් විශ්වයේ ඈතට ගොස්, කලින් තමා සිටියා වූ තැන් අතහරිනවා වෙනවද, මෙහි දී එසේ ඈතට නොගොස්, ගෙදර උළුවස්සේ යට සිට ම, ගෙදර හෝ විශ්වය හෝ කිසිවක් අල්ලා නොගෙන නිර්වාණය සාක්ෂාත් කළ හැකි බව වැටහේ. ඒ කියන්නේ අර ඈතට ගිහිල්ලා මනුෂ්‍යයෙක් කියනවා, මං ඔය වත්ත අතහැරලා ආවේ කියලා. එයා ගිහිල්ලා ඉවරයි. දැන් මෙතන එහෙම යන්නෙ නැතිව, උළුවස්සෙ ඉඳන් ම කියන්න පුළුවන් මේ ස්වභාවය, යන්නේ නැතිව ම අතහැරීම කියන එක.

ඒක තමයි මං කරපු භාවනාව.