ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයෙහි ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. එසේ ම දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවෙදි මෙනෙහි කළේ, අප්පණිහිත චෙතො විමුක්තිය. අප්පණිහිත චෙතො විමුක්තියක් ඇති අයකු සංසාරේ සැරිසැරීම නැති කරගත හැකි වුවත්, කුමන හේතුවකින් හෝ භවයන් කරා ගමන් කරන්නේ නම්, කුමන තලයක ඉපදේ ද? කුමක් අරමුණු කොට එහි යා ද?
යම් අප්පණිහිත චෙතො විමුක්තියක් වේ ද, එහි සියලු ලොවට සාධාරණ වූ දුක්ඛය මනා කොට බැසගෙන ඇත. එනමුදු අන්‍ය සත්වයන් කෙරෙහි වූ කරුණාව නිසා ම, එම සත්වයා සසරේ සැරිසරයි. පෙර බුදුන් වහන්සේලා ඉදිරියේ ප්‍රාර්ථනා ඇති මෙම සත්වයෝ, තථාගතයන් වහන්සේලාගෙන් ලබා ගත් එම ධර්මය, අන් අයට දෙමි, යන කරුණාව මෙහි දී මූලික වී ඇත. එය ම හේතු ප්‍රත්‍ය වන්නේ ය.
එම සත්වයා ඉපදෙන්නා වූ තලයෝ, භූමි, තථාගතයන් වහන්සේ විසින් ම නියම කර ඇත. එම භූමීන් එසේ නියම කිරීමට තථාගතයන් වහන්සේට කාරණා දෙකක් උදව් උපකාර කරයි. පුබ්බේනිවාසානුස්සති ඥානය සහ දිබ්බචක්ඛු ඥානය වන්නේ ය.
අනාගත සත්වයා කෙරෙහි ඇති කරුණාව නිසා ම, තථාගතයන් වහන්සේලා එසේ භූමි නියම කරයි. එසේ ඉපදෙන්නා වූ සත්වයාට කාරණා දෙකක් අරමුණු වේ. පළවෙනියට තථාගතයන් වහන්සේ විසින් පවරන ලද කාර්යය. දෙවනුවට තම සිත තුළ බැසගෙන ඇත්තා වූ අන්‍ය සත්වයන් කෙරෙහි ඇති කරුණාව.
මෙහි දෙවෙනියට සඳහන් කළ තම සිත තුළ බැසගෙන ඇත්තා වූ අන්‍ය සත්වයන් දුකින් මුදවන කරුණාව අවසන් වනතෙක් එම සත්වයා පිරිනිවන් පෑම, ඒ කියන්නේ අවසාන පරිනිබ්බානය සිදු නොවේ.
ඉතින් ඒක තමයි භාවනාව.
ඉතින් මේ භාවනාව අප්පණිහිත චෙතො විමුක්තියට ගිහිල්ලා කරන්න ඕනේ. ඒ සඳහා මම කළේ සතර ආහාර දුක්ඛයේ සතර වෙනි භාවනාවෙන් පටන් ගත්තා.
පළවෙනි column එක. අර කබලිංකාර ආහාරය රාග සල්ලයෙන් කරකවලා, ඡන්දයෙන් අගති ගමනක් ගිහිල්ලා, ජාතියක් ඇති කරගත්තා. ඒකේ ජරා, ව්‍යාධි මරණ ඇති වෙලා, මනෝමය කායෙන් ඉන්නවා, කාලා නෑ වගේ දුකයි.
දෙවෙනි column එක මෙනෙහි කරනකොට, ඊයේ භාවනාව අනුව ස්පර්ශයෙන් විවේකය සහ අභිජ්ඣා නොවීම. මෙහි දී චිත්තපාරිසුද්ධිපධානියඞ්ගයට අභිජ්ඣා නොවීම සමඟ දුක්ඛ, දෝමනස්ස, සෝක, පරිදේව ඉක්මවන බව වැටහුණා.
තුන් වෙනි column එක මෙනෙහි කරනකොට, දෙවැනි හතර වෙනි සලකුණ දැකලා චිත්තානුපස්සනාවට පැමිණියා. චිත්තපාරිසුද්ධිපධානියඞ්ගය නිසා හෝ යම් චේතනාවක් එය කුසල සහිත වුවත් එමගින් වන සංස්කාරයන් නිසා, භය අගති වන බව සිහි කරලා චිත්තය අර්ථ දැක්වෙන සඤ්ඤා, චේතනා, විඤ්ඤාණ කොටස හොඳින් සිහි කළා. බිය පහව ගොස් 09/09/2016 නිබ්බාන භාවනාවට පැමිණියා.
ඒකෙ අපි diagram එකක් එහෙම දැම්මා. එතකොට ඒකෙ අපි දන්නවා ඒ සඤ්ඤා, චේතනා, විඤ්ඤාණ අර සඤ්ඤාව ළඟ ලියාගත්තා. A1 දැන් අත්තා සඤ්ඤාව. චේතනාව ළඟ b1 දැන් අත්තා චිත්තය, c2 පෙර නිත්‍ය දිට්ඨි කියලා විඤ්ඤාණය ළඟ.
එතකොට මේක විමසලා බැලුවහම, අපි ඒ භාවනාවේ දී ඉගෙන ගත්තා, පෙර නිත්‍ය දිට්ඨි c2 නොවූයේ නම්, දැන් අත්තා සඤ්ඤා, අත්තා චිත්තය නොවේ.
දැන් අත්තා චිත්ත, අත්තා සඤ්ඤා නොවේ නම්, පෙර නිත්‍ය දිට්ඨි නොවේ යැයි මෙනෙහි කරනකොට අප්පණිහිත චෙතො විමුක්තිය ඇති වුණා. මෙතෙන්දි සිත ඉතාමත් ම ශාන්තව ප්‍රභාස්වරව පැවතුණා. කුමක් හින්ද ද? කරුණාව ඇති නිසා ය.
ඒක තමයි මං කරපු භාවනාව. හත් වෙනි ධම්ම කාණ්ඩය ඉවර වුණා.