ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයෙහි ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. එසේ ම දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා. ඊයේ භාවනාව සමඟ හත් වෙනි ධර්ම කාණ්ඩය අවසන් වුණා.
ඒ නිසා අද අලුත් භාවනාවක් නෑ. මීට පස්සේ morning meditation page එකට අලුත් භාවනාවක් ඇතුල් වන්නේ කලාතුරකින්. සාකච්ඡා කර ඇති භාවනාවන් නැවතත් කරගෙන යෑම පමණයි කළ යුත්තේ.
මගේ අද භාවනාවට අගෝස්තු දෙවැනි දා 2016 නිබ්බාන භාවනාව තෝරා ගත්තා. මෙත්තා චෙතො විමුක්තිය ආරද්ධ විරිය මගින් පෝෂණය කිරීම කියන භාවනාව. එහි දී කාරණා තුනක් තියෙනවා.
ස්ථාමවත් වන්නේ නූපන් කුසල් උපදවනවා. තුන් වෙනි විරිය තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව අතහරින්නේ නෑ. සමාපත්ති ධර්මයන් පහ කරනවා. දෙවෙනියට දළපැරකුම් වන්නේ ඉවතන ලද බැහැර කරන ලද දේ නැවත නොගනී. එනම් තණ්හාව නැවත නොගනී. එසේ නම් නන්දි වීම සිදු නොවේ. ධර්මයට හරි තණ්හාව ඇති වෙනවා නම් පරාද වෙනවා. එයට නන්දි නොවිය යුතුයි. තුන් වෙනි කාරණය නොහළ ධූර ඇතියේ නිර්වාණය ම පසක් කරනවා. නන්දි වීම නොවටින්නේ, නිර්වාණය ම සාක්ෂාත් කරනවා.
ඉතින් මේ භාවනාව මේ විදිහට කළහම, ඒ මෙත්තා චෙතො විමුක්ති ස්වභාවය පමණක් නෙවේ, සියලු විමුක්තීන් ම ඇති වුණා. ධර්මයට ඇති ඇල්ම පහ කළ විගසින් චිත්ත ඉද්ධිපාදය මනා කොට ඉස්මතු වුණා. කැමති පරිදි එක් එක් ඉද්ධිපාද සහගතව ඉන්න පුළුවන් වුණා. ඉද්ධිපාදයෙන් ඉද්ධිපාදයට මාරු වෙන්න පුළුවන්. කිසිම ලෝකයක් අල්ල ගත්තේ නෑ. ඒ විදිහට විමුක්ති සහගතව හිටියා.
ඒක තමයි මං කරපු භාවනාව.