ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයෙහි ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. එසේ ම දාහතර නම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවට 10/09/2016 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. එම භාවනාවේ දී මෙනෙහි කළේ උපෙක්ඛා අප්‍රමාණය චිත්තපාරිසුද්ධිපධානියඞ්ගය මගින් පෝෂිත වන්නේ, කෙසේ නිර්වාණය සාක්ෂාත් කරයි ද යන්නයි.
එහි පළවෙනි කාරණය අභිජ්ඣා නොවීම, උපෙක්ඛා අප්‍රමාණය මගින් සිදු වන ආකාරය මෙනෙහි කළා. උපෙක්ඛා නිමිත්ත සිහි කළා. පෙර පාණාතිපාත කළා ද, එයින් ඉවත් වූ පසු ඇති වන සුඛය මගින්, පෙර කළා වූ පාණාතිපාතය දුක වශයෙන් දැකීම. මෙසේ කාමයෙහි වරදවා හැසිරීම දක්වා සිහි කළා.
පාණාතිපාතයෙන් අදත්තාදානය. අදත්තාදානය වුණහම කාමයේ වරදවා හැසිරීම වෙනවා. එතකොට ඒක අදත්තාදානයෙන් කාමයේ වරදවා හැසිරීම තේරෙන්නේ නැත්නම්, කෙනෙකුට බලන්න පුළුවන් අර මව් කුසට යමි යැයි කියන්නේ, සොරකම් කරනවා. ඒ අනුව කාමයෙහි වරදවා හැසිරීම කියන එක සිද්ධ වෙනවා.
ඊළඟට අනෙක් අතට මව් කුසට ගියේ නම්, අදත්තාදාන සම්පූර්ණ වෙනවා. එය කාමයෙහි වරදවා හැසිරීමට පසුවයි සිද්ධ වෙන්නේ. එහෙම නම් අපිට පේනවා කාමයෙහි වරදවා හැසිරීමෙන් අදත්තාදානය. අදත්තාදානයෙන් පාණාතිපාතය. පාණාතිපාතය කිව්වම තමාගේ මරණය තමා ම කරගත්තා වගේ.
කාමයෙහි වරදවා හැසිරීම කියන්නේ මෝහය. අදත්තාදානය ලෝභය. පාණාතිපාත ද්වේෂය. එහෙම නම් අපිට එනවා bell shaped curve එකක්. ඒ bell shaped curve එකේ උඩ පැත්තෙන් අපි ලියාගත්තොත්, පටන් ගන්නකොට පල්ලෙහා flat හරිය ලෝභය. උඩ peak එක දෝෂය. දකුණු අත පැත්ත බැහැලා යන එක මෝහය.
bell shaped curve එක යටින් ලියාගන්න පුළුවන් ලෝභය යටින් අදත්තාදානය. දෝෂය යටින් රේඛාවක් ඇඳලා පාණාතිපාතය. මෝහය යටින් කාමයෙහි වරදවා හැසිරීම.
මේ විදිහට සම්මා වාචා diagram එකට අනුව, මුසාවාද, පරුෂා වාච, පිසුණා වාච, සම්පප්‍රලාප මෙනෙහි කළා. අපි දන්නවා මුසාවාදයෙන් පරුෂා වාචය. පරුෂා වාචයෙන් පිසුණා වාචය. මුසාවාදයෙන් සම්පප්‍රලාපය.
සම්පප්‍රලාප කරන්නේ දොඩවනවා. දොඩවන්නෙ මොනවා ද? මුසාවාද. එතකොට එහෙම නම් අපිට පේනවා ආපහු bell shaped curve එකක් එනවා. ඒ bell shaped curve එකේ ආපහු උඩින් අපිට එනවා flat වෙන හරියේ මුල ම පටන් ගන්නකොට ලෝභය. උඩ peak එක ද්වේෂය. දකුණු අත පැත්ත බැහැලා ගිය එක මෝහය.
ඒකෙ ලෝභයට යටින් අපිට ලියා ලියාගන්න පුළුවන් bell shaped curve එක යටින් මුසාවාදය. ඒ වගේ ම ද්වේෂයට පල්ලෙහායින්, අපි X axis එක වාගේ එකේ, පිසුණා වාචය කියන එක ලියනවා. ඒකේ ඒ පිසුණා වාචයේ ඉඳන් ද්වේෂයට ඉරක් ඇඳලා ඒකේ මැද හරියේ ලියාගත්ත හැකි පරුෂා වාච කියලා. දකුණු අත පැත්තට අපිට එනවා මෝහයට යටින් සම්පප්‍රලාපය.
දැන් මෙතෙන්දි අපි පලාස කරනවා. හොඳට තේරුණා. Bell shaped curve එකේ වම් පැත්ත ද හොඳ? දකුණු පැත්ත ද හොඳ? ඕක තමයි අපි කරන්නේ. අභිජ්ඣා වන්නේ ව්‍යාපාද වෙනවා. ව්‍යාපාද වන්නේ සාරම්භය වෙනවා. මිච්ඡා දිට්ඨිය වෙනවා.
අනිත් පැත්තට පේනවා මිච්ඡා දිට්ඨිය ඇත්තේ, මගේ යන දිට්ඨිය ඇත. එසේ නම් මගේ වේවා යැයි පවසයි. ඒ විදිහට අභිජ්ඣා වෙනවා. දැන් එහෙනම් ආපහු අර bell shaped curve එකක් ආපහු එනවා. ලෝභය, bell shaped curve එකේ අර flat හරිය පටන් ගන්න තැන. උඩ peak එක ද්වේෂය. පල්ලෙහාට බැහැලා ගියහම මෝහය. ලෝභයට යටින් අපිට එනවා අභිජ්ඣා. ද්වේෂයට යටින් එනවා ව්‍යාපාදය. අර X axis එක වගේ. මෝහයට යටින් එනවා මිච්ඡා දිට්ඨිය. දැන් මෙතෙන්දිත් පලාස කරනවා. වම් පැත්ත ද? දකුණු පැත්ත ද? bell shaped curve එක කෑලි දෙකට කපනවා, ව්‍යාපාද දෝෂ රේඛාව හරහා. උපෙක්ඛා අප්‍රමාණය වන්නේ, වම් පැත්ත සහ දකුණු පැත්ත යන දෙක ම එකයි. පලාස නොකරයි. Curve එක flat වෙනවා. අන්න ඒ වෙලාවෙදි “සාදුයි” කියලා ඇහුණා.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්