Date: 16/09/2016 Name: නිබ්බාන

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. එසේ ම දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

අද භාවනාවෙදි මෙනෙහි කළේ, 03/09/2016 නිබ්බාන භාවනාව. එහි දී චෙතො විමුක්තිය ඇති අයකු ආරද්ධ විරිය මගින් පෝෂිත වන්නේ, කෙසේ නිර්වාණය සාක්ෂාත් කරයි ද, යන්න සාකච්ඡා කළා. භාවනාවේ පළවෙනි කාරණය, මම ඒ භාවනාව නැවතත් කියන්නේ නැහැ. ඒකේ දළපැරකුම් සිහි කරන්නේ, එය මගින් තණ්හා පපඤ්චය නැති වීම කියන එක සිහි කළා. ඉතින් ඒකෙ අපිට පේනවා, ඔය නිත්‍යයි කියලා ගත්තහම ඒකේ පසු සඤ්ඤාව දිට්ඨි ආශ්‍රවය, නිත්‍ය නිසා පහළට අවිද්‍යා ආශ්‍රව වෙනවා. එතකොට ප්‍රඥා විමුක්තිය තියෙනවා නම්, අර නිත්‍යභාවය යනවා. ඒක නිසා දිට්ඨි ආශ්‍රව කියන එක නැති වෙනවා. ඉවත් වෙනවා. තවමත් අවිද්‍යා ආශ්‍රවය යම් පමණකට තිබිය හැකි ය. එනම් සංස්කාරවලට මාන වීම නිසා. ඇයි මෙහෙම වෙන්නේ? ප්‍රඥා විමුක්තිය මගින් ඉවතන ලද යම් සංස්කාරයක් වේ ද, එම සංස්කාරය මගින් විඤ්ඤාණයේ තිබුණා වූ යම් බාධාවක්, impediment එකක්, චිත්තස්ස සම්පලිබොධයක් වේ ද, එය ඉවත් වීම නිසා වන සුඛය මගින්, මම දැන් හපනෙක් යැයි කියන්නාක් මෙන් සතුටු වීමෙන් ඇති වෙන්නා වූ ආස්වාද ස්වභාවය නිසා අවිද්‍යා ආශ්‍රවය වෙනවා.

අර තමන්ගේ සිතේ තියෙන කරදරකාරී ගතිය අයින් වුණහම, අන්න තමන් ඒකට තමයි මේ තමන්ගේ ආස්වාදය ඇති වෙලා මෙතැන මේ තියෙන ඒ සංස්කාරවලට මාන වීම. නොහළ ධූර ඇත්තේ, ප්‍රඥා විමුක්තිය උපදවන සංස්කාරය දුක බව දන්නවා. එහෙම නම් ප්‍රඥා විමුක්ති සංස්කාරය ඉවතලනවා. මෙසේ අවිද්‍යා ආශ්‍රවයේ සිට කාම ආශ්‍රවය දක්වා නොයැවෙනවා. එතනට යැවීම කියන එක සිද්ධ වෙන්නේ නැහැයි කියන එකයි. එනමුදු අනුසය ධර්මය නිසා උදාහරණයක් වශයෙන් දිට්ඨි අනුසය, රූප ස්පර්ශයට තුඩු දෙන්නා වූ ධර්මයන් පහ කිරීම, ස්ථාමවත් වීම මගින් පහ කරනවා කියලා අපි ඒ භාවනාවේ දී ඉගෙන ගත්තා.

මෙතනදි තේරුම් ගත්ත දේ තමයි, දිට්ඨි අනුසය මගින් රාග අනුසය වෙනවා. Wiper එක වගේ එනවා නේ එතනට. ඒක පෙර වී ඇත්තේ ද, එමගින් වන බලපෑම නොඇවිස්සීම නිසා නිර්වාණය සාක්ෂාත් කරයි. ඇවිස්සෙන්නේ නැතිකම නිසා. ඒ කියන්නේ, අපි ලකුණු කරගත්තොත් වේදනාව තියලා උඩින් රූපයයි චේතනාවයි වම් පැත්තෙන් ජාතිය, භය අගතිය. ඒ cross එක. එතකොට දිට්ඨි අනුසය එනවා වේදනාව දක්වා භය අගතියෙන් එන එක. රාග අනුසය ජාතියේ ඉඳන් වේදනාවට.

එතකොට දැන් අපිට පේනවා, මම නම් ලකුණු කරගත්තා රූපයයි වේදනාවයි චේතනාවයි blue පාටින් mark කරගත්තා. එතකොට රාග අනුසය රේඛාවේ අපිට පේනවා, වේදනා චේතනා දෙක තියෙනවා. රාග අනුසය නිදා ඉන්නා වූ වෘකයෙක් වගේ, dormant යමක් ඕන කියලා කියන්නේ නැහැ. යමක් ලැබෙතොත් අන්න agitation එකක් වුණොත්, පමණක් ඒ ඇවිස්සීම කියන එක එතන ඒ විදිහට සිදු වෙනවා. එමගින් චේතනා වීම කියන එක සිදු වෙනවා. එසේ නම් වේදනා චේතනා තෙත් වීම මගින් ම වන්නා වූ ධර්මයන්, ස්ථාමවත් බව මගින් පහ කිරීම කියන එක කරනවා. ඒ කියන්නේ නිකන් ඔහේ ඉන්නවා. මොකක්වත් ඕනේ කියන්නේ නැහැ. හැබැයි මොකක් හරි එකක් ලැබිච්ච ගමන් ගෑවිච්ච ගමන් අන්න මෙයා ටක් ගාලා ඇවිස්සෙනවා.

මෙහි දී සඤ්ඤාව නිරුද්ධ ස්වභාවයට පත් වී ඇති නිසා, ඒ කියන්නේ ප්‍රඥා විමුක්ති චෙතො විමුක්ති මගින් එහි බලපෑම සාකච්ඡා කළ යුතු නොවේ. සඤ්ඤාවේ අනිත්‍යභාවය දැකලා තියෙනවා. ඒ වගේ ම අපිට පේනවා චෙතො විමුක්තිය මේවා මගේ කියලා ගන්නේ නැතිකම. ඒක නිසා එකේ බලපෑම සාකච්ඡා කළ යුතු නැහැ. ඒක තමයි භාවනාව. ඉතින් මේ භාවනාවේ දී ප්‍රඥා විමුක්ති, චෙතො විමුක්ති ඒ ඒ අවස්ථාවේ දී මට ඇති වුණා. වම් කම්මුලයි දකුණු කම්මුලයි දෙක ම සුඛයි. වම් කම්මුල චෙතො විමුක්තිය නිසා, දකුණු කම්මුල ප්‍රඥා විමුක්තිය නිසා.

එතකොට මෙන්න මේ සුඛ අවස්ථාවෙදි තමයි අර රාග අනුසය නිසා වන ස්වභාවය මම වටහා ගත්තේ. එතකොට ඒක හොඳට පැහැදිලි වෙනවා දැන්. ඒ කියන්නේ මේ වේදනාවේ තියෙන සුඛ කතාව.

ඒක තමයි මං කරපු භාවනාව.