පූජාවෙන් පස්සේ ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාව සඳහා මම තෝරගත්තේ අර 02/09/2016 නිබ්බාන භාවනාව. මම කරන්නේ භාවනාවන් ආපහු අනිත් පැත්තට බලාගෙන යනවා. ඒක මෙනෙහි කළා. ඒ කියන්නේ සාපූගිය සූත්‍රයේ සඳහන් වන විමුක්තිපාරිසුද්ධිපධානියඞ්ග හතර, ඒ භාවනාවෙදි සාකච්ඡා කළ ධර්ම කොටසකට මගේ මනස යොමු වුණා. ඒකෙ පෙන්නනවා මේ ප්‍රඥා විමුක්තිය මගින් දිට්ඨි ආශ්‍රව පහ කරනවා. එය චෙතො විමුක්තියට කාවදිනවා. චෙතො විමුක්තිය මගින් ප්‍රඥා විමුක්ති සහගත සංස්කාරයන්ට මාන නොවේ. එම සංස්කාර මගේ යැයි ගැනීම ම දුක්ඛය වන බව දැනගන්නවා. මෙය සතියට ඇතුළත් වෙනවා. එමගින් ඇති වෙන සම්මා ඥානය මගින් සඤ්ඤා ඉවත් කරනවා. කුමන සඤ්ඤාවෝ ද? අත්තානුදිට්ඨිය මගින් ඇති වෙන සඤ්ඤාවෝ කියලා අපි ඉගෙන ගත්තා.
එතකොට මේක සම්බන්ධ වුණා ඊයේ භාවනාවත් එක්ක. ඊයේ භාවනාවත් එක්ක සම්බන්ධ කරලා බැලුවා ම, ප්‍රඥා විමුක්තිය වුණාට පස්සේ ඒ දිට්ඨි ආශ්‍රව ඉවත් කරලා අර හපනා කියලා, එයාට හැඟීමක් එනවා. ඒක චිත්තස්ස සම්පලිබොධය කියන ඒවා ඉවත් වීම නිසා. දැන් මට ඉස්සර වාගේ අර ප්‍රශ්නයන් බලපාන්නේ නෑ මගේ චිත්තයට කියන අර්ථය තියෙනවා. ඒ වුණාට දැන් මේකට අවිද්‍යා ආශ්‍රව තියෙනවා. එකකින් පැන ගත්තට අනිත් එකෙන් දැන් අවිද්‍යා ආශ්‍රව තියෙනවා. එතකොට ප්‍රඥා විමුක්ති සහගත සංස්කාරයන්ට ම මාන නොවන්නේ ඒවා දුක බව දන්නේ චෙතො විමුක්තිය කියන එක ඇති වෙනවා. දැන් විරිය මගින්, දළපැරකුම් මගින් අර ඉවත් කිරීම එතන දී සිද්ධ වුණා. ඒ කියන්නේ අර ප්‍රඥා විමුක්තිය මගේ යැයි ගතහොත් පරාදයි. රජ කෙනෙක් පරාද වෙනවා කිව්වේ. පරාද වීම කියන එක තියෙනවා.
දැන් පාරිසුද්ධිපධානියඞ්ගයේ දී මේක සීල කොටස මගින් සිද්ධ වෙන්නේ. බලන්න අපි සීලයක් කියන එක ගන්නේ කොහොම ද, මම පාණාතිපාතය එහෙම කරන්නේ නැහැයි කියලා, විරියක් ඇතුව තමයි අපි සීලයකට එන්නේ නේ ද? එතකොට, ඒ කියන්නේ මෙතන පෙන්නනවා, ධ්‍යාන සහගත වූ සංස්කාරයන්ට අභිජ්ඣා නොවීම, ඒක සතියට ඇතුළත් වෙනවා. එතකොට දැන් සම්මා ඥානය මගින් සඤ්ඤා කියන ඒවා ඉවත් කරනවා. අත්තානුදිට්ඨිය මගින් ඇති වන සඤ්ඤා. දැන් මේ භාවනා දෙකක් compare කරගෙන යන්නේ. පාරිසුද්ධිපධානියඞ්ගයේ භාවනා කොටස. ඒකෙදි විමුක්තිපාරිසුද්ධිපධානියඞ්ග මගින් තමයි ඒක සිද්ධ කරන්නේ. දැන් මෙහි දී වේදනා සඳහා යම් තෙත්වීමක් වේ ද, ඊයේ භාවනාවේදිත් බැලුවා, චේතනා නිසා යම් තෙත්වීමක් වේ ද, මෙම දෙක ම අත්තානුදිට්ඨිය පහ කිරීම මගින් ම වෙන බව ඊයේ භාවනාවත් එක්ක, සසඳලා බැලුවා ම පේනවා. කුමක් නිසා ද? “යම් දහමක් අනුසය බවට පත් වූයේ අත්තානුදිට්ඨිය නිසා ම ය.” අන්න ඒක තමයි රහතන් වහන්සේගේ වචනය. අනුසය වෙලා තියෙන්නේ අත්තානුදිට්ඨිය නිසා.
ස්ථාමවත් බව මගින් වූ ශ්‍රද්ධාවන්ගේ ප්‍රබලතාවය අපිට මෙතනදි වැටහෙනවා ඒ දෙක compare කරලා බැලුවා ම. ඒ කියන්නේ ශ්‍රද්ධාව අත්නොහරී කියලා කිව්වා නේ. එතකොට ඒකෙන් තමයි මේ අවස්ථාව අයින් කිරීම කියන එක තියෙන්නේ. ඒ තරම් දුරට යනවා ස්ථාමවත් වෙනවා කියන එක.
ඒක තමයි මං කරපු භාවනාව.