Date: 18/09/2016 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

එතකොට අද භාවනාවේ දී මෙනෙහි කළේ, 20/08/2016 නිබ්බාන භාවනාව. ඒකෙදි අපි සමාන්තරාස්‍රයක් බැලුවා නේ, parallelogram එක. ඒක ක්‍රියාත්මක වන ආකාරය නැවතත් බැලුවා. එතකොට ඒක ආපහු මතක් කරන්න අවශ්‍ය නැහැ නේ, නේ ද? ඕන ද?

Parallelogram.jpg

ඒකෙ තියෙන්නෙ අඤ්ඤාතාවිනො ඉන්ද්‍රිය පහළ තියෙනවා. එතකොට ඒකේ, පළවෙනියට අපි යටින් ලියාගත්තා, ලෝභ දෝෂ මෝහ පහ කරනවා කියලා. දෙවැනි විරිය. ඊට පස්සේ උපෙක්ඛා නිමිත්ත තියෙන තැනින් යටින් දස කුසලය කියලා ලියාගත්තා. ඊළඟට දකුණු අත පැත්තට යනවා පග්ගහ නිමිත්ත. ඒක යටින් අපි ලියාගත්තා තුන් වැනි කාරණය, අරි අට මඟයි කියලා. ඊට පස්සේ උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය, ඒක පහළින් අපි ලියාගත්තා, අලෝභ අදෝෂ අමෝහ කියලා. ඊළඟට පස් වෙනි කාරණය සමාධි සම්බොජ්ඣඞ්ගය යටින් අපි ලියාගත්තා, අරි අට මඟයි කියලා, පස් වෙනි කාරණය හැටියට. ඊට පස්සේ අපි හය වෙනි කාරණයට එනවා, උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගයට උඩින් අපි ලියාගත්තා, අර මිච්ඡා දිට්ඨිය ඉවත් වෙනවා කියලා. එතකොට උඩ අපි යන්නේ පග්ගහ නිමිත්ත කියන එකට. එතකොට අපි ඒකෙදි බැලුවා, උපෙක්ඛා භාවනාවේ යමෙක් අඤ්ඤාතාවිනො ඉන්ද්‍රිය දක්වා පැමිණෙනවා නම්, ඒ දෙවැනි විරිය භාවිතා කොට ලෝභ ද්වේෂ මෝහ පහ කිරීම සිදු කරන්නේ, උත්සාහ කරන්නේ විරිය යොදවන්නේ, දස කුසලය දක්වා පැමිණීම සිද්ධ වෙනවා. දස කුසලය මගින් අරි අට මඟ කරා එළඹෙනවා පග්ගහ නිමිත්ත කියන එක.

ඉතින් මේ භාවනාවේ ඒක කරනකොට ම මුලින් පටන් ගන්නකොට ම, ඒ නළලේ තමන්ගේ ඉහළ ඵල චිත්තය නැංවිලා නළලේ තියෙනවා, හැබැයි tension එකක් තියෙනවා. දැන් ඔය දෙවැනි කාරණය ලෝභ දෝෂ මෝහ ඉඳන් අපි දස කුසලයට එනවා කියන අවස්ථාවේ දී, ඕගොල්ලො බලන්න ඕන, ඕක දික් කරලා අපි යන්නේ අධිචිත්ත ශික්ෂාවට. සති ඉන්ද්‍රිය කියන එක, අන්න ඒ කොටස බලපුවහම. මොකද, මේක උඩට ගිහින් උපෙක්ඛා නිමිත්ත හරහා අධිචිත්ත ශික්ෂාවට ගිහිල්ලයි, අපි උපෙක්ඛා නිමිත්තට එන්නෙ, අර සමුදය අස්තංගමය බලලා. අන්න එතැන දී අර නළලේ තිබුණා වූ tension එක ගිහිල්ලා, නළල දැනෙනවා ඒක smooth වෙනවා. බොහොම ශාන්ත ස්වභාවයකට තමන්ගේ පත් වෙනවා. එතකොට ඒ ප්‍රීතිය, ඒ වගේ ම අනෙක් විමුක්තීන් ඒවා ඔක්කොම, ඒ range එකට වැටෙනවා. විමුක්තිය දක්වා ම තියෙන්න වූ එක.

ඊට පස්සේ අපි දැන් දෙවැනි කාරණය දස කුසලයෙන් අපි එනවා පග්ගහ නිමිත්ත කියන තැනට. ඒ පග්ගහ නිමිත්ත කියන තැනට අපි ආවහම, ඒ කියන්නේ අපි ඔතන පෙන්නනවා ඒ අරි අට මඟ කරා එළඹෙනවා කිව්වම පග්ගහ නිමිත්ත තුළ අරි අට මඟේ ඇතුළත් වන හතර වන විරිය භාවිතා කරනවා. සංස්කාර ඉවතලනවා. අර රූපයේ best එක අපි හොයනවා කියන එක නේ කිව්වේ. එතකොට අන්න ඒ අවස්ථාව වෙනකොට, තමන්ට තේරෙනවා මේ නළලෙන් ඇති වෙන්නා වූ ස්වභාවයත් එක්ක, ඒක හරියට අර හය වන ධ්‍යාන සමාපත්තිය තියෙනකොට ආලෝකය සහගතව තියෙනවා නේ. ඒ ප්‍රභාස්වර ස්වභාවය තමන්ට පුදුමාකාර විදිහට දැනෙනවා. සතිය පැත්තෙන් ආවා ම smooth වෙනවා, අතනට ගියහම හරි විශාල ප්‍රභාස්වර ස්වභාවයකට මනස පත් වෙනවා. එතකොට එතන අපි සඳහන් කළා අමෝහයෙන් අදෝෂය ඇති වෙනවා, අදෝෂයෙන් අලෝභය ඇති වෙනවා කියලා.

ඔන්න ඔතන තමයි ඕකේ හරි ගැඹුරු ධර්මය තියෙන්නේ. මං දන්නේ නැහැ ඕගොල්ලෝ ඒ භාවනාව බලනකොට ඒක හොඳට බැලුවා ද කියලා. ඒ කියන්නේ ඕකෙ තියෙන්නෙ, දැන් අපි දන්නවා නන්දිය පැත්තෙ කාම ආශ්‍රව කියන එක තියෙනවා. නන්දිය වුණා නම් අපිට ද්වේෂය කියන එක ඇති වෙනවා. මේ peak එක ඇති වෙන හැටි ද්වේෂය කියන එක. මැද්දට තියෙන්නෙ වේදනාවත් එක්ක ද්වේෂය. දකුණු අත පැත්තෙන් අපිට පේනවා නාමරූපයේ ඉඳන් පරාමාසයට යනවා කියන එක. ඕක අපි බලලා තියෙනවා සක්කාය දිට්ඨි diagram එක රවුම් 6 step 4 කියලා බහිනවා කියන එක.

එතකොට කෙනෙකුට කල්පනා වෙන්න ඕන, අපි මේ ළඟ දී පෙන්නුවා ඔය පාණාතිපාත, අදින්නාදාන, කාමය වරදවා හැසිරීම, ඒකෙ peak හැදෙනවා, හැම එකේ ම තියෙන්නේ මැද්දේ ද්වේෂය. මුසාවාද කතාවේ පරුෂා වාචා පිසුණා වාචා මැද්දේ ද්වේෂය. ඒ peak එක ම තමයි මෙතනත් මේ. ද්වේෂය තමයි peak එකට එන්නේ. එතකොට වේදනාව තියෙන පාරත් එක්ක ඕක තියෙනවා. ඉතින් අපි එතන සඳහන් කළා අධිප්‍රඥා ශික්ෂාව, අරූප ධ්‍යාන කුසලය අරූප ධ්‍යානයට නොඇලීම, ධ්‍යාන සංස්කාරයන් කියන ඒවා ඉවතලීම. අර විරිය භාවිතා කර ඔක්කොම අයින් කිරීම කියන එක තියෙනවා. එතකොට මේ විදිහට අලෝභ අදෝෂ අමෝහ වෙනවා, ඒක තමයි හතර වෙනි කාරණය. එතකොට අලෝභ අදෝෂ අමෝහ ස්වභාවය නිසා ඇති වන සම්මා සමාධියේ විමංසා ඉද්ධිපාදය ඇතුළත්, එමගින් සම්මා ඥාන ඇති වෙනවා. මෙසේ පහ, සමාධි සම්බොජ්ඣඞ්ගය කියන එකට අපි පැමිණෙනවා, කියලා අපි ලියාගත්තා.

ඊට පස්සේ අපි පැවසුවා සම්මා ඥාන නිසා ඇති වන සම්මා විමුක්තිය මගින්, සියලු මිච්ඡා දිට්ඨින් පහ කරනවා. අරි අට මඟ සම්පූර්ණ කරනවා. දුක යැයි වැටහෙනවා, දුක්ඛ සමුදය යැයි වැටහෙනවා, දුක්ඛ නිරෝධය යැයි වැටහෙනවා. මෙසේ අරි අට මඟ මගින් ම, පග්ගහ නිමිත්ත මනා කොට පවත්වනවා. නිර්වාණය සාක්ෂාත් කරනවා. දැන් මේක සසඳලා බලන්න ඊයේ භාවනාවත් එක්ක.

ඊයේ භාවනාවේ දී අපි සඳහන් කළා, ඒ සියලු මිච්ඡා දිට්ඨින් පහ කිරීම. ඊට අත්තානුදිට්ඨිය පහ කිරීමත් ඇතුළත් වෙනවා. එසේ නම්, අනුසය ධර්මයන් ද එමගින් ම පහ වෙනවා. කිව්වේ මේකෙන් සියලු මිච්ඡා දිට්ඨි පහ වෙනවා කියලා. එතකොට අත්තානු දිට්ඨියත් ඒකේ එකක්. ඒකත් පහ වෙනවා. එතකොට එහෙම නම් අත්තානුදිට්ඨිය ගිහිල්ලා අනුසය ධර්මයත් යනවා. මේක නිකන් ම නෙමෙයි සිද්ධ වෙන්නේ. මේක සිද්ධ වෙන්නේ ආපහු ඔයගොල්ලෝ ඇඳගන්න ඕන, අර වේදනාව තියෙන විදිහට මේ පැත්තෙන් ජාතිය, ජාතියෙන් වේදනාවට එන 50% පාර, ඊළඟට දිට්ඨි අනුසය රේඛාව, භය අගතියේ ඉඳන් එන එක. දැන් අපි ටිකකට ඉස්සෙල්ලා කිව්වේ මොකක් ද? අර ධ්‍යාන සංස්කාරයන් සමාපත්ති ධර්මයන් පහ කරනවා කිව්වා. ඒ කියන්නේ මොකක් ද අර මාන පාරේ භය අගතියට එන එක. ඒ කියන්නේ අරූප ධ්‍යාන සංස්කාරයන්ට නොඇලීම මගින්, අත්තානුදිට්ඨියට තුඩු දෙන්නා වූ ධර්මයන් පහ කිරීම.

දැන් ඊළඟට හිතන්න බලන්න. දැන් අපි නන්දිය තියෙන තැනට ආවා නම්, අපි ඇවිල්ලා තියෙනවා නේ කලින්, නේ ද, නන්දිය තියෙන තැනට ආවා නම්, ඒ පැත්තෙන් වෙන එක බලපානවා. බලපෑම බලන්න ජාතියේ ඉඳන් එන එක. නන්දිය දක්වා නොපැමිණීම මගින් රාග අනුසය කොටස පහ වේ. එතකොට මෙන්න මේ දෙයාකාර ධර්මයන් ම පහ වෙන්න ඕන. දැන් පේනවද අන්තිමට මොකක් ද අයින් කරන්නේ, තමන්ගේ වේදනාවත් එක්ක තියෙන්නා වූ දෝෂයේ තියෙන අර peak එක. දැන් අපි පාණාතිපාත අදත්තාදාන කාමය වරදවා හැසිරීම ඒවායින් විදිහට peak එක, මුසාවාදවලින් peak එක, ඊළඟට මිච්ඡා දිට්ඨි අභිජ්ඣා ව්‍යාපාද ඒ විදිහට peak එක, දැන් පෙන්නනවා අත්තානුදිට්ඨිය, රාග අනුසය, අන්න වේදනාවත් එක්ක තියෙන්නා වූ එක. එතකොට අන්න ඒ වෙලාවෙදි ද්වේෂයක් නෑ. ඒ කියන්නේ කිසිම ආකාරයකින් ලෝකයේ කිසිම දෙයක් ගැන ද්වේෂයක් නෑ. යම්කිසි දෙයක් තමන් සිහි කරගත්තා කියලා, අපි හිතමු තමන්ට යම්කිසි එකක් නිසා කරදරයක් වුණා කියලා, එතකොට ඒ කරදරය නිසා තමන් ඒක මතක් කරගත්තා කියලවත්, ඒකෙ තමන්ට ද්වේෂයක් නැහැ. ඒ කියන්නේ නොසැලී පවතිනවා කියන එක හොඳට පැහැදිලි වෙනවා. ඉතින් ද්වේෂයෙන් නේ, ඉපදීම කියන එක තියෙන්නේ. මේක නැත්නම් ඉවරයි.

ඒක තමයි මං කරපු භාවනාව.