Date: 20/09/2016 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

භාවනාවට පෙර 22/08/2016 විරිය ඉද්ධිපාද භාවනාවත්, 23/08/2016 නිබ්බාන භාවනාවත් බැලුවා. ඒකේ තියෙන්නේ මේ උපෙක්ඛා අප්‍රමාණයට උදව් උපකාර කරන හැටි, මේ ඉද්ධිපාද දෙකෙන්. ඉතින් 23/08/2016 නිබ්බාන භාවනාවේ පෙන්වා දෙන්නේ විමංසා ඉද්ධිපාදය උපෙක්ඛා අප්‍රමාණයට උදව් උපකාර කිරීම. එතනින් භාවනාව පටන් ගත්තා. මේක පටන් ගත්තහම අර lightning sign එකත් එක්ක සම්බන්ධ වෙලා ආවා.

අපි ඊයේ පෙරේදා lightning sign එක දැම්මා නේ. ඒකේ අපි දන්නවා දැන් ඔය විමංසාව කියන එක අපි ලකුණු කරගන්නවා ඒ පරාමාසයේ ඉඳන් විඤ්ඤාණය දක්වා. අපි ඔය paths of iddhi එකේ එහෙම ඕවා ලකුණු කරලා තියෙනවා. එතකොට දැන් අපිට පේනවා, විමංසාව කියන එක තියෙනවා නම් එතනින් අර සෝකය කරා ගමන් කරන එක එයා නවත්වනවා. එතකොට, එහෙම නම් සෝකය දක්වා එන්නේ නැත්නම්, සෝකය මගින් රූපයට සුඛ යැයි කියලා නිශ්චිත කරන, ඒ කියන්නේ stamp කරනවා කියන එක, නොකිරීම කියන එක තියෙනවා. මේක සතියට ඇතුළත් වෙනවා. එතකොට එහෙම නම් ඉස්සරහ රූප ගන්නේ නෑ.

ඊළඟට 22/08/2016 විරිය ඉද්ධිපාද භාවනාවේ ඉගෙන ගත් පරිදි, මිය ගියා වූ සංස්කාර නැවත නූපදවන්නේ, සෝකය දක්වා සංස්කාර මගින් භය අගති දක්වා නොයැවෙනවා. එතකොට එහෙම නම් සතියත් විරියත් එකිනෙකාගෙන් වෙන් වෙලා යනවා. මේක උපමාවකින් ගන්නවා නම්, වටහා ගන්නවා නම්, මනා කොට දැනුවත් කරලා දරුවෙක්ව ගමනක් යවනවා. එයාට කියනවා, ඉස්සරහට හම්බවෙන කිසිවක් නොගන්න කියලා, අවවාද කරලා තියෙනවා. අන්න එතන සතිය. ඊළඟට, පෙර කළා වූ සංස්කාරයන් දෙස ද නැවත නොබලන්නයි, විරිය මගින් පෝෂිත කිරීම වෙනවා. එම ආකාරයට වටහා ගන්න පුළුවන්.

ඉතින් පෙර කළා වූ සංස්කාරයන් වශයෙන් මවුපියන් නිසා ම ඇති වූ ජීවිතය, සිතිය හැකි අතර, ඒ වගේ ම මේ ධර්මය මෙසේ ලියා කියා දීම වැනි සංස්කාර ද, උදාහරණ වශයෙන් ගන්න පුළුවන්. ඉතින් මෙතන හරි ලස්සනට පේනවා මේ සතියයි විරියයි දෙන්නා දෙපැත්තට ගමන් කරනවා.

ඒක මේ විදිහට ම භාවනාව සිද්ධ වුණා. මේ භාවනාව කරනවිට අර 02/09/2016 නිබ්බාන භාවනාවේ, සාපූගිය සූත්‍රයත් එක්ක අපි ඉගෙන ගත්තා නේ. ඒක මෙනෙහි කරනකොට ම සිදු වෙච්ච ආකාරයට ම ඒකෙදිත් සිද්ධ වුණා. ඒකෙදිත් අප්පණිහිත චෙතො විමුක්තිය ඒකෙදි ඇති වුණා. ඒ වගේ ම මේකෙදිත් ඒ විදිහට ඇති වුණා. ඒ සතියයි විරියයි ඉන්ද්‍රිය මගින් තදින් ඔළුව දැනෙනවා, ඒ වගේ ම මේ දෙක අර හත් වෙනි ධ්‍යාන තලයේ එකිනෙකා ගැන හැඟීමක් නොමැතිව වෙන් වී යන දෙදෙනෙක් වාගේ, ඒ දෙන්නා යනවා. එතකොට ඒ සතියෙන් කිසිම construction එකක් නෑ. මෙතන විරිය පැත්තෙන් maintain කරන ඒවා, කියන ඒවත් නෑ කියන එක තියෙනවා.

ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

Repair_bhavana/Repair_bhavana-02.jpg


s_Paths_of_Iddhi.jpg