පූජාවෙන් පස්සේ ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයෙහි ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවට මං භාවිතා කළේ, අපි දන්නවා අඤ්ඤාතාවිනො ඉන්ද්රිය තුළ ඇති හතර වෙනි කාරණය මගින් නොහළ ධූර ඇති වෙනවා කියලා, අපි 24/08/2016 නිබ්බාන භාවනාවෙදි, අපි ඉගෙන ගත්තා. එතකොට ඒකේ, ඒ ඉතුරු කාරණා ටිකත් ඉතින් තමන් බලන්න ඕන, ඒ භාවනාවෙදි.
ඒ පෙන්නන්නේ මොකද්ද? ඒ හතර වෙනි කාරණයෙදි, යම් ආශ්‍රවයක් පහ කිරීමට යම් කුසලයක් පැවැත්විය යුතු ද, එම කුසලයෝ මුළා නොවී පවත්වනවා කියන එක. පග්ගහ නිමිත්ත. එතකොට පග්ගහ නිමිත්ත මගින් දුක ම ඉවත් කරනවා, ඒකේ නිරෝධ සත්‍යය තියෙනවා කියන එක. එතකොට ඕකේ අනිත් පැත්ත තියෙනවා නේ. දැන් අඤ්ඤාතාවිනො ඉන්ද්‍රියෙන්, අපි බැලුවේ විරියට, ආරද්ධ විරියට. එතකොට ඉතුරු කාරණා තුනත් බලලා මේ හතර වෙනි කාරණාවත් කල්පනා කරලා, ඊට පස්සේ අනිත් පැත්ත බලනවා. විරිය මගින් අඤ්ඤාතාවිනො ඉන්ද්රිය පෝෂිත වීම කියන එක. එතකොට මේක හරි ලස්සනයි මෙතන, මේ ඕගොල්ලෝ දන්නවා ඒ දෙවනි විරිය කියන එක, ලෝභ දෝස මෝහ පහ කරනවා කියන එක. එතකොට අන්න ඒ විරිය මගින් අපි දන්නවා, ඒ අව්‍යාපාද විතක්කය, ඒ කියන්නේ අකුසල ධර්මයන් පහ කිරීම කියන එකට අපි එනවා. ඒ කියන්නේ අඤ්ඤාතාවිනො ඉන්ද්රිය කියන එකට එනවා. එතකොට අඤ්ඤාතාවිනො ඉන්ද්රිය ආවා නම් ඉතින් එහෙනම් අපිට අව්‍යාපාද විතක්කය, ද්වේෂය බැස යනවා. අපි අඤ්ඤාතාවිනො ඉන්ද්‍රියට යම් ක්‍රමයකින් පැමිණියා ද, ඒ ක්‍රමයෙන් අනිත් පැත්තටත් ඒක ගමන් කරනවා.
එතකොට මෙතන කෙනෙකුට ලස්සනට ඕක ලකුණු කරගන්න පුළුවන්, ඔය 24 වෙනිදා ඒ භාවනාවෙදි අපි බැලුවා curve එකක්. Bell shaped curve එකේ එක පැත්තකින් පෙන්නුවා අපි තණ්හාව දක්වා එන ධර්මයෝ පහ කිරීම කියන එක. ඒක එන්නේ අර දළපැරකුම් කියන එක මෙනෙහි කිරීමෙන් තමන්ට එන්නේ. ඒ curve එකේ දකුණු අත පැත්තට එනවා, තණ්හාවෙන් පසුව වන ධර්මයන් පහ කිරීම කියන එක. අපි එදා ඕක සාකච්ඡා කළා. එතකොට ඔය bell shaped curve එකේ උඩ peak එකේ ලියාගන්න, ද්වේෂය කියන එක. එතකොට bell shaped curve එකේ වම් අත පැත්තෙන්, යටින් ලියාගත්තැහැකි අර X axis එක වාගේ ඒකේ, පල්ලෙහාට flat වෙලා තියෙන තැන සමථ නිමිත්ත. අර ද්වේෂයට පල්ලෙහායින් base එකේ එන තැන, එතන උපෙක්ඛා නිමිත්ත. ඊළඟට දකුණු පැත්තට දාගත්තැහැකි, flat වෙලා ගිහිල්ලා තියෙන එක පග්ගහ නිමිත්ත. එතකොට දැන් එහෙනම් පග්ගහ නිමිත්තට යටින් තමයි අපි අඤ්ඤාතාවිනො ඉන්ද්රිය කියන එක ලකුණු කරගන්න ඕනෙ.
දැන් අපි කිව්වේ මොකද්ද? ලෝභ දෝස මෝහ එපා. අර විරිය, දෙවෙනි විරිය. ඒකෙන් අඤ්ඤාතාවිනො ඉන්ද්රිය. ඒකෙන් එනවා අපි උපෙක්ඛා නිමිත්ත. උපෙක්ඛා නිමිත්තට යට තියෙන්නේ මොකද්ද? අව්‍යාපාද විතක්කය. ද්වේෂය බැස යනවා කියලා. දැන් මොකද්ද මේ පෙන්නන්නේ? මේ පෙන්නන්නේ, මේ නිමිති තුන මගින් මේ මැද්දේ තියෙන්නේ උපෙක්ඛා නිමිත්ත, අපි දන්නවා නේ උපෙක්ඛා නිමිත්ත අපි බලන්නේ කොහොම ද? කවුරු හරි කෙනෙක් පාණාතිපාතය පෙර කළා ද, ඒක පහ කළාට පස්සේ ඇති වෙච්ච සුඛය නිසා ඒ පුද්ගලයාට කල්පනා වෙනවා, පෙර කළා වූ දේ දුක වශයෙන් දකිනවා. එතකොට දැන් මෙතන මේ, මේ ද්වේෂය කියන point එක, ඒක ම තමයි මේ flat වේගෙන යන්නේ. උපෙක්ඛා නිමිත්ත මගින් මේ curve එක, අර සමථ නිමිත්ත, උපෙක්ඛා නිමිත්ත, පග්ගහ නිමිත්ත කියලා ඒ විදිහට දිගට ම flat කිරීමක් තමයි සිද්ධ වෙන්නේ.
මේක බලන්න බලන්න හරී වටිනවා. ඒ කියන්නේ මේ අවස්ථාව වෙනකොට ඔය අකුප්පා චෙතො විමුක්තිය බොහොම serious වෙනවා. ඒ කියන්නේ අර කූඤ්ඤේ දක්වා ම ඒකේ ගමන් කරනවා. ඉතින් නිරෝධයට යන අවස්ථාවන්, ඒවා එහෙම ඇති වෙනවා.
එතකොට ඔය, ඔය භාවනාව මම කලින් බලපු වෙලාවේ ඉතින් ඔය මට ඇහුණා ඔය “ශ්‍රද්ධා අධිමුච්චති, විරියං පග්ගණ්හන්තො, සතිං උපට්ඨපෙත්වා” ඒ විදිහට ඒ මේවා, ඒ ටික. ඒ කියන්නේ ඒක ක්‍රියාත්මක වෙනවා කියන එක පේනවා ඒ අවස්ථාවේ දී. කොහොම ද? ඒ පග්ගහ නිමිත්තෙන් අපි එනවා අරි අට මඟ කියන එකට. එතකොට අධිශීල ශික්ෂාව හරහා තමයි ඒක සිද්ධ වෙන්නේ, අරි අට මඟට එනවා කියන එක. ඒක අපි දන්නවා නේ සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤාව. එතකොට අරි අට මඟ මගින්, එම සීලය ම සනාථ කරනවා. එතෙන්දි විචිකිච්ඡාවක් නෑ. එතකොට එය ම කළ යුතු බව දන්නේ දක්නේ, අවිද්‍යා ආශ්‍රවයේ සිට කාම ආශ්‍රවය දක්වා නොඑනවා කියන එක තියෙනවා. එහෙම නම් අර රෝගී සඤ්ඤාව මගේ යැයි කියලා ගන්නේ නෑ. කාම ආශ්‍රවයට ආවා නම් රෝගී සඤ්ඤාව මගේ කියලා ගැනීම තියෙනවා. කොසජ්ජය පහ කරනවා. විරිය ඇති වෙනවා. මේ විදිහට නොහළ ධූර කියන එක ඇති වෙනවා, කියන එක තමන්ට පේනවා. එතකොට මේ, ඒක තමයි මං කරපු භාවනාව.