ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවෙදි මෙනෙහි කළේ, කලින් කරපු භාවනාවක්. 10/08/2016 නිබ්බාන භාවනාව. ඒක නැවතත් මතක් කරලා දෙනවා නම්, ඒ මුදිතා අප්‍රමාණය, ප්‍රඥා ඉන්ද්‍රිය සමඟ වඩන්නේ කෙසේ නිර්වාණය සාක්ෂාත් කරයි ද යන්න තමයි ඒකෙදි මෙනෙහි කළේ. එතෙන්දි අපි ඉගෙන ගත්තා මුදිතා අප්‍රමාණයේ ගුණ තුනක් ප්‍රඥා ඉන්ද්‍රිය මගින් පෝෂිත වන්නේ නිර්වාණය සාක්ෂාත් කරයි කියලා. ඒ කාරණා තුන තමයි පග්ගහ නිමිත්ත, උපෙක්ඛා නිමිත්ත, සමථ නිමිත්ත.
එතකොට ඒ ප්‍රඥා ඉන්ද්‍රිය මනා කොට දියුණු කොට ඇත්තේ නම්, එහි අන්තර්ගතව ඇති තණ්හාව නිසා දුක්ඛය ඇති වෙන බවත්, තණ්හා නිරෝධයෙන් දුක්ඛය නිරෝධය වෙන බවත්, දන්නේ දක්නේ, යම් සංස්කාරයකට තණ්හාවක් ඇති ද, එය නොකරයි. පාණාතිපාතය අතහරියි. අදත්තාදානය අතහරියි. එමනිසා අරි අට මඟට පිළිපන් වේ. අරි අට මඟින් දුක්ඛය වටහා ගනී. ඒ නිසා අත්හරියි. මෙසේ ප්‍රඥා ඉන්ද්‍රිය මගින් පග්ගහ නිමිත්ත මනා කොට පවත්වයි කියලා ඉගෙන ගත්තා.
ඊළඟට දෙවෙනි කාරණයට ඉගෙන ගත්තා, ප්‍රඥා ඉන්ද්‍රිය මගින් ඇති වූ අමෝහය නිසා අදෝෂ වෙනවා. අදෝෂ වීම නිසා උපෙක්ඛා නිමිත්ත පවත්වනවා. කෙසේ ද? රෝගී සඤ්ඤාව මගේ යැයි නොගනී. එමගින් අදෝෂ වන්නේ දස අකුසලය, අභිජ්ඣා හැර, අන් සියලු අකුසලයන් පහ කරනවා කියලා ඉගෙන ගත්තා. ඊළඟට ආපහු මුදිතා අප්‍රමාණයේ ඇති තුන් වෙනි කාරණයට පෙන්නනවා, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රියේ ඇති සමාපත්ති ධර්මයන් පහ කිරීමේ විරිය සමඟ එකතු වන්නේ කාම විතක්කය පහ කිරීමත් අදෝෂ කුසල මූලය සමඟ ඉහත අපි දෙවෙනි කාරණය එකතු වන්නේ ලෝභය පහ කිරීම කියන එක සිදු වෙනවා. කුමක් නිසා ද? යම් අභිජ්ඣාවක් වේ ද, එයට කාම විතක්කය හේතු වෙයි. මිච්ඡා දිට්ඨිය ප්‍රත්‍යය වෙයි. මෙහි දී මිච්ඡා දිට්ඨිය වන්නේ රෝගී සඤ්ඤාවෙන් ජීවත් විය හැකි යැයි සිතීමයි. අදෝෂය මගින් එවන් වූ මිච්ඡා දිට්ඨිය ඉවත් වන්නේ, අභිජ්ඣා නොවේ කියලා අපි ඉගෙන ගත්තා. ඒක තමයි ඒ කලින් තිබිච්ච භාවනාව.
එතකොට ඒ භාවනාව කරලා මම කිව්වා, ඒ දවසේ ම, ඒ මුදිතා අප්‍රමාණයට ගිහිල්ලයි මේක කරන්න ඕන. මේක කළාට පස්සේ දැන් කිව්ව කාරණා එක, දෙක, තුන මෙනෙහි කළහම, අර මැද්දේ ඉඳන් සතිය වම් පැත්ත දක්වා ගමන් කරනවා කියලා. එතකොට ඒ කියන්නේ මුළු block එක ම සතිය, ප්‍රඥාව නිකට දක්වා එතන ඇවිල්ලා ඒක තමන්ට දැනෙනවා කියලා. එතකොට ඒ කියන්නේ සති ඉන්ද්‍රිය කියන එක පෝෂිත වෙනවා. ඒ කොහොම ද සති ඉන්ද්‍රිය පෝෂිත වෙන්නේ කියලා, අන්න ඒක තමයි අද මෙනෙහි කරලා බැලුවේ.
යම් අභිජ්ඣාවක් පහ කළා ද, ඒ මගින් ඡන්ද සමාධියට ඇති හතුරන් ඉවත් වෙනවා. ඒ කියන්නේ ඉන්ද්‍රිය සංවරය නිතැනින් උත්සාහයකින් තොරව ඒක ඇති වෙනවා. මේ විදිහට ඉන්ද්‍රිය සංවරයෙන් සතිය ඇති වෙනවා. ඒක හොඳට කල්පනා කළ යුතු කාරණාවක්. ඉන්ද්‍රිය සංවරයෙන් ඇති වෙන්නා වූ ඒ සතිය කියන එක. එතකොට මෙතන මේ සතිය අපි කතා කරන්නේ නිකන් ම නෙමෙයි. ඒ කියන්නේ, දැන් වැඩට යන මනුස්සයෙක් ඒ අදත්තාදානයක් එක්ක තියෙනවා නේ, එතකොට ඒ කියන්නේ ඒ කාය සංස්කාරය අපි අතහැරියා ම, ඒක නිසා වචී සංස්කාරයත් අතහරිනවා. ඇයි ඒ මනුස්සයා දොඩවනවා නේ මම මෙන්න මේ වගේ job එකක් කරන්නේ, මේ විදිහයි, මෙතන හොඳයි, සම්පප්‍රලාප, ඒක නිකන් පවතිනවා කියන එක. එහෙම නම් වචී සංස්කාරයත් නිරෝධයට යනවා. ඒ කියන්නේ අපිට පේනවා භාවිත කායා, භාවිත සීලා, භාවිත චිත්තා ඔය ක්‍රමයට එන හැටි පේනවා. එතකොට දැන් අපි පෙන්නුවා එහෙම නම් මේ විදිහට ඉන්ද්‍රිය සංවරයෙන් සතිය ඇති වෙනවා. මේ සතිය කොච්චර ගැඹුර ද කියන එකයි මේ පෙන්නන්නේ. සතිය ඇති වෙන්නේ අධිචිත්ත ශික්ෂාව කියන එක සපුරාලනවා.
අධිචිත්ත ශික්ෂාව, උපෙක්ඛා නිමිත්ත, පග්ගහ නිමිත්ත, අව්‍යාපාද විතක්කය. දැන් අපි ඉහත සාකච්ඡා කරපු විදිහට ඒ ආකාරයෙන් සැපිරී තියෙනවා, complete වෙලා තියෙනවා ඇත්තේ, අඤ්ඤාතාවිනො ඉන්ද්‍රිය සපුරාලනවා. දැන් එනවා අනිත් පැත්තට. එතකොට මෙසේ මුදිතා අප්‍රමාණයේ සිට උපෙක්ඛා අප්‍රමාණය දක්වා වූ ධර්මයන් මනා කොට පිරිසිදුව දන්නේ දක්නේ නිර්වාණය සාක්ෂාත් කරයි.
ඔන්න ඕක නිසා තමයි 10/08/2016 භාවනාවෙදි, මම ආපහු අන්තිමට පෙන්නුවා, ධර්මය අභිනන්දනා කරන බව දන්නේ දක්නේ සංවර සූත්‍රය මෙන් පරිහානිය බව වටහා ගන්නේ, අන්න ඒ අවස්ථාව වෙනකොට, අර කලින් තිබිච්ච block එක ඉවත් වෙලා, ඊට පස්සේ තමන්ට ඇති වෙනවා, අර ප්‍රඥා, විරිය, චිත්ත සමාධියට අපි ලකුණු කරන්නේ, චිත්ත ඉද්ධිපාදය එහෙම, ආන්න එතෙන්ට එනවා කියන එක. ලෝකයෙන් ඉවත් වීම කියන එක. ඒ ඉද්ධිපාද හතර ම ඒ balance වෙලා තියෙනවා කියන එක.
මේකේ බලන්න බලන්න පේන ධර්මයක්. ඒ කියන්නේ මෙතනින් අපිට පේනවා එහෙම නම් අධිචිත්ත ශික්ෂාව ඇති වෙලා, සති ඉන්ද්‍රිය ආවා ම අඤ්ඤාතාවිනො ඉන්ද්‍රියට එනකොට ඒ වගේ ම තමයි, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රියෙන් එනවා අඤ්ඤින්ද්‍රියට. අර දුක්ඛ සත්‍යය යථාභූතව දැනගන්නවා. එතකොට ඒ කෑල්ල සිදු වෙන්නේ අර ප්‍රඥාව මගින්. අපි දැන් පෙන්නුවා නේ අර ප්‍රඥාවත් එක්ක වැඩීමෙන් නේ මෙතන තියෙන්නේ. එතකොට ඒක feedback කරනවා, අඤ්ඤාතාවිනො ඉන්ද්‍රියට, උඩට නේ ඒක යන්න තියෙන්නේ. අර line එක අපි දන්නවා, 5 වෙනි line එක, 6 වෙනි line එකේ අඤ්ඤින්ද්‍රිය. 5 වෙනි line එකේ කෙළවරට තමයි අපිට එන්නේ අඤ්ඤාතාවිනො ඉන්ද්‍රිය. එතකොට ඒක අර විදිහට ඉහත කාරණාවලින් ඇති වුණා ම, ඒ අඤ්ඤාතාවිනො ඉන්ද්‍රිය කියන එක නොසැල් වී පවතිනවා කියන එක. එතකොට ඒ diagram එක සම්පූර්ණයෙන් link වෙනවා. ඒ කියන්නේ සතිය කියන එක කොයි තරම් දුරට පවත්වනවා ද? ඒක නිසා අර mental ramblings අරවා මේවා ඔක්කොම යනවා. ඒක නිසා ප්‍රබෝධයක් සිද්ධ වෙනවා.
ඒක තමයි මං කරපු භාවනාව.