ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවේ දී මෙනෙහි කළේ, 06/08/2016 අමෘතය භාවනාව. එතනදි අපි සාකච්ඡා කළේ ආරද්ධ විරිය, අරි අට මඟ මගින් පෝෂිත වන්නේ, කෙසේ නිර්වාණය සාක්ෂාත් කරයි ද යන්නයි. ඒකෙ අපි කාරණා තුනක් ඉගෙන ගත්තා. දළපැරකුම්, ස්ථාමවත්, නොහළ ධූර කියන කාරණා තුන අරි අට මඟ මගින් පෝෂිත වීම.
එතකොට පළවෙනි කාරණය බැලුවොත්, අපි ඒකේ ලියාගත්තා දළපැරකුම් යනු ඉවතන ලද බැහැර කරන ලද දේ නැවත නොගනී. එනම් තණ්හාව බැහැර කරන ලද්දේ නැවත නොගනී. කුමන තණ්හා ද? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා. යම් තණ්හාවක් වේ ද, එය තුළ භ්‍රමණය වීම අඩංගු ය. යම් භ්‍රමණයක් වේ ද, එය තුළ භවය අඩංගු ය. සියලු භ්‍රමණයට මුල වන්නේ අවිද්‍යා ආශ්‍රව සිට කාම ආශ්‍රව දක්වා යෑම ය. අරි අට මඟ මගින් අවිද්‍යා ආශ්‍රවය නසයි. මේ නිසා භ්‍රමණය නවතී. නැවතත් තණ්හා නොවේ කියලා අපි ලියාගත්තා.
එතකොට දැන් මෙතන මම මේ විමසලා බැලුවේ මේ අවිද්‍යා ආශ්‍රවය කියන එක නැති වීම. ඒක තමයි මම භාවනාවට ගත්තේ. මේකෙ අර්ථය කුමක් ද කියන එක. එතකොට අර පෙර නිත්‍ය කියලා හැඟීම් ඇති වන්නේ, දැන් නිත්‍යයි කියලා හැඟීම් නිසා. එය ඇති වූයේ අත්තා යැයි ගත් නිසා. එය එසේ සිදු වුණේ අත්තානුදිට්ඨිය නිසා ය. එතකොට මේක අපිට පේනවා, අපිට මතකයි ඕක භාවනාවේදි ලියාගත්තා, මෝහ අගතියේ ඉඳන් ඉදංසච්චයට අවිද්‍යා ආශ්‍රවය, ඒ අවිද්‍යා ආශ්‍රවය අර උඩ එනවා ඉදංසච්චයේ ඉඳන් විඤ්ඤාණය දක්වා පෙර නිත්‍යයි කියලා.
එතකොට ඊට පස්සේ චේතනාවේ ඉඳන් විඤ්ඤාණයට එනවා දැන් නිත්‍යයි කියලා. පරාමාසයේ ඉඳන් චේතනාවට අපි ලියාගන්නවා, උඩ පැත්තට අත්තා කියලා. එතකොට දැන් අපිට පේනවා, මෙතන මේ වේදනාවෙන් චේතනාවට එනවා රේඛාවක්, ඒ වගේ ම භය අගතියේ ඉඳන් වේදනාවට එනවා රේඛාවක්. එතන අත්තානුදිට්ඨිය. ඒක මම නම් රතු පාටින් ම ලකුණු කරගත්තා භය අගති වේදනා, වේදනා චේතනා කියන එක. අහං කියන එක්කෙනා එනවා භය අගතියයි පරාමාසයයි අතරට. අහංකාරය.
අහංකාර අත්තා නොවන්නේ නම්, මෙසේ අත්තානුදිට්ඨිය හරහා අපි දන්නව නේ අර අත්තනි වා රූපං කිව්වේ, form as in the self අත්තා සෑදී, එහි පසු සඤ්ඤාව ලෙස අවිද්‍යා ආශ්‍රව වීම වැළකේ. මතක ඇති අපි අර parallelogram එකේ බැලුවා, 18/09/2016 භාවනාවේ මිච්ඡා දිට්ඨිය පහ කිරීමේ දී අත්තානුදිට්ඨිය පහ කිරීමත් ඇතුළත් වෙන බව. අන්න ඒක මට සිහි වුණා මේ අවස්ථාවේ දී. අරි අට මඟ මගින් මුළු විඤ්ඤාණ ආහාර පාර ම නවතා දමන්නේ නම් පමණක්, මේක සිදු වන බව වැටහෙනවා.
ඉතින් මෙතනදි කෙනෙක් කල්පනා කරන්න ඕන, ඔය අහංකාරය අයින් කරන කතාව කියනකොට, මේ වෙලාව වෙනකොට අර සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤාව නේ අපි භාවිතා කරන්නේ. ඕකේ අර සංස්කාර කියන ඒවා විරිය මගින් ඉවත් කළා. සංස්කාරයන් විරිය මගින් ඉවත් කළා, කියන එක අමතක කරන්න එපා. මේ වන විට කරලා ඉවරයි. නැත්නම් කෙනෙකුට පැටලෙන්න පුළුවන්. මේක මෙසේ සිදු වන්නේ නම්, ස්ථාමවත් වීම එනම් දිට්ඨි අනුසය හරහා රූප ස්පර්ශ වීම ඉවත් කර, නොහළ ධූර සම්පූර්ණ කරන බව මනා කොට වැටහෙනවා.
ඒ පළවෙනි කාරණයෙන් ම තමයි, අර ස්ථාමවත් වීමයි නොහළ ධූරයි කියන දෙක ම සිද්ධ වෙන්නේ. අර භාවනාවේ දී අපි සාකච්ඡා කරපු දේ.
ඉතින් මේක හොඳට සම්බන්ධ වෙනවා, ඔයගොල්ලන්ට පේනවා සබ්බාසව 3 slide 6 එකේ අපි ඉගෙන ගත්තා, මිච්ඡා දිට්ඨියට මමිංකාරය එකතු කරලා තමයි අහිංකාරය කියන එක ඇති වුණේ. එතකොට මිච්ඡා දිට්ඨිය ඉවත් වෙනවා නම්, මමිංකාරය කියන එක තනි වෙනවා.
එතකොට මිච්ඡා දිට්ඨියත් අහිංකාරයත් යන දෙක ම ඉවත් වෙලා, දැන් ඉතින් අපි දන්නවා ඔතන ඉතුරු වෙලා තියෙන්නේ අර ඇසේ ස්පර්ශය, චක්ඛුං අනත්තා රූපං අනත්තා, ආදී වශයෙන් අපි තේරුම් ගත්තා ඒ අවස්ථාවේ දී. එතකොට ඕකත් එක්ක හොඳට සම්බන්ධ වෙලා කෙනෙකුට පේනවා, ඒකෙ ඉවත් වීම කියන එක. ඉතින් ඒ කියන්නේ මේ මිච්ඡා දිට්ඨි කතාව යන්නේ නිකම්ම නෙවෙයි, අර විඤ්ඤාණ ආහාර පාරේ අපි මොකක් සැකසූවත් එතනදි අපිට ඒ පරිදේව වෙනවා කියන එක තමන්ට තේරිලා. ප්‍රතිඵලය පරිදේවය. එතකොට එහෙම නම් අර පරිදේවය ඉඳන් අපි maintain කරන්න යනවා කියන එකත් නැහැ. පරිදේවය දක්වා එන්නා වූ ධර්මය සැකසීමත් නැහැ. ඔන්න ඔය ක්‍රමයට තමයි ඒක සිද්ධ වෙන්නේ කියන එක පේනවා.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්