ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධා වෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවෙදි මෙනෙහි කළේ, 04/08/2016, අමෘතය භාවනාව. එහි දී මුදිතා චෙතො විමුක්තිය ආරද්ධ විරිය මගින් පෝෂිත වන්නේ, කෙසේ නිර්වාණය සාක්ෂාත් කරයි ද යන්න විමසලා බැලුවා. ඒකෙ දී කාරණා හතරක් අපි සාකච්ඡා කළා.
පළවෙනි එක තමයි, සමථ නිමිත්ත. සමථ නිමිත්ත නැවතත් මතක් කරගන්නවා නම් ලෝභ දෝස මෝහ පහ කිරීමට සමවැදීම. මෙය ආරද්ධ විරියේ අකුසල ධර්මයන්ගේ ප්රහාණය යන කොටස මගින් පෝෂිත වෙනවා කියලා ඉගෙන ගත්තා.
ඊළඟට දෙවෙනියට, පග්ගහ නිමිත්ත, චතුරාර්ය සත්‍යයේ බැස ගැනීම. ආරද්ධ විරියේ දළපැරකුම් යන්න සහ කුසල ධර්මයන්ගේ ප්‍රතිලාභය, ඒ කියන්නේ මගඵල චිත්තය මගින් උපදවන ප්‍රඥා, සති, සමාධි, විරිය, ශ්‍රද්ධා.
තුන් වැනි කාරණය, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය. සමාපත්ති ධර්මයන් පහ කිරීම. මේක ආරද්ධ විරියේ කුසල ධර්මයන්ගේ ප්‍රතිලාභය සහ ස්ථාමවත් වීම මගින් සිදු වෙනවා. උපදවන ලද ප්‍රඥාව අත්නොහරී, මගේ යැයි නොගනී.
හතර වෙනි කාරණයට, අපි ඉගෙන ගත්තා දළපැරකුම්, ආලෝකය නිසා වන තණ්හාවන් ඉවතලීම. මෙහි දී සියලු තණ්හා ඉවතලනවා. ඵල චිත්තයෙන් වාසය කිරීම පවා පහ කරනවා කියලා.
එතකොට දැන් අපි දන්නවා මේ සමථ නිමිත්තෙන් උපෙක්ඛා නිමිත්ත, උපෙක්ඛා නිමිත්තෙන් පග්ගහ නිමිත්ත, අව්‍යාපාද විතක්කය හරහා අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියට එනවා කියලා. එතකොට මේ භාවනාව, අපි පෙරේදා කරපු 25/09/2016 නිබ්බාන භාවනාව සමඟ සසඳලා බලන්නේ, ප්‍රඥා ඉන්ද්රිය මුදිතා අප්‍රමාණය සමඟ වැඩීම මගින් අභිජ්ඣාව කියන එක පහ කරනවා. ඒකෙ අපි තේරුම් ගත්තා, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියෙන් කාම විතක්ක අයින් කරනවා, ප්‍රඥාව මගින් මිච්ඡා දිට්ඨිය පහ කරනවා. ඡන්ද සමාධියට තියන හතුරන් ඉවත් වෙලා, ඉන්ද්රිය සංවරය නිතැනින් ඇති වෙලා, සති ඉන්ද්රිය ඇති වීම කියන එක වටහා ගත්තා. ඒ කියන්නේ ප්‍රඥා ඉන්ද්‍රියෙන් සති ඉන්ද්රිය ඇති වෙනවා කියන එක. තව ද, මෙසේ සති ඉන්ද්‍රියේ සිට ප්‍රඥා ඉන්ද්රිය දක්වා ධර්මයන් මනා කොට බැසගන්නේ, සමාධි ඉන්ද්රිය මනා කොට ඇති වෙනවා. මෙය අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය මගින් සිදු වෙනවා. ශ්‍රද්ධාව මගඵල චිත්තය මගින් ඇති වූ අතර, විරිය ආරද්ධ විරිය මගින් ස්ථාපිත වෙනවා. Stable වෙනවා.
එසේ නම් පංචඉන්ද්රියයන්ගේ ප්‍රබලතාවයෙන්, අරි අට මඟ මනා කොට සැකසෙනවා. එසේ නම් අරි අට මඟ මගින් ආරද්ධ විරිය පෝෂිත වන්නේ ය, යන කාරණය විද්‍යාමාන වෙනවා. එහෙම නම් ඊයේ භාවනාවේ 26/09/2016 අමෘතය භාවනාව සමඟ සසඳා බලන්නේ අවිද්‍යා ආශ්‍රව නසා නිර්වාණය සාක්ෂාත් කිරීම මනා කොට වැටහෙනවා. ඒ කියන්නේ, කෙනෙකුට ලියාගන්න පුළුවන් මේක කෙටියෙන් සඳහන් කරගන්නවා නම්, අපි හිතමු අපි දකුණු පැත්තෙන් කොලේ ලියාගන්නවා කියලා ප්‍රඥා ඉන්ද්රිය. ප්‍රඥා ඉන්ද්‍රියෙන් පෝෂිත වෙලා මුදිතා අප්‍රමාණය. මුදිතා අප්‍රමාණයෙන් අපි එනවා සති ඉන්ද්රිය දක්වා. එතකොට ඒ කියන්නේ අපි ආවේ එහෙනම් ප්‍රඥාවේ ඉඳන් සතිය දක්වා. එහෙම නම් සතියෙන්, සමාධිය, triangle එක වගේ. එතකොට ප්‍රඥාවත් එක්ක සම්බන්ධ වෙනවා.
එතකොට ඒ සමාධියට යටින් කෙනෙකුට ලියාගන්න පුළුවන් අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය, සමාපත්ති ධර්මයන් අපි අයින් කරලා නේ. එතකොට ඔය මුළු එකට ම, අපිට වටේට රවුමක් දාලා කාරණා තුන, ප්‍රඥා සති සමාධි ඕකට දාගන්න පුළුවන් ශ්‍රද්ධාව කියලා, encircle කරලා.
එතකොට ඊට පස්සේ ඒකෙන් අපි ගත්තොත්, ලණුවක් වගේ සම්බන්ධතාවයකින්, අපි එනවා ආරද්ධ විරිය කියන එකට. එතකොට ඒ කියන්නේ අපේ ඊයේ භාවනාව, වම් අත පැත්තෙන් අපි ලියාගන්නවා. අරි අට මඟින් ආරද්ධ විරිය පෝෂිත වීම නේ එතන තියෙන්නේ. එතකොට අපි දන්නවා එතන ආරද්ධ විරිය පෝෂිත වෙලා මුදිතා චෙතො විමුක්තිය. එතකොට අපි දකුණු පැත්තට යනවා, ආරද්ධ විරියෙන් අරි අට මඟ කියලා ලියාගන්නවා. එතකොට අපි අරි අට මඟේ ඉඳන් අපි එනවා මුදිතා චෙතො විමුක්තිය දිසාවට. ඒ කියන්නේ එතන අපිට පේනවා සියලු සඤ්ඤා ඉවතලනවා.
මේකට ඇතුළත් වෙනවා, අර අත්ත සඤ්ඤාව කියන එක පහ කිරීම කියන එක. එතකොට අරි අට මඟින් අර ආශ්‍රවයන් නසනවා. මොකද, අපි ඊයේ ඉගෙන ගත්ත නේ අර අහංගෙන් වෙන්නා වූ කතාව නේ ද. ඒක ඒ අත්තානු දිට්ඨියත් එක්ක වෙන එක. ඒක හරි ලස්සනයි. ඒ කියන්නේ අර කෙනෙක් කල්පනා කළොතින් එහෙම, අර ඒ ඵල චිත්තයේ ඉඳන් වාසය කරනවා කියන එක මම අයින් කරනවා කියලා, තමන්ගේ ඉහළ ම ඵල චිත්තය සිහි කරලා, ඒක ආපු විදිහට සිහි කළහම ඉතින් මට නම් එන්නේ කෙළින් ම අර ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ, විඤ්ඤාණ ආහාර පාර, සම්පූර්ණයෙන් මේක ඇවිල්ලා තියෙන්නෙ. අර කාරණා තුනෙන් මෙතෙන්ට ඇවිල්ලා නේ. එතකොට ඒ කාරණා තුන ම නැති වෙනවා කියන්නේ විඤ්ඤාණ ආහාර පාර ම නැති වෙනවා. එතකොට ඒකෙන්වත් ඉන්නවා කියන කතාව නැහැයි කියලා කියන්නේ, ඒ මුළු පාර ම නැති වෙලා, ඒ අත්තානුදිට්ඨිය එතනින් යනවා. බොහෝ ම ලස්සන ධර්මයක්.
ඒක තමයි මං කරපු භාවනාව.