Date: 28/09/2016 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. එසේ ම දාහතර නම ම සිහි කරලා, වැඳ නමස්කාර කළා.

අද භාවනාවේ දී මෙනෙහි කළේ, 13/08/2016 නිබ්බාන භාවනාව. එතෙන්දි අපි විමසලා බැලුවේ ඒ උපෙක්ඛා අප්‍රමාණය සමාධි ඉන්ද්‍රිය සමඟ වඩන්නේ, කෙසේ නිර්වාණය සාක්ෂාත් කරයි ද යන්නයි. එතකොට ඉතින් ඒ උපෙක්ඛා අප්‍රමාණයට යන හැටි ඔයගොල්ලෝ දන්නවා. ඒ කාරණා ටික භාවිතා කළා, ඊට පස්සේ සමාධි ඉන්ද්‍රිය මගින් අවිද්‍යා ආශ්‍රව නොවීමත්, සමාධි සහගත වූ චිත්ත සංස්කාර පවා හොඳ යැයි නොවීමත්, සබ්බාසව diagram 3 slide 9 වල අපි ඉගෙන ගත්තා. ඒක අපි කලින් සාකච්ඡා කරපු එකයි මේ කියන්නේ.

එතකොට 11/08/2016 නිබ්බාන භාවනාවේ දී අපි ඒක තවදුරටත් විමසලා බලලා, අපි ඉගෙන ගත්තා මෙතෙන්දි අවිද්‍යා ආශ්‍රව නොවන්නේ, ප්‍රඥා ඉන්ද්‍රිය මගින් දිට්ඨි ආශ්‍රව නොවීම නිසා. ඒකෙදි අපි අර පථයක් එහෙම ඉගෙන ගත්තා. ඒ කියන්නේ දිට්ඨි ආශ්‍රවයේ ඉඳන් අර උඩ එනවා සඤ්ඤාවේ ඉඳන් චේතනාව දක්වා එන එක. ඊට පස්සේ එතනින් අපි එනවා චේතනාවෙන් පල්ලෙහා අත්තා. ඒකෙ පසු සඤ්ඤාව හැටියට අවිද්‍යා ආශ්‍රවය. එතකොට ඒක නොවීම මගින් තමයි, අපිට ඔය අවිද්‍යා ආශ්‍රවය නොවීම කියන එක සිද්ධ වෙන්නේ. ඒ වගේ ම මේක සඳහා අර උඩ සංස්කාර, pre උද්ධච්ච, එය ඉවත් කිරීම, උදව් උපකාර කරනවා කියලා. ඒ කියන්නේ ඉදංසච්චය අවුස්සන්නෙ නැතිකම මගින් සිද්ධ වෙනවා කියලා අපි ඉගෙන ගත්තා.

ඒකෙ මතක ඇති අර උඩ අපි බැලුවා විඤ්ඤාණය සැකසුණා නම්, එතනින් පල්ලෙහාට එනවා ඒ ඉදංසච්චයට. අනිත් පැත්තට, ආපහු අපිට පේනවා මේ මනොසඤ්‌චෙතනාවේ ඉඳන් බැරි වෙලාවත් ඉදංසච්චයට ආවා නම්, එහෙම නම් ඉදංසච්චය ඇතුළේ තියෙන ඒවා ඇවිස්සීම කියන එක සිද්ධ වෙනවා. ඉතින් මේක ඇවිස්සෙන්නේ නැත්නම්, අපි දන්නවා අර line 5, line 6 ඒ වගේ දේවල් සිද්ධ වෙන්නේ නැහැ. දැන් ඉතුරු වෙලා තියෙන්නේ පරාමාසය ඉවත් වීම. එතකොට ඒකත් අපි සාකච්ඡා කළා. අර උපෙක්ඛා අප්‍රමාණයේ ගුණයක් මගින් මේක සිද්ධ වෙනවා කියලා. කුමන ගුණය ද? අඤ්ඤාතාවිනො ඉන්ද්‍රිය මගින් ඒක සිද්ධ වෙනවා. කුමක් නිසා ද? යම් ආශ්‍රවයක් ඉපදී ඇත්ද එය පහ කිරීම, දැඩි ලෙස ඉවත් කිරීම, අඤ්ඤාතාවිනො ඉන්ද්‍රිය මගින් සිදු වෙනවා කියලා. ඔය point එක හරි වැදගත්, පරාමාසය පිරිසිදු වීම කියන එක. එතකොට ඔතන තියෙන්නේ ඉතින් ද්වේෂය පහ කිරීම කියන එක නේ.

එතකොට ඒ වගේ ම ඔය භාවනාව කරපු දවසේ අපි දැක්කා, ඒ උපෙක්ඛා අප්‍රමාණය දක්වා ගිහිල්ලා, ඒ සමාධි ඉන්ද්‍රිය මෙනෙහි කළාට පස්සේ, එතෙන්දි අර උද්ධච්චයේ ඉඳන් ඉදංසච්චයට එන එකයි, ඒ වගේ ම නිත්‍යයි කියලා ඉදංසච්චයට එන එකයි නැති නම්, එතකොට ඉදංසච්චයෙන් පල්ලෙහාට යන, මෝහයට යන එකත් නැහැ. ඉදංසච්චයෙන් line 5 එකේ එන එකත් නැහැ. ඒ වගේ ම පරාමාසයේ ඉඳන් line 7 දක්වා එන එකත් නැහැයි කියන එක.

එතකොට ඒ පරාමාසයෙ line 7 නොවීම කියන එක අපි සාකච්ඡා කළා. අපි කාම ආශ්‍රවය දක්වා ආවා නම්, අවිද්‍යා ආශ්‍රවයෙන් කාම ආශ්‍රවයට ආවා නම්, එතනින් නන්දිය වෙලා එතනින් නාමරූප, පරාමාස, අර 6.4 කියලා කිව්වේ නේ ද? ඕක අපි සාකච්ඡා කළා. දකුණු අත පැත්තට අපි ලියාගත්තා ඒ අධිප්‍රඥා ශික්ෂාව, අරූප ධ්‍යාන කුසලය, අරූප ධ්‍යානයේ නොඇලීම කියලා. මං මේ දක්වා කිව්වේ අර කලින් කරපු භාවනාව මතක් කිරීම විතරයි.

එතකොට මේක අපි ඊයේ භාවනාව සමඟ සසඳලා බලනවා නම්, මුදිතා අප්‍රමාණයට ප්‍රඥා ඉන්ද්‍රිය එකතු වන්නේ නම් අපි ඉගෙන ගත්තා සති ඉන්ද්‍රිය ඇති වෙනවා. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රිය මගින් සමාධි ඉන්ද්‍රිය ඇති වෙනවා. ඒකෙන් උපෙක්ඛා අප්‍රමාණය වෙනවා. එතකොට ඒ වගේ ම අපි ඕක සාකච්ඡා කළා 25/08/2016 නිබ්බාන භාවනාවේ දී, අපි ඔය කාරණාව වටහා ගත්තා. ඒ කියන්නේ 25/08/2016 භාවනාවෙදි අපි කිව්වේ මොකක් ද? සතිය ඇති වෙනවා නම් අධිචිත්ත ශික්ෂාව සපුරාලනවා. අධිචිත්ත ශික්ෂාව, උපෙක්ඛා නිමිත්ත, පග්ගහ නිමිත්ත, අව්‍යාපාද විතක්කය සැකසිලා තියෙනවා. අඤ්ඤාතාවිනො ඉන්ද්‍රිය ඇති වෙනවා කියලා. එහෙම නම් මුදිතා අප්‍රමාණයේ ඉඳන් උපෙක්ඛා අප්‍රමාණය දක්වා ධර්මයන් මනා කොට පිරිසිදුව දන්නේ දක්නේ නිර්වාණය සාක්ෂාත් කරයි කියලා, අපි ඒකෙ ඉගෙන ගත්තා.

දැන් මෙතන මේ භාවනා අතර සම්බන්ධතාවය අපි මේ පෙන්නන්නෙ. එහෙම නම් උපෙක්ඛා අප්‍රමාණය වෙනවා නම් අපි දන්නවා එහෙනම් line 5, 6 වෙන්නේ නෑ. පරාමාසයත් අපි ඉවත් කරනවා. එහෙම නම් අපි නිර්වාණය සාක්ෂාත් කිරීම කියන එක වැටහෙනවා. ඒක යම් සේ ද, එසේ ම, මුදිතා අප්‍රමාණය ප්‍රඥා ඉන්ද්‍රිය මගින් වඩන්නේ එම ප්‍රතිඵලය ම ඇති වන බව අපිට පේනවා. මේ භාවනා දෙකෙන් ම ගිහිල්ලා පෙන්නනවා මුදිතා අප්‍රමාණයට ප්‍රඥා ඉන්ද්‍රිය එකතු වුණා නම්, මේ කාරණා ටික ඔක්කොම සිද්ධ වෙනවා. ඒ කියන්නේ එහෙම වුණා නම් උපෙක්ඛා අප්‍රමාණ වෙනවා. උපෙක්ඛා අප්‍රමාණය වුණා නම්, අවිද්‍යා ආශ්‍රවයන් අයින් වෙනවා. මේ කතාව ඔක්කොම අයින් වෙනවා කියලා.

දැන් ඊයේ භාවනාවත් එක්ක බැලුවා ම, එක ඉන්ද්‍රියක් missing නේ ද? මොකක් ද ඒ? විරිය ඉන්ද්‍රිය. ඒක ගැන මෙතන සඳහනක් වෙන්නේ නෑ. ඉතින් මං ඒකත් විමසලා බැලුවා. කොහොම ද විරිය ඉන්ද්‍රිය ඇති වෙන්නේ කියලා. දැන් ප්‍රඥා, සති, සමාධි, ශ්‍රද්ධා තියෙනවා. දැන් අධිචිත්ත ශික්ෂාව තුළ තියෙනවා පළවෙනි විරිය. ඒක ප්‍රමාණවත් වෙනවා. එතකොට ඒකට අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රව එහෙම නැත්නම් දිට්ඨි ආශ්‍රව කාම ආශ්‍රව, ඒක වෙන්නේ නැත්නම්, නොවීම මගින් ද්වේෂය කියන එක නොවෙනවා. ඒක අපි අර ඉස්සෙල්ලා පෙන්නුවේ 6.4ත් එක්ක. අන්න ඒක තමයි මතක තියාගන්න ඕනේ. ඒ star එක. එතකොට එහෙම වුණොත් දෙවෙනි විරිය. ද්වේෂය පහ කරනවා. අත්තා සඤ්ඤාව මුදිතා අප්‍රමාණය මගින් පහ කරනවා. එතකොට එහෙනම් තුන් වෙනි විරිය. උපෙක්ඛා අප්‍රමාණ වෙලා සංස්කාර ඉවතලනවා. ඒකෙන් හතර වෙනි විරිය. එහෙනම් විරියත් සම්පූර්ණ වෙනවා මේ ක්‍රමයට ගත්තහම. එහෙම නම් මුදිතා අප්‍රමාණයට ප්‍රඥා ඉන්ද්‍රිය එකතු වුණා කියන්නේ මේ කාරණා ටික ඔක්කොම සිද්ධ වෙනවා. Automatically ඒක සිද්ධ වෙනවා කියන එක. මේක හරි ලස්සනයි මේ භාවනාව.

මේක අර උපෙක්ඛා අප්‍රමාණයට ගිහිල්ලා, ඔය කාරණා ටික ඔය විදිහට හිතන්න බලන්න. පරාමාසය සිද්ධ වීම කියන එක අන්තිමට මෙනෙහි කරන්න හොඳට. ද්වේෂයෙන් තමයි මේක අයින් වෙනවා කියන එක තියෙන්නේ.

දැන් පේනවා හොඳට ලස්සනට අර පෝතලිය සූත්‍රය. “බඩ.” ඒක අර මිනිහගේ කතාව ම තමයි. රහතන් වහන්සේ කිව්වේ අත් දෙකයි, කකුල් දෙකයි, මෙතන තියන්න. අන්න බලන්න මේ peak එක තියෙන්නෙ බඩේ. ඉස්සිලා තියෙන්නේ බඩ. මේ පැත්තෙන් අභිජ්ඣා කිව්වෙ, අර අත දික් කරයි කියලා මේකට නේ ද? ඊට පස්සේ කකුල් දෙක හරියේ මෝහය. ඕකෙන් නේ සංස්කාර කරන්නේ. එහෙ මෙහේ ඇවිදින්නේ. එතකොට මේ බඩ තමයි මේ ද්වේෂය. මේක තමයි මේ අපි පලතුරු දාලා පුරවන්නෙත් ඔක්කොම කරන්නෙත් මේක. මේක බැහැලා ගියා නම් ඔක්කොම ඉවරයි. Flat වෙනවා. බඩ තමයි flat කරන්න තියෙන්නෙ. ඒක තමයි ලස්සනට පේන්නෙ.

බුදුහාමුදුරුවෝ කොච්චර දෙයක් දැකලද, ඔය පලතුරු ගෙඩිය කියලා තියෙන්නේ. මට අන්න ඒකයි මේ වෙලාවේ ආවේ. තථාගතයන් වහන්සේ කොයි තරම් දෙයක් දැකලා ද, මේ පෝතලිය සූත්‍රයේ ඔය පලතුරු ගෙඩියේ කතාව කියලා තියෙන්නේ. මේක තමයි ප්‍රශ්නය. හරියට ම අර ද්වේෂය නැති කරනවා කියන්නේ, මේ බඩ කියන peak එක නැති කරනවා. අර මිනිහා flat කරලා දැම්මහම, පේනව නේ මෙතනින් උඩට ඇවිල්ලා තියෙන්නේ මේක තමයි.

ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

S_SabbasavaSuttadiagrams3/S_SabbasavaSuttadiagrams3-09.jpg