ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා පූජාවෙන් පස්සේ. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවේ දී මෙනෙහි කළේ, 15/08/2015 නිබ්බාන භාවනාව. එහි දී මුදිතා අප්‍රමාණය ශ්‍රද්ධා ඉන්ද්‍රිය සමඟ දියුණු කරන්නේ, කෙසේ නිර්වාණය සාක්ෂාත් කරයි ද යන්න අපි ඉගෙන ගත්තා. ඒ භාවනාව නැවතත් සිහි කරනවා නම්, මුදිතා අප්‍රමාණයේ කරුණු තුනක් ශ්‍රද්ධා ඉන්ද්‍රිය මගින් දියුණු කරන්නේ, නිර්වාණය සාක්ෂාත් කරනවා කියලා තේරුම් ගත්තා. මොකක් ද කාරණා තුන?
සමථ නිමිත්ත, පග්ගහ නිමිත්ත, අව්‍යාපාද විතක්කය. එතකොට එතැන මුදිතා අප්‍රමාණයට යන හැටි ඔයගොල්ලෝ දන්නවා. ඒකෙ පෙන්නනවා ශ්‍රද්ධා ඇත්තේ නම් සම්මා දිට්ඨිය ඇත. එසේ නම් අරි අට මඟ අත්නොහරී. එහෙම නම් නෙක්ඛම්ම අව්‍යාපාද අවිහිංසා, අලෝභ අදෝෂ අමෝහ ඒ පාරවල් තුනේ යනවා කියලා. ඒකෙන් සමථ නිමිත්ත කියන එක පවත්වනවා. ඊළඟට දෙවෙනියට පග්ගහ නිමිත්ත ශ්‍රද්ධා ඉන්ද්‍රිය මගින් කෙසේ පෝෂණය කරයි ද, කියලා අපි සාකච්ඡා කළා. එතකොට ඒකෙ ඔයගොල්ලෝ දන්නවා ඔය ඥාන පථයේ ම තියෙනවා 10 ශුන්‍යතාවය, එතනදි ප්‍රඥා, සතිය, මැද්දෙන් අපි ශ්‍රද්ධාව ලකුණු කරන්නේ. එතකොට යම් ශ්‍රද්ධාවක් වේ ද, එය තුළ සමාධිය නිසා ඇති වූ ප්‍රඥාවෝ ඇතුළත් වේ. යම් ප්‍රඥාවක් වේ ද, එය තුළ සමුදය අස්තංගමය ඇතුළත් වේ. එසේ නම් අරි අට මඟේ සමාධිය තුළ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා යන ඉන්ද්‍රියෝ පහ ම ඇතුළත් වෙනවා. ඉතින් අපි එදා බැලුවට වඩා ඊයේ පෙරේදා භාවනාවෙන් අපි දන්නවා, ඒ ප්‍රඥාවෙන් සතිය ඇති වෙන හැටි අර ඉන්ද්‍රිය සංවරයත් එක්ක. එතකොට ඒ විදිහට කෙනෙකුට බලන්න පුළුවන්. ඉතින් මේ භාවනාවෙදි නම් අර දස කුසලය හරහා සිදු වෙනවා කියන එකයි. ශ්‍රද්ධා අධිමුච්චති, ඒ විදිහට ගත්ත එක. එතකොට ඒක අපි compare කරලා සලකලා බලලා තියෙනවා 13/08/2016 නිබ්බාන භාවනාවේ ඉගෙන ගත්ත ආකාරයෙන් සමාධි ඉන්ද්‍රිය මගින් අවිද්‍යා ආශ්‍රව නොවීමත් සමාධි සහගත චිත්ත සංස්කාර ඉවත් වීමත්, ඒකෙ සාකච්ඡා කළ අයුරින් දැනගන්නේ එතනදි පෙන්නුවා, මේ ප්‍රඥා ඉන්ද්‍රිය දිට්ඨි ආශ්‍රව කියන එක ඉවත් කිරීම සහ අඤ්ඤාතාවිනො ඉන්ද්‍රිය පරාමාසය පිරිසිදු වීම, කියන එක ලියලා තියෙනවා.
ඉතින් ඒකත් අපි ඊයේ පෙරේදා භාවනාවෙදි හොඳට ඉගෙන ගත්තා. එතැන දී අපි තේරුම් ගත්තා ඔය line 5, 6, 7 ඉවත් වෙලා අනාශ්‍රව වෙනවා කියලා. එතකොට අනාශ්‍රව චිත්තයෙන් ජීවත් වීමට යම්කිසි කැමැත්තක් අභිජ්ඣාවක් වේ ද, ඒක ශ්‍රද්ධාව මගින් ඉවත් කරනවා. කොහොම ද ඒක ඉවත් කරන්නේ? ශ්‍රද්ධාව ඇත්තේ නම් අභිජ්ඣා නොවේ. අභිජ්ඣා නොවේ නම් දෝමනස්ස නොවේ. එමනිසා ව්‍යාපාද නොවේ. එසේ නම් ව්‍යාපාද විතක්කය මඟ හරිනවා කියලා. මේකට ශ්‍රද්ධාව තුළ ඇත්තා වූ ව්‍යාපාදය පහ කරන ගුණයෝ එකතු වන්නේ නම්, එතනදි පෙන්නනවා සම්මා දිට්ඨියෙන් අව්‍යාපාදය, අව්‍යාපාදයෙන් අනභිජ්ඣාව අන්න ඒ කෑල්ල තමයි හුඟාක් ම මෙතන වැදගත් වෙන්නේ අද භාවනාවට. නිර්වාණය ඉතා පහසුවෙන් සාක්ෂාත් කරයි කියලා ඒකේ පෙන්නුවා. එතකොට ඒක කෙසේ ද? යම් ධර්මයක් පහ කළ යුතු ද එම ධර්මයෝ පහ කිරීමට ශ්‍රද්ධාව මගින් පමා නොවන බැවිනි කියලා අපි කලින් ඉගෙන ගත්තා.
ඉතින් මේකෙ අපි දන්නවා, ඔය භාවනාව කළහම අපි එදා තේරුම් ගත්තා මේ සමථ නිමිත්ත වම් පැත්තට උපෙක්ඛා නිමිත්ත පග්ගහ නිමිත්ත පහළින් අව්‍යාපාද විතක්කය ආපහු අව්‍යාපාද විතක්කයෙන් සමථ නිමිත්තට එනවා කියන එක.
එතකොට රහතන් වහන්සේ ඊයේ මට පෙන්වලා දුන්නා, යම් අව්‍යාපාද ස්වභාවයක් ඇති ද එය තුළ නිර්වාණයේ ගුණ රැසක් අඩංගු වෙයි කියලා. කුමන ගුණයෝ ද කියලා කාරණා තුනක් පැහැදිලි කළා.
පළවෙනි එක a කියලා කිව්වොත්, කිසිවකු නසන්නට නොසිතන්නේ ය. නිර්වාණයේ ද නැසීමට කිසිවකු නැත. Absent එතකොට ඒක පළවෙනි ගුණය. ඊළඟට පෙන්නනවා, b, ව්‍යාපාදය තුළ ජරාව නිසා ඇති වූ රූපයේ හානිය ඇතුළත් ය. අව්‍යාපාදය තුළ එම රූපයේ හානිය ඇතත් මේ නිසා සිතේ ඇති වන හානියක් නැත. නිර්වාණය ද මේ එසේ ය. එහි කිසිදු සිතක් නැත. ඊළඟට c, පෙන්නනවා තුන් වෙනියට ව්‍යාපාදය නිසා යම් සිතක් පෙරළේ ද, අව්‍යාපාද වූ සිත එසේ නොපෙරළේ. නිර්වාණයේ ද පෙරළීමට යමක් නොපවතී. මෙම තුන් කාරණය මනා කොට සිහි කර බලන්නේ, ව්‍යාපාද නොවීම ම සුදුසු යැයි ශ්‍රද්ධා ඇති වන්නේ, අව්‍යාපාද වේ. එමගින් අනභිජ්ඣා වේ.
මෙය ඉතා ඉහළ වූ සම්මා දිට්ඨියක් මගින් පමණක් කළ හැකි වන්නේ ය. කුමක් නිසා ද? යම් දහමක් තෝරා බේරා ගැනීමට තරම් සම්මා දිට්ඨිය නොවන්නේ නම්, එමගින් සියුම් වූ ව්‍යාපාද ඇති වන බැවිනි. උදාහරණ වශයෙන් යමක් කළ යුතු ද නැති ද නොදන්නා පුද්ගලයකු එම නොදන්නා බව නිසා ම තැවෙනවා. එතකොට ඒක තමයි මේ භාවනාව.
ඉතින් මේ භාවනාව කරගෙන ගියහම ඒ මුදිතා අප්‍රමාණයට ගිහිල්ලා, අර ඊයේ කරපු කාරණාවත් එක්ක එහෙම සම්බන්ධ වෙලා හොඳට අර ඉන්ද්‍රිය ටික අපිට එනවා. එහෙම ඇවිල්ලා දැන් ඔය a, b, c කියලා කාරණා තුනක් කිව්ව නේ. ඒ කාරණා තුනෙන් ඔය පළවෙනි කාරණය ම, අර කිසිවෙකු නසන්නට නොසිතන්නේ ඒ නිර්වාණයේ ද නැසීමට කිසිවකු නැත කියලා ඒ කාරණා සිහි කරනකොට, සිත බොහොම සියුම් ස්වභාවයකට පත් වෙනවා. ඒ වගේ ම අතීත භවයන් එහෙම පේනවා. නිරෝධයටත් යනවා, හැබැයි ඔක්කොම දැනගෙන. ඒ දකිනා වූ රූප කෙරෙහි, තමන්ට තියෙන්නේ පුදුමාකාර උපෙක්ඛා ස්වභාවයක්.
එතකොට ඒ වගේ ම තමයි, මේ තමන් නිරෝධයට යනවා කියලත් තේරෙනවා, යන බව එන බව ඒකෙන් එළියට එන බව ඒවා එහෙම හොඳ සිහියක් තියෙනවා. හිත බොහොම සියුම්. එතකොට ඒ කාරණා තුන, හරි ම වැදගත් කියන එක. ඉතින් ඕගොල්ලන්ට තේරෙන්න ඕනේ අපි ඊයේ සාකච්ඡාවේදී අර බඩත් එක්ක අපි කතා කළේ පෝතලිය සූත්‍රය ද්වේෂයේ තිබෙන්නා වූ ස්වභාවය flat වීම. දැන් මෙතන අව්‍යාපාදය flat වීම, කියන එක තියෙනවා. ඒකේ විශාල විදිහට ලොකු වෙනසක් තේරෙනවා. මේ ශ්‍රද්ධාවත් එක්ක ඒක කරනවා කියන එක.
ඒක තමයි මං කරපු භාවනාව.