Date: 30/09/2016 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. එසේ ම දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

අද භාවනාවේ දී කළේ, අපි කලින් කරපු භාවනාවක්. විමුක්තිපාරිසුද්ධිපධානියඞ්ගය හතර. අර සාපූගිය සූත්‍රයේ සඳහන් වෙන ඒ සීලපාරිසුද්ධිපධානියඞ්ගය, චිත්තපාරිසුද්ධිපධානියඞ්ගය, දිට්ඨිපාරිසුද්ධිපධානියඞ්ගය, විමුක්තිපාරිසුද්ධිපධානියඞ්ගය. ඒ පධානියඞ්ගය හතර අපි භාවනා කරලා තියෙනවා. ඒ හතර මගින් නිර්වාණය සාක්ෂාත් කරනවා කියලා අපි දන්නවා.

ඒක අපි නැවතත් විමසලා බලනවා නම්, පළවෙනි එකට සීලපාරිසුද්ධිපධානියඞ්ගය මගින් සංස්කාර කියන ඒවා අත් හරිනවා. පාණාතිපාතය කියන එක නොකරනවා. දෝස නොවේ. චිත්තපාරිසුද්ධිපධානියඞ්ගය මගින් නීවරණයන් පහ කරනවා. එතකොට ලෝභ නොවේ. දිට්ඨිපාරිසුද්ධිපධානියඞ්ගය මගින් සඤ්ඤාව ඉවත් කරනවා. මෝහ නොවේ. විමුක්තිපාරිසුද්ධිපධානියඞ්ගය මගින් ඉහත ඉවත් කරන ලද ධර්මයන්, එනම්, ලෝභ දෝස මෝහ ධර්මයන් නැවතත් නොපැමිණෙන ලෙස විඤ්ඤාණය මනා කොට පිරිසිදු කොට පවත්වා සිත මුදවා ගන්නවා. මේ පාරිසුද්ධිපධානියඞ්ගය හතර මගින් සබ්බාසව diagram 3 වල සාකච්ඡා කළ star එකෙන් ආශ්‍රව, ඒ කියන්නේ ආශ්‍රව මගින් කැරකවීම නවතන බව අපි දන්නවා.

එතකොට ප්‍රඥා විමුක්තිය මගින් දිට්ඨි ආශ්‍රව පහ කරනවා. ඒක දැන් අපි ටිකක් ගැඹුරට දන්නවා, එය චෙතො විමුක්තියට කා වදිනවා. චෙතො විමුක්තිය මගින් ප්‍රඥා විමුක්ති සහගත සංස්කාරයන්ට මාන නොවෙනවා. එම සංස්කාර මගේ යැයි ගැනීම ම දුක්ඛය වන බව දැනගන්නවා. මෙය සතියට ඇතුළත් වෙනවා. එමගින් ඇති වෙන සම්මා ඥානය මගින් සඤ්ඤා ඉවත් කරනවා. කුමන සඤ්ඤාවෝ ද? අත්තානුදිට්ඨිය මගින් ඇති වන සඤ්ඤාවෝ යැයි පැවසිය යුතුයි. මෙසේ අප්පණිහිත චෙතො විමුක්තිය වන්නේ, සති සහ විරිය ඉන්ද්‍රියන් ප්‍රභාස්වර වන්නේ, නිර්වාණය සාක්ෂාත් කරයි. කෙසේ ද?

පළමුව විරිය තුළට සතිය කාවදින්නේ, එය මගින් maintain නොකළ යුතු බව පවසයි. දෙවනුව සතිය තුළට විරිය කාවදියි. එමගින් කිසිවක් අල්ලා නොගනියි. මෙය pack your bag and go අවස්ථාවට සමාන අවස්ථාවක් වන්නේ අනෙකුත් ඉන්ද්‍රිය දැඩි ලෙස දියුණු වී ඇති අයෙකුට, ඉතා පහසුවෙන් ආශ්‍රව නැසිය හැකි වන්නේ ය, කියලා අපි ඉගෙන ගත්තා. ඒක තමයි කලින් භාවනාව.

මේ ධර්මයට ආනෙඤ්ජ සප්පාය සූත්‍ර diagram වල slide 5 එකතු වන්නේ නම් කුමක් වන්නේ ද? සෑම හැකිළීමක් ම දුක බව දන්නේ දක්නේ නිර්වාණය සාක්ෂාත් කිරීම සිදු වෙයි. කුමක් නිසා ද? කාරණා දෙකක් කියන්න පුළුවන්. අපි කිව්වොත් පළවෙනි කාරණාව යන්නට තැනක් නැත. ගියොත් දෝමනස්ස වෙනවා. දෙවෙනුවට කියන්න පුළුවන් ඉන්නට තැනක් නැත. ගත්තා වූ දෙය දිග හැරියොත්, ඒ කියන්නේ ඉදංසච්චයට ගිය එක පරාමාසයට ඇතුල් වෙනවා නම් දෝමනස්ස වෙනවා. Slide 6 එකේ අපි ඉගෙන ගත්තා.

දැන් එහෙනම් අපි පළවෙනි කාරණය බලමු. යන්නට තැනක් නැත. ගියොත් දෝමනස්ස වෙයි. ගත්තොත් දෝමනස්ස වෙනවා යනු රෝගී සඤ්ඤාවක් මගේ යැයි ගැනීම ම වෙයි. මෝහ ඇති වෙයි. පෙර මෝහය දෝස සහිතව ජීවත් වීම, පාණාතිපාත යන අර්ථයෙන් මෙය විමසිය යුතුයි.

25/08/2016 නිබ්බාන භාවනාවේ අපි ඉගෙන ගත්ත උපෙක්ඛා අප්‍රමාණයට ඇලුණොත්, එම තලයක ඉපදීම නිසා දෝමනස්සය ඇති වෙනවා කියලා, ඒ ආනෙඤ්ජ සප්පාය සූත්‍රයත් එක්ක කරන භාවනාව, අපි කළා කලින්, ඒකෙදි අපි ඉගෙන ගත්තා. ඉතින් මේ භාවනාව හරී පුදුමාකාරයි. ඒකෙ ඒ ඔය පාරිසුද්ධිපධානියඞ්ගයන් කියන ඒවා බලනකොට ම ඒ විදිහට ම, ඒ ඒ තැන්වල තමන්ට ඒ විමුක්තීන් කියන ඒවා ඇති වෙනවා. ඒ විදිහට ඇති වෙලා ඔය අවසානයට කිව්ව කාරණාව, තමන් ඒක හොඳට විමසනකොට ඒ විමුක්ති ස්වභාවය අකුප්පා චෙතො විමුක්තිය කියන එක හොඳට තමන්ට දැනෙනවා, අර serious වෙලා තියෙන්නා වූ ස්වභාවය කියන එක. එකින් එකට ඒ විදිහට සිද්ධ වෙනවා. ඒ කියන්නේ සීල පාරිසුද්ධි, චිත්ත පාරිසුද්ධි ඒ වෙනස්කම් කියන ඒවා තමන්ට ම දකින්න පුළුවන් හරි ලස්සනට.

ඉතින් මේකෙ වැඩේ තියෙන්නෙ ඔය සීලපාරිසුද්ධිපධානියඞ්ගය මගින් සංස්කාර හැරපියායි, පාණාතිපාත නොකරයි, දෝස නොවේ, කියන එක. එතකොට ඔය අන්තිම කාරණාවත් එක්ක බැලුවම අපිට ඕක දෙකට ම වැටෙනව නේ, නේ ද? ඒ කියන්නේ එක පැත්තකින් දෝසය කියන එක එනවා, අර උපෙක්ඛාව වගේ එකක් ගත්ත නම්, ඉතින් සඤ්ඤාව මගේ කියලා අරගෙන මෝහ වෙනවා කියන එකත්, ඒක එනවා. එතකොට ඒ දෙක ම තමන්ට එනවා. ඒ කොටසත් එක්ක හොඳට වැටහෙනවා.

ඉතින් ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

S_SabbasavaSuttadiagrams3/S_SabbasavaSuttadiagrams3-09.jpg


S_AnenjaDiagrams/S_AnenjaDiagrams-06.jpg


S_AnenjaDiagrams/S_AnenjaDiagrams-07.jpg