ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවේ දී මෙනෙහි කළේ, 04/09/2016 නිබ්බාන භාවනාව. එහි දී සතර සතිපට්ඨානයේ කොටස් දෙකක් මෙනෙහි කළා. පළමුව කායානුපස්සනාව වඩන අයකු රූපයේ සමුදය, අස්තංගමය, ආස්වාදය, ආදීනවය, නිස්සරණය දැන ගනියි කියලා.
ඊට පස්සේ වේදනානුපස්සනාව වඩන්නේ, එතනත් වේදනාවේ සමුදය, අස්තංගමය, ආස්වාදය, ආදීනවය, නිස්සරණය දැන ගනියි කියලා. අපි ඒ භාවනාව ඒ විදිහට කළා. එහෙම කරලා, ඒකෙ පෙන්නුවා මේ කාරණා දහය. රූපය, සමුදය, අස්තංගමය, ආස්වාදය, ආදීනවය, නිස්සරණය කිව්වහම පහයි. වේදනාවෙත් ඒ විදිහට බැලුවහම පහයි, දහයයි, මනා කොට දන්නේ නම් ඔහු නිර්වාණය සාක්ෂාත් කරයි. මේක සිදු වන්නේ කෙසේ ද?
මෙම කාරණා දහයෙන් සමන්නාගත පුද්ගලයාට විමුක්තිපාරිසුද්ධිපධානියඞ්ගය ඇති වන බැවිනි කියලා එකේ දී අපි ඉගෙන ගත්තා. ඉතින් මේක ඊයේ භාවනාවත් එක්ක සම්බන්ධ වුණහම, ඉතින් නිවන අවබෝධ වුණ හැටි කෙනෙකුට මනා කොට වැටහෙනවා. පාරිසුද්ධිපධානියඞ්ගයෙන් එතනට ආවා නම්. ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ අර diagram එකත් එක්ක සම්බන්ධ කරලා අපි බැලුවා.
එතකොට අද මේ භාවනාවේ රූපයේ සමුදය බලන විට, අපි යම් රූපයක සතුට සොයන්නේ, එම රූපය ගැන අප තුළ පෙර බැසගෙන ඇත්තා වූ, ගුණයන් භාවිතා කරගෙන බව හොඳින් වැටහුණා. උදාහරණ වශයෙන් ආච්චි කෙනෙක් හොඳ වෙන්නේ, එම ආච්චි අපිට කෑම හෝ සපයා දෙන්නේ නම්, උයා දෙන්නේ නම්, භවය පැවැත්වීම සඳහා ආච්චි ඉන්නා ප්‍රදේශවල විඤ්ඤාණය දුවනවා. ආච්චි ඇඳට වැටෙන්නේ, ලෙඩ වන්නේ විඤ්ඤාණය එහි නොදුවයි. එනම් ආදීනවය මතු වන විට එහි නොයෑම කියන එක තියෙනවා. යන්නේ නැහැ. මෙහි ඡන්දරාග කොටස වටහා ගත් අයුරෙන් බැලිය යුතුයි.
ඒ කියන්නේ අපි ඡන්දරාග විනය කියන එක පැහැදිලි කරනකොට, රහතන් වහන්සේ පෙන්නුවා, ඒ උඩ කොටස රූප, ස්පර්ශ, වේදනා, ගිද්ධිලෝභ. එතන ඡන්දය ලකුණු වෙනවා ගිද්ධිලෝභයයි, රූපයයි අතර. ඒක construction කියන එකයි ඡන්දය. එතකොට ඡන්දය නැති වෙනවා කියන්නෙ උඩ කොටස නැති වීම. ඊළඟට පහළ කොටස ගිද්ධිලෝභ, වේදනා, ජාති. එතකොට ජාතියේ ඉඳන් ගිද්ධිලෝභය දක්වා රාගය කියන එක ලකුණු කරනවා. එතකොට maintenance නැති වීම තමයි රාග කොටස පහ කිරීම. එතකොට පහළ කොටස, රාග කොටස.
එතකොට විඤ්ඤාණ ධාරාව අපි maintain කරනවා කියලා කියන්නේ පහළ තියෙන ඒ කොටස කරකැවීම, එතනින් තමයි ඒකේ maintenance එක. එතකොට maintenance part එක නිසා, රූප සොයනවා. දැන් engineer කෙනෙක් හරි මොකක් හරි වැඩක් කරන්න ගියා ම ඒකට එයාට ලී කෑල්ලක් හරි යකඩ electric කෑල්ලක් හරි මොනවා හරි එයාට ඕන නේ. රූප සොයනවා මේක හදන්න කියලා. එහෙම රූප සොයන්නේ යම් රූපයක තේජෝ ධාතු ස්වභාවයක් ඇති ද, විඤ්ඤාණ ධාරාව තුළ ඇති තේජෝ ධාතු ස්වභාවය මගින් එය මැඩලිය හැකි ද, consume කළ හැකි ද, එම වස්තුව කරා යොමු කරනවා. ඒක හරියට උරා බොන්නකු එම වස්තුවේ විනාසභාවය දක්වා ම පෙළක් අය එය උරා බොනවා, suck කරනවා. යම් අයකු කරන අතර තව අයකු, ජීවිතය පැවැත්වීම සඳහා පිණිස පමණක්, ඒක භාවිතා කරනවා. ඔන්න ඔය අර්ථය තියෙන්නෙ. ඕක හොඳට හිතලා බලන්න ඕනේ.
වේදනාවේ ඡන්දරාග විනය කියන එක අපි බලනකොට ඒකේ ඡන්ද රාග ප්‍රහාණය. ඒකේ පෙන්නුවා, උඩ 10% පාර ඡන්දය, එතකොට 90% ම රාග කොටස. 50% පාරයි 40% පාරයි. 40% පාර, දිට්ඨි අනුසය පාර. 50% පාර, පකප්ප පාර. එතකොට මෙම කොටස සිහි කරනකොට වේදනාවේ ආස්වාදය වන්නේ 90%. එනම් රූප කොටසට යම් ගැළපීමක් 10% ඡන්ද කොටස මගින් සිදු වන්නේ, එහි ආස්වාදයට පැමිණෙනවා. එහි දී ධ්‍යානයකට ගොස් හානියක් නොකිරීම ලෙස තථාගතයන් වහන්සේ පෙන්වා දෙන්නේ, එම වස්තුව විනාස නොවන අයුරින් පවත්වන්නා වූ තේජෝ ධාතු ස්වභාවයක් ම වන්නේ ය. අර කාටවත් හානි කරන්න හිතන්නේ නෑ කිව්වේ. මේ ඡන්දරාග විනය, escape කියන එක අපි විමසනවා නම්, “න හි ජාතු ගබ්භසෙය්‍යං පුනරෙතීති” සිට pack your bag and go දක්වා ම, ධර්මයෝ වැටහෙනවා. යමක් විනාසයට පත් කිරීම පැත්තකින් තබා නිර්වාණයට යෑම උතුම් බව වැටහෙනවා. මෙසේ තම අභ්‍යන්තරයේ තේජෝ ධාතු ස්වභාවය මගින්, තම ලෝකය ම විනාස කරගැනීම වැටහෙන්නේ, නිර්වාණය සාක්ෂාත් කිරීම පැහැදිලි වෙනවා.
ඒක තමයි මං කරපු භාවනාව. බොහෝ ම හොඳ භාවනාවක්.