ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. එසේ ම දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාවට මම කළේ, කලින් කළ භාවනා කීපයක්. එකේ 09/09/2016 උපසමාධිට්ඨාන භාවනාව මෙනෙහි කළා. ඒකේ සඳහන් වෙනවා 08/09/2016 සතිපට්ඨාන භාවනාව කරලා, ඉන් අනතුරුව තමයි ඒක කරන්න ඕනෑ කියන එක පෙන්නුවා. ඒකේ විශේෂයෙන් ම අපි තේරුම් ගත්තා, මේ ආදීනවය කියන එක වටහා ගත්තා, ඊට ඉස්සෙල්ලා භාවනාවෙදි. ඒ කියන්නේ සංස්කාර සහ විඤ්ඤාණ නිසා ඇති වෙන උවදුර සහ එහි අනත්ත ස්වභාවය සමඟ ධර්මය මෙනෙහි කරන්න ඕනෑ කියන එක. එතකොට ඒ භාවනාවේ ඕගොල්ලෝ දන්නවා අහංකාරය කියන එක අපි පෙන්නුවා, සඤ්ඤා, චේතනා මේ පැත්තෙන් විඤ්ඤාණ. එතකොට සඤ්ඤාවට අපි දාගෙන තියෙනවා අර a1 කියලා, දැන් අත්ත සඤ්ඤාව, චේතනාව තියෙන තැන, දැන් අත්ත චිත්තය, b1 කියලා දාලා තියෙනවා, ඊට පස්සේ, c2 පෙර නිත්‍ය දිට්ඨිය, කියලා අපි දැම්මා විඤ්ඤාණයට.
එතකොට ඒ කොටස දක්වා ඇවිල්ලා, ඊට පස්සේ අපි සම්බන්ධ කරලා පෙන්වූවා 15/02/2016 නිබ්බාන භාවනාව ඒකේ සාකච්ඡා කරපු ධර්මය. එතකොට ඒ ධර්මය මං නැවතත් කියන්න යන්නේ නෑ. ඒකේ තියෙන්නේ අර c2 >= c1, පුරාණ භාණ්ඩ පැවතුණා. b1 > b2, අලුත් උපකරණවල නැවුම් බවක් තියෙනවා. a1 > a2, අලුත් රූපය මගින් විඤ්ඤාණ ධාරාව පවත්වනවා කියලා. එතකොට, මේක විමසලා බලනකොට අපි එදා තේරුම් ගත්තා, පෙර නිත්‍ය දිට්ඨි c2 කියන එක වුණේ නැත්නම්, දැන් අත්ත සඤ්ඤා, අත්ත චිත්ත නොවේ. දැන් අත්ත චිත්ත, අත්ත සඤ්ඤා නොවූයේ නම්, පෙර නිත්‍ය දිට්ඨි නොවේ යැයි කියලා වැටහෙනවා. ඕක හොඳට තේරුම් ගත්ත කෙනෙකුට, දැන් එහෙම නම් ඊයෙත් අපි මෙතනදිත් සාකච්ඡා කළා. ඒ කියන්නේ සංස්කාර, විඤ්ඤාණ අනත්තා වන්නේ, ඒක බාහිර පුද්ගලයෙකු යමක් කරන්නේ, එම ක්‍රියාවලිය තමාට trust කිරීම යම් පමණකට පමණක් කළ හැකි බවත්, සම්පූර්ණයෙන් trust කළ නොහැකි වන්නේ යම් සේ ද, එසේ ම වටහා ගත යුතුයි කියලා. පිට කෙනෙකුට කියලා වැඩක් කළාට අපිට trust කරන්න බැහැ නේ. ඒක නිසා අපිට බිය ඇති වෙනවා. ඉතින් අර deformed ළමයා සෑදීම මෙන් උවදුර වටහා ගන්න ඕනෑ කියලා අපි කිව්වා නේ ද? එතකොට එහෙම නම් මොකක් ද අපිට trust කරන්න පුළුවන්? දැන් තමන්ගේ සංස්කාරයවත් trust කරන්න බෑ. විඤ්ඤාණයවත් trust කරන්න බෑ. එහෙම නම් මොකක් ද අපිට trust කරන්න පුළුවන්?
ඉතින් ඒ භාවනාවෙදි මට ආවා මේ පංචබලයන්, පංචඉන්ද්‍රියන්, ඒ නිර්වාණයට යොමු වී පවතින තාක් කල්, trust කරන්න පුළුවන්. චතුරාර්ය සත්‍ය, trust කරන්න පුළුවන්. එතකොට මේ විදිහට රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ trust කර නොහැකි බව වටහා ගන්නේ, දන්නේ, දක්නේ, දෙවෙනි 4 සලකුණ මම දැක්කා. ඒ දෙවෙනි 4 සලකුණට ආවයින් පස්සේ අපිට පේනවා රතු පථය, 07/11/2015 භූත භාවනාව.
ඒ රතු පථය මතක් කරනවා නම්, ඒකේ තියෙන්නේ දැන් අපි පෙන්නුවා, ඒකේ π අකුරෙන් අපි පෙන්නුවා චේතනාවේ ඉඳන් විඤ්ඤාණයට යනවා කියන එක. ඒ කියන්නේ පෙර තිබුණා වූ ඒ සඤ්ඤා, චේතනා නිසා අපි කිව්වා දැන් ඇති වෙනවා කියලා නිත්‍ය එක. කොහොම ද ඒක ඇති වෙන්නේ? මැරිච්ච මොහොතක π අකුරෙන් හරි ඒක ඇති වෙනවා, කියන එක ආවා. එහෙම නම් චේතනාවෙන් එතන ආවා නම්, දැන් ඉතින් විඤ්ඤාණය සැකසුණායින් පස්සේ, එතනින් පල්ලෙහාට බැස්සා නිත්‍යයි. දිට්ඨි ආශ්‍රවයට ආවා, පල්ලෙහා දිට්ඨි සල්ලය, දිට්ඨි සල්ලයෙන් උඩ සඤ්ඤාව, සඤ්ඤාවෙන් චේතනාව. එතකොට දැන් නිත්‍ය වුණා නම්, ඉතින් සඤ්ඤාව සනාථ කරනවා, රතු පථය මගින්.
එතකොට ඒ අවස්ථාවෙදි, ඔය කලින් භාවනාව පොඩ්ඩක් කියනවා නම්, ඒ භූත වුණා කියන භාවනාව නේ අපි මේ කියන්නේ. එතනදි පෙන්නුවේ දැන් දිට්ඨි ආශ්‍රවය අපි දන්නවා අට වෙනි රවුම. අට වෙනකොට දන්නවා අර විඤ්ඤාණ ධාරාවේ අරකේ වීදුරුවේ අනිත් පැත්තට ගිහිල්ලා වැදිලා reverse වෙලත් ඇවිල්ලා. රූපය තියෙන කෙළවරට ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපි ඒ භාවනාවෙදි කිව්වා. ඒ දිට්ඨි ආශ්‍රව වුණා නම් ඒ රතු පථය මගින් සඤ්ඤාව confirm කරනවා, සනාථ කරනවා, සුඛයි කියලා. එතකොට මේ විදිහට, මේ සුඛ කියන සඤ්ඤාව කාම ආශ්‍රවය දක්වා ගමන් කරනවා, දිට්ඨි ආශ්‍රවයෙන් කාම ආශ්‍රවයට. ඒක තමයි පළමුව වෙනවා කියලා කිව්වේ. ඊට පස්සේ ආපහු කිව්වා, දැන් අර භය අගතිය දක්වා එනවා නේ අපි, භය අගතිය දක්වා ආවාට පස්සේ ඒක එනවා වේදනාවට. එතකොට දැන් මෙතන දී මේ කියන්නේ මොකක් ද, වේදනාව සුඛයි.
එතකොට මේ විදිහට කාම ආශ්‍රව වූයේ රාග සල්ල වී ජාති රූපයට යෑම කියන එක ඇති වෙනවා. ඊට පස්සේ මේ තුන් ධර්මයන්, ඒ කියන්නේ ජාතියයි, රූපයයි, වේදනාවයි ඒ තුන් ධර්මයන් align වෙනවා. Align වෙනවා කියන්නේ අර වතුර පාර අරහෙ බිත්තියේ ගිහිල්ලා වැදිලා, දැන් මේ බිත්තිය දක්වා ඇවිල්ලා තියෙන්නේ. ඒක align වුණා ම ඒක තමයි භූත වුණා කියලා කිව්වේ. “භූතා වා සම්භවෙසී වා,” එහෙම කියන්නේ නේ ද.
දැන් එතකොට ඕක surprise එකක් නේ. ඒක හරියට, මනුස්සයෙක් නිදාගෙන ඉන්නවා. උදේ ඇහැ ඇරලා බලන විට මුළු පළාත ම යට වෙලා. ඒ ගේ ඇඳට වෙනකල් වතුර ඇවිල්ලා. ඒ පාර අර මනුස්සයෙක් අර “තුෂ්ණිම්භූත” වෙලා බලනවා කියන්නේ, නේ ද තුෂ්ණිම්භූතයි. ඉතින් ඒ තුෂ්ණිම්භූතයි කියලා කියන්නේත් බෞද්ධ වචනයක්. මොකක් ද තුෂ්ණිම්භූත? රූපයයි, ජාතියයි, වේදනාවයි. ඒ තුන. දැන් මෙයා තුෂ්ණිම්භූත වෙලා තියෙන්නේ මොකද හිතන්න බැරි සංස්කාරයකින්, trust කරන්න බැරි සංස්කාරයකින් මේක හදලා. එකපාරට ම මේ මනුස්සයා බලනකොට, මොකක් ද මේ වුණේ? ජාතියක්, මම මේ මෙහෙම හිටිය මනුස්සයා මේ මව් කුසට ගිහින් මෙහෙම හිර වෙලා. එකපාරට ම නේ ද? ඒ වගේ එකක් නේ, අර මනෝමය කායෙන් ගිහින් හිටිය මනුස්සයා මෙහෙම වෙලා. අර වතුර දැක්කහම එකපාරට ම ඉතින් මොකක් ද වුණේ කියලා කියන්නේ. මනුස්සයෝ කියන්නේ ඉතින් මට මොකක් ද මේ වුණේ? අපි මේ හොඳට හිටියා නේ. මොකක් ද මේ අපි කට්ටියට වුණේ? අන්න ඒ වගේ තුෂ්ණිම්භූත. ඒක තමයි මේ කියන්නේ. ඉතින් මේක මහා කාශ්‍යප බුදුහාමුදුරුවෝ මෙතනදි දේශනා කරපු ධර්මයක්.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්